රටේ දූෂිතම ආයතනය විදේශ අමාත්‍යාංශයයි..! හිටපු නීතිපතිවරයෙකුද වන විදේශ ඇමතිගේ අවධානය පිණිසයි..!
Posted on December 25th, 2018

විදේශ සේවයේ පොඩ්ඩන් පිරිසක් උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස් 

(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.25, ප.ව.10.45) ලංකාවේ ඇති රාජ් ආයතන අතුරින් පාරදෘශ් භාවයකින් තොර, රජයේ නීතිරීති තුට්ටුවකට මායිම් නොකරන, හොරුන් රකින, රටට යහපත් සේවයක් නොකරන හා කිසිදු මූල් විනයක් නැතිව ක්රියාත්මක වන එකම රාජ් ආයතනය වන්නේ විදේශ කටයුතු අමාත්යංශයයි. මෙය සැහැසි ප්රකාශයකැයි කිසිවෙකු කියන්නේ නම් අපට බව තහවුරු කළ හැකි සාක්ෂි තිබේ

මෙම වසරේදී රාජ්‍ය ආයතන පිළිබඳ සමාලෝචනයක් කරමින් විගණකාධිපතිවරයා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙළේය. ඔහු කියා සිටියේ තානාපති කාර්යාලවලට වෙන් කෙරන මුදලින් රටට යහපතක් සිදු නොවන  අතර එම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි වාර්තා නැති බවයි. මෙය සම්පූර්ණ සත්‍යයකි. එක් පැත්තකින් තානාපති පරිචය ගැන මෙලෝ හසරක් නොදන්නා දේශපාලන පත්වීම් ලත් තානාපති මෝල්ලු  පිරිසක් තනාපති කාර්යාලවල සැප විඳින අතර තානාපති සේවය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා නමුත් මුට්ටිය ඇල්ලීම හෝ රෙද්ද ඉස්සීමට සමත් නිලධාරි පිරිසක් ද රටේ මුදල් වියදම් කරමින් තානාපති කාර්යාලවලට වී කාලය මරති. තමා ලඟ කළු පොතක් අැතැයි කියමින් 2015 දී පිහිටුවන ලද රජයේ විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර මහතා ද විදේශ අමාත්‍යංශය නිසි මගට ගන්නට උත්සාහ ගත්තේ නැත. උත්සාහ කෙළේ නම් වනචර දශකයේ නොනිල විදේශ ඇමැති වූ සජින් වාස් ගුණවර්ධන තවමත් නිරුපද්‍රිතව විසීමට අවකාශයක් තිබිය නොහැකිය.

වර්තමානයේ සිදුව ඇති එකම යහපත් ක්‍රියාව නම් විදේශ සේවයේ අත්දැකීම් ඇති සක්‍රිය විදේශ සේවා නිලධාරියෙක් ලේකම් පදවියට පත්වීම පමණි. එහෙත් ඔහුද පෙර පාරේ ගමන් කරන්නේ නම් එම පත්වීමද වැඩක් නැති එකක් වනවාට කිසිදු සැකයක් නැත. එහෙයින් විදේශ අමාත්‍යංශයේ පරිපාලනයට සම්බන්ධ පත්වීම් හා ස්ථාන මාරුවීම් මෙන්ම විදේශ සේවයට අයත් විවිධ චෝදනාවලට වැරදිකරුවන් වූ නිලධාරීන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ යුතුය යන්න හිටපු නීතිපතිවරයෙකුද වන නව විදේශ ඇමතිවරයාගේ අවධානයට යොමු කරමු.

රෙද්ද උස්සා පත්වීම් ගැනීම

විදේශ අමාත්‍යංශයේ පත්වීම් සම්බන්ධයෙන් අතීතයේ පටන් විවිධ චෝදනා රාශියක් වෙත්. දේශපාලකයින්ට පශ්චාත්භාගය පුදා තනතුරු වරදාන ලබාගන්නට පිරිසක් සැදී පැහැදී සිටින නිසා තමන්ට හැකි තරමින් රට වෙනුවෙන් සේවයක් කරන අය පිටිපස්සට තල්ලු කිරීම නිරන්තරයෙන්ම දැකිය හැකි තත්ත්වයකි. අනෙක් අතට සුදුස්සාට සුදුසු තැන, ඔහු හෝ ඇය ලැබූ විෂය දැනුම, තානාපති පරිචය හා විශේෂඥ දැනුම අනුව තැන දීමක් කිසිසේත් සිදු වන්නේ නැත. වසරකට රුපියල් බිලියන දහසයක් වියදම් කර ලංකාවට මෙම සේවයෙන් ලැබෙන දේ කුමක්දැයි බොහෝ දෙනක් ප්‍රශ්න කර තිබේ.

පත්වීම්, ස්ථාන මාරු, තනතුරු ලබාදීම, අධ්‍යාපන අවස්ථා ලබාදීම යනාදි කරුණු සම්බන්ධයෙන් පිළිගත් ප්‍රතිපත්තියක් විදේශ අමාත්‍යංශය සතුව නැත. ක්‍රියාත්මක වන්නේ පුද්ගල මූලික ප්‍රතිපත්තීය. මේ නිසා ඉතා දක්ෂ අවංක බොහෝ නිලධාරීන් පසු වන්නේ ඉතා කණස්සල්ලෙනි. ලොක්කන්ට රෙදි උස්සන අයට හා දේශපාලන පන්දම් ඇති අයට තරඟ විභාගයෙන් මොන ලකුණු ගත්තද හොඳ රටකට පත්වීම් ගැනීම එතරම් කජ්ජක් නොවේ. තනතුරු ලබාගැනීමට කාන්තාවන් නම් ලිංගික අල්ලස් ලබාදීම අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. එවන් අය නිතරම යන්නේ ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවලටයි. විශේෂයෙන්ම එවන් අවස්ථා වැඩියෙන් ලැබෙන්නනේ තානාපතිවරු සහ රජයේ ලොක්කන්ගේ හොර ගෑනුන්ටයි.

ආණ්ඩුවක් නැති කාලෙත් තානාපතිලා පත් කරලා

මේ අතර ආණ්ඩුවක් නොපැවතිය දී ලහි ලහියේ තානාපති තනතුරු 15 ක ලැයිස්තුවක් පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. මෙම ලැයිස්තුව කරුණූ කීපයක් නිසා දෝෂ සහිතය. එකක් 2015 දී 1996 කණ්ඩායමේ සියලූ දෙනාට තනාපති තනතුරු ලබාදුන්නා මෙන්  මෙවර 1998 දී බඳවා ගත් කණ්ඩායමේ සියලූ දෙනාට තනාපතිකම් ලබාදීමට නියමිතයි. මෙහි ඇති වැරැද්ද වන්නේ  එක් පැත්තකින් නිලධාරීන්ගේ දක්ෂතාවන් හා හැකියාවන් පිළිබඳ අවධානයක් යොමු නොකිරීම, දැනටමත් වසර තුනකට වඩා වැඩි කාලයක් විදේශ රටවල සේවය කරන අයද මෙම ලැයිස්තුවට එකතු කිරීම, ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන තැකීමක් නොකිරීම සහ විවිධ චෝදනා සහිත නිලධාරීන් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමයි.

මෙම තත්ත්වය 2015 දී ද සිදුවිය. එහිදී නීති විරෝධි සැප බස් ගණුදෙනුවක සැක කාරයන් වූ මජින්ත ජයසිංහ හා ජිනීවා නුවර තානාපති කාර්යාලය අලූත්වැඩියාව සම්බන්ධයෙන් වූ වැරදි කටයුතුවලට චෝදනා ලත් ෂේනුකා සෙනවිරත්න හා ජව්හාර්ට තානාපති තනතුරු ලබාදීම සිදුවිය. එහෙත් කම්කරු ඇමති ඩිලාන් පෙරේරාගේ හොරුන්ට විරුද්ධව කටයුතු කළ නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදී ඔවුන්ට තානාපති තනතුරු දීමෙන් වැලකී සිටින ලදී.

දූෂිතයන්ට හොරුන්ට නම්‍යශීලී අමාත්‍යාංශය

මෙවර ලැයිස්තුවට නැවතත් කාර්යක්ෂමතා කඩඉම් විභාගයෙන් 06 වරක් අසමත්ව හොර පාරෙන් සහකාර අධ්‍යක්ෂ ධූරයේ සිය අතිරේක ලේකම් දක්වා උසස්වීම් ලත්, නාමල්ලාට සැපබස් ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා ලත් මජින්ත ජයසිංහ අරාබි එක්සත් රාජ්‍යයේ තානපති ලෙස යෝජනා කර තිබේ. ෂේනුකා සෙනවිරත්න ජපානයේ තානාපතිකමට යෝජනා වී තිබේ. එසේම බැසිල් රාජපක්ෂගේ මග නැගුම ව්‍යාපෘතියේදී හොර වැඩවලට උදව් කළ බවට චෝදනා ලත් සරෝජා සිරිසේන හෙවත් ඩිලාන් පෙරේරාගේ හිටපු බිරිඳ ඔස්ට්‍රියාවේ තානාපති ලෙස නම් කර තිබේ. එසේම මිලානෝ නුවර කොන්සල් ජනරාල්ව සිටියදී මූල්‍ය වංචා ඇතුලූ වංචා රාශීයකට චෝදනා ලත් ප්රදීපා සේරම්දතානාපති ලෙස ඕමානයට පත් කිරීමට නියමිතය.

මේ තුළින් පෙන්නුම් කරන්නේ විදේශ අමාත්‍යංශය හොරුන් සම්බන්ධයෙන් බොහෝ නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආයතනයක් බවයි. මීට අමතරව දැනට තානාපති තනතුරු දරණ කීප දෙනෙක් සම්බන්ධයෙන් විවිධ චෝදනා රාශීයක් ඇති අතර ඒවා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට අමාත්‍යංශය අපොහොසත් වී තිබේ.

දෝෂ සහිත ජ්‍යෙෂ්ඨතා ලේඛනය; සෙල්වරාජ්, අසීස්, අම්සා

විදේශ අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ ඇති දෝෂයන් රාශීයකි. 1992 පෙබරවාරි 03 දින විදේශ සේවයට බැඳුණු කණ්ඩායමේ පළමු ස්ථානයේ සිටින .එල්.එම්. අසීස් තමන්ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 1995 මැයි මාසයේ සම්පූර්ණ කර තිබේ. ඒ අනුව ඔහු නියමිත කාල සීමාව ඇතුලත මෙම විභාගය සමත්වී නොමැති නමුත් ඔහු තමන්ගේ උසස්වීම වංචනික ලෙස ලබාගෙන තිබේ. මොහු ගිණුම් විෂය 06 වතාවක් අසමත්වී ඇති අතර එවකට පාලන අංශයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ එම්. මහරුප් විසින් විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කිසිදු සහතිකයක් නැතිව අසීස් මෙම විෂය සමත් යැයි සහතික කර තිබේ. අසීස් නැමති නිලධාරියා තමන්ගේ විදේශ භාෂා පරීක්ෂණයෙන්ද සමත්වී නැත. ඔහු ඒ සම්බන්ධයෙන් තමන් ජිනිවා නුවර පැවති පුහුණූ වඩසටහනකදී ප්‍රංශ භාෂාව ඊට අයත් වූවා යැයි කරන ලද ප්‍රකාශයක් භාෂා අවශ්‍යතාව වෙනුවෙන් එවකට සිටි විදේශ අමාත්‍යංශයේ බලධාරීන් බාර ගෙන තිබේ. ඔහු අද ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිවරයාය.

පී. එම්. අම්සා නැමති නිලධාරියා තමන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමට වසර 07 ක කාලයක් ගෙන තිබේ. විදේශ භාෂා විභාගය සමත්වී නැති අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත්තේ තමන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තිබූ අරාබි භාෂා පන්තියට සහභාගීවීමේ ලේඛණයක් පමණි. සහභාගීවීමේ ලේඛණය විභාග සහතිකයක් ලෙස බාරගත නොහැක. එහෙත් ඔහුගේ පත්වීම ස්ථිර කිරීම පිණිස මෙම ලේඛණය භාර ගෙන තිබේ.

පී. සෙල්වරාජ් නැමති නිලධාරියා දැනට ඊශ්‍රායලයේ තානාපති වන අතර ඔහු විදේශ භාෂාව සමත් වී ඇති බවට ඉදිරිපත් කර ඇත්තේ එවකට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔහු රුසියන් භාෂාව හැදෑරුවා යැයි දෙන ලද ලිපියකි. ඔහුට භාෂා ප්‍රවීනතාව වෙනුවෙන් සහතිකයක් නැත. මේ නිසා ඔවුන් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහත හෙළිය යුතුයි.

ලැයිස්තුව තවත් දිගයි

තොරතුරුවලට අනුව අරුණි විජේවර්ධන, රොඩ්නි පෙරේරා, එස් නාකන්දල, එස් ගනේගමආරච්චි, ටී රවීන්තරන්, . ගිරිහාගම, . එල්. ලාපීර් යන නිලධාරීන් තමන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග නියමිත වසර 06 තුළදී සම්පූර්ණ නොකර සිටින අවස්ථාවක උසස්වීම් ලබා දී තිබේ. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අමතරව තවත් මධ්‍ය මට්ටමේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් නියමිත විභාග වලින් සමත් නොවී උසස්වීම් ලබාගෙන තිබේ.

එස්. . ජේ. මැන්ඩිස් බහරේනයේ ශ්‍රී  ලංකා තානාපතිවරයා වේ. ඔහු කිසිදු කාර්යක්ෂමතා කඩඉම්විභාග සමත්ව නැතිව තිබියදී රෝහිත බෝගොල්ලාගම ඇමති විසින් තමන්ගේ පුත්‍රයා සිංගප්පූරුවේ ඉගෙන ගත් අවධියේ ඔහුගේ ඉංග්‍රීසි  නිබන්ධන සකස් කර දීම නිසා ඒ හිලව්වට හොර පාරෙන් උසස්වීමක් කැබිනට් මණ්ඩලය හරහා ලබාදී තිබේ.

මේ අතර හිටපු ලේකම් පාලිත කොහොනගේ හොර අත්සනින් සහතික කරන ලද ව්‍යාජ ප්‍රංශ භාෂා සමත්වීමේ ලේඛණයක් ඉදිරිපත් කළ කීගල්ල නැමැත්තාද තවමත් යහතින් තානාපති කාර්යාලයක සේවය කරයි.

කරුණු මෙසේ තිබියදී කාර්යක්ෂතා කඩඉම් විභාගය අසමත්වීම නිසා කපිල ජයවීර, ප්රියදර්ශණී කරුණාරත්න, තිලෝමා අභයජීව, රන්සිරි පෙරේරා, හා ධම්මිකා සේමසිංහ යන නිලධාරීන්ගේ පමණක් වැටුප්  විලම්භනය කර සේවයේ උසස්වීම් අත්හිටුවා තිබේ. ධම්මිකා සේමසිංහ නඩුවක් පැවරීමෙන් තමන්ගේ උසස්වීම් ලබාගන්නට සමත්වී තිබේ.

දැනට තානාපති තනතුරු දරණ නිලධාරීන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් හතර දෙනක් හැර සියලු දෙනාම උසස්වීම් වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු දෙමළ භාෂා පරීක්ෂණයෙන් අසමත්වී ඇති අතර ඔවුන්ගේ උසස්වීම් හිටපු ලේකම් වාගිස්වරගේ මැදිහත්වීම මත දෙමළ භාෂා සුදුසුකම නොසලකා ලබාදී තිබේ. මෙම නිලධාරීන්ද ජ්‍යෙෂ්ඨත්වයෙන් පහත හෙළිය යුතුයි.

මේ සොච්චමකි

මෙවන් දෝෂ සහිත අමාත්‍යංශයකින් රටට සේවයක් සිදුවේද යන්න සැක සහිතයි. ඉහත දැක්වෙන්නේ ඇති වැරදිවලින් සොච්චමක් පමණි. මෙම කරුණු ඇතුලූ විදේශ කටයුතු අමාත්‍යංශය තුළ ඇති ගැටලූ සම්බන්ධයෙන් සොයා බලන්නේ නැතිව එය තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි නොවේ. මේ සම්බන්ධයෙන් නව විදේශ ඇමතිවරයාගේ අවධානය යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඉහත වැරදි කළවුන් ආරක්ෂා කරන්නේ නම් විදේශ අමාත්‍යංශයේ කණිෂ්ඨ නිලධාරීන් වන අප හට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ යුතුවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress