අස්ඩක්ගේ උප්පැන්නය
Posted on December 14th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මම නාට්‍යයක් බලන්න ගියා.

දවල් ද?

ඔව්.

(තිරය විවර වෙයි)

v  මචං අර හුණුවටය කියන්නේ මහ පිස්සු කතාවක්

o   ඇයි උඹ එහෙම කියන්නේ?

v  නියම අම්මා හොයන්න පුළුවන් ද රවුම් ඇඳලා?

o   උඹ හිතන්නේ කොහොම කළා නම් හරි කියලා ද?

v  උප්පැන්නේ බැලුවා නම් හරිනේ.

o   උප්පැන්නේ හොර එකක් නම්?

v  ඒ ගැන වදවෙන්නේ මොකට ද? හරියට සීල් ගහලා අනුමත කරලා තියෙනවා නම් ඒක තමයි වලංගු.

o   හ්ම් …

(තිරය වැසෙයි) තිරය පිටුපසින් බුදු අම්මෝ!” කියා හඬක් ඇසෙයි.

ඒ මොකාද බං?

අර රවුම ඇඳපු එකා වෙන්නැති.

හ්ම් …

ජාතික ගීතය වාදනය වන්නට විය.

අපි සිංහයාට බයයි නංගියේ …!”

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress