අද (07) දින ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡුාව
Posted on January 7th, 2019

අද (07) දින මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ නියෝජිතයින්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා
පාර්ලිමේන්තු මන්තී‍්‍ර තාරක බාලසූරිය මහතා

 මේ රජයේ දේශද්‍රෝහී වැඩපිළීවෙලට එරෙහි, ශක්තියක් දේශපාලන නායකත්වය නිශ්ශබ්ද කිරීම රජයේ අරමුණයි.
 මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරලා සිරගත කිරීමේ වැඩපිළීවෙලක් ජාත්‍යන්තරව දියත් වෙනවා.
 ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරලා පඹයන් ටිකක් පාර්ලිමේන්තුවට ගෙනත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නයි සූදානමක් තියෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා
අද බලයේ සිටින්නේ සුලූතර ආණ්ඩුවක්. ජනතාවගේ සහයෝගය තමන්ට නැති බව මේ රජය දන්නවා. ජනතාවගේ කැමැත්ත ඇතිව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව මේ අණ්ඩුවට නැහැ. තීරණ අරන් වැඩ කරනවා වෙනුවට වෙනත් බලවේගවලට යටත්ව වැඩ කරන ආණ්ඩුවක්. විශේෂයෙන්් සුමන්දිරන් මන්තී‍්‍රවරයාට. මේ අතර යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව භයානකයි. මේ ව්‍යවස්ථාව ජනතාවගේ කැමැත්තෙන් කිසිසේත් සම්මත කරගන්න බැරිබව මේ සුලූතර රජය දන්නවා. ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත්, දේශ ද්‍රෝහී වැඩපිළීවෙලට එරෙහිව ජනතාවට ශක්තියක් ඇති දේශපාලන නායකත්වය නිශ්ශබ්ද කිරීම තමයි දැන් සූදානම වෙලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සැලසුම් සහගත වැඩපිළීවෙලක් මේ වන විට කි‍්‍රයාත්මක වෙනවා. ජාත්‍යන්තර වශයෙන් සංක‍්‍රාන්ත ජාත්‍යන්තර ඊළාම් රජයේ අගමැති තමන් කියලා නම් කරගත්ත කෙනෙක් ඉන්නවා රුද්‍රකුමාර් කියලා. මේ කියන සංක‍්‍රාන්ත ජාත්‍යන්තර ඊළාම් රජය ජාත්‍යන්තරව පිළිගත් රජයක් නෙවෙයි. මේ අය මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරලා ජාත්‍යන්තර අධිකරණ හමුවට මේ දෙපළ යවා සිරගත කිරීමේ වැඩපිළීවෙලක් දියත් වෙනවා. ඊට සහාය දීමේ නීතීඥ කටයුතු සිද්ධ වෙන්නේ සිවානි ත්‍යාගරාජා කියන නිතීඥවරයා අතින්. මේවා අපි සැහැල්ලූවට හෝ අවතක්සේරුවට සලකන්න හොද නැහැ. විශාල ධනස්කන්දයක් යොදවලා ජාත්‍යන්තර නිතීඥවරුන්ගේ සහායෙක් මෙවැනි වැඩපිළීවෙලක් දියත් වෙනවා. ඒ අතර යස්මින් සූසා කියන දකුණු අපි‍්‍රකාවේ ජිවත් වන කාන්තාව දරුස්මන් කමිටුවේ සාමාජිකත්වය අරන් ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කළා. එතුමිය එළිපිට ප‍්‍රකාශ කරලා තියෙනවා අපේ යුද හමුදාවේ නායකයින් 57ක් සිරගත කළයුතු බව. එසේ කරන තෙක් ඔවුන් සෑහිමකට පත් නොවන බවද සදහන් කර තිබෙනවා.
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහුබාන් මැක්ඩොනර් මන්තී‍්‍රවරයාගේ සහභාගීත්වයෙන් පසුගියදා රැුස්වීමක් පැවැත්වුනා මේ වැඩපිළීවෙල සාර්ථක කරගැනීම සම්බන්ධයෙන්. මේ සුලූතර රජය දැන් සැරසෙන්නේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි. ඒකට අවශ්‍ය වටපිටාව ජාත්‍යන්තර බලවේග දැන් කි‍්‍රයාත්මක කරලා තියෙනවා. ඊට සමානව අපේ රට තුළත් බොහෝම භයානක වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මකයි. මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ වැඩපිළීවෙලක් තමයි දැන් කි‍්‍රයාත්මක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ මන්තී‍්‍රවරු 47ක් පාර්ලිමේන්තුවේ නෙරපන්න සූදානම.
පාර්ලිමේන්තුව හරහා මේ යෝජිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්න බැරි නිසා ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරලා පඹයන් ටිකක් පාර්ලිමේන්තුවට ගෙනත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නයි හදන්නේ. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම සුජාතභාවයක් නැහැ. එවන් උත්සාහයකට අපේ කිසිම සහායක් නැහැ. අපි දිවිහිමියෙන් එය පරාජය කරන්න කැප වෙනවා. එදිනෙදා ආණ්ඩුවක් ගෙන යන්නවත් බැරිව, මෙවැනි කුමන්ත‍්‍රණ අත්හැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අපේ රටේ ජනතාවට අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීිමට අවස්ථාව දීමයි වියයුත්තේ.

කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135කින් වැඩි කරන්න ඉල්ලීම් ඇවිත්.ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා.
ආණ්ඩුවේ ඇතුලේ රණ්ඩුවෙන අයගෙන් මියගිය අතුරුදන් වුනු මාධ්‍යවේදීන් ගැන තොරතුරු කියැවෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා
2018 වර්ෂය අවසාන භාගයේ රටම කතාවුන මාතෘකාවක් වුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප‍්‍රජාතන්ත‍්‍රවදාය ආරක්ෂා කරලාද නැද්ද කියන ප‍්‍රශ්නය රට ඉදිරියේ තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවදයේ හිරු දෙවියෝ රනිල් වික‍්‍රමසිංහ, සදු දෙවියෝ අනුර කුමාර, තරු දෙවියෝ සුමන්දිරන්. මේ දෙවිවරු කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් රනිල් වික‍්‍රමසිංහ නැවත බලයට පත්කිරීමයි. පක්ෂය ඇතුලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියලා බලාපොරොත්තු දුන්නා. බලාපොරොත්තු කඩවෙලා හිටපු එජාපයේ කට්ටිය හිතුවා රනිල් වික‍්‍රමසිංහ කියන්නේ දැන් අලූත් නායකයෙක් කියලා. ඒ වුනාට දැන් බලද්දි පරණ රනිල්ම තමයි. පාක්ෂීකයාටවත් තමන්ගේ මිනිස්සුන්ටවත් කන්නොදී රනිල් වික‍්‍රමසිංහ එයාගේ ගමන යනවා. අනුර කුමාරගෙන් අහන්න තියෙන්නේ ඔබට දැන් සතුටුයිද කියලා තමයි.
කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135කින් වැඩි කරන්න ඉල්ලීම් ඇවිත්. මිල වැඩි නොකලොත් කිරිපිටි ගෙන්වීම නතර කරන්න වෙනවාලූ. කිරිපිටි කිලෝවකට රුපියල් 170ක් බදු ගෙවනවාලූ. කිරි දරුවන්ට දෙන කිරි ටිකෙන් බදු ගහන ආණ්ඩුවක්. නමුත් කතා කලේ සක‍්‍ර දේවියන් වඩම්මලා ෂක‍්‍ර දෙවියන්ට කරන්න බැරිදේත් කරනවා වගෙයි. ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා. මේ විදියට 2019 කියන්නේ ජිවත් වෙන්න හැකියාවක් තියෙන වසරක් වෙයිද? මේ දවස්වල ඇමැති පොරයක් ඇති වෙලා. ඉස්සර අපි ආණ්ඩුව කරද්දි ආණ්ඩුව විවේචනය කරන්නේ විපක්ෂය. දැන් ආණ්ඩුවට බනින්නේ ආණ්ඩුවමයි. හිටපු මුදල් ඇමැති, වත්මන් විදුලි බල ඇමැති කියනවා කිසිම හැකියාවක් නැති අය පක්ෂයට ඇවිත් අපිව පක්ෂයෙන් එළවන්න හදනවාලූ. කේවට්ටයෙක් පක්ෂයේ ඉන්නවාලූ. මේ කේවට්ටයා මලික් සමරවික‍්‍රමයි. මේ ආණ්ඩුවේ ඉන්න අය එකිනෙකාට බැන ගන්නවා. කම්බ හොරු කියනවා. පහුගිය මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ජාතික ආණ්ඩුවක් නෙවෙයි තිබුනේ. ජාතික ආණ්ඩුවක් නම් විතරයි ඇමැතිවරු තිහකට වැඩිවෙන්නේ. ඒ දවස්වල කිසිම කෙනෙක් ඇමැති තනතුරු වලට පොරකෑවේ නැහැ. අපි කිව්වේ අපිට ඇමැතිකම් එපා කියලයි. ආදර්ශය අපි පෙන්නුවා. අනුර කුමාර දිසානායකට මේ ආණ්ඩුවේ දේවල් පේන්නේ නැහැ. ෆොන්සේක තෙවරප්පෙරුම රණ්ඩුවක් තියෙනවා. ඒ කතා ඇතුලේ මේ රටේ අතුරුදහන් වුනු අය, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ගැන කියැවෙනවා. ඒ ගැනයි හොයලා බලන්න ඕනේ. ඇයි නිහ`ඩ. දැන් ඇත්ත එළියට එනවා. ජවිපේ කට්ටිය දැන් ආයෙත් විද්වත් සභාවක් පටන් අරන්. සරත් ෆොන්සේකා හොදයි කියලා ජනාධිපති ඇදුම ඇන්දුවේ ජවිපෙයි. ජවිපේ තීන්දු ගැන රටේ මිනිස්සුන්ට දැන් හොදට තේරෙනවා. රට අස්ථාවර තීන්දු ගන්නේ ජවිපෙයි.

සුරක්ෂා රක්ෂණය ගැන විශේෂයෙන් සොයා බැලීමක් කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තාරක බාලසූරිය මහතා
මේ ආණ්ඩුවේ ආයුෂ සීමිතයි. රක්ෂණ සංස්ථාවත් එක්ක කරපු සුරක්ෂා රක්ෂණය බහුජාතික සං්විධානයක් එක්ක පවත්වා ගෙන යාමේ උත්සාහයක් තියෙන බව දැන ගන්න ලැබෙනවා. මුදල් අමාත්‍යංශයේ් චක‍්‍රලේඛණයේ කියන්නේ රජයේ රක්ෂණයක් නම් රක්ෂණ සංස්ථාවට දියයුතු බවයි. රක්ෂණය ගෙවලා තියෙන්නේ බිලියන 475යි. මාර්කටින් වියදම් විදියට මිලියන 200ක් දාලා. මේ මිලියන 200 වියදම් වුනු විදිය ගැනත් හොයලා බල්න්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
රක්ෂණයක් කරන එක හොදයි. මේ ක‍්‍රමවේදය ඉදිරියටත් කි‍්‍රයාත්මක කරන්න පුලූවන්ද කියන සැකය අපිට තියෙනවා. රක්ෂණ ක‍්‍රමවේදය ගැන අවබෝධයක් ගන්න කාලයක් ගත වෙනවා. ගෙවලා තියෙන වන්දි ප‍්‍රමාණ්‍ය බිලියන 450යි. දෙවැනි අවුරුද්දේ වැඩි වෙනවා. ඉදිරියේදී ගෙවන මුදල වැඩි වෙන්න ඉඩ තියෙනවා. මීට වඩා හොදයි සිසුන් වෙනුවෙන් රෝහලක් හදන එක. රක්ෂණ ක‍්‍රම හදුන්වා දීමේදීත් එක එක ඇමැතිනවරුන්ට කොමිස් මුදල් දෙනවාද කියන කියලත් සැකයි මේ ගැනත් හොයලා බලන්නයි අපි ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

One Response to “අද (07) දින ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡුාව”

  1. ranjit Says:

    We are fed up of watching press conferences of politicians of all parties. We don’t need to hear the same old stories and promises. We had enough for seventy long years now stop all these nonsense and do something for the country to get out from the mess you guys put us in. We need a stable government with a straight forward no nonsense leader whom we can trust and have faith to take our country forward not backwards. Mahinda Rajapaksa is a good leader although he made some mistakes in the past. Majority wish to have him as the next democratic leader in this country. Ending the cruel war was enough to make him our next president or the prime minister. It was not an easy thing as those UNP TNA JVP western hypocrites evil minds think. It was a hard fought battle between the government forces and a terrorist group funded by Indian parasites. Mahinda Rajapaksa finished it in four years where five presidents couldn’t do it for twenty six years because of the pressure they got from outside evil forces who were friends of Tamil terrorists. Every citizen knows this once a upon a time war story and the past seventy years story so let’s stop this storytelling and start a new era with a new thinking to bring peace and prosperity to our blessed land. We need a new vision for the country and new decent faces in the parliament not those old haggard jokers who works against our country and the people. I prefer Gota as the president and Mahinda as the prime minister of Sri Lanka as they were both Sinhala Buddhists whom Maha Sanga and the majority trust. Let’s work together to create a clean society with strong leadership.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress