කසාදෙදාම මගුල දෙදරයි.. අගමැති දිවුරුම් තැනම වාඩි කරවා ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..
Posted on December 16th, 2018

ජනාධිපති මාධ්‍ය ඒකකය

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔවුන් ඉදිරියේදී දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කලේය.

පාර්ලිමේන්තුවේ 225ම පක්‍ෂ වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති නොකරන බවට තමන් විසින් කරන ලද මුල් ප‍්‍රකාශයේ තව දුරටත් සිටින බවත් එය තම පුද්ගලික අදහස වුවත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කල බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

මහ බැංකු බැදුම්කර වංචාව ගැනද දැඩි දොස් පැවරීමක් ජනාධීපතිවරයා විසින් සිදු කලේ නව අගමැතිවරයා ඇතුළු එජාප නියෝජිතයන් ඉදිරියේදීමය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ අදහස් පල කිරීම මෙසේය.

2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය, එම අභියෝගාත්මක මැතිවරණ ව්‍යාපාරය තුළ ලැබු විශිෂ්ට ජනතා ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ ඔවුන්ගේ අරමුණු හා ප්‍රාර්ථනාවන් සහ සිතුම් පැතුම් රාශියක් තිබුණා.

වසර හතරකට ආසන්න කාලයක් ඉක්ම යමින් තිබෙන මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන්ම පසුගිය කාලය තුළ අපි රජයක් විදියට ලබාගත් ජයග්‍රහණ හා කරපු ඉතිහාසයට එක්වන හොද වැඩ කොටස් රාශියක් තිබෙනවා වගේම ඉතාමත් අවැඩදායක වූ, අසුභ වූත් අවිචාර වූත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. මෙතනදී මූලික වශයෙන්ම ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම පිළිබදව අපි සතුටුවෙනවා වගේම රටේ ජනතාව සමග අපිට එකතු වෙන්න වෙනවා අපි බලාපොරොත්තු වූ තැනට රට අපට ගෙනියන්න නොලැබීම පිලිබඳව. ඒ තත්ත්වය ඉදිරියට මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි ද කියලා.

2015 ජයග්‍රහණයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තෝරන අවස්ථාවේ ඉදලම මම ඔබට ප්‍රකාශ කර ඇති පරිදි අපේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥාවන් කඩවුණා. විද්‍යාත්මක පදනමෙන් අමාත්‍යාංශ වෙන්කළයුතුයි කියලා මැතිවරණ ප්‍රකාශයේ තිබුණා. විශේෂඥ කණ්ඩායමක් පත්කරලා ඒ කටයුතු කරගෙන ගිහින් තිබුණා. නමුත් මම දන්න විදියට ඒ ලිපි ගොනුවවත් බැලුව ද කියලා මම දන්නේ නැහැ.

එදා මෙදා කාලය තුළ සිදුවූ සිදුවීම්වදී ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු නොවූ ඉතාමත් අයහපත් තත්ත්වයන් රාශියකුත් ගොඩනැගුණා. යහපත් දේවල් ගත්තහම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, 19 වන සංශෝධනය මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළ ඇති වූ ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් විදියට විතරයි. අනිත් පැත්ත මම අද දකින්නේ විශාල දේශපාලන ආරවුලක් විදියටයි. ඒ වගේම 19 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේදී වගේම රටේ අනිත් තනතුරුවලට පත් කිරීමේ දී ව්‍යවස්ථාසභාව කෙතෙක් දුරට අපක්ෂපාතී වුණා ද, සාධාරණ වුණා ද කියන කාරණය මටනම් ප්‍රශ්නයක්. අද අගවිනිසුරුගේ ඉදලා, නීතිපති, පොලිස්පති ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප්‍රධාන දේ තමයි ව්‍යවස්දායකසභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරිමේ දී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ඉදිරිපත් කළහම ඒවා ප්‍රතික්ෂේප වුණා.

අධිකරණ ක්ෂ්ත්‍රයේ විනිශ්චයකාවරු පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා මේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට මම පත්වීම් ලබා දේන්නේ නැහැ කියලා. මම පැහැදිළිව කියන්න ඕන ඒ චෝදනාවට ලක්වී තිබෙන සෑම නමක්ම මම ව්‍යවස්ථා සභාවට යවලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තුළ අධිකරණයේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.

අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තහම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව, එතකොට දූෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තහම තමන්ගේ ඡන්දයෙන් මාස තුනක් යන්න කළින් ඇති වූ මහ බැංකු මහා මංකොල්ලය, 2015 වසරේ අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දූෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පුර්ණයෙන් දූෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.

මම අද උදේත් දුරකථනයෙන් මහබැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිසම් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිළිව කියනවා.

මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැක. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. වාර්තාවේ තිබෙනවා.

එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප්‍රශ්නයේ දී පැහැදිළිව ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා,අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. ඒක මගේ පත්වීමක්. ඒ නිසා මටත් චෝදනාවක් ආවා එහි වගකීම මමත් භාරගත යුතුයි කියලා. එසේ වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇතිවුණා. විශාල උණුසුමක් වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා.

මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වෙනිදා. ඊට දවස් හතරකට කළින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඩුවම් පැමිණිම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දුෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. මම මේ ගැන අවස්ථා කිහියක් තළතා අතුකෝරළ ඇමතිණියට කිව්වා එතුමිය අධිකරණ ඇමතිණි නිසා. කිරිඅල්ල ඇමිතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප්‍රශ්නය අදත් බරපතළයි.

ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ සී.සී.එම් එක. ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇතිවුණා. ඇත්තටම කියනවනම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැළකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතළත් අගමැතිතුමා අරගෙන ක්‍රියාකළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නැති බලතළ රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියාත්මක කළා. මම ඒත් නිහඩව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට. සිංගප්පුරු ගිවිසුම පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සදහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව. මම ඒක දීර්ඝව පැහැදිළි කරන්නේ නැහැ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ඡේදයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන, වෙලෙද, වරාය, කර්මාන්ත, මුදල් ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ ගිවිසුම අත්සන් කිරීමට ඒ නිර්දේශ ගතයුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කර තිබෙන බරපතළ වැරුද්දක් ලෙස මෙම වාර්තාවේ පෙන්වා දෙනවා. ඒ නිසා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත්වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක. ඊට සංශෝධන කළයුතු වෙනවා. ඒ සංශෝධනවලදී මම දන්නේ නැහැ තවත් විශේෂඥයෝ යොදවලා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනව ද, සංශෝධන සහිතව කළහැකි ද කියන එක නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව කළයුතු කාර්යයන් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ තත්ත්වයන් වලදී ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන මම මේ කියපු කරනු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපි මේ අත්දැකිම් සමග ඉදිරියට වැඩකරන ක්‍රමය කොහොමද නිරවුල් කරගන්නේ කියන කාරණාව. මේ පිළිබද ඇතිවූ මතභේදවල දී ව්‍යවස්ථාදායකය සහ විධායකය මේ ගනුදෙනුව බේරගත්තනම් අපිට සති 07 ක කාලයක් යන්නේ නැහැ මේ ප්‍රශ්නය විසදගන්න.

ඒ මොකද මම සතුටු වෙනවා, මම ඔබතුමන්ලාට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, ගරු කථානායකතුමාට, මම ස්තූතිවන්ත වෙනවා මෙම ගැටලුව නිරවුල් කර ගැනීමට කැදවූ සෑම සාකච්ඡාවකදීම තමුන්නාන්සේලා සහභාගී වුණා. මේ කාර්යාලයට ආවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ ඒ හැම කෙනෙක්ම ආවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකයෝ ඒ සියලුදෙනා ඉතා විශිෂ්ට සහයෝගයක් දැක්වුවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන සුහදකාමී වාතාවරණයක ඉතාමත් වැදගත් ලක්ෂණයක් විදියට මම සළකන්නේ. වේදිකාවල මහපාරේ මොනව කියාගත්තත් මනුෂ්‍යකමක් ඇතිවුණා එකට වාඩිවෙලා ඒ ප්‍රශ්න විසදා ගැනීමේ. නමුත් අපි අසමත් වුණා විධායකය සහ ව්‍යවස්ථාදයකය අතර ඒ ප්‍රශ්නය බේරගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණයේදී දුන්න තීන්දුවේ දී මහජනතාව මොනවද කියන්නේ, නීති විශාරදයින් මේ ගැන මොනවද කියන්නේ, මම කියන්න ඕන මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග්‍රහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති පත් කිරීම, ඉවත් කිරීම මේවා පිළිබඳව මම පිළිබඳව කරන විවේචනවල දී ඉතාම ළදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධවූණා ජනාධිපති නිතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නිති විශාරදයින්. ඒ අය සාකච්ඡා කරලා තමයි ඔය ගැසට් නිවේදන සියල්ල සකස් කළේ.

එහෙම නැතිව ළදරුවෝ කරපු වැඩක් නොවේ, මෙහිදී හොදම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාගවන අවස්ථාවේ මාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ අය මේ රටේ ඉහළම පෙළේ නීති විශාරදයින්. මම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී ඔය කියන විදියට ළදරු වැඩක් කරලා තිබුණනම්, බාල වැඩක් කරලා තිබුණානම් මගේ පැත්තෙන් පෙනී සිටි එම නීති විශාරදයින් ඊට ඉදිරිපත් වන්නේ නැහැ.

විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇතිවුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇතිවුණා මම දන්නවා. ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා.

අධිකරණ තීන්දුව තුළ ජනතාව කියන්නේ ප්‍රශ්නය විසදන්න හොදම මග මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න අපට අවස්ථාව තිබුණා. ඒක නැතුවි ගියා අධිකරණ තීන්දුවෙන්. ජනතාවගේ ඡන්ද බලය නැතිවුණා අධිකරණ තින්දුවෙන් කියලා ජනතාව කියන්නේ, මම නෙවේ කියන්නේ, මම මේ සියලුදෙනාගෙන් අදහස් විමසනවා, ආගමික පූජකවරු, විද්වතුන් අහනවා. එතකොට බහුතර මතය අදත් අධිකරණ තීන්දුව කිසේ වෙතත් ඡන්දයක් දුන්නනම් හොදයි කියන එක තමයි ජනතාවගේ මතය. මන්ත්‍රීවරු 122 ක් අත්සන් කරලා අධිකරණයට දුන්නේ ඡන්දයක් එපා කියන ඉල්ලීමයි. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම මම මේ කරුණු පිළිබඳව කතා කළේ අපි මේ පසුබිම් සමග අතීතයේ අත්දැකීම් සමග අනාගතය කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නය තුළයි.

ඒ සමගම මම තමුන්නාන්සේලාට තව දෙයක් කියන්න ඕන. පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මේ දූෂණය වංචාව නැති කිරීමේ දී කාරණාවලදී මම කිව්වා මම හැමදාම කියන දෙයක් තියෙනවා විවිධ සමාජ බලවේගයන් රටේ තිබෙනවා, ආගමික බලවේග භාෂාව පිලිබඳ බලවේග, ඒ සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සංස්කෘතින් මේ පිළිබඳව අපේ රටේ තිබෙන බලවේග ඉතා ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරළන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග. මම බොහොම පැහැදිලිව පහුගිය කාලවලදී කිව්වා භික්ෂුන් වහන්සේලාට නඩු පැවරීමේදී මේ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්නයේ දී පෙරහැරවල්වලට අලි නැහැ කියලා අලි ඉන්න දේවාල විහාර විතරක් නෙවේ, ඒක පුළුල් සමාජබෞද්ධාගමික, සංස්කෘතික විරෝධයක් දැඩි ලෙස ආවා. එතකොට මම බොහොම පැහැදිළිව කිව්වා මේ අලි ඇතුන් නිදහස් කරමු. මේකේ නිත්‍යානුකූල තත්ත්වය බලමු. එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඬේ කරන්න එපා. මේ අලි ප්‍රශ්නයට කියලා. ඒ තුළ මුළු භික්ෂු සමාජය අපට නැතිව ගියා.

ඒ වගේම තමයි මම පැහැදිළිව කියන්න ඕන. ත්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණය ලබාදීලා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණිවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ.

අද ජාත්‍යන්තරය කියන විදියට අපේ හමුදාවන්ට දඩුවම් කරන්න ඕන, හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඩුවම් නැහැ, ඒ මිනිස්සු ලෝකයේ රටවල්වල ඉන්නවා. එල්.ටී.ටී.ඊ එකේ ප්‍රබලයෝ, විදේශ රටවල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය අපිට තමවි ඇගිල්ල දික් කරන්නේ ඔක්කේම කරන්නේ, හමුදාවට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ. එතකොට අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක රටේ ජනාධිපතිවරයාගේ සිට සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා. එතකොට අද ජීවතුන් අතර ලෝකයේ රටවල්වල සැගවිලා ඉන්න මිනිස්සු ලංකාණ්ඩුවට සැගවිලා ඉන්න අය මේ රටට ගෙනල්ලා දඩුවම් දීමේ වැඩපිළිවෙළක් කොහෙද තියෙන්නේ, ජාත්‍යන්තරයෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ, අපේ රටෙ ඇතුළෙන් කතා කරන්නෙත් නැහැ. හමුදාවට දඩුවම් දෙනවනම් ඒ අයටත් දඩුවම් දෙන්න ඕන. එහෙම නැත්නම් දෙගොල්ලන්ටම දඩුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕන. මෙහිදී ඉතා පැහැදිලිව මම දරණ මතය තමයි එහෙම නැත්නම් ඔක්කොටම නඩු දාන්න ඕන, එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා හමුදාවල් නිදහස් කරගන්න ඕන. දැන් ද්‍රවිඩ සිරකාරයෝ නිදහස් කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපි සාකච්චා කිහිපයක් පැවැත්වුවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරනවනම් අපේ හමුදාවන්වලට විරුද්ධව දැන් පහුගිය අවුරුදු ගානේ නොයෙකුත් නඩුවලින් සියලුදෙනා නිදහස් කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය.

මේ ප්‍රශ්නයත් එක්ක අතිවූ කරුණු කාරණාවලදී තමුන්නාන්සේලාගේ කතිකයෝ කිව්වා මාව ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරන්නේ කියලා, ඒ වගේම ඇතැම් මන්ත්‍රිවරු කිව්වා, මහගහ සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා, කුඩු කරලා මාවයි, දරුවොයි මරලා දානවා කිව්වා. තමුන්නාන්සේලා එක්ක ප්‍රවෘත්ති සාකච්ඡා තියපු එන්ජීඕ කාරයෝ එහෙම කිව්වා. ඇයි එහෙම කියන්නේ, මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. දැඩි පාලකයෙක් විදියට සමාජය කතාකරන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රටේ ප්‍රශ්න ගණනාවක් වුණා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට විරුද්ධව කතා කරලා මම හිරේ ගිය කෙනෙක්.

ජේ.ආර්. ජයවර්ධනට එහෙම කිව්වේ නැහැ. ප්‍රේමදාස මහත්තයට කිව්වේ නැහැ. චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව රටේ කොච්චර දේවල් සිද්ධ වුණාද, කවුරුත් එහෙම කිව්වේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට කවුරුත් කිව්වේ නැහැ ගඩාෆි වගේ ඇදගෙන යනවා කියලා. මට එහෙම කිව්වේ එහෙම කළානම් මම නිශ්ශබ්දව බලාගෙන ඉන්න මිනිහෙක් නිසා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉදලා හිටපු නායකයන්ට එහෙම කිව්වනම් ඒ කිසිවෙක් ඉතිරිවෙන්නේ නැහැ. හැබැයි දන්නවා මම වගේ මිනිහෙක් ගේ ගිනි තියන්නත් පුළුවන්. ගඩාෆි වගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා.

ඒක මගේ ප්‍රතිපත්තිය සහ දර්ශනය තුළ රටේ යහපත් සමාජයක මිනිස්සු හොද පැත්තට යනවා වගේම අපරාධකාරයෝ, පාතලයෝ, මිලේච්ඡ පිරිස ඒ ප්‍රකාශ කළේ ඒ නිසා. මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන මම දැක්කේ නැහැ තමුන්නාන්සේලා කිසි තැනක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒක ඔප්පුවෙලා නෙවේ, නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණු නිසා ඒ ප්‍රශ්නවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරණයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය අධිකරණයේ විභාගවන වෙලාවේ පහුගිය නඩු දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් නැහැ.

මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ඉතාමත් සද් භාවයෙන් මම මේක කළේ. ඉතාමත් යහපත් චේතනාවෙන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුතුයි කියන අපවිත්‍ර චේතනාවකින් කරලා නැහැ. රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවුණා. ඒක විසදාගැනීමට හොදම ක්‍රමය ඡන්දයකට යාමයි. පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ මන්ත්‍රිවරු 122 යි. මේ රටේ ලක්ෂ 155 ක ඡන්ද දායකයින් ඉන්නවා. මේ ලක්ෂ 155 ක් ඡන්ද දායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122 කට වැඩිය මේ ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍ය තීරණාත්මක සාධකය සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතනට ගියේ. බොහොම පැහැදිළි පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල්වලට මට දඩුවම් දෙනවානම්, මඩ දඩුවම් දෙනවනම් දෝෂාභියෝග ගෙනවනම් ඒක වෙනම කාරණයක්.

නමුත් සත්‍යය ගලේ කෙටුව අකුරක් ලෙස ඉතිහාසයේ ලියවෙයි. උසාවිය මෙහෙම තීන්දු දුන්නට මගේ චේතනාව කුමක්ද, ලක්ෂ 155 කට ජනවරම දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය එපා කියපු 122 ට වඩා ශක්තිමත් කියා මම දන්නා නිසා.

ඒ නිසා මට ඕනම දඩුවක් දුන්නට ගැටලුවක් නැහැ මම මගේ දේශපාලන ජීවිතය තුළ මම පස් හය සැරයක් මැරණ මිනිහෙක්. මාව ඉස්සෙල්ලා මැරුවේ 71. මාව ජේවිපියට කිසිම සම්බන්ධයක් නැතුව මගේ පාසලේ විදුහල්පතිවරයා මගේ නම දීලා මාව චේගුවේරාකාරයා කියලා මට ගහලා මාව ගෙනිහිල්ලා මඩකලපුවේ හිර ගෙදර හිටියා. ඒ පළවෙනි දෙවියන් වහන්සේ මාව බේරා ගත්ත තැන.

ධම්මෝ හවො රක්ඛති ධම්ම චාරි” මම ධාර්මික ජීවිතයක් පෙර මම ආත්මීය වශයෙන් ධාර්මික ජීවිතයක් පෙර ආත්ම වලත් ගත කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමා මගේ ජීවිතය බේරිලා තියෙන්නේ කියලා. එල්ටීටී එකෙන් මට පස් සැරයක් ගැහුවා.

ධම්මෝ හවො රක්ඛති ධම්ම චාරි” කිවේ එකයි. මගේ මේ රෝම කූපයකට වත් දැනුනේ නැහැ. ඒ එක ප්‍රහාරයක්වත් මට ගහන්න එල්ටීටි කාරයෝ වරින් වර අවස්ථා පහේ දීම පොළොන්නරුවේ ඔවුන්ම සයනයිට් කාලා මරුණා. . ඔබට මතක ඇති ඒ මරන්න ආපු එක මිනිසෙක් හිර භාරයේ ඉන්නකොට මම සිරභාරයෙන් ඔහුව නිදහස් කෙරුවා. අවසාන ප්‍රහාරය මට බොරගැස්ගමුවේ දී. බොරලැස්ගමුවේ ප්‍රහාරයේ දී අහිංසක මිනිස්සු හතර පස් දෙනෙක් මැරුණා. මගේ ඇගේ රෝම කූපයකටවත් දැනුනේ නැහැ.

අගමැතිතුමාටත්, ඔබතුමාලාටත් මතක ඇති රාජගිරියේ ඇන්.එම් පෙරේරා ප්‍රතිමාව හන්දියේ දී අපිට ගහපු හැටි අපි හදිසි නීතියට ඡන්දේ දීලා එනකොට එල්ටීටී ඇවිත් පැනලා. මාව එතැනට කොටු වුණා. මගේ නෝනායි, දරුවෝයි ආපු වාහනය එතැන ගෙදරක තිබිලා එල්ටීටීකාරයෝ ඒ ආණ්ඩුවේ වාහනයක් අරගෙන පැනලා ගියේ. ඊට පහුවදා මල්වාන පැත්තේ දාලා ගිහින් තිබිලා අහුවුණා. එවැනි අවස්ථා ගණනාවක් තියෙනවා.

එක නිසා මම මේ සියල්ල ගත්තහම 1971 ඉඳලාම එතකොට මගේ වයස අවුරුදු 19 යි. දැන් මගේ වයස 67 ඉවරයි. අවුරුදු 19 ඉඳලාම මම බෝනස් ඉන්නේ. දෙවියන් වහන්සේ මාව අවස්ථා පහක දී බේරලා තියෙන්නේ.
ඒ නිසා මාව ගඩාෆි වගේ ඇදගෙන යන අයට ඇදලා ගෙනිහිල්ලා මරන්න පුළුවන්. ඒක ගැන මගේ කිසිම විරැද්ධත්වයක් නැහැ. ඒ අයට හමුදාව දාලා, එස්ටිඑෆ් දාලා වෙඩි තියන්නේ නැහැ. එහෙම ඕනැ වෙලාවක ඇවිත් වට කරපුවාහම මම නිශ්ශබ්දව ඉන්නවා. එනවයි කියලා දැන ගත්තහම ගෙට්ටුව අරිනවා. ඔය ඉන්න ආරක්ෂක හමුදා, එස්ටීඑෆ් එකටයි සියලු දෙනාට යන්න කියලා කියනවා. ඒ අයට ඇවිල්ලා ගෙදරයි මාවයි ගිනි තියලා මරලා දාලා යන්න කියලා සියලු දෙනාට කියනවා ඔය එන්ජීයෝ කාරයින්ටයි, තමුන්නාන්සේලාගේ ඔය කියපු මන්ත්‍රීවරුන්ටයි මම බොහොම පැහැදිලිව කියනවා.
ඒක නිසා මේ සියලු දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕනැ මේ අත්දැකිම් එක්ක අපි මොන විදියට දැන් ඉදිරිය පිළිබඳ කරුණු කාරණා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේවා එක්ක මේ විදියටම ද මේ ආණ්ඩුව යන්නේ. ඔබතුමලාගේ මේ මන්ත්‍රීවරුන් මට දුරකතනයෙන් කතා කරලා කියනවා, සමහර අය මට ඊයේ පෙරේදා හමුවෙලා කිව්වා අපි දැන් එකතු වෙලා අපි මෙහෙම ගමනක් යමු කියලා. මේ දේවල් එක්ක මේ ගමන යාම පිළිබඳව මම දකින්නේ නැහැ මොකක්ද සහතිකය කියලා. ඒ නිසාගැටුම් හදාගන්න මට උවමනාවක් නැහැ. මේ ගැටුම හැදෙන්න හැදෙන්න රට වැටෙනවා. මේ දූෂිත තත්ත්වයන් ඉතාමත්ම ප්‍රබලයි. පාර්ලිමේන්තුවේ ඉතාමත් දූෂිත දේශපාලනඥයින් පිරිසක් ඉන්නවා. අපේ කැබ්නට් මණ්ඩලය ගත් විට දූෂිත පිරිසක් ඉන්නවා.අපි බලාපොරොත්තු වෙච්ච රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දුෂණය කරලා තියෙනවා. මේකට වැරදිකාරයා මම නොවෙයි කියන එක මම පැහැදිලිව කියනවා. මම ඒ පරිත්‍යාගය කරලා, මගේ සියලු කැපවීම් කරලා තියෙනවා. ඒ සියලු දේවල් විනාශ කළා. ඒ සියලු දේ විනාශ වුණා.

මේ රටේ මට ඡන්දය පාවිච්චි කරපු අති බහුතරයක් නියෝජනය වන ඒ ගෞරවනීය එක්සත් ජාතික පක්ෂිකයෝ ඒ අය දන්නේ නැහැ මේ විදියට මේ විදියට කුණු වෙලා තියෙන, මේ දේශපාලන ඔද්දල් වෙච්ච, ඡාරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන ක්‍රමයේ අභ්‍යන්තර තත්ත්වය ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නවානම් මම හිතන්නේ නැහැ ඔය විදියට කෑගහන්න, පෙළපාලි යන්න, වට කරන්න ඕවාට එකතු වෙයි කියලා.

ඒ නිසා මේ රට ගත් විට අපි කියනවා වාසනාවන්ත රටක් කියලා ඇත්තටම වාසනාවන්ත රටක් තමයි හැබැයි මේ රට ගොඩ ගන්න, හෙට දවස වෙනුවෙන් මේ රටේ දුෂණයෙන් තොර දේශපාලනඥයෝ කී දෙනෙක් ඉන්නවා ද ? දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය පිරිසක් කවුද? අන්න ඒ අයගේ එකාරාශී විමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තුළ හොඳ රටක් හදන්න, හොඳ සංවර්ධනයක් ගෙනයන්න. දුෂණයෙන් තොර පාලනයක් ගෙනයන්න අපි කතා කරන සම්පුර්ණයෙන් අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න. මේ විදියට රටට ආදරය කරන, රට ගැන හිතන, රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවයන් එක්ක සමාජ හර පද්ධතීන්වලට ගරු කරන ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා මම ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. මේක එක් කෙනෙකුට දෙන්නෙකුට කරන්න බැහැ. මේක හොඳ පිරිසක් ඕනැ. ජනතාවට ඒ නායකත්වය දෙන්න හොඳ පිරිසක් අවශ්‍යයයි.

ඒක නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා දැන් අදින් පස්සේ අහයි. මට සමාජ ජාලා වල ගහයි නොයෙක් දේවල් කියයි නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තිබෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ, 225 ම අත්සන් කලත් මම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා එතැන දී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117 ක් අත්සන් කරලා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මේන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නීතියේ නැහැ. ඒක බොහෙම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට.

නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ 117 ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්වූ විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්න කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පෞද්ගලික මතය දේශපාලන මතය 225 ම අත්සන් කලාත් දෙන්නේ නැහැ කියලා, ඒක එහෙමම තමා අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා, මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියට මම දකින්නේ.

 

10 Responses to “කසාදෙදාම මගුල දෙදරයි.. අගමැති දිවුරුම් තැනම වාඩි කරවා ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..”

  1. Charles Says:

    UNP will never learn lessons. I saw a UNP senior member in Janahanda stating that they going to present a motion against the President. They should try to do some positive work with keeping their mouths shut.

  2. Randeniyage Says:

    I wonder, whether not only Ranil but also Sirisena learnt lessons on following the constitution properly. I read Sirisena wants to keep “Police” ministry ( PM and President like to have this ministry to control how AG behave , so that he can rescue offenders of their choice) .

    It is “entirely” up to the president to determine the composition of the cabinet 43(1). However he cannot determine which ministry goes to which person ( that has to be done on the “advice” of the PM 43(2)).
    Nevertheless, after the cabinet is formed president is able to do changes to it ( constitution does not specifically say he need the advice of the PM to do so 43.(3)), but I believe 43(2) is still applicable when such changes are done.

    Will these two fight again at the cost to people and the country? It is not from their pocket but form poor mothers who suffer in Arab hell holes. AG position shall be completely apolitical to stop this nonsense. All offenders shall be punished. AG (under Rail’s power) saved Ranil at the commission and AG under Sirisena argued like a student of law.

  3. ranjit Says:

    Bravo bravo Mr President we need you to be like this. Work as a president not as an MP in the parliament. From now on itself you take the stick to your own hand without any fear and guide these UNP TNA JVP stray bulls in the correct path. They should think of our motherland first than serving the western hypocrites and the Indian parasites. He should now banned and deport all the foreign NGO’s who threaten our sovereignty and peace. We should keep close watch on these unpatriotic NGO groups working inside the country as Gota did during war times. We have to be strong like in Egypt, Venezuela Israel and other countries and act accordingly. We shouldn’t be afraid of super powers and sell our country’s wealth and other things. We are a sovereign country and have our own rules and regulations so we shouldn’t be afraid of anyone. President will get the full backing of the people who truly loves this country for sure. We beg you do not allow the wretched treacherous UNP TNA JVP to dance as they pleased. Don’t sign for any unpatriotic decisions taken by these three Stooges of the west. Be brave. Be straight forward and be truthful to the people and the country.

  4. dhane Says:

    In presence of Ranil’s wife President gave a very good lecture to all UNP. Shame on all UNP including Mr & Mrs Ranil Wickramasinghe. If they have some respect left or guts to face the voters get 2/3 consent in Parliament and agree to dissolve give the opportunity to people of Sri Lanka to elect new members to represent in parliament. Hope these respectable MPs will consider this point.

  5. Ananda-USA Says:

    Ranil Baba of 40-Thieves INFAMY promises to “Restart Development”!

    Pray tell us: With what money?

    OBVIOUSLY, MORE LOANS BORROWED from Western Banks NO DOUBT, which will soon END UP in the UNP’s OWN COFFERS to FUND & PREPARE SAFE HAVENS ABROAD for the 40-Thieves in ANTICIPATION of their RE-OUSTING in the NEAR FUTURE, and will leave Sri Lanka STUCK NECK DEEP in DEBT!

    For the CROOKED leaders of the UNP, it is ESSENTIAL to have SAFE HAVEN in the Foreign Countries they SERVED in the Yamapalana YEARS; their COLLECTIVE NECKS DEPEND on it when the TIDE TURNS AGAINST THEM …. AS IT INEVITABLY WILL … in the NEAR FUTURE.

    So, OODLES of MONEY have to be STOLEN from so-called DEVELOPMENT FUNDS they plan to BORROW!

    It is RUMORED that the former Finance Minister of “Mama Danney Naha” fame, who when questioned by the FCID DISAVOWED knowledge of his own wife and daughters, and how he came to be living in a luxury apartment GIFTED by the CENTRAL BANK BOND SCAMMERs, is AGAIN going to be appointed FINANCE MINISTER in charge of the National TREASURY! God HELP Sri Lanka, there is NO END to this OUTRIGHT THEFT permitted by the SHORT TERM MEMORY of the PUBLIC!

    Think it will not happen?

    THINK AGAIN & CONSIDER THIS:

    Every time Ranil Baba has been APPOINTED PM, MASSIVE SCAMS have been PERPETRATED. Rs 11 Billion within 3 months of his FIRST APPOINTMENT in Jan 2015; Rs 30 Billion within 3 months of his SECOND APPOINTMENT as PM in Aug. 2015, and if HISTORY REPEATS, how many Billions of Rs will be stolen after his THIRD APPOINTMENT as PM in Dec, 2018!

    In the Peoples Republic of China, Top Executives are EXECUTED for MASSIVE THEFTS such as these.

    How will Sri Lanka HOLD THESE CROOKS ACCOUNTABLE?? By allowing them to FLEE the country into SAFE RETIREMENTS ABROAD??

  6. Charles Says:

    They will get by with big talk, threat to take their imagined thieves of the opposition to prison, generally fooling the people, distribuiting santhosam to their Bath Gottas, distributing money through Gamperaliya and bogus development projects.

  7. Nihal Perera Says:

    Though I haven’t been a fan of President Sirisena, I must say I was impressed of his speech he made in front of Ranil and his 40 thieves.

    This was the first time I heard a Sri Lankan leader/politician openly admits the failure of a government that he was a part of. I am not sure if Sirisena is desperately trying to wash his hands off the miserably failed Yahapalanaya, or genuinely concerned about the country and its future…? I have a hard time believing any politician in SL anymore.

    Whatever it was, I am glad Sirisena blasted Ranil and his thieves for the misery they have caused for the last three years. Unfortunately, I don’t see any good coming out of this circus, other than they robbed (with the help of judiciary..) the democratic rights of the people to have a election, and choose a leader of their choice.

    It’s the same old bullshit again, as we are back to square one with the same old political parasites. Unfortunately, the Sri Lankan voters are the biggest losers in this reality show orchestrated by a bunch of power-hungry, egoistical, and self-serving, political leaders, assisted by their blood-sucking bunch of greedy lawyers.

  8. Geeth Says:

    @ Nihal Perera.
    Yes, this is the most thrilling thing we have ever seen. But we are not in square one though. We are in a completely a different game now. The reason is that this has exposed a couple of things. First, this is the end of Ranil’s political carrier, completely, with no return, as the biggest traitor we have ever seen since Don Juan of Kotte kingdom. That is the greatest outcome of this entire thing. The other thing is that the system devises that Ranil created for the big event, that is the division of the country, especially the true intentions of the legal organs he created to handle his separatist agenda has been exposed to the nation prematurely; before the big event!

    He wanted to keep it secret until he brings the new constitution to divide the country, but this so called ‘independent’ judiciary exposed its true colors before the anticipated big event. The crude hand grenade that Ranil was busily wrapping to kill mother Lanka has been exploded while it was still in his hand- still wrapping it. Didn’t you see it in his face? He was like a pathetic son of a …! Sirisena had guts to lambast the entire Colombian class reducing it into its atomic dust, not to its back but into its damn face.

    Man…this is thrilling! This is thrilling!! This is awesome!!!

    Now people would go to Temple trees and encircle it from Galle road and Duplication side, like UNPers did, and stay there forcing Ranil to bring the next constitutional change to abolish the 19th amendment.

    In a way, the new situation is better than before. Because it has exposed the criminal nature of the entire separatist agenda and criminality of the front running charlatans of the criminal agenda of separatism. And above all, it has exposed the biggest criminal Ranil!

  9. Geeth Says:

    By the way, president missed one more thing to tell the Ranil and the clansmen, or the forty thieves.

    I wish if he had mentioned that in 2015 presidential election, people never voted for him to divide the country, or to rob the country. In the pres. election, people voted for Mithreepala Sirisena, but not for Ranil Wickramasinghe. Therefore, don’t forget, I am the president.

  10. samaraweera Says:

    Excellent speech by the President. No other President in the past had the guts to say things like that . See the faces of the newly appointed Ministers, Ranil and his wife . Coming from a rural background the President told a Colombo 7 elite, Ranil, where to go.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress