මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..
Posted on December 26th, 2018

සමන් විජය බණ්ඩාර  lanka C news

මාවනැල්ලේ මහ රාත‍්‍රියේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සන්දියක බුදු පිළිමයක් කඩද්දි ප‍්‍රදේශවාසි තරුණයන් විසින් ඉන් එක් සැකකාර තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලිසිය භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව අද 26 උදෑසන මාවනැල්ල පොලිසියෙන් වාර්තා විය.

යතුරු පැදියත් සමග මහත් පරිසමයකින් අලූයම 4 ට අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ දෙල්ගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අල්ලා ගත් ප‍්‍රදේශවාසි තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ.

අදාල සැකකරු අල්ලා ගෙන ඇත්තේ එම බුදු පිළිමය අසලම නිවස පදිංචි තරුණයන් දෙදෙනෙක් විසිනි. වයස අවුරුදු 39 වන විවාහක ඒ.එම් සෙනරත් බණ්ඩාර හා මම උදේ පාන්දර ත‍්‍රීවිල් එකේ හයර් එකක් යන්න තමයි හිටියේ මම වෘත්තියෙන් ත‍්‍රීවිල් රථ රියදුරෙක් කඩුගන්නාව නගරයේ තියෙන පාක් එකේ තමයි ඉන්නේ. 3.30 ට විතර ඇහැරලා ඉන්නකොට ශබ්දයක් බුදු පිළිමය පැත්තෙන් ආවා. මම එළියට ඇවිත් බැලූවා එතකොට මම දැක්කා බුදු පිළිමය ගාවින් යතුරු පැදියක නැගලා දෙන්නෙක් යනවා. මම බයික් එක යනවත් එක්කම ලගට ගිහින් බලනකොට දැක්කා බුදු පිළිමය කඩලා තියෙනවා. ඊට පස්සේ ලග ගෙදරක මල්ලි කෙනෙක් ඉන්නවා බයික් එකක් තියෙන එයාට කතා කරලා මම කිවා අපි ගිහින් මෙ සිද්ධිය බලමු කියලා. ඒ යනකොට ඒ ගියපු බයික් එක ආපසු නැවත අපි ඉන්න පැත්තට ආවා. මම නැවත ඉන්නවා දැකලා බයික් එක හැරෙව්වා.

මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..

මම බයික් එක හරවනවාත් සමගම බයික් එක සහ මෙ දෙන්නාගේ ඇග මතට පැන්නාට පස්සේ මෙ අය එක්කම පහත කැලයකට පෙරලූනා. අනික් මල්ලි අනිත් කොල්ලා අල්ලන්න හදනකොට එයා සමග පොර බදිනකොට ඒ චානක කියන මල්ලි පල්ලමකට තල්ලූ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ අත පැන්නේ. ඒ කරලා එක සැකකරුවෙක් දිවා අනිත් කෙනා යන්න දෙන්නේ නැතිව අල්ලාගෙන බයික් එකත් එක්කම පොලිසිය භාර දුන්නා යැයිද බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් අල්ලා ගත් සෙනරත් මහතා අප සමග පැවසීය.

අපි අමාරුවෙන් ගමේ අය එකතු වේලා තමයි බුදු පිළිමය හදා ගත්තේ අපි හැම තැනම මාවනැල්ලේ බුදු පිළිම කඩන නිසා අවදානයෙන් හිටියා ඒ නිසා මැරුනොත් කමක් නැහැ කියලා තමයි වැඬේට බැස්සේ. බජාජ් ඩිස්කවරි බයික් එක්ක තමයි මෙ අය ආවේ. මෙ ජාතික අපරාධය කරපු අය අල්ලා භාර දිමට ලැබිම අපි ලබපු ජයග‍්‍රහණයක් මටත් දරුවෝ දෙනෙක් ඉන්නවා චානකටත් එහෙමයි. ඒ නිසා මෙ වාගේ දේවල් කරන අය අපේ රටේ අනාගතයට මහ ලොකු විවසනයක් සාපයක් කරන්නේ ඒ ගැන මම හෙළා දකිනවා.

මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය හා මූලස්ථාන පොලිසිය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප‍්‍රදේශයේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වන බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර නොසන්සුන් වතාවරණයක් ඇති විමේ ඉඩ කඩක් ඇති බව පවසා විශේෂ කාර්ය බලකා සෙබළුවන් හා පොලිසිය මගින් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර මෙම බුදු පිළිමය කැඩිමට පෙර හිගුල ප‍්‍රදේශයේද බුදු පිළිමයකට හානි සිදු කර ඇති බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෞ්දධ ආගමික නායකයින් එක්ව මෙ වන විට රැස්විමක් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි පැවැත්වෙන බවද පොලිසිය කියයි.

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

බුදුගල ජිනවංස හිමි සභාපති lanka C news

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

මෙහි දැක්වෙන්නේ හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියකි.

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න.

පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කළ පුවතක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබුණි.

ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ගරු ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.

සමස්තයක් ලෙස ගත් කල්හි රටක් ලෙස සමගියෙන් සහජීවනයෙන් ජීවත්විය යුතු මොහොතක මෑතකාලීනව සිදු වූ විවිධ කළහකාරී සිද්ධීන් හමුවේ විවිධ ජනකොටස් අතර ඇති වී ඇති නොසන්සුන්තාවයන් ද සැලකිල්ලට ගනිමින් වගකිව යුතු අංශ හා රටේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම ඇති ඔබතුමන් වහා මෙකී ක්‍රියාවලියේ දී වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි තරයේ විශ්වාස කරමු.

ඉතා සුළු කණ්ඩායමක් සිදු කරන සිදුවිම් වලින් සමස්ථ ජන කොටස් අතරම ජනවාර්ගික  හා ආගමික ගැටළු ඇති විමට හේතුවන්නේය.

මීට වසර කීපයකට පෙරද මෙවැනි සිදුවිම් මාවනැල්ල ආශ්‍රිත සිදු වු බව අප සිහි තබා ගත යුතය. එහි දී බුදු පිළිම පමණක් නොව ජිවිත ද විනාශ විය. මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලද්දේ ද මුස්ලිම් තරුණයෙකුවීම සුවිශේෂි කාරණයකි.

රටේ නීතිය හා සාමය කඩකරන්නවුන්ට වහා දඩුවම් පමුණුවන්නටත් නැවැත එවැනි ක්‍රියා සිදුනොවන්නට වග බලාගන්නටත් කටයුතු කළ යුතුය. මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් ඒ තුළින් සමස්ත සමාජය තුළ කිසියම් ආකාරයකින් ජාතීන් අතර ගැටුමක් දක්වා වර්ධනයවීම වැළැක්වීමටත්, මෙම පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමන් හා ආරක්ෂක අංශ වහා මැදිහත්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.

 

2 Responses to “මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..”

  1. ranjit Says:

    Sanhindiyawa word is a joke with these unpatriotic, ungrateful Tamils and Muslims in my country. Yahapalana did immense damage to our country, heritage and Buddhism under the cover of Sanhindiyawa. These lunatics bulldozed ancient temples and shrines etc. Yamapalanaya never bothered to punish those responsible evil individuals or groups. Under the guise of Sanhindiyawa Yamapalanaya leaders UNP TNA JVP and foreign funded NGO’s destroyed our motherland within short period of time. This is not the first time we heard such brutal destruction of Buddhist places in mawanella but in many instances. If these devils and their bosses in the political circle thinks they can escape by doing all this its only a dream. These butchers must be brought to justice and give the maximum punishment. Tamils and Muslims have no love for my country but have their own dreams to break or own our sacred land. Sri Lankan Buddhists must be alert and awake like Senarath Bandara our Sinhala hero who followed those traitors without thinking of his own life and caught them and handed them over to the police. We salute our brave young citizens who truly loves this country to be vigilant all the time and help to save our motherland, Buddhism and the peace loving citizens of this country.

  2. Ancient Sinhalaya Says:

    The punishment for these breeders should be not konaka pala, but 100% kapala then multiplying mussies
    numbers will go down. These traitor mussies systematically destroy our culture and want to make Sri Lanka
    another mussie hell hole like pakesthan, afganisthan, syria, libya, somalia, bangladesh, etc. etc. Mussies
    multiply multiply and multiply like xxxx and take over countries. With multiplication comes manthrihorun, amathi
    horun etc. etc. and then those traitors encourage more multiplication. The sight of those gonibillas is enough
    for any sensible person to run a mile, let alone believing in mythical gods in this scientific era.

    This is definitely traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka UNPatriotic_rats party work to carry on
    for another 10-20 years without holding elections. Bheeshana samaya, the traitor low lives dragged on for 6
    years and killed 60,000+ Buddhists. No elections of course. Then catholic tigers of tamil drealam war, 30+
    years. Another 100,000+, mainly Sinhalese, gone. No elections of course. Now traitor chief die hard catholic
    token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against Sinhalese Buddhists,
    Buddhism and Sri Lanka only) Batalande wandakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer traitor low
    life planning a Sinhalese mussies riot and wants to carry on for another 10-20 years. Who will bet against the
    wandakaya with a lot of traitor Sinhalese and with 100% support of traitor tamils, mussies and catholics to back
    the tratiro alugosuwa?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress