අපි පාර්ලිමේන්තුවේ ඉන්න තුරු රනිල් වික‍්‍රමසිංහ එක`ගවුනු සුමන්දිරම්ගේ ව්‍යවස්ථාව කිසිදිනෙක සම්මත කරන්න ඉඩ තියන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා
Posted on January 4th, 2019

පොදුජන පෙරමුණ මාධ්‍යායතනය

අද (04/01/2019)  දින මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ නියෝජිතයින්
 පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා
 පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මහතා

පස්වෙනි වරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වෙලා පාර්ලිමේන්තුවේ කරපු පළවෙනි ප‍්‍රකාශයෙන් ඇ`ගිල්ල දිග් කලේ මාධ්‍යයට. අවුරුදු හතරක් තිස්සේ ආණ්ඩුව රට විනාශ කරමින් සදාචාරය සංස්කෘතිය විනාශ කරමින් කළ දේ මාධ්‍ය රටට හෙළි කළා. අගමැතිධූරය දරන අවසන් අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය හැදින්වූයේ කලූ මාධ්‍ය ලෙසයි. කලූමාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න ආණ්ඩුව පියවර ගන්න බව කිව්වා. මාධ්‍ය මර්ධනය සදහා අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සූදානමක් තියෙනවා. මාධ්‍ය නිහ`ඩ කලේ නැත්නම් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. එහි පියවරක් විදියට තෝරාගත් මාධ්‍ය සදහා දැන්වීම් ලබා දීම නතර කළා. හිරු හා දෙරණ තෝරා ගෙනයි මේ ප‍්‍රහාරය පටන් ගත්තේ. හෙට දිනයේ අනෙක් මාධ්‍ය ආයතනවලටත් මේ දේ වෙන්න පුලූවන්. 70%ක් පේක්ෂකයින් නරඹන නාලිකාවලට දැන්වීම් නොදීමෙන් වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ආණ්ඩුවේපළවෙනි පියවර මාධ්‍ය නිහඩ කිරිමයි.

රජයේ මැතිඇමැතිවරු එකිනෙකා බැන ගන්නවා. මේක අස්ථාවර කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවක් නිසා ඒකේ තනතුරු බෙදා ගන්න බැරිව හැල හැප්පීම් යනවා. රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්තී‍්‍රවරයාගේ භූමිකාව ඉටු කරනවා වෙනුවට ඇමැතිධූර ලබා ගැනීම කෙරෙහි මේ අයගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ මේ ගැටුම රනිල්් වික‍්‍රමසිංහගේ තවත් කුමන්ත‍්‍රණයක් වෙන්න පුලූවන්. රටේ තියෙන අර්බුද ජනතාව අතරට යාම වළක්වන්න මේ විදියටම රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙරත් කටයුතු කර තිබෙනවා. පසුපෙළ මන්තී‍්‍රවරු හරහා මේ කි‍්‍රයාත්මක කරලා තියෙන්නේ නැවතත් ජාතික ආණ්ඩුවකට යන්න දරන උත්සාහයක්. ඩග්ලස් දේවානන්ද මහතා තනි පක්ෂයක් තනි මන්තී‍්‍රවරයෙක් විදියට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින නිසා රජය එතුමා ඉදිරියේ දණින් වැටිලා ජාතික ආණ්ඩුවකට යන්න ඉල්ලා සිටියා. එතුමා තමන්ට ඡුන්දය දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් තමන්ට ඡුන්දය දුන්න ජනතාව වෙනුවෙන් සිටියා. දැන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්න විදියක් සොයමින් ඉන්නේ.

ඊයේ අගමැතිවරයා ඇමැතිධූර බලාගෙන ඉන්න මන්තී‍්‍රනවරු කිහිප දෙනෙක් අරලිය ගහ මන්දීරයට ගෙන්වූවා. ඒ ඇමැතිකම ලැබෙන තුරු ඔවුන්ට විෂයයන් වල වගකිම් බාරදෙන බව ප‍්‍රකාශ කළා. ජාතික ආණ්ඩුවකට යන්න මොවුන් කල් මරමින් මොවුන් ඉන්නේ. කුමන්ත‍්‍රණයක් ම`ගින් ජාතික ආණ්ඩුවකට යනවා නම් ඔවුන් ගැන ජනතාව බලාගනියි. අගමැතිතුමාට ඕනේ ඇමැතිකම් ලබා දීලා මන්තී‍්‍රවරු නිහඩ කරලා තියා ගන්නයි. නැවත වරක් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට දරන මේ උත්සාහයට හසු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද ආණ්ඩුවේ හිතවතා දෙමළ සන්ධානයයි. දෙමළ සන්ධානයෙත් කිහිපදෙනයි මේ උත්සාහයේ ඉන්නේ. බලහත්කාරයෙන් විපක්ෂනායක කාර්යාලයේත්, විපක්ෂනායක නිල නිවසෙත් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ කරපු දේමයි මේ ගොල්ලෝ කරන්නේ. විපක්ෂනායකධූරය දැවැද්දෙන් ලැබුණු දෙයක්වත් භූදලයවත් නෙවෙයි. පාර්ලිමේන්තුව පත්කරන්නෙත් වෙනස් කරන්නෙත් ජනතාව. මේ තනතුරු වෙනස් කරන්නෙත් ජනතාවයි. එදා අගමැතිධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්න කුමන්ත‍්‍රණය කරපු විදියටම අද විපක්ෂනායකධූරයෙනුත් ඉවත් කරන්නයි මේ අය හදන්නේ. පුලූවන්නම් මන්තී‍්‍රධූරයෙනුත් ඉවත්කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට හිතවත් අය වගේම විරුද්ධ අයත් ඉන්නවා. සාධාරණත්වයේ නාමයෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඇස් ඇරලා රනිල් වික‍්‍රමසිංහ සහ සුමන්දිරම් මන්තී‍්‍රවරයා ගෙනයන වැඩපිීළිවෙල දිහා බලන්න. ඔවුන්ට බටහිර බලවේගයන් වලින් භාර¥පු වැඩපිීළිවෙලයි මේ කරමින් සිටින්නේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුකරන හැම අවස්ථාවකට දෙමළ සන්ධානය මේ විදියට ගිවිසුම්වලට ආවා.

එජාපය සුමන්දිරම්ලාව බළල් අතක් විදියට භාවිතා කරන බවයි බොහෝ අය කිව්වේ. නමුත් මේ සිද්ධවෙන දේවල් එක්ක බලපුවම පේන්නේ සුමන්දිරම් මන්තී‍්‍රවරයාගේ බළල් අතක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වෙලා තියෙනවා කියන එකයි. ව්‍යවස්ථාව ඔවුන්ගේ ප‍්‍රමුඛ කාර්යය. රට බෙදන, ජාතීන් අතර අසමගිය ඇති වෙන, ජනතාව විරුද්ධ ව්‍යවස්ථාව ගෙන ඒමයි මේ අයට අවශ්‍ය. තුනෙන් දෙකක් බලයක් සහිත රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉ`දගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වගේ පෙනී ඉන්න අයත් ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්න තුරු රනිල් වික‍්‍රමසිංහ එක`ගවුනු සුමන්දිරම්ගේ ව්‍යවස්ථාව කිසිදිනෙක සම්මත කරන්න ඉඩ තියන්නේ නැහැ. අද ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඇමැතිකම් ගත්ත අය සතුටු නැත්නම් ආණ්ඩුවේ එකිනෙකා කුලල් කා ගන්නවා නම් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවයක් පත් කර ගැනීමට මැතිවරණයක් පවත්වන්න.

ආණ්ඩුව අයවැය ගේන්න සූදානම්. මැතිවරණයක් ඉලක්ක කරගත්ත මේ අයවැයෙන් ඒ සදහාම වූ බදු ප‍්‍රතිපත්තියක් එකතු වෙන්න ඉඩ තියෙන බව මේ වන විට විද්වතුන්ගේ අදහසයි. 2018 වෙද්දි රුපියල් බිලියන 11800 දක්වා ණය ගත්තා. ණය ගත්තේ රුපියල් බිලියන 7000 ණය ගෙවනවා කියලා. නමුත් ඒක වුනේ නැහැ. ආණ්ඩුව දැන් ආයෙත් විදෙස් ණය ගන්න සූදානම්. රුපියල් බිලියන 550ක් 2019 මුල භාගයේ ගන්න සූදානම්. ආර්ථිකය දුර්වල වීමේ වගකීමත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව භාර ගන්න ඕනේ. ආර්ථීක වර්ධන වේගය කඩා වැටිලා, ජාත්‍යන්තර සංවිධාන අපේ රට ආර්ථික දර්ශකවල පහලට දැම්මේ මහ බැංකු හොරකම නිසයි. තවදුරටත් මහ බැංකු සිද්ධිය ගැන ස්වාධීන පරික්ෂණයක් වෙන්නේ නැති බව මේ ආණ්ඩුව පත්වීමෙන් පැහැදිලි වෙනවා. රුපියල් 3000 අල්ලසක් ගත්ත පොලිස් නිලධාරියා බන්ධානගාරගත කරලා කෝටි ගණන් වංචා කරපු මහබැංකු හොරු නිදැල්ලේ. අත් අඩංගුවට අරන් ස්වාධීන පරික්ෂණයක් පවත්වනවා නම් පළමුව අත් අඩංගුවට ගන්න ඕනේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයායි.

කෙටි කාලීන ආණ්ඩු වෙනස නිසා අද ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය අන්ත අසරණ වෙලා ඉන්නවා.
නිල කාර්යාල හා නිල නිවාසවල බලෙන් ඉන්න අයගෙන් ඊට වැයවූ මුදල් අය කරගැනීමට ඉදිරියේදී පියවර ගන්නවා.
පාලිත රංගේ බණ්ඩාර අපේ කණ්ඩායමට එකතු කර ගැනීම නතර කලේ මමයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මහතා
අපේ පාක්ෂිකයෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම නොගත්තා නම් හො`දයි නේද කියන අවස්ථා තියෙනවා. රටේ මිනිස්සු දැක්කා ඇත්ත ආණ්ඩු කවුද? ඇත්ත විපක්ෂය කවුද? පාර්ලිමේන්තුව විකෘතියි නේද කියන දේ. කතානායක අසුනේ සිටියෙත් විපක්ෂ නායක ධූරයේ සිටියේත්, අගමැතිධූරයේ සිටියෙත්, විපක්ෂයේප‍්‍රධාන සංවිධායක ධූරයේ සිටියේත් හංසයා දිනවන්න කටයුතු කරපු අයයි. කෙටි කාලීන ආණ්ඩු වෙනස නිසා අද ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය අන්ත අසරණ වෙලා ඉන්නවා.

අපි ඒ තීින්දුව නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් මන්තී‍්‍රවරයෙක් විතරයි. ඒ තීන්දුව නිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක වෙලා ඉන්නවා. ශී‍්‍රලනීපය එජාපය විරසක වෙලා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඉදිරියේ අගමැතිතුමා වැඩ කරපු විදිය ප‍්‍රසිද්ධියේ කියපු ආකාරය ජනතාවට දැක ගන්න ලැබුණා. අද ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකධූරය අහිමි වෙලා හතර අතේ දුවනවා. සම්බන්ධන් මහත්තයාලා නිල නිවෙස් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉන්නවා. ඉදිරියේ දි අපි නිල නිවසකට වැය වන මුදල කාර්යාලයක් පවත්වා ගෙන යන්න වැයවන මුදල කොයි තරම්ද කියලා සොයා බලනවා. අපි දන්න විදියට පොදු දේපල පරිහරණයේදී අලාභය රුපියල් ලක්ෂයකට වැඩි නම් ඇප ලැබෙන්නේ නැහැ. මාස කිහිපයක්වත් රක්ෂීත බන්ධනාගාරයේ ඉන්නත් වෙනවා.

ජනතාවගේ අවධානය වොනතකට යොමු කරන්නත් මේ වෙද්දි එජාපයේ කට්ටිය පියවර අරන් තියෙනවා. පාලිත රංගේ බන්ඩාර කාලයකට ඉස්සෙල්ලා අපේ පස්සෙන් ආවා. ඒ දුරකතන සංවාද අදත් අපි දකිනවා. මේ සියලූ දේ කතා කරන විට පොදුජන පෙරමුනේ සංවිධාන කටයුතු කරපු මම කිව්වා පාලිත රංගේ බන්ඩාර අපිට එකතු කර ගන්න එපා. අපේ දිස්ති‍්‍රක්කයේ 34ක් අමුඅමුවේ මරා දැමුවා කියලා. මමයි ඔහුව ගැනීම වැලැක්වූවේ. පාලිත තෙවරප්පෙරුමයි සරත් ෆොන්සේකායි අද මරා ගන්නවා. ඒ අයට තියෙන්නේ ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. හරින් ප‍්‍රනාන්දුලා වගේ අය කිව්වා ලොම් හැරුණු අය ඉවත් කරන්න ඕනේ කියලා. ටිකිරි මොලේ තියෙන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහන මල්ලක් එක්ක අයවැයක් ගෙනත් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නයි සූදානම. ඊට පස්සේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මේකටයි ඔහු සූදානම් වෙන්නේ. අපේ ගම්වල මිනිස්සු අසරණ වෙලා. ආර්ථීකය කඩා වැටිලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress