නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර – වෛද්‍ය රුවන් එම් ජයතුංගට පිළිතුරක්
Posted on December 12th, 2018

ගීතාංජන  

වෛද්‍ය රුවන් මංගල ජයතුංග මහතා විසින් “නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර” යන ලිපි ශීර්ෂය යටතේ කෙටි ලිපියක් ලංකා වෙබ් ෆෝරමයේ පල කොට තිබිණි. එම ලිපියට සන්නයක් (comment ) සපයමින් ම විසින් පහත දැක්වෙන අදහස් සටහන් කලෙමි.

කිසිදු අගක් මුලක්, හේතුභුතයක් නැති මෙම ලිපිය ඔබ ලීවේ කුමකටදැයි පාඨක අපට සිතා ගත නොහැක. (සැබවින්ම මෙය ලිපියකට වඩා මඩ comment එකක් යයි කීවොත් වඩාත් නිවැරදිය) වෛද් රුවන් එම් ජයතුංග යන නමින් ලියා ඇති නිසා මෙය මෝඩයෙකුගේ හුදු උද්ධච්ච ප්රලාපයක් යයි කියා අපට බැහැර කලද නොහැක. සැබවින්ම මෙය ඔබ නොලීවානම් වඩා හොඳ යැයි මට සිතෙන්නේ, මෙහි ඔබ කියා ඇති කිසිවක් බුද්ධි විෂයක වශයෙන් විශ්ලේෂණයකට භාජනය කර නැති නිසාවෙනි.

උදාහරණයක් ලෙස ඔබ කියා ඇති මේ කාරණය ගෙන බලන්න. නලීන් සිල්වා සහ ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු අයහපතේ මූලය ලෙස සිතන්නෝය.” තවත් කරුණක් ගෙන බලමු. නලීන් සිල්වා සිතන්නේ බටහිර ලෝකයට ඔහු බින් ලාඩ්න් කෙනෙකු කියාය. නලීන් සිල්වා ජීවත් වන්නේ ඔහු විසින්ම සදාගත් මනංකල්පිත විශ්වයකය. අතින් ගුණදාස අමරසේකර පොළවේ පය ගසාගෙන සිටින්නෙකි. එහෙත් ඔහු තදින්ම කුමන්ත්රණ න්යාය විශ්වාස කරන්නෙකි.” මේ චෝදනා ඔප්පු කිරීමට මෙතැනින් ඔබ්බට කෙතරම් කරුණු ඔබගෙන් අප බලාපොරොත්තු වෙනවාද? එම වාක්යයනට අමතරව කිසිවක් ඔබ කියා නැත්තේ ඔබගේ එම වාක්යයන් දේව වාක්යය ලෙස අප පිළිගනීවි යැයි ඔබ සිතූ නිසාද? ඊළඟ ඡේදය ඔබ ලියා ඇත්තේ දැඩි වෛරයකින් බව අපට පෙනේ. එය ඔබම නැවත කියවා බලන්න.

ගුණදාස අමරසේකර යනු ශ්රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් . නලීන් සිල්වා උසස් අධ්යාපනය ලබන්නේ බටහිරය. ඔහුට බටහිර රටක විශ්ව විද්යාලයක තනතුරක් අවශ්යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය. එහෙත් ගණනාථ ඔබේසේකර යනු බටහිර ලෝකයේ ගරුත්වයට පාත්වූ ධීමතෙකි. ඔහු නලීන් සිල්වා සහ ගුණදාස අමරසේකර මෙන් ජෝකර් කෙනෙකු නොවේ.”

ඔබගේ බොහෝ චෝදනා කිපීමෙන් ගන්නාලද, හුදු ව්යාපනයන් මගින් කල නිගමනයන්ය (based on hasty generalizations). ඇතැම් චෝදනා වැදගැම්මකට නැති මඩ ගැහීමේ චේතනාවෙන්ම කල ඒවා බව පෙනී යයි. එම චෝදනා එකින් එක වෙන වෙනම ගෙන, බුද්ධිමය වශයෙන් කරනු ලබන විශ්ලේෂණයක් මගින් පාඨකයිනට ඔප්පුකොට පෙන්වීමට ඔබ සදාචාරාත්මකව බැඳී සිටී. වෛද් රුවන් එම් ජයතුංග මහතාණෙනි, ඔබ විසින් එල්ල කර ඇති මෙම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස ඔබ ඉදිරිපිට ඇති මෙම අභියෝගයට මුහුණදී, බුද්ධිමය සාකච්ඡාවක් තුලින් ඔප්පුකොට පෙන්වන ලෙස ඉල්ලා සිටිමි. එසේ නොකළහොත් ඔබ හුදු මඩ ප්රචාරකයෙකුගේ තත්වයට වැටෙනු ඇති බව මෙහිදී සඳහන් කරන්නේ කනගාටුවෙනි.”

පළමුවෙන්ම කිව යුත්තේ මා මේ පිළිතුරු ලිපිය ලියන්නේ වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාට ගැරහීමේ අරමුණින් වත්, නින්දා අපහාස කිරීමටවත් නොවන බවය. එමෙන්ම එතුමා සතුරකු, විරුද්ධ වාදියකු සේ සලකා විවේචනය කිරීමටද නොව. මා මෙම ලිපිය ලියන්නේ සමස්තයක් ලෙස ගත් කල, ඔහු මෙන්ම ඔහු වැනි තවත් අය විසින් නියෝජනය කරනු ලබන දේශපාලන ආස්තානයට පිළිතුරු සැපයීම කාලෝචිත යැයි සිතූ නිසාවෙනි. ඊට අමතරව මෙම ලිපියෙන් අරමුණු කරන්නේ, අද ශ්‍රීලංකාව තුල මෙන්ම, විදේශ ගතව සිටින්නාවුද, දේශපාලනය පිලිබඳ විමිසිලිමත් වූත්, ඒ පිලිබඳ විවිධවූ මත දරනාවුත් අය අතර ඇති එක්තරා ප්‍රවනතාවක් වන, ආචාර්ය නලින් ද සිල්වා මහතාට සහ දොස්තර ගුණදාස අමරසේකර මහතාට පහර ගැසීම හා පරිභව කිරීම තුලින්, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව වඩාත් මධ්‍යස්තවුත් සාධාරණවුත් මත දරන්නේ තමන් යයි ලෝකයාට ප්‍රකාශ කිරීමේ විලාසිතාවට අනුගතවූ සියල්ලන්ටද ආමන්ත්‍රණය කිරීමේ අරමුණිනි. මේ විලාසිතාව සමාජ දේහය තුල කෙතරම් ඔඩුදුවා ඇත්දැයි කිවහොත්, නලින් සිල්වා මහතාගේ හෝ අමරසේකරමහතාගේ මතවාද මොනවාද කියා කිසිවක් සොයා නොබලාම, ඒ පිලිබඳ හැදෑරීමක් නොකොටම ඔවුන් ප්‍රතික්ෂේප කොට හෙලාදකීමේ ප්‍රවනතාවක් තිබේ. මා වටා එවැනි මිතුරන්ද සිටී.

මෙම ප්‍රවනතාවේ තවත් සැඟවුණු අරමුනක්ද පවතී. එනම් ඊලාම් වාදී සංකල්ප වලට, රට බෙදීමේ දර්ශනයට, වෙනම රාජ්‍යය සංකල්පයට, සම්ප්‍රදායික නිජභූමි සංකල්පයට එරෙහිවූ මතවාද දරන චින්තකයිනට පහර ගැසීම හා ගැරහීම, ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ ව්‍යාපාරයට මිලියන ගණනින් මුදල් යොදවන බටහිර ආයතන වල අවධානය දිනාගැනීමේ කෙටි ක්‍රමයක් ලෙස මෙම පරිභව කිරීම ඇතැමුන් විසින් යොදා ගැනීම එම යටි අරමුනයි.

කෙසේ වුවද, නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යන අය ගණනාථ ඔබේසේකර සමග සැසැඳීම වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් මොන පදනමක් මත සිදු කළා දැයි පාඨක අපට නොතේරෙන බව පැවසිය යුතු ය. නලින් හා අමරසේකර මහතුන් ගනනාථ මහතා සමග සැසඳීම හරියට ඇපල් හා දොඩම් සැසඳීම හා සමානය. මේ දෙවර්ගයම පලතුරු ගණයට අයත් වනවා සේම, අපගේ ප්‍රස්තුතයට මුල් වී ඇති පුද්ගලයින්ද බුද්ධිමතුන් ගණයට අයත් වුවත්, නලින් හා අමරසේකර මහතුන්ගේ ග්‍රහණයට නතුවූ විෂය කරුණු හා ඒවායේ බුද්ධිමය විශ්ලේෂණය ගනනාථ මහතාගේ කාර්යයට හසු වූ බවක් අප අසා නැත. නමුත් මේ තිදෙනාම එකම විශ්ව විද්‍යාල මාතාවකගේ දරුවන් වීම සුවිශේෂ කරුණකි.

මෑත කාලයේ, එනම් පසුගිය වසර තිස් පහක පමණ කාලයේ නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යන නම් රටතුල ආන්දෝලනයකට ලක්වන්නෙත්, ඔවුන්ව අප හඳුනා ගන්නේත්, සිල්වා මහතා විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු ලෙස නිසා හෝ අමරසේකර මහතාව කවියකු හා ලේඛකයෙකු ලෙස නිසා පමණක්ම නොවේ. ඔවුන් වැඩිපුරම ආන්දෝලනයකට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඇතිවූ කතිකාවතේ දේශීය ජනයාගේ, විශේෂයෙන්ම සිංහල ජනයාගේ අපේක්ෂා සහ අයිතීන් පිළිබඳව අදහස් දැක්වූ වියතුන් ලෙසය. මෙය කිරීමේදී මොන තරම් නිදා අපහාස ඔවුන් විසින් වින්දාද කියා අපි දනිමු. ඒ නින්දා අපහාස විඳීම තවමත් නිම වී නොමැත. මෙසේ ඔවුන් තම මතවාදී අදහස් ඉදිරිපත් කලේ බෙදුම්වාදී මතවාදී ආධිපත්‍යය විසින් මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයම බුද්ධිමය වශයෙන් හිරිවට්ටා, ගොලුකොට, ප්‍රතිතර්ක විරහිතව ගොලුවී සිටි කාලයකදී වීම විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණකි.  

නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර මහතුන් විසින් එය කෙතරම් සාර්ථක හා සාධනීය ලෙස කලාද කිවහොත්, ටික කලකින්ම ප්‍රධාන පෙලේ ඊලාම් වාදී න්‍යායාචාර්යවරුන් පසුබැස යාමටත්, සාකච්චා මේස වලදී ගොත ගැස්සවීමටත් ඔවුහු සමත් වූහ. එපමණක්ද නොව, නලින් ද සිල්වා මහතා විසින් ඊලාම් පෙරහරේ පෙර ගමන් කරුවෙකු වූ කුමාර් පොන්නම්බලම්ට ඉදිරිපත් කල අදටත් වලංගු ප්‍රශ්නය වූ, දෙමල ජනතාවට මුහුණදීමට සිදුව ඇති, එහෙත් සිංහල ජනතාවට නොමැති, හුදු දෙමල වීම නිසාම සිදුව ඇතැයි කියන සමාජ දේශපාලන අසාධාරණකම් නම් කරන ලෙස දිගින් දිගටම එල්ල කල ප්‍රශ්නයට මැරෙන තුරුත් පිළිතුරු දී ගත නොහැකිව, පොන්නම්බලම් මහතා ඔහු කිරිපොවා හදාවඩා ගත් ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක්ව  මිය ගියේය. ඔහු පරලොවදී තවමත් ඊට පිළිතුරු සොයනවා නොඅනුමානය. ඉන් සිල්වා මහතා ලෝකයට ඔප්පු කර පෙන්වූයේ බොරුව මත පදනම්වූ සටනකට, රට තුල නොමැති ප්‍රශ්නයකට, පිළිතුරු සොයාගත නොහැකි බවය. එම හෙළිදරව්ව සමස්ත ඊලාම් ව්‍යාපාරයේම උපක්‍රම නැවත සලකා බැලීමට ශ්‍රී ලංකාවේ සතුරනට බලකර සිටි බව නොරහසකි.

එවන් සේවාවක් ඔබ කර තිබේද? ගනනාථ ඔබේසේකර මහතා කර තිබේද? මට නම් කරනවා තබා සිතා ගැනීමටවත් නොහැක. ඉංග්‍රීසි භාෂාවේ සිට මානවවිද්‍යාවට හුවමාරු වූ ගණනාථ ඔබේසේකර මහතා අතින් හරිනම් එය සිදුවිය යුතුව තිබූ කාර්යයකි. නමුත් ඔහු අතින් එය සිදුවූ බවක් මම නම් අසා නොමැත. ඉතිහාසය පිලිබඳ හෝ මානවවිද්‍යාව පිලිබඳ බුද්ධි විෂයමය වශයෙන් පෙර සූදානමකින් තොරව, තමන් ලැබූ අධ්‍යාපන හා බුද්ධිමය ශික්ෂණයට පරිබාහිර කාර්යයක නියැලුණු නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර මහතුන් අතින්, පෘතඃජන පුද්ගලයින් ලෙස අනේක වැරදීම් සිදුවී ඇතුවාට සැකයක් අප තුල නොමැත. එහෙත් ඔවුන් කල දුෂ්කර කාර්යයයේ ශ්‍රේෂ්ට බව අප වටහා නොගන්නේනම් ශ්‍රී ලාංකිකයින් වන අප අතිශය අකෘතඥ ජාතියක් වනවාට නොඅනුමානය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාණෙනි, ඔබ මෙවැනි අදහස් පල කිරීමක් කලේ, ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔවුන් විසින් පල කල අදහස් එම කරුණ අරභයා ගනනාථ ඔබේසේකර මහතා විසින් පල කල අදහස් වලට පටහැනි නිසාද? නැතහොත් ගනනාථ ඔබේසේකර මහතා වඩාත් වැදගත් අදහස් ජාතික ප්‍රශ්නය පිළිබඳව දක්වා තිබෙන නිසාද? විවිධ කරුණු පිළිබඳව ඔවුන්ගේ මත වල වෙනස්කම් තිබිය හැකි වුවත්, මා දන්නා පරිදි ජාතික ගැටලුව පිළිබඳව එවන් විවෘත මත ගැටුමක් ඔවුන් අතර හටගෙන නොමැත.  අවම තරමින් සමාජයේ අවධානය යොමුවන තරමේ මතවාදී ගැටුමක් මා දන්නා පරිදි අසා නොමැත.

ඔබ මෙසේ කියයි. “නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු අයහපතේ මූලය ලෙස සිතන්නෝය.”නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර බටහිර ලෝකය සියලු අයහපතේ මුලය ලෙස කියා ඇති බවක් මම නොදනිමි. එසේ වුවද බටහිරින් එන සියලු දේ අවිචාරයෙන් ඔහු ප්‍රතික්ෂේප නොකරන බව රුපවාහිනී චැනලයක සාකච්චාවකදී නලින් ද සිල්වා මහතා විසින් කියනු මා අසා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව අරභයා බටහිර සතු ප්‍රතිපත්ති ඔවුන් විවේචනය කර ඇත. එමෙන්ම, බටහිර දර්ශන වාදයේ ඇති පුහු බව පිළිබඳව ඔවුන් විවේචනය කර ඇත.

නමුත් කෙසේවුවද ශ්‍රී ලාංකිකයින් ඇතුළු නුතන මිනිසා සතු බොහෝ අයහපත්වලට මුලය බටහිර දර්ශන්වාදයේත්, විශේෂයෙන්ම නුතනවාදී දර්ශනයේත් ගැබ්ව ඇති බව ඔවුන් කියා ඇත. එය ඔවුන් පමණක් නොව, බොහොමයක් බටහිර විචාරකයින්ද පවසා ඇති, අද වනවිට දර්ශනවාදී ක්ෂේත්‍රයේ අවිවාදයෙන් පිළිගත් කරුණකි. එය ඔබ නොදැන සිටීම ඔබගේ ඉහතකී ප්‍රකාශයට හේතු වුවා නම්, එය ඉතාම අවාසනාවන්ත තත්වයකි. පහත දැක්වෙන්නේ එවන් කතිකාවතකට සම්බන්ධවී සිටි සහ සිටින බටහිර හා අනෙක් වියතුන් කිහිප දෙනෙකි.

යුරෝපීයයන් වන Michel Foucault, Jacques Derrida, එමෙන්ම බටහිරදී විචාරකයින් ලෙස කීර්තියක් දිනාගත්තද ආසියානුන් වන Edward Wadie Said (originally Palestinian), Homi K. Bhabha (originally Indian), එමෙන්ම ප්‍රංශ ජාතිකයෙකු වුවත් Martinique හි උපන්, Frantz Fanon. එමෙන්ම ආජන්ටිනියානු චින්තකයකු වන Enrique Dussel https://en.wikipedia.org/wiki/Enrique_Dussel

එපමණක් නොව වෙනත් ක්ෂේත්‍ර වල සිටින බටහිර බටහිර බුද්ධිමතුන් හා දේශපාලන විචාරකයින් පවසන්නේ, බටහිර දේශපාලනය හා දර්ශනය මුළුමහත් මානව සංහතියම විනාශය කරා රැගෙන යන බවය. Paul Craig Roberts ගේ ලිපි  https://www.paulcraigroberts.org/

 

එමෙන්ම Marshall Berman, David Harvey and Noam Chomsky යන අය විසින් ප්‍රකාශයට පත් කර ඇති දුසිම් ගණන් වන පොත් පත් හා ලිපි ලේඛන.

 

එමෙන්ම ඔබ වෛද්‍යවරයෙකු නිසා නුතනවාදී විද්‍යාවේ සුසමාදර්ශ පිලිබඳ විචාරයක යෙදෙන Paul Feyerabend ගේ Against Method ඔබට ඉතාම රසවත් කියවීමක් වනු ඇතියි මම සිතමි. 

 

ඉහතින් සඳහන් කලේ බටහිරින් එන යුරෝකේන්ද්‍රීය ප්‍රවාද වලින් යුරෝපයටත්, ලෝකයේ අනෙකුත් කලාප වලටත් ඇති හානිකර ප්‍රතිපල පිළිබඳවත් ඒවායේ ඇති දාර්ශනික බංකොලොත් බවත් පිළිබඳව සාකච්චා කර ඇති බටහිර අර්ධ ගෝලයේ සිටිනා කිහිප දෙනෙකු පමණි. එනයින් ගත කල තත් කාලීන ලෝකයේ බොහොමයක්  අයහපත් තත්වයන්ට මූලය බටහිර දේශපාලනය හා දර්ශනවාදී සංකල්ප බව සිතන්නේ නලීන් ද සිල්වා  සහ  ගුණදාස අමරසේකර පමණක් නොවන බව ඔබට වැටහෙනු ඇත. 

 

ඔබගේ ඊළඟ ප්‍රකාශය බලන්න. “ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් ය.” ගුණදාස අමරසේකර ගැන ඔබ දන්නේ දන්ත වෛද්‍යවරයෙක් ලෙස පමණක්ද? ඔහු ලේඛකයෙක්, කවියෙක් ලෙස ඔබ දැනගෙන සිටියේම නැතිද? කෙසේ වුවත්, ඔබ මේ ගැරහීම අමරසේකර මහතාට කරන්නේ ඔහු දන්තවෛද්‍යවරයෙක් නිසාවත්, සාහිත්‍යධරයෙක් නිසාවත් නොවෙයි නේ. ඔබ ගරහන්නේ ඔහු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට කර ඇති දායකත්වය බරපතල ලෙස ඔබට බලපෑ ඇති නිසා නේ? එයින් වැටහෙන්නේ කුමක්ද? අමරසේකර මහතාගේ අයිතිහාසික සුවිශේෂතාව වන්නේ ඔහු දන්ත වෛද්‍යවරයෙක් වීමවත්, සාහිත්‍යධරයෙක් වීමවත් නොව, ඔහුගේ දේශපාලන මතවාදී දායකත්වයම නොවේද?  

 

පළමුවෙන්ම අපට ඇතිවන ගැටලුව වන්නේ, ලංකාව තුල පමණක් දැන සිටීම කිසියම් පුද්ගලයෙකුගේ බුධිමය වටිනාකම අඩුවීමට හේතුවන සාධකයක්ද යන්නයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතානෙනි, මම දන්නා පරිධි, ඔබ පිළිබඳව දන්නේ අපි පමණි. එය කිසිසේත්ම ඔබගේ වටිනාකම අඩුකොට සිතීමට මට නම් හේතුවක් නොවේ. අමරදේව, සරත්චන්ද්‍ර, නන්දා මාලිනි ගැන දන්නේ අපි පමණි. බටහිර ඔවුන් ගැන නොදත් පමණින් අපට ඔවුන් වටින්නේ නැතිද? බටහිර ඔවුන් පිලිබඳව නොදන්නා නිසා අප ඔවුන්ව ඉතිහාසයේ කුණු කූඩයට දමන්නෙමුද? 

 

ඔබ කියා ඇති පරිදි අනුරාධපුරයෙන් එහාට අමරසේකර මහතාව දන්නේ නැති කරුණ පිළිබඳව කියන්නේ නම්, මා කිව යුතු වන්නේ ඇත්තටම ඔවුන් ගැන දන්නේ අනුරාධපුරයෙන් මෙහා ඔබ වැනි අයට වඩා අනුරාධපුරයෙන් එහා අය බවය. සැබවින්ම, ඊළාම්වාදී පෙරගමන් කරුවන් සියල්ලෝම ඔවුන් පිළිබඳව දන සිටියහ. බටහිර INGO සහ ඔවුන්ගෙන් මුදල් ලබන ලංකාවේ ක්‍රියාත්මකවූ NGO ඔවුන් ගැන දන සිටියහ. එපමණක් නොව තමන්ගේ බත් පතට වැලි දමන අය ලෙස නලීන් ද සිල්වාට සහ ගුණදාස අමරසේකරට ඔවුහු වෛර කළහ. මේ පිලිබඳ දෘශ්‍යමය වශයෙන් හොඳම උදාහරණය නම්, එක්තරා රූපවාහිනී වැඩසටහනකදී නිමල්කා ප්‍රනාන්දු විසින් ප්‍රකට කල ගුණදාස අමරසේකර පිලිබඳ ‘ඇගේ වෛරයයි.’ නිමල්කා විසින් හෙළි දක්වනලද ‘ඇගේ වෛරය’ හටගන්නේත්, ඉන් විශද කරන්නෙත් වෙනත් කිසිවක් නොව, ගුණදාස අමරසේකර මහතාගේ අදහස් විසින් තමන්ගේ බත් පතට වැලි දැමෙන නිසාවෙන් ඇය තුල හට ගන්නා භීතිය හා ද්වේශයයි. අනික් හේතුව නම් බෙදුම්වාදී මතවාදයට එරෙහිව බලවත් තර්ජනයක් එල්ලකරන   අමරසේකර වැනි මතවාදීන් වෙත පෙරලා පහර ගැසීම වෙනුවෙන්, හා රට බෙදීමේ කර්තව්‍යය වෙනුවෙන් නිර්ලෝභී ලෙස නාය යාමට සැදී පැහැදී සිටි ඩොලර් කඳු තමන්ගේ දිසාවට නාය යාමට සැලැස්වීම මෙම පහර දීම තුල සැඟවුණු නිමල්කාගේ ඊළඟ අරමුනයි. එකල නිමල්කා ප්‍රනාන්දු රෙද්ද උස්සගෙන දැඟලුවේ ඩොලර් භක්තියෙන් විනා මානව භක්තියෙන් නොවන බව ඇත් දැකීම් අඩු තරුණයින් වූ අපිට පවා ඉතා පැහැදිලිව පෙනුනි.  

 

ඊළඟට ඔබ මෙසේ කියයි. “එහෙත් ඔවුන් තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය.” නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර මහත්වරුන්ගේ දරුවන් විදේශ ගතවී සිටිනවාදැයි මම නොදනිමි. විදේශ ගතවී සිටියත් මට නම් එහි වරදක් නොපෙනේ. එකල පැවතී හින්දු හා ජයින දර්ශනවාදී පදනම පැරදවීමට උවමනාව තිබූ නිසා බුදුන් වහන්සේ පවා ආලාර කාලාම, උද්දකරාම පුත්ත වෙත ගිය සේක. උන්වහන්සේ එසේ ගියේ, එකල පැවතී අග්‍රස්ථ දාර්ශනික සංස්ථා අභිභවා යාමට විනා එම දැනුමේ සිසුවකු වීමට නොවේ. එනයින් ගත් කල බටහිර දර්ශන වාදයේ යහපත හා අයහපත තේරුම් ගැනීමට නම් අප බටහිර දැනුම උකහා ගැනීම අවශ්‍ය වෙයි. වත්මන් ඇමෙරිකාවේ කෙතරම් චීන සිසු සිසුවියන් ඉගෙන ගන්නවාද කියා ඔබ දන්නවා යයි මට සැකය. තම අනාගත පරපුර චීනය විසින් දහස් ගණනින් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට එවන්නේ යම්කිසි හේතුවක් නිසා විය යුතුය. අනික බටහිර දැනුම තුල පවා කෙතරම් ජයග්‍රහණ මානව සංහතිය ලබා තිබෙනවාද. මගේ මතය නම්, ශ්‍රී ලංකාවට ආදරය කරන සියලු දෙනා හැකිනම් ලෝකයේ සියලු කලාපවල සැරිසරා දැනුම උකහා ගත යුතුය. එම දැනුම අපගේ දැනුම් සම්භාරයට ආදේශ කරගත යුතුය. නොවැදගත් යයි හැඟෙන දේ ඉවත් කොට එම දැනුම අපේ කර ගත යුතුය. මෙහි වරදක් මට නොපෙනේ.

ඔබ කරන මේ ඉහත ප්‍රකාශය එනම් නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය” යන්න සාධාරණද කියා සිතා බලන්න? සුද්දාට අපව විවෙච්චනය කර කර, අපට උඩින් සහ යටින් වල කප කපා, ලංකාවේ ජීවත් විය හැක, ලංකාවට පැමිණිය හැක, ඉඩකඩම් මිලදී ගත හැක, ව්‍යාපාරද කල හැක. ජීවන මාර්ගය සලසා ගත හැක. නමුත් අපට, නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර නොහැක. ඔබ සතුව සුද්දට එක ප්‍රතිපතියකුත් අපට තවත් ප්‍රතිපත්තියකුත් තිබෙන්නේ ඇයි? එසේ තිබිය නොහැක. එය අසාධාරණ ය.

ඔබ භාවිතා කරන ඉහත තර්කය ඉතා පැරණි තර්කයකි. එය භාවිතා කලේ එංගලන්තය ප්‍රංශය වැනි යටත්විජිත වාදී මව් රටවල් තමන්ට පමණක් සීමා කර ගැනීමට උත්සුක වූ, යටත්විජිත වාදීන්ට තම මනස හා සිරුර ක්‍රීඩා භාණ්ඩයක් ලෙස භාවිතා කිරීමට ඉඩහළ, සහ දැනටත් ඉඩහරින, රටක්, සංස්කෘතියක්, පවුලක් හෝ රැකගැනීමට දෙයක් නොමැති, අමරසේකර මහතාගේ වචනයෙන් කිවහොත් ‘තුප්පහියන්’ එහෙම නැතිනම්, හෝමි කේ. බාබා ගේ වචනයෙන් කිවහොත් ‘hybrid’ සුළුතරය වන කොළඹ ලුම්පන් සුලුතරයයි. බටහිර ජීවත් වන වෙනත් ආසියාතික, ලතින් ඇමෙරිකානු හෝ අප්‍රිකානු ජාතීන් අතර එවැනි ප්‍රශ්න නැත. ඔවුන් ඔවුන්ගේ මව් රට වල අයිතීන් සඳහා බටහිර රටවල සිට සටන් කරති. ඔවුන් බටහිර විවේචනය කරමින් එහි ජීවත් වෙති. හොඳම උදාහරණය වන්නේ පලස්තීන ජාතික Edward Said ය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාණෙනි, ඔබගේ තර්කය අනුව ශ්‍රී ලංකාවට ආදරය කරන අයට බටහිරට යාමට සදාචාරාත්මක අයිතියක් නොමැත. එවැනි අය බටහිරට ගොස් තම රට වෙනුවෙන් සටන් කිරීම කුහක කමකි. නමුත් එම අයිතිය ඇත්තේ රට බෙදීමට සටන් කරන අයට පමණි. එනම්, ඊලාම් වාදීන්ට පමණි.  මොන තරම් කුහක තර්කයක්ද. ඔබගේ මේ ලිපිය බටහිර රටක තිබෙන තුන්වන ලෝකයේ රටවල ව්‍යසන ඇතිකිරීමේ අභිලාෂයෙන්ම මුදල් සපයන ආයතනයක් දුටුවානම්, ඔබට අලුතින්ම NGO ආයතනයක් විවුර්ත කරදී, ඩොලර් මිලියන ගණනින් මුදල් සපයනු ඇත. ඔබ මේ ලිපිය ලිවීමේ අරමුණ එයම නම්, මා එය විවේචනය කලාට අනේ දෙවියනේ මට සමාවෙන්න.   

බටහිර මේ දිනවල බහුලව ක්‍රියාත්මක වන සරණාගතයින් හා විදේශ සංක්‍රමණිකයන්ට එරෙහිව තැන තැන හටගත් සුදු මිනිසුන්ගේ විරෝධතා වලට ප්‍රති විරෝධය දක්වමින් පැවතී උද්ඝෝෂණයක තිබුණු සටන් පාටයක් පිළිබඳව ඉන්දීය දේශපාලන විචාරක ශෂී තරූර් (Shashi Tharoor) වරක් සඳහන් කලේ ඔහු දුටු විදේශීය සංක්‍රමණිකයන් හා සරණාගතයින්ගේ සටන් පාටයක මෙලෙස සටහන්ව තිබූ බවකි. “WE ARE HERE BECAUSE YOU WERE THERE” සාධාරණයි නේද ජයතුංගමහතාණෙනි? බටහිර ජාතීන් අපේ රට වලට විත් අපව කාබාසීනියා කල නිසාත්, අපේ සාරය උරාගෙන ගොස් අපව බංකොලොත් කොට ඔවුන්ගේ රටවල් ගොඩ නගපු නිසාත්, අපිට ඔවුන්ගේ රට වලට ගොස් ධනය ඉපයීමේ තහනමක් තිබිය නොහැක. අනික අපේ රට වල් බටහිර ජාතීනට තවමත් විවුර්තයි නේ? බ්‍රිතාන්‍ය යටත්විජිත කරණය තුලින් ඔවුන්ගේ යටත් විජිත් ජාතීන් නූතන යුගයට රැගෙන ගියාය කියා උදම් අනන අපගේ කොළඹ ජීවත්වන ඉංග්‍රීසි තෙපලන ආත්මයක් නැති අයගේ තර්කයට කදිම පිළිතුරක් පහත දැක්වෙන වීඩියෝවෙන් දැකගත හැක. කරුණාකර එය නරඹන්න.

https://www.youtube.com/watch?list=PL2Pa8OMML-D8geRbVpuEaxEZeCn0sZt41&time_continue=19&v=f7CW7S0zxv4

කෙසේ වුවත් ඔබ කියා ඇති පරිදි නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යන අය හුදු ජෝකරයන් වන්නේ කෙසේද යන්න අප වැනි හුදී ජනයාගේ පටු දැනුම පුළුල් කර ගැනීම සඳහා කියා දෙනමෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගෙන් අප උදක්ම ඉල්ලා සිටිමු.

ඊළඟ චේදයෙන් ඔබ මෙසේ කියයි. ප්රිංස්ටන් විශ්ව විද්යලයේ මහාචාර් ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙකිගණනාථ ඔබේසේකර පිලිබඳව එංගලන්තයේ, ඇමරිකාවේ, කැනඩාවේ මෙන්ම ප්රංශයේ සිටින මා හඳුනන මනෝ විද්වතුන් අදහස් පළ කොට ඇත. උදාහරණ ලෙස එංගලන්තයේ ආචාර් ස්ටීවන් හීත්, ඇමරිකාවේ ආචාර් රොජර් බෘක්කැනඩාවේ මහාචාර් රිචඩ් ලේලොන්ඩ් , කැනඩාවේ වෛද් එරික් ස්මඩ්ජා යන්නවුන් මා සමග ගණනාථ ඔබේසේකර  ගේ කෘතීන් ගැන කතා කොට තිබේ. එහෙත් ගුණදාස අමරසේකර පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ දිවයින පුවත්පතේ පාඨකයන්නලීන් සිල්වා පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ විදුසර පුවත් පතේ පාඨකයන් .” මෙය කියැවු මා තුල ඇතිවූ හැඟීම් මා මෙහි සටහන් නොකරමි. කෙසේ වුවද ඔබගේ මෙම ලිපිය මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා ට දැකීමට ඉඩ සලසන්න. ඔහු විසින් ඔබට ප්‍රින්ස්ටන් විස්වා විද්‍යාලයේ පශ්චාත් උපාදියකට රෙකමදාරුවක් ලබා දීමට තරම් එය හේතු වීමට ඉඩ ඇත. මා මෙලෙස පවසන්නේ මීට සමාන දේවල් මීට පෙර මා දැක ඇති නිසාවෙනි. 

අවසානයේදී ඔබ මෙසේ කියයි. මේ ත්රිත්වයෙන් ලංකාවට වටින්නේ ගණනාථ ඔබේසේකර . අනෙක් දෙදෙනා ඉතිහාසයේ කුණු කූඩයට යාමට නියමිතය.” මෙය හාස්‍ය ජනක ප්‍රකාශයකි. ඔබ මෙහි සඳහන් කරන්නේ මොන ඉතිහාසයේ කුනුකූඩය ගැනද වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාණෙනි?  එය මොන කුණු කුනුකූඩයද යන්න ඔබ පැහැදිලිව සඳහන් කල යුතුය.  මන්ද, විවිධාකාර ඉතිහාසසයේ කුණු ගොඩවල් තිබිය හැකි නිසාවෙනි.

ජයතුංග මහතාණෙනි, ඉතිහාසකරණය (historiography) යනු ඉමහත් සංකීර්ණ කර්තව්‍යයකි. එය දේශපාලන කර්තව්‍යයකි. ඉතිහාස කරණයේ යෙදෙන පාර්ශ්වයට අනුව, ඉතිහාසයක ආඛ්‍යානය වෙනස් විය හැක. ඔවුන් දෙදෙනා වැටෙන්නට නියමිත වී තිබෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාව විසින් රචනා කෙරෙන ඉතිහාසයක ඉන්දියානු කුණු කූඩයටද, බටහිර කුණු කූඩයටද එහෙමත් නැතිනම් ඔබේ කුණු කූඩයටද? කරුණාකර මට අනුමාන කිරීමට ඉඩ දෙන්න. මේ ඔබ සඳහන් කරන්නේ ඔබේ කුණු කූඩය ගැන නේද රුවන් මංගල ජයතුංග මහතාණෙනි? කෙසේවුවත් ඔබට මෙන්ම අපටත් කුණුකුඩ තිබෙන බව අමතක නොකරනු මැනව.

මෙයින් කියවෙන්නේ ඔබේ කුණු කූඩය සහ මගේ කුණු කූඩය අතර අහසට පොලොව මෙන් වෙනසක් පවතින බවය. ප්‍රිය ජයතුංග මහතාණෙනි, කරුණාකර ඔබගේ කුණු කූඩයේ සිටින අන් අය කවරෙක්දැයි නැවත පරීක්ෂා කර බලන්න. ඇතැම්විට, වැරදීමකින් දුටුගැමුණු, දෙවෙනි රාජසිංහ, විමලධර්මසූරිය, අනගාරික ධර්මපාල, මුනිදාස කුමාරතුංග, කන්නන්ගර, අමරදේව වැනි අයත් එහි සිටීමට ඉඩ ඇත. එවැනි අය එහි සිට ඔබට හමු වුවහොත්, කරුණාකර ඔවුන් කහ වතුරෙන් සෝදා, ඔබගේ බුදු පහන ලඟින් තැන්පත් කොට, හැමදා සවසට මල් පහන් තියා වඳින්න. ඔබ එසේ කිරීමට අකමැතිනම්  අපගේ කුනුකූඩ අප දෙදෙනා අතර හුවමාරු කර ගැනීමට හෝ එකඟ වන ලෙස ඉල්ලා සිටිමි. එවිට මගේ කුණු කූඩයේ සිටින බොහෝ අය ඔබගේ බුදු පහන ලඟින් තැන්පත් කොට නිති පතා නැමදීමට ඔබට හැකි වනු ඇත.  

ප්‍රිය ජයතුංග මහතාණෙනි. මා ඔබ තරුණයෙක්ද, වියපත් අයෙක්ද කියා නොදනිමි. නමුත් ඔබගේ ලිපි වලට අනුව, ඔබ අවම තරමින් මැදි වයසේ පසු වෙතයි මා සිතමි. ඔබගේ අදහස් තුලින් මා ඔබ තුල නලියන ශ්‍රී ලාංකිකත්වය දකිමි. ඔබතුල සිටින ගැමි තාරුණ්‍යය වටහා ගනිමි. නමුත් ඔබගේ මතවාදී අදහසකට මගේ ඇති මතවාදී වෙනස නිසා ඔබව සම්පූර්ණයෙන් බැහැර කිරීමට මම මැළි වෙමි. මන්ද, ඔබගේ අර ඉහත කී ගැමි තාරුණ්‍යයේ ඇති කලහකාරී බුද්ධිමය කුතුහලයට මම ආදරය කරන නිසාය. අහෝ, අප රැක ගත යුත්තේ මොනවාද, බැහැරකළ යුතේ මොනවාද කියා ඔබ වැන්නන් නිවැරදිව දකින්නේ නම්, ඉමහත් තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකා මාතාවට විශාල හයියක් නොවේද?  ඒ පිළිබඳව නැවත සිතා බලන්න.

ඔබ ඉදිරියේ පවතින බව මවිසින් මීට පෙර සඳහන් කල අභියෝගය තවමත් වලංගු අභියෝගයකි. නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර මහතුනට එරෙහිව ඔබ එල්ල කල චෝදනා හා අපකීර්තියට ලක් කරන ප්‍රකාශ ඔප්පු කිරීම හා සාධාරණී කරණය කිරීම ඔබගේ සදාචාරාත්මක වගකීමකි. එම ලිපි ඔබ විසින් ඉදිරි දිනවලදී ලංකා වෙබ් ෆෝරමය තුල පල කරනු ඇතැයි අප අපේක්ෂා කරන අතර, එවන් කතිකාවතකට මුල පිරීම තුලින් සත්‍ය කුමක්ද යන්න හෙළි කර ගැනීමට අප සැමට ඉන් මහඟු අවස්තාවක් උදා වෙනු ඇත. ඔබට ස්තුතියි

9 Responses to “නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර – වෛද්‍ය රුවන් එම් ජයතුංගට පිළිතුරක්”

  1. Christie Says:

    It is unfortunate to bring out personal opinions about persons in to the open.

    The reason why we Sinhalese act so is though we are the majority we are the ones with a minority complex.

    We are the Dalits of Indian Colony Ceylon.

  2. Hiranthe Says:

    Studying and becoming an intellectual and rendering a service to the world are personal achievements.

    But in doing so, if someone is ignoring his or her duty towards the land which gave them life and free education and free water and free fresh air, they can not be true sons and daughters of the land.

    Contribution of Dr. NS and Dr. GA towards the liberation of Mother Lanka from the West sponsored killer LieTTE can not be undermined.

    They did their bit and proved that they are true sons of Mother Lanka already.

    I don’t know about Dr. Gananath Obesekara and how he has contributed to safeguard helpless Mother Lanka.

  3. Christie Says:

    https://www.oneindia.com/2009/04/29/shashitharoor-asks-sri-lanka-to-give-tamil-civilians-anhon.html

    Dear Geethanjana

    Read this about Shahi Tharoor and Indian High Caste Imperialist and a law maker, Congress Politician and ongoing court case about hiswhife’s death etc etc.

    These Indians are the real enemies of the Sinhalese.

  4. Christie Says:

    https://www.oneindia.com/2009/04/29/shashitharoor-asks-sri-lanka-to-give-tamil-civilians-anhon.html

  5. Christie Says:

    Dear Geethanjana

    Shashin Tharoor is an Indian Imperialist. They are the problem we have.

    He is a Cogress law maker and there is a ongggoing court case against him about his wife.

    https://www.oneindia.com/2009/04/29/shashitharoor-asks-sri-lanka-to-give-tamil-civilians-anhon.html

  6. samaraweera Says:

    Geethanjana, I am sure lots of readers will be grateful to you for writing this article. You have illustrated clearly that Prof Gananath and Prof N and Dr GA are poles apart with regard to patriotism. It looks as if Dr Ruwan is working on the western and separatist agenda to sling mud at patriots. Why is Dr R jealous of these two who had done so much to Sri Lanka.

    Prof G may be well known in the west, among the academics. In the same way Prof N and Dr GA are colourful figures in Sri Lanka. Samaraweera , Brisbane

  7. Dr.K Says:

    මානසික රෝගීන්ගේ සුවදුක් විචාරමින් ඔවුන්ට බෙහෙත් හේත් දෙමින් තම සේවය කැපකොට වැඩකරන දොස්තරවරුන්ටත් කාලයක් යනකොට මානසික ආබාද ඇතිවෙන බව මම අසා ඇත.

    තම උපන් රටේ අනන්‍ය තාව සහ උන්නතිය ගැන කතාකරමින් තම රටේම ජීවත්වෙන විද්වතුන් දෙදෙනෙක් තම උපන් රටෙන් බැහැර රටක සේවයකරණ විද්වතෙකු සමග සංසන්දනය කරමින් දොස්තර රුවන් මහතා කර ඇති සමච්චලය එම ගති ලක්සනය හුවා දැක්විමක්දයයි මට සිතේ.

  8. Ratanapala Says:

    Bravo, Geethanjana. You have done a great service for us, readers of this forum – exposing a truly vain individual trying in vain to sling mud at two great thinkers and patriots of our motherland while trying to elevate a true thuppahi Gananath Obeysekera – another vain individual who matters little to us, Sri Lankans! Let us hope that he will be able to defend his ‘honor’ in an honorable way by giving us the pleasure of a reply!

  9. Vaisrawana Says:

    Well done! Geethanjana. You have made an excellent contribution to this discussion.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress