නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර
Posted on December 10th, 2018

 වෛද් රුවන් එම් ජයතුංග

නලීන් ද සිල්වා  සහ  ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු  අයහපතේ මූලය ලෙස සිතන්නෝය. ඔවුන්ට බටහිර අජීර්ණය. එහෙත් ඔවුන් තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය.  

ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් ය. නලීන් ද සිල්වා  උසස් අධ්‍යාපනය ලබන්නේ බටහිරය.  ඔහුට බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය.එහෙත් ගණනාථ ඔබේසේකර යනු  බටහිර ලෝකයේ ගරුත්වයට පාත්වූ ධීමතෙකි. ඔහු නලීන් ද සිල්වා  සහ  ගුණදාස අමරසේකර  මෙන් ජෝකර් කෙනෙකු නොවේ. 

ප්‍රිංස්ටන් විශ්ව විද්‍යලයේ  මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙකි.  ගණනාථ ඔබේසේකර පිලිබඳව එංගලන්තයේ , ඇමරිකාවේ , කැනඩාවේ මෙන්ම ප්‍රංශයේ සිටින මා හඳුනන මනෝ විද්වතුන් අදහස් පළ කොට ඇත. උදාහරණ ලෙස එංගලන්තයේ ආචාර්‍ය ස්ටීවන් හීත්, ඇමරිකාවේ  ආචාර්‍ය රොජර් බෘක් ,  කැනඩාවේ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් , කැනඩාවේ වෛද්‍ය එරික් ස්මඩ්ජා යන්නවුන් මා සමග ගණනාථ ඔබේසේකර  ගේ කෘතීන් ගැන කතා කොට තිබේ. එහෙත්  ගුණදාස අමරසේකර පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ දිවයින පුවත්පතේ පාඨකයන්‍ ය.  නලීන් ද සිල්වා පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ විදුසර පුවත් පතේ පාඨකයන් ය. 

අවාසනාවකට මෙන් ගනනාථ ගේ කීර්තිය නලීන් ද සිල්වාට නැත. නලීන් ද සිල්වා පිලිබඳව බටහිර ලෝකය දන්නේ නැති තරම් ය. නමුත් නලීන් ද සිල්වා සිතන්නේ  බටහිර ලෝකයට ඔහු බින් ලාඩ්න් කෙනෙකු කියාය. නලීන් ද සිල්වා ජීවත් වන්නේ ඔහු විසින්ම සදාගත් මනංකල්පිත විශ්වයකය. ඒ අතින් ගුණදාස අමරසේකර පොළවේ පය ගසාගෙන සිටින්නෙකි. එහෙත් ඔහු තදින්ම කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරන්නෙකි. මේ ත්‍රිත්වයෙන් ලංකාවට වටින්නේ ගණනාථ ඔබේසේකර ය. අනෙක් දෙදෙනා ඉතිහාසයේ කුණු කූඩයට යාමට නියමිතය.

9 Responses to “නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර”

  1. Randeniyage Says:

    නලීන් ද සිල්වා is known to have discovered a new Buddhism. නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර are eccentric characters and have some followers which may be harmful for the country and even to Sinhala Nationalism.

  2. Geeth Says:

    කිසිදු අගක් මුලක්, හේතුභුතයක් නැති මෙම ලිපිය ඔබ ලීවේ කුමකටදැයි පාඨක අපට සිතා ගත නොහැක. (සැබවින්ම මෙය ලිපියකට වඩා මඩ comment එකක් යයි කීවොත් වඩාත් නිවැරදිය) වෛද්‍ය රුවන් එම් ජයතුංග යන නමින් ලියා ඇති නිසා මෙය මෝඩයෙකුගේ හුදු උද්ධච්ච ප්‍රලාපයක් යයි කියා අපට බැහැර කලද නොහැක. සැබවින්ම මෙය ඔබ නොලීවානම් වඩා හොඳ යැයි මට සිතෙන්නේ, මෙහි ඔබ කියා ඇති කිසිවක් බුද්ධි විෂයක වශයෙන් විශ්ලේෂණයකට භාජනය කර නැති නිසාවෙනි.
    උදාහරණයක් ලෙස ඔබ කියා ඇති මේ කාරණය ගෙන බලන්න. “නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු අයහපතේ මූලය ලෙස සිතන්නෝය.” තවත් කරුණක් ගෙන බලමු. “නලීන් ද සිල්වා සිතන්නේ බටහිර ලෝකයට ඔහු බින් ලාඩ්න් කෙනෙකු කියාය. නලීන් ද සිල්වා ජීවත් වන්නේ ඔහු විසින්ම සදාගත් මනංකල්පිත විශ්වයකය. ඒ අතින් ගුණදාස අමරසේකර පොළවේ පය ගසාගෙන සිටින්නෙකි. එහෙත් ඔහු තදින්ම කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරන්නෙකි.” මේ චෝදනා ඔප්පු කිරීමට මෙතැනින් ඔබ්බට කෙතරම් කරුණු ඔබගෙන් අප බලාපොරොත්තු වෙනවාද? එම වාක්‍යයනට අමතරව කිසිවක් ඔබ කියා නැත්තේ ඔබගේ එම වාක්‍යයන් දේව වාක්‍යය ලෙස අප පිළිගනීවි යැයි ඔබ සිතූ නිසාද? ඊළඟ ඡේදය ඔබ ලියා ඇත්තේ දැඩි වෛරයකින් බව අපට පෙනේ. එය ඔබම නැවත කියවා බලන්න.

    “ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් ය. නලීන් ද සිල්වා උසස් අධ්‍යාපනය ලබන්නේ බටහිරය. ඔහුට බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය.එහෙත් ගණනාථ ඔබේසේකර යනු බටහිර ලෝකයේ ගරුත්වයට පාත්වූ ධීමතෙකි. ඔහු නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර මෙන් ජෝකර් කෙනෙකු නොවේ.”

    ඔබගේ බොහෝ චෝදනා කිපීමෙන් ගන්නාලද, හුදු ව්‍යාපනයන් මගින් කල නිගමනයන්ය (based on hasty generalizations). ඇතැම් චෝදනා වැදගැම්මකට නැති මඩ ගැහීමේ චේතනාවෙන්ම කල ඒවා බව පෙනී යයි. එම චෝදනා එකින් එක වෙන වෙනම ගෙන, බුද්ධිමය වශයෙන් කරනු ලබන විශ්ලේෂණයක් මගින් පාඨකයිනට ඔප්පුකොට පෙන්වීමට ඔබ සදාචාරාත්මකව බැඳී සිටී. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාණෙනි, ඔබ විසින් එල්ල කර ඇති මෙම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස ඔබ ඉදිරිපිට ඇති මෙම අභියෝගයට මුහුණදී, බුද්ධිමය සාකච්ඡාවක් තුලින් ඔප්පුකොට පෙන්වන ලෙස ඉල්ලා සිටිමි. එසේ නොකළහොත් ඔබ හුදු මඩ ප්‍රචාරකයෙකුගේ තත්වයට වැටෙනු ඇති බව මෙහිදී සඳහන් කරන්නේ කනගාටුවෙනි.

  3. Ratanapala Says:

    Before, I had some respect for this man who calls himself a doctor. His diatribe against Dr Nalin de Silva and Dr Gunadasa Amarasekara took me completely by surprise. It looks quite clearly he is on a contract to throw mud doing a ‘hatchet job’ for dollars and throwing mud at two patriots and in the process elevate the dying fortunes of a locally discredited anthropologist.

  4. NeelaMahaYoda Says:

    ගීත්ගේ අදහස් සමඟ මම සීයයට සීයක්ම එකඟ වෙමි.

    නලින්ද සිල්වා ගේ අදහස් සමග මම එකඟ නොවූ වත් ඔහු එංගලන්තයේ ඉගෙනගත් කාලයේ ඔහුකිසිසේත් බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණ බවක් කිසිමතැනක කිසිම කෙනෙක් දැනසිටියේ නැත. ඔහුගේ පශ්චාත් උපාධි අවසන් කිරීමට මත්තෙන් පවා ඔහුට ආපසු ලංකාවට යෑමට අවශ්‍යවූයේ ඔහු බටහිර රටවල ජීවත්වීමට තිබූ ඔහුගේ අධික අකමැත්ත නිසාය. මෙය ඔහුගේ ඇති දුර්වල කමක් හැටියට මම සළකමි.ඔහුගේ පශ්චාත් උපාධි අවසන් කලේ ලංකාවේ සිටයි.

    ඇත්තෙන්ම වෛද්‍ය රුවන් එම් ජයතුංග කර ඇත්තෙය් හුදෙක් නලීන් ද සිල්වාටත් ගුණදාස අමරසේකරටත් මඩ ගැසීමක් පමනි.

    ප්‍රිංස්ටන් විශ්ව විද්‍යලයේ මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙක් උවත් ඔහුගේ අදහස් සිංහල බෞද්ධ විරෝධීබව අපි 1983 යේ සිටම දැනසිටිමු.

    මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙක් බව දනිමු. ගණනාථ ඔබේසේකර පිලිබඳව එංගලන්තයේ , ඇමරිකාවේ , කැනඩාවේ මෙන්ම ප්‍රංශයේ සිටින ඔබ හඳුනන මනෝ විද්වතුන් අදහස් පළ කොට ඇතත් එය ඔහුගේ පෞද්ගලික ජයග්රහණයක් මිස එයින් අපට පලක් නැත.

    ලෝකය පුරා විසිරී සිටින ශ්රී ලාංකික වෘත්තිකයන් ගණනාවක් ඇතත් අපගේ රටට ආදරයක් ඇති ශ්රී ලාංකික වෘත්තිකයන් පමනක් ගැන අපි ආඩම්බර වෙමු

  5. samaraweera Says:

    We are surprised about Dr. Jayatunge throwing mud at two respected figures who are well respected and recognised in Sri Lanka. There are educated people living in the greener pastures who does not love their mother country because of the the dollars they earn. They may be well know with the people with whom they work but what is the use if they do not love their mother country, who gave them Free Education. Dr J please note that you or your colleagues you praise cannot reach the heights that Dr. Gunadasa Amarasekara and Dr Nalin had reached. Stop throwing mud at others. Samaraweera, Brisbane

  6. Vaisrawana Says:

    I agree with sentiments expressed by Geeth, Rathnapala and NeelaMahaYoda. My humble opinion is that Dr Ruwan M. Jayatunge’s allegations against Drs Nalin de Silva and Gunadasa Amerasekera, like his praise of Prof Gananatha Obeysekera, are totally baseless. Of the three, I prefer not to comment on the first, though I firmly believe that his intentions are passionately patriotic. To me, he appears to be the mirror opposite of the third (i.e., GO) in that respect.

    Anthropology is not my specialty, but I have casually read a little about topics usually covered in that field, including a few specimens of the writings and lectures of Prof GO. I was still a school boy with a passionate love for English when I discovered him. I used to admire him as an English scholar turned anthropologist. His ‘iconoclasm’ greatly appealed to my adolescent mind then. This was in the latter ‘60s. But decades later I came to detest what struck me as a certain anti-Sinhalese Buddhist attitude that was always implicit in his writings. I thought that his shallow intellect was hidden under a hugely bloated ego. I gradually realized that, in his rejection of his traditional native roots, he was worse than the worst among the Western imperialist gurus that cloned him.

    My feeling is that where egotism is concerned, only Gunadasa Amerasekera among the three is completely free from it. I’d personally like to reserve the title ‘intellectual’ for Dr GA. Prof. Wimal Dissanayake includes him among the four distinguished ‘cultural intellectuals’ that he portrays in his brief volume ‘Enabling Traditions’ (2005), the other three being Munidasa Cumaratunga, Martin Wickremasinghe, and Ediriweera Sarathchandra. WD commends GA as a poet based in tradition and social truth for his passion to “delineate a historical continuity in the structures of feeling over time”.

  7. Christie Says:

    Christie Says:
    December 12th, 2018 at 5:07 pm
    It is unfortunate to bring out personal opinions about persons in to the open.
    The reason why we Sinhalese act so is though we are the majority we are the ones with a minority complex.
    We are the Dalits of Indian Colony Ceylon.

  8. ranjit Says:

    This guy maybe a cracko same like Rajitha the dentist. He too is certainly famous for sling mud at respectful sons and daughters of Motherlanka. These kind of guys are mentally sick although they are educated. They enjoy life living outside the country criticising their country of birth and its sons and daughters who live in this land after getting good education and do valuable service to it’s people and to the country. Dr.Gunadasa Amarasekera and Dr.Nalin both are well respected citizens of this country. People listen to them but who will listen to a guy like this? Those days doctors were treated as god’s but unfortunately now its opposite, they are worst than animals nowadays not everyone but some. Sorry to say that. First of all learn to respect others.

  9. Dr.K Says:

    මානසික රෝගීන්ගේ සුවදුක් විචාරමින් ඔවුන්ට බෙහෙත් හේත් දෙමින් තම සේවය කැපකොට වැඩකරන දොස්තරවරුන්ටත් කාලයක් යනකොට මානසික ආබාද ඇතිවෙන බව මම අසා ඇත.

    තම උපන් රටේ අනන්‍ය තාව සහ උන්නතිය ගැන කතාකරමින් තම රටේම ජීවත්වෙන විද්වතුන් දෙදෙනෙක් තම උපන් රටෙන් බැහැර රටක සේවයකරණ විද්වතෙකු සමග සංසන්දනය කරමින් දොස්තර රුවන් මහතා කර ඇති සමච්චලය එම ගති ලක්සනය හුවා දැක්විමක්දයයි මට සිතේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress