2020-2025 අතරතුර ලක්වැසියන්ගෙ වාසනාවට පහල වෙන අදිසි කුමාරයා
Posted on January 6th, 2019

ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර නයෝමි සමරතුංග

ඉතාමත් සශ්‍රීකව පවතින ලක් දෙරණ ක්‍රම ක්‍රමයෙන් 2020 කාලය දක්වා අගාධය වෙත ඇදී යමින් එහි වෙසෙන ජනයා ගුණගරුක බවින් දුරස්ව පීඩිත තත්ත්වයකින් කල් ගෙවමින් සිටිනු ඇත. ආක්‍රමණිකයන්ගේ පාලනයට යටත්ව අනතුරුව එළඹෙන වසර 300ක කාලය එහි උච්චතම වකවානුව වේ. ගුණ ධර්ම මෙන්ම ධර්මයද පිරිහෙමින් මිනිසුන් නොමිසුන් වන වකවානුවකි ඒ කාලය. මිනිස්සු බලය වෙනුවෙන් සටන් වදිති. 2000 සිට ක්‍රමයෙන් 2018 වසර එළඹෙන්නේද රාජ්‍ය තන්ත්‍රය සම්පූර්ණයෙන්ම තම ජනතාව මුළා කරමින් පසුවෙද්දීය. මානසිකත්වයෙන් ඉතා අයහපත් අය තම නායකයන් බවට ජනතාව විසින්ම පත් කරගැනීමට තරම් ජනතාව මුළාවකින් පසුවන යුගයකි. රාජ්‍ය භාණ්ඩාගාරය නායකයන්ගේ දේපළ මෙන් පරිහරණය කරන අතර ඒ බව දැන ගත්තද ජනතාවට කළ හැක්කක්ද නොමැතිව සිටින කාලයකි.

එහෙත් බුද්ධි මට්ටම් අඩු තත්ත්වයක පසුවන වැඩි ජනතාවක් වෙසෙන කාලයක් බැවින් මුළාවේම වෙළී වැරැදි නායකයන්ම යදින කාලයකි. මිනිසුන් අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්වෙමින් තම ආහාර වේලද නොමැතිව දුකට පත්ව ජීවත්වන ජනතාවකි. එලෙස ජනතාව ජීවත් වෙද්දී නායකයන් ජනතා මුදල් රිසිසේ පරිහරණය කරමින් සිටින අයහපත් කාලයක නිමාවද එලෙසින්ම සුවිශේෂී සිදුවීමක් සමඟම ඇතිවීමට නියමිතය.

තත්ත්වය එසේ අර්බුදයට ලක්වෙද්දී ඉන් වසරක් ගත වන විට එනම් 2019 වසර එළඹෙන්නේ ඉන් වසර 2500කට පෙර සිදුවූ අතිශයින්ම වැදගත් උත්තම අධිෂ්ඨානයක නැවුම් බලාපොරොත්තුවක් මල්පල ගන්වමිනි. ඒ මහා බලසම්පන්න උතුම් කුමරකුගේ සම්ප්‍රාප්තිය සිදුවීමත් සමඟය. සටහන් කර ඇති ලෝක අක්ෂාංශ දේශාංශ සැලකීමේදී ඉංග්‍රීසි රටවල් වන කැනඩාව, ඇමෙරිකාව යන රටකින් මෙම උතුම් කුමරාගේ සම්ප්‍රාප්තිය සිදුවීම 2019 වසර මුල් භාගයේදී සිදුවනු ඇත. එතුමා පෙර මහා විරුවෙකි.

තම ජීවිතයේ විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද අඩ සියවසක තම අත්දැකීම්වලින් පසුව වීරෝදාර කුමරු සමාජයට අවතීර්ණ වන්නේ මුළු ලෝකයම උඩු යටිකුරු කරමිනි. ඒ සා කාලයක් එතුමන් සඟවා තැබීමට විශ්වය ක්‍රියාත්මක විය. බුද්ධියෙන් කිසිවකුට සම කළ නොහැකි බුද්ධියෙන් අනූන කුමරෙකි. විද්‍යාවෙන්, තාක්ෂණයෙන් පරතෙරට දත් කුමරෙකි. ඒ උතුම් කුමරා නම් ලොවක් පාලනය කළා වූ මහා බලැති 6 වැනි මහා රාවණාගේ ආදරණීය පුත් කුමරාම වේ. ඔහු නම් රජෙකි. රජුන්ගෙත් රජෙකි. දිව්‍ය ලෝක 6ක ආදරයට පත් උතුම් කුමරෙකි. විශ්වයම තම අතට ගෙන එහි සැබෑව ගෙන හැර දැක්විය හැකි තීක්ෂණ බුද්ධියක් සතු කුමරෙකි. එදින දක්වා ලෝකයේ සියලු අය අධ්‍යාපනය ලැබූ විද්‍යාව ඔහු විසින් වෙනස් කරනු ඇත.

විද්‍යා පොත් අලුතින් ලිවීමට සිදුවනු ඇත. වෛද්‍ය විද්‍යාවද අලුතින් බිහිවීමට තරම් ඔහුගේ සම්ප්‍රාප්තියේදී එතුමන් ලොවට හෙළි කරන නව තතු සමත් වනු ඇත. මිනිසාගේ ආයු කාලය වසර 80 සිට 200 දක්වා ඉහළ නංවා ගැනීමට ඉදිරි අනාගතයේදී එතුමන් ලොවට හෙළි කරන දෙයින් හැකිවනු ඇත. ලෝකයේ ප්‍රබල රටවල කෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ එතුමන් හෙළිකරන සත්‍යතාවක් මඟින් නැවුම් මාවතකට පත්වනු ඇත. ඒ වන විට ලෝකයේ පවතින පාසල්වල සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාදෙන ශේ්‍රෂ්ඨ විද්‍යාඥයන්ගේ සියලු න්‍යායන් බිඳ වැටෙනු ඇත. ඒ සියල්ල අභිභවමින් මේ ශේ්‍රෂ්ඨ කුමරා හෙළිදක්වන සැබෑ විද්‍යාවෙන් අවිද්‍යාව වසා දමනු ඇත. ලොවම උඩු යටිකුරු කරමින් එකින් එක සැබෑ විශ්වය හෙළි කරනු ඇත.

එතුමන්ගේ නාමය ඉඳින් තවත් වසර 2500ක් කල් යනතුරු ලෝකයේ සතර දිග් භාගයේම රන් අකුරින් ලියැවෙනු ඇත.

ලොවට සිදුවන සම්ප්‍රාප්තිය එතුමන් ඉංග්‍රීසි රටකින් සිදුවූවද ලක් දෙරණට ඔහු ඇලුම් කරනු ඇත. ඒ පින්වත් කුමරුගේ පූර්ණ ආශීර්වාදය ශ්‍රී ලංකාවට ලැබෙත්ද ඒ රටත් එහෙ වෙසන ජනතාවත් සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත. ඒ උතුම් කුමරු ගෝතම නම් බුදුන් වහන්සේගේ විවරණ ලබා ඇත්තාහ. බුදුන් වහන්සේගෙන් නිර්මල ධර්මය පිළිබඳ සියල්ල එවකට ලස්සන රාජ කුමාරයෙක් වූ මේ කුමරා නිරන්තරයෙන් උන්වහන්සේගෙන් දැන ඉගෙන අවධාරණය කරගෙන ඇත. ඒ මතකයන් සමඟ එතුමන් මිනිසත් බව ලබා තිබීම ලෝවැසි සියල්ලෝගේම භාග්‍යයකි. වෙනස්ව ඇති නිර්මල බුදු වදන් සැබෑ ලෙසම එතුමන් හෙළි දක්වන විද්‍යා සත්‍යතාවන් මඟින් ලොවට සනාථ වන අතර ලෝවැසි සියල්ලෝ ඉනික්බිතිව ඒවා උකහා ගැනීමට පෙලඹෙන අතර තවත් වසර 2500ක් කල් නිර්මල ධර්මය ඉතා යහපත් ලෙසින් සුරැකෙනු ඇත.

ඔහු යනෙන තැන සියලු දිව්‍ය පුත්‍රයන් සිටිනු ඇත. කිසිවකුටත් ඒ උතුම් කුමරාට හානියක් කිරීමට හෝ සිතීමටවත් නොහැක්කේමය. යමෙක් යම් විපතක් කරන්නට සැරසෙද්දී වෙන කවරදාකටවත් වඩා ඒ අයහපත් මිනිසුන් සියල්ලෝම සුන්නද්දූලි කර දැමීමට සියලු දිව්‍ය පුත්‍රයන් ක්‍රියාත්මක වනු ඇත. එතුමන්ට එරෙහිව යමකු කුමන්ත්‍රණයක් කරත්ද ඒ දෙයින්ම කුමන්ත්‍රකරුවන් වැනසෙනු ඇත. එතුමන් යන්නේ ලොව කොයි දෙසද ඒ රටේ ස්වාභාවික විපත් අවම වනු ඇත. ඒ පින්වත් කුමරාගෙන් ආශීර්වාදය යමකු ලබත්ද සියලු දෙවිවරුන්ද එතුමන්ගෙන් ආශීර්වාදය ලබන අයද එතුමන්ගෙන් ආශීර්වාදය ලබන ගම් නියම්ගම්ද රැකගනු ඇත.

මේ අසිරිමත් කුමරා එතරම් බලසම්පන්න වූවද එතුමන් සාමාන්‍ය මිනිසකු වශයෙන් පෙනී සිටීම විශේෂත්වයක් වනු ඇත. මුහුණේ නිරන්තර සිනාවකි. උසැති ඔහුට ළගන්නා සිරුරකි. 2019 වන විටද කිසිදු විටෙක ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවක හෝ එවැනි දේශපාලන පාලන තන්ත්‍ර නිලයක නිරතව නොසිට ඇත. එහෙත් විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද විවිධ වූ රාජ්‍ය උසස් තනතුරු හොබවා නොයෙක් විධ අත්දැකීම් ලබාගෙන සිටිනු ඇත. රාජ්‍ය නායකයන් ළඟින් ඇසුරු කර ඒවායේ අත්දැකීම්ද විඳ සිටිනු ඇත.

2005 සිට 2015 වසර දක්වා එතුමන් ලක් දෙරණේ විවිධ ප්‍රදේශවල සැරි සරද්දී වරෙක උසස් නිලධාරියෙක් ලෙසද වරෙක සාමාන්‍ය අයකු ලෙසද වරෙක නගරයේ උසස් සමාජයේද වරෙක ගැමි සමාජයේ ගැමියන් සමඟද සිටිනු ඇත. මේ පින්වත් කුමරු නොදැන සිටියද එතුමන්ට ගරු කළ නායකයන් එම වකවානුවේ රාජ්‍යත්වයට පත්වීම සිදුවනු ඇත. ඒ බව එතුමන් නොදත්තෝය. එතුමන්ගේ පිබිදීමට අවහිර කළෝද ඉවත් කළෝද තැකීමක් නොකළෝද රජකු වුවද මහා බලයක් තිබුණද එකෙණෙහිම ඉන් ඇද දැමීමද සිදුවනු ඇත.

එතුමන්ගේ පෙර භාවයන්වලදී ලක් මාතාව බේරාගත් අවස්ථා රාශියකි. රුවන්වැලි මහ සමිඳු එතුමන්ට සමීපය. දළදා සමිඳු බේරා ගත්තෝද මේ සුපින්වත් කුමරාම වේ. 2019ට වසරකට පෙර 2018 මුල් භාගයේදී ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමේදී එතුමන්ගේ ශරීරය වටා සුදුව වූ රැස් වළල්ලක් විහිදුවමින් එතුමාගේ සම්ප්‍රාප්තියට කාලය එළඹ ඇති බවට එතුමන්ට සිහිකරදීමට ප්‍රබල දිව්‍ය පුත්‍රයන් කටයුතු කරනු ඇත. දුටුගැමුණු රජතුමාගේ අදරැති පුත් කුමාරාද වේ. අනාගතයේදී කේතු සක්විති රජු යුව රාජ කුමරුද එතුමන්ම වනු ඇත. ඉනික්බිති අනාගතයේදී මතු බුදු වන මෛත්‍රි බුදු සමිඳුන්ගේ දයාබර පුත් කුමරාද වනු ඇත. මේ සුපින්වත් කුමරුට ආශීර්වාද කළෝ කවරෙක්ද ඒ පින්වතුන් මෛත්‍රි බුදු සමිඳුන් මතු භවයකදී දකින්නෝද වනු ඇත.

එතුමන් මුළුමහත් ලෝකයම නව මාවතකට යොමු කරමින් ලොවම උඩු යටිකුරු කරන අලුත්ම සොයාගැනීම හෙළි කරද්දී ශ්‍රී ලංකාවේ ජනතාව මහත් ආදරයෙන් එතුමන්ගේ නාමය අගය කරන්නේද නාමය ගම් නියම්ගම්වල දර්ශනය වේද එතුමන් ඒ රටට නැවත යෑමට උනන්දු කරවනු ඇත. දිව්‍ය පුත්‍රයන්ගේ රැකවරණ මැද එතුමන් ශ්‍රී ලංකාවට සැපත් වනු ඇත. එතුමන්ගේ උත්පත්තියත් සමඟම උසස් තලවලින් පැමිණ එතුමන්ට අත්වැලක් වන්නට මෙහි උපත ලබා එහෙත් ඒ වනතෙක් නොදැන විවිධ තැන්වල දිවි ගෙවූ සියල්ලෝ එතුමන් වටා රොක් වනු ඇත. ඒ සඳහා ඉන් වසර කිහිපයකට පෙර ඒ අය වෙත තම අතීතය සිහිපත් කරදීමටද දේව සභාව කටයුතු කරන්නට වේ. එලෙසින් ඒ පින්බර කුමරුගේ සැපත්වීමත් සමඟම ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය ඉදින් ඇරැඹෙනු ඇත. ජනතාව ඉන් පසු වසර කිහිපයක් යන විට සතුටින් සැපයෙන් ජීවත් වීමට හැකි පරිසරය එතුමන් නිසා ඇරැඹෙනු ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබලතම රාජ්‍යය බවට පත්වීමට නියමිත වනු ඇත. එහෙත් එතුමන් බල ලෝභිත්වයට ආශාවක් නොමැත.

එතුමන්ට නැවතත් රජකු වීමට එතරම් උනන්දුවක් නොපවතිනු ඇති අතර ඒ එතුමන් ලක්දිව චිරාත් කාලයක් රාජ්‍යත්වයේ සිටි උතුම් මිනිසකු වූ බැවිනි. එහෙත් බලවත් ජනතා ඉල්ලීමට එතුමන් කන් දෙනු ඇත්ද? එහෙත් එතුමන් සිය කැමැත්ත ඒ කෙරේ දක්වන්නේද එය වූ කලී ලක්වැසියන්ගේ වාසනාවකි. මෙම වාසනාවන්ත බව ලක්වැසියන්ට උදාවීම 2020 වසරේ සිට 2025 දක්වා අතර යම් දිනකදී සිදුවනු කිසිවකුටත් වැළැක්විය නොහැක්කේමය.ඒ දක්වා කැකෑරුණු ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවන්ත දුක්බර දිවි පෙවත වාසනාවන්ත වනු ඇත. එතෙක් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයන්ගේ ග්‍රහණයට පත්ව තිබූ ලක් දෙරණ උන් පලවා හැර දිව්‍යලෝකයට සමීප කරනු ඇත. ඉදින් මේ උතුම් කුමරාගේ සම්ප්‍රාප්තිය සිදුවීමෙන් පසු ලක් දෙරණට අවැඩක් නම් සිදු නොවනු ඇත.

ශ්‍රී ලංකාවට නව හිරු පායනු ඇත.
වසර 300කට පමණ පෙර ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නට ඇතැයි සිතිය හැකි, දකුණු ආසියාවේ රටකින් මහා බි්‍රතාන්‍යයට ගෙන ගොස් රාජකීය පවුලක් භාරයේ තිබූ පෞරාණික රන් පත්‍රිකාවල දැක්වෙන අනාගත අනාවැකි සටහන් සිංහලයට පරිවර්තනය කළේ,

 

2 Responses to “2020-2025 අතරතුර ලක්වැසියන්ගෙ වාසනාවට පහල වෙන අදිසි කුමාරයා”

  1. Christie Says:

    New year jokes!

  2. Vaisrawana Says:

    Nayomi S seems to be a talented fiction writer. I see this piece as political satire. Thank you.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress