වත්මන් අර්බුදය හමුවේ වැඩකරන ජනතා න්‍යාය පත‍්‍රය
Posted on January 4th, 2019

2019-01-03 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවති ‘වත්මන් අර්බුදය හමුවේ වැඩකරන ජනතා න්‍යාය පත‍්‍රය’ ජනගත කිරීම අවස්ථාවේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව දැක්වූ අදහස්

අපි මේ මුහුණ දෙමින් ඉන්න දේශපාලන අර්බුදය ඉස්සරහ පිට වැඩකරන ජනතාවගේ න්‍යාය පත‍්‍රය කුමක්ද? එය කෙසේ විය යුතුද කියලා මේ රටේ වැඩකරන ජනතාවත් එක්ක ඒ සාකච්ඡුාව ගන්න ඕන. 1990 දශකය ආරම්භ වනවාත් එක්කම විශාල මතවාදයක් ඉදරිපත් වුණා, ඉතිහාසය අවසන් කියලා. ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා තමයි මේ අදහස ඉදිරියට ගෙනාවේ. ඉතිහාසය අවසන් කියලා ඔහු කිව්වේ මොකක්ද? ඔහු කිව්වේ මිනිස් ඉතිහාසය අවසන් කියලා නොවෙයි, ගෙවිච්ච සියවස් එක හමාරක පමණ කාලය තුළ මිනිස් ඉතිහාසයේ ප‍්‍රධාන දේශපාලන මතවාද තුනක් අතර ගැටුමක් තිබුණා. ඒ ලිබරල්වාදය, ජාතිවාදය සහ මාක්ස්වාදය අතර. ඒ ගැටුම ඉවරයි, මෙතනින් එහාට තවදුරටත් පවතින්නේ එක දහමයි, ඒ ලිබරල්වාදය කියලයි ඔහු කිව්වේ.
නමුත් අපි දන්නවා පහුගිය දශකය වන විට ඔහුම ඔහුගේ කලින් අදහස ප‍්‍රශ්න කරමින් ඉන්නවා. ඒ දේශපාලන සංකල්පය අද ප‍්‍රායෝගික තත්වයේදී ඇති තරම් අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ලිබරල්වාදය හැම රටකදීම අද තියුණු අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා.
මේ වනවිටත් ලෝක දේශපාලනය තුළ ජාතිවාදය රටවල් තුළ ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. 1990 දශකය ආරම්භ වීමත් එක්ක ලෝකය තනි කඳවුරකට ගියා. නමුත් අද වන විට කඳවුරු ගණනාවක් නිර්මාණය වෙලා. ඒ කඳවුරු අතර ගැටුම තිබෙනවා. ඒ වගේම ඒ රටවල් තුළ ජාතිවාදය වර්ධනය වෙමින් තිබෙනවා. ට‍්‍රම්ප්ගේ මැදිහත්වීම, බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිටුපස තිබෙන්නේ ඒක. සමාජවාදී යැයි කියන චීන කොමියුන්ට් පක්ෂය යම් ජාතිවාදී ලක්ෂණ සහිතවයි කටයුතු කරමින් ඉන්නේ. මෝඩි හරහා ඉන්දියාව අඛණ්ඩ ඉන්දියාවක් නිර්මාණය කිරීමේ උත්සාහය රුසියාවේ පුටිංගේ මැදිහත්වීම තුළ වගේ බොහෝ රටවලව මැතිවරණවලින් පවා පෙනෙන්නේ ඒ ප‍්‍රවණතාව.
ලංකාවේත් ලෝකයේත් බහුතරයක් දෙනාට ජාතිවාදයට එරෙහිව ලිබරල්වාදය දෙසට නැඹුරු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අභියෝගය ඉදරියේ තමන්ගේ න්‍යාය පත‍්‍රය හරියටම සකස් කර ගන්න එකයි, හරියටම සුසර කර ගන්න එකයි අද වැඩකරන ජනතාවට තිබෙන අභියෝගය. ලිබරල්වාදයත්, ජාතිවාදයත් අප ඉස්සරහට ගේන සටන් පාඨ අපි ඉතිහාසය පුරා ඇති තරම් අත්විඳලා තිබෙනවා.
රනිල් වික‍්‍රමසිංහලා මෛත‍්‍රිපාල මැදින් පැනලා පහුගිය කාලයේ ලබා දුන්නු ජවයත් පාවිච්චි කරලා ලිබරල් න්‍යාය පත‍්‍රය පෙරට ගන්න උත්සාහ කරමින් ඉන්නවා. රාජපක්ෂලා සුපුරුදු පරිදි ජාතිවාදී සටන් පාඨ ඉදිරියට දාලා දේශපාලන බලය ඩැහැ ගන්න උත්සාහ කරනවා.
මේ ජාතිවදාය, ලිබරල්වාදය කියලා දවටනවල ඔතලා ගේන වැඩපිලිවෙළ එකම වැඩපිළිවෙළක්. එකම ටොෆිය වික‍්‍රමසිංහලා ලිබරල් කොළයේ ඔතනවා, රාජපක්ෂලා ජාතිවාදී කොළයේ ඔතනවා. ආර්ථිකවය සම්බන්ධයෙන් මේ අයගේ ප‍්‍රතිපත්ති එකයි.
විශ‍්‍රම වැටුප් සම්බන්ධ ප‍්‍රශ්නය ගත්තොත්… එජාපය බලයට ආපු ගමන් ගෙනාපු 2016 අය වැය, රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප කැපුවා. දැනුත් දෙන පත්වීමේ ලිපියේ ලියන්නේ රජය ගන්නා තීරණයකට යටත් විය යුතු වේ කියලා. වික‍්‍රමසිංහලා විතරද මේක කළේ. නෑ. රාජපක්ෂලා තමයි 2006 විශ‍්‍රාම වැටුප කප්පාදු කළේ. ඒක නතර කළේ වෘත්තීය සමිති මැදිහත් වෙලා.
අර්ථසාධක අරමුදල කොල්ලකන්න රාජපක්ෂලාත් කැස කැව්වා, මේ අයත් කැස කවනවා. රොෂේන් චානකලා ජීවිත පරිත්‍යාග කරලා තමයි ඒ උත්සාහය පරාජය කරන්න පුළුවන් වුණේ. මේ වගේ ලැයිස්තුවක් අරගෙන කතා කරන්න පුළුවන්. අපට පැහැදිලිව පෙනෙන එක දෙයක් තිබෙනවා. ඒ තමයි ආර්ථික ප‍්‍රතිපත්තියේදී දෙගොල්ලන්ටම තියෙන්නේ එකම වැඩපිළිවෙළයි.
නමුත් දේශපාලනය කරද්දී කාටද ආමන්ත‍්‍රණය කරන්නේ? ගමටද? නගරයටද? කියන ප‍්‍රශ්නෙදි, කතා කරන භාෂාවේ වෙනස්කම විතරයි ඔවුන්ට දේශපාලනයේදී වෙනසක් විදියට අපි ඉස්සරහට ගේන්න පුළුවන් වෙලා තිබෙන්නේ.
මේ කඳවුරු දෙක නැවතත් සූදානම් වෙමින් ඉන්නවා, ජනමතය කොල්ල කන්න. ඊළග මැතිවරණවල සූදානම් වෙන්නේ ඒකට. මේ ව්‍යාජයට එරෙහිව නව වැඩපිළිවෙළක් ඉස්සරයට ගෙන එන්න අපට අවශ්‍යයි. නව කේන්ද්‍රයක් ගොඩනගන්න අවශ්‍යයි. ඒ කේන්ද්‍රය ගොඩනැගීමේදී වැඩකරන ජනතාවට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් රැුකෙන වැඩපිළිවෙළකට කම්කරු පන්තිය සූදානම් කර ගන්නේ කොහොමද? ඒක තමයි අපි ඉදිරියේදී තිබෙන අභියෝගය.
අපි හිතනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අප දිනා ගත යුතු දෙයක්. නමුත් මේ සටන් පාඨයට අපි තවත් කීපාරක් රැුවටෙනවාද? 1994 චන්ද්‍රිකා, 2005 මහින්ද, 2010 ෆොන්සේකා, 2015 මෛත‍්‍රී… දැන් එක්සත් ජාතික පක්ෂය. නවලිබරල් ධනවාදය ආරම්භ කළ හැම රටකම ඒක ආරම්භ කළේ විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය අතර තිබෙන සංවරණය හා තුලනය බිදිමින්. නවලිරබල් ධනවාදය වැඩිපුර බලය තහවුරු කරන්නේ විධායටය සහ අධිකරණයට මිසක් ව්‍යවස්ථාදායකට නොවෙයි. අපි අත්දැකීමෙන් ඒක දන්නවා.
කම්කරු පන්තිය වැඩවර්ජනවලට ආවාම විධායකය කියනවා ඒක අත්‍යවශ්‍ය සේවාවක් කියලා. ඊළගට අධිකරණය කියනවා වැඩවර්ජන කරන්න බෑ කියලා. ව්‍යවස්ථාදායකය බලවත් කරන ප‍්‍රතිපත්තියක් නොවෙයි, නවලිබරල් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන් රටවල්වල සිද්ධ වුණේ.
මේ රටේ වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්න මල්ල දිහා බැලූවාම ඒක විසඳන්නේ කොහොමද? විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරලා අගමැතිට බලය පැවරුවාම ඒ ප‍්‍රශ්න විසඳෙනවාද? ඒ අලූත් තත්වය අස්සෙන් රිංගලා මේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන්න බැරිද? අපි මේ වගේ ප‍්‍රශ්න සිය දහස් ගණනක් අහන්න ඕන. නැත්නම් අපිට හැමදාම වෙන්නේ අඩු නපුර තෝර තෝර ඉන්න. හැමදාම අඩු නපුරක් තියෙනවා.
රනිල් අධිරාජ්‍ය ගැතියෙක්, ඒ නිසා රනිල් පරද්දන්න රාජපක්ෂ දිනවමු කියනවා. එයාත් මූල්‍ය අරමුදලේ පදේට නටනවා. එකම වෙනස එයාට චීනයෙන් ණය ටිකක් හම්බ වුණා. හොදට මතක තියා ගන්න ඒ ණය පිටුපස්සේ ලොකු අර්බුදයක් තිබෙනවා. චීන ණය සම්බන්ධ වෙලා තිබෙන්නේ චීනය සහ ඇමරිකාව අතර ගැටුමට. චීනයෙන් ණය ගත්ත රටවල් දහයක් දොළහක් අද දේශපාලන අර්බුදවලට ගොදුරු වෙලා තිබෙනවා. අප‍්‍රිකාවේ ජිබූති රාජ්‍යයේ චීනයේ, ප‍්‍රංශයේ, ඇමරිකාවේ යුද හමුදා කඳවුරු පිහිටුවලා තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ගත්තත් ඒක පිටුපසත් අර්බුදයක් එනවා. ලෝකයේ යුද උණුසුමක් වර්ධනය වෙන වෙලාවක මේ රට ඒ යුද උණුසුමේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ අවදානම ඉදිරියේ අපි අද ඉන්නේ.
ඒ නිසා එක පැත්තකින් මූල්‍ය අරමුදල, ලොක බැංකුව, යුරෝපය, එක්සත් ජනපදය, ඉන්දියාව මැදිහත් වෙලා ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්තිය වගේම අනෙක් පැත්තෙන් ඒ ටික සහ චීනය මැදිහත් වෙලා කරන ප‍්‍රතිපත්තිය ගෙන එන්නේ අර්බුද.
දැන් පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියන්න පුළුවන්ද? අර අර්බුදය අස්සේ මන්ත‍්‍රීවරු දවස ගානේ විකිණෙනවා. මේ විකිණෙන පාර්ලිමේන්තුවටද කියන්නේ ශක්තිමත් කරනවා කියලා. මේ ගොඩනගලා තියෙන මේ බල කණුවලට සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා නෑ. ඒ නිසා අද අවශ්‍යයි, මේ දේශපාලන ප‍්‍රශ්නය මේ අර්ථයෙන් තේරුම් ගන්න. ක්ෂණික ප‍්‍රශ්නවලට ක්ෂණික විසදුම් ඉදරිපත් කිරිම අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන්වත් අපි අපේ න්‍යාය පත‍්‍රය, අපේ ප‍්‍රශ්නය වේදිකාවට ගන්න ඕන. ඒ නිසා තමයි වැඩකරන ජනතාවට තමන්ගේම න්‍යාය පත‍්‍රයක් අවශ්‍ය වෙන්නේ.
වැඩකරන ජනතාවගේ න්‍යායා පත‍්‍රය ඉදිරියට ගන්නවා නම් අපට තිබෙන ප‍්‍රමුඛ ප‍්‍රශ්නය තමයි බෙදී යාමේ වසමතාව. මේ බෙදී යාමේ විසමතාව සලකන්නේ නැති වැඩපිළිවෙළක් ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන වැඩපිළිවෙළක් නොවෙයි. ඇති නැති පරතරය ගැන කතා නොකරන වැඩපිළිවෙළක් ජනතාවගේ ප‍්‍රශ්න නියෝජනය කරන්නේ නෑ.
2016 ඔක්ස්ෆෑම් කියන ලාබ නොලබන ආයතනය වාර්තාවක් නිකුත් කළා. ඒ වාර්තාවේ කියනවා 2016 වසරේ ලෝකයේ ජනගහනයෙන් දුප්පත්ම බාගයේ වත්කම් සහ පොහොසත්ම පුද්ගලයන් 62 දෙනාගේ වත්කම් සමානයි කියලා. 2017 ඔවුන්ගේම වාර්තාවේ ඔවුන් කියනවා ලෝකයේ දුප්පත්ම ජනගහනයේ වත්කමයි, ලෝකයේ පොහොසත්ම අට දෙනාගේ වත්කමයි සමානයි කියලා.
ඒ වගේම ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවට අනුව ආදායම් බෙදී යාමේ විසමතාව ලෝකයේ පොහොසත්ම සියයට එක, ලෝක ආදායමෙන් 47%ක් ලබා ගන්නවා. 2016 වන විට ඒක 49% දක්වා වැඩි වුණා. දැන් ඒක සියයට පනහ ඉක්මවවලා.
ලංකාවේ දත්ත පරිශීලනය කරන්න ලැබෙන්ේ අඩුවෙන්. නමුත් ලංකාවේ ප‍්‍රධාන සමාගම් සියයයේ පසුගිය ගෙවිච්ච අවුරුදු ත-න ත-ළ ඔවුන්ගේ වත්කම් ප‍්‍රසාරණය වෙලා. 2016 15., 2016 ……………………. ප‍්‍රසාරණය වෙලා. 2014-15 5%, 2016-17 13% ලාභ ප‍්‍රතිශතය වැඩි වෙලා. අර්බුදය තිබෙන්නේ කාටද? මේ සමාගම් ජාලයටදඃ නෑ. ඔවුන් ලාභ පිට ලාභ අරන් තිබෙනවා. රජය…? ආණ්ඩුවට විය හියදම් කර ගන්න බැරි වුණාම කාටද පටවන්නේ? ඒක පටවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටද? අර්බුදයක් තිබෙනවා. ඒක තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට.
2017 වෙද්දි බිලියනව ……… පවුලේ සියයේ ත්කම්.

………………………………………
ඇත්ත ඒවා මීට වඩා ගොඩක් ලොකුයි.
ලාභය බිලියන 200ක් ශුද්ධ ලාභය සොයනවා. මේ ශුද්ධ ලාභය, සේවකයෙක්ගේ වැටුප 40000යි කියලා හිත-වොත්, පවුල් සියයක් අත ගොඩගැහෙන මේ පංග-ව ගත්තොත් සේවකයන් ලක්ෂ හතරකට අවුරුද්දක් වැටුප් ගෙවන්න පුන්‍දාවන්. මේ ඇති නැති පරතරයට පිළිබි ප5ශ්නය වේදිකාවට ගන්නේව කවද්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, ඇලෝසියස් ගැන, ¥ෂණ වංචා ගැන කතා කරනවා. නමුත් මේ ප‍්‍රශ්නය කවද්ද වේදකාවට ගන්නේ?
————-
වතු කම්කරුවන් කියන්නේ ඉතාම දුක්ඛිත ජීවත ගත කරන කම්කරු ප‍්‍රජාවක්. ඔවුන් ඉල්ලන්නේ දිනකට රුපියල් 1000ක්. දැන් අහයි කම්කරුවන්ට දාහක් දීලා වතු ටික රකින්නේ කොහොමද කියලා. ඇත්තද මේ කතාව. වතු කම්කරුවන්ගේ රුපියල් 500ක් වන මූලික වැටුප 1000 කළොත් යන්න බැරිද? වතු කම්කරුවන් දවස් හතක් වැඩ වර්ජනයක් කළා. හාම්පුතුන් කියනවා වර්ජනය නිසා එක දවසකට කෝටි 25ක් පාඩුයි කියලා. වතුකම්කරුවන්ට තවත් රුපියල් 500ක් දෙන්න යන්නේ කෝටි පහයි. ඔය කෝටි 25න් පහයි දෙන්න ඕන. ඒක දෙන්න බැරිද? දැන් හරි ඒක දෙන්න බැරි ඇයි? කුඩා තේ වතු හිමියෝ කීයක් ගෙවනවද? ඔවුනට පුළුවන් නම් 1000ට 1500ට වැටුප් ගෙවන්න මේ සමාගම්වලට බැරි ඇයි?
මේ බොහෝ වතු සමාගම්වලට තියෙනවා අතරමැදි තැරැුව්කාර සමාගමක්. එතකොට තැරැුව්කාර සමාගම් තමයි ලාභ ගන්නේ. ඒ විදියට තමයි වතු සමාගමේ ලාභ අඩු කරලා පෙන්වන්නේ.
රාජ්‍ය සේවකයාට 10000ක් දුන්නා කියලා මහ ලොකුවට කතා කළා. නමුත් 2007 අවුරුද්දේ තමයි එදා තිබුණු ජීවන වියදමට අනුව මේ වැටුප් වැඩිවීම ඉල්ලූවේ. 2007 ඉල්ලපු 10,000 මූලික වැටුපට එකතු වෙන්නේ 2020 වන විට. ඔන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වුණු විදිය. මේ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ මූලික වැටුප කීයද? රුපියල් 12,000ත් 15,000ක් අතර තියෙන්නේ. පෞද්ගලික අංශයේ මූලික වැටුප් වැඩි කළ යුතුයි. අවම වශයෙන් රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 10,000කින්වත් වැඩි විය යුතුයි.
ඊළගට එන්න නියමිත ඊළග අර්බුදය තමයි, අර්ථසාධක අරමුදල කෝලකන්න පනත් කෙටුම්පතක් සකස් කෙරෙමින් තිබෙනවා. මේ අරමුදල රුපියල් බිලියන 2066ක වටිනාකමක් තිබෙන අරමුදලක්. මේ මුදල පුස් කකා තියෙන්නේ නෑ. දැනටත් ඒක බැදුම්කර හරහා ආයෝජනය කරලා තියෙන්නේ. දැන් මේ ඉල්ලන්නේ මේ ගොල්ලන්ට ඒ මුදලින් බිස්නස් කරන්න. ඒ පැළැන්තියට තමයි ඉල්ලන්නේ මේ සල්ලි ඉල්ලන්නේ. මේ සල්ලි බිස්නස් කරන්න අරගෙන පාඩු වුණොත් ඒ පාඩුව දරන්න වෙන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවන්ට. අර්ථසාධක අරමුදල රැුක ගැනීමට අරගලයකට මේ රටේ වැඩකරන ජනතාව පෙළ ගැසිය යුතුව තිබෙනවා.
සිංගප්පූරු ගිවිසුම මගින් මේ රටේ ශ‍්‍රම වෙළෙද පොළ විවෘත කළා. ලෝකයේ ඕනෑම රටක කම්කරුවන්ට මේ ගිවිසුම හරහා ලංකාවට එන්න පුළුවන්. ගොවියන්, සුළු නිෂ්පාදකයන් මේ හැමෝම අමාරුවෙන් උපයලා වෙළෙඳ පොළට ගේන භාණ්ඩ ගණනාවක් මේ ගිවිසුම අස්සට දාලා තිබෙනවා.
අපි කිව්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධායක ජනාධිපති ක‍්‍රමයට ලඝු කරන්න එපා කියලා. නිදහස් වෙළෙද කලාපයේ වෘත්තිය සමිති හදන්න දෙනවද? පෞද්ගලික සමාගම් ගණනාවක් තිබෙනවා, වෘත්තීය සමිති හදන්න දෙන්නේ නෑ. වැඩර්ජනවලට, උද්ඝොෂණවලට කොහොමද ප‍්‍රතිචාර දැක්වුවේ. උද්ඝෝෂණවලට, වැඩවර්ජනවලට වාරණ නියෝග ගන්නවා. ඒ ගොල්ලෝ උද්ඝෝෂණ කරනවා පාරවල් වහගෙන. පහුගිය දවස්වල අපි ඒක දැක්කා. ඒකට ප‍්‍රශ්නයක් නෑ. ගොවියෝ ශිෂ්‍යයෝ පාරට බැස්සාම පාර අවහිර වෙනවා. සාමය කඩ වෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවදය පිළිබද ගැඹුරු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වැඩකරන ජනතාවට සිද්ධ වෙනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරුද්ධව මේ රටේ කම්කරු ව්‍යාපාරය වැඩ වර්ජනයක් කැදවිය යුතු ප‍්‍රශ්නයක්. ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග ගන්නවා නම් ඒ සදහා ගනිමු. මොකක්ද ගෙනත් තියෙන්නේ. ඉතාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, දේශපාලන අයිතීන් උදුරා ගන්නා පනතක්. යටිතල පහසුකම්වලට, අත්‍යවශ්‍ය සේවාවලට අවහිර කරනවා නම්, සෙඛ්‍ය ක්ෂේත‍්‍රය අවහිර කරනවා නම්, ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා නම් ත‍්‍රස්තවාදී ක‍්‍රියා විදියට නම් කරලා තිබෙනවා.
ජේ.ආර්. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන කොට අපි 87-89ක් දැකලා තිබණේ නෑ. මේ වගේ මර්දනයක් දැකලා නෑ. වික‍්‍රමසිංහ අද මේ හිතන විදිය තව අවුරුදු පහක් දහයක් යද්දි වික‍්‍රමසිංහලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අර විදියටම රහ බලන්න ඕනද? රට පුරා කෙරෙන හැම උද්ඝෝෂණයකටම මේ නීතිය සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි සටන් පාඨවල ප‍්‍රමුඛතාව හදුනාගනිමු.
රාජ්‍ය ආයතන විකුණන ලැයිස්තුවේ තියෙනවා රාජ්‍ය බැංකු. ගොඩක් ආයතන යෝජනා කරනවා රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව. මේ වැඬේ ටෙලිකොම් එකට කළා. පහුගිය කාලේ යෝජනා වුණේ ඉතුරු බාගෙත් විකණන්. ඒ නිසා මේ බාගෙට බාගෙ යෝජනාව ඉතුරු ටිකත් විකනන්න ගේන යෝජනාවක්. ආයතන තිස් ගනනක් මේ විකිණීමේ ලැයිස්තුවේ තිබෙනවා.
මේ සමස්ත අර්බුදය දිහා බැලූවාම අපේ න්‍යාය පත‍්‍රයේ අපට එන ප‍්‍රමුඛ ප‍්‍රශ්න ඒවා. අපේ ජීවිතත් එක්ක බැඳෙන ප‍්‍රශ්න මේවා නම් අපේ න්‍යාය පත‍්‍රය විය යුත්තේ මේක නේද? කවුරු හරි හදලා දෙන නැත්නම් කවුරු හරි සංස්කරණය කරලා දෙන න්‍යාය පත‍්‍ර උඩ නෙවෙයි, මේ වැඩකරන ජනතාවගේ න්‍යාය පත‍්‍රය උඩ පෙරට ආ යුතුයි.

One Response to “වත්මන් අර්බුදය හමුවේ වැඩකරන ජනතා න්‍යාය පත‍්‍රය”

  1. Christie Says:

    ඉන්දියානු පරපෝසිත වියාපාරිකයන්ගෙන් හා කම්කරුවන්ගේ පින් සල්ලිවලින් යැපෙන ඉන්දියානු සින්හල ත්‍රස්තයන් කියන කතා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress