ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව
Posted on January 9th, 2019

අද (09) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
• පාර්ලිමේන්තු මන්තී්‍රනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
• පාර්ලිමේන්තු මන්තී්‍ර රමේෂ් පතිරණ මහතා
• දකුණු පළාත් සභා මන්තී්‍ර සමපත් අතුකෝරාල

• ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි.
• සජිත් ප්‍රේමදාසගේ හිතවතුන්ට ඇමැතිකමක්වත් නොදෙන්න රනිල් වික්‍රමසිංහ ප්‍රවේශම් වුනා.
• මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකධූරය හිමිවිම රට ලැබූ ජයක්
• දැන් රට ඛෙදන කදවුරේ ශක්තිය බිදවැටිලා
• සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක
• මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක

පාර්ලිමේන්තු මන්තී්‍රනී පවිත්‍රා වන්නිආරච්්චි මහත්මිය
ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න ප්‍රවේශම් වෙලා තියෙනවා. එජාපය ඇතුලේ තියෙන ගැටුම් දැන් තීව්ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක. රවී කරුණානයක කියලා තිබුණා මෝස්තර කාරයෙකුට මුදල් ඇමැතිකම හරි යන්නේ නැහැ කියලා. මෙහෙම එජාපය ඇතුලේ ප්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථීකය ගොඩගන්න බැරිබව මුලූ ලෝකයම දන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ ණයදෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ. අවුරුදු 10ට පස්සේ කොටස් වෙලෙදපොලේ අවම දෛනික පිරිවැටුප ජනවාරි 4 වැනිදා වාර්තා වුණා. ඒ යුද්ධය අවසානයේ 2009 ඇති වු තත්ත්වයට සමාන තත්ත්වයක්. රුපියල අවප්‍රමාණ වෙමින් යනවා. ආණAඩුව චීනය, ජපානය වැනි අපේ රටට ආධාර දීපු මිත්‍රශීලි රටවල් තරහ කර ගත්තා. මේ රටවල් සදාකාලිකව ශී්‍ර ලංකාවට මිත්‍රශීලි රටවල්. රනිල් වික්‍රමසිංහ වන්දනාමාන කරන බටහිර රටවලින් අපේ ආර්ථීකයට තල්ලූවක් ලැබුලා නැහැ. ඒ රටවල් අපේ රට සූරාකෑවා විතරයි. අද රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. ඊළමට පාර කපන ව්‍යවස්ථාව ගේන්න යන්නේ ඒ නිසයි. ඒ නිසයි ආනAඩුව ඉන්නේ ස්වභාවික මරණයක් අබියසයි කියලා මම කිව්වේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැනිකෑය කිව්වා වගේ මේ ආණAඩුවත් මරණ තුනක් අතේ තියාගෙන පැණි කනවා. ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවතින ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ගන්නවා.
මහින්ද රාජපක්ස මහතාව විපක්ෂ නායක විදියට පිළිගැනීම රටක් විදියට හොද තත්ත්වයක්. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනත් ඊළමට පාර කපන ක`දවුර පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙලා හිටියා. ව්‍යවස්ථා දායක සභාවේ හත්දෙනෙක් පත්කරන්නේ අගමැති හා විපක්ෂ නායක. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදාන පත්කිරීම් කලේ රනිල් සම්බන්ධන් කදවුරයි. නමුත් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබීමෙන් පසුව රටේ පුරවැසියන් සැනසුම් සුසුමක් හෙලූවා මේ ක`දවුර කඩා වැටිලා සැබෑ විපක්ෂයට විපක්ෂ නායකකම ලැබිම ගැන.

• ඉන්ධන මිල ඉහළ යැවීමේ සූදානමක්
• ඉන්ධනවලට වගේම විදුලියටත්, ජලයටත් මිලසූත්‍ර ගෙන ඒමට ආණAඩුව සූදානම්
• පසුගිය වසර 25 තිස්සේම ජනාධීපති අපේක්ෂකයෝ හයර් කරපු එජාපයේ කුෂලතා සපිරි අපේක්ෂකයෙක් ඉන්නවා දැක්කේ නැහැ.

පාර්ලිමේන්තු මන්තී්‍ර රමේෂ් පතිරණ මහතා
අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා මේ මාසේ 10 වැනිදාට ඉන්ධන මිල වෙනස් වන බව. මිල සුත්‍රය අනුව තෙල් මිල ඉහළ දැමීමටයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. ලෝක වෙළෙ`දපොලේ බොරතෙල් බැරලයක මිල අඩු වෙලා තියෙන අවස්ථාවකත් එහි වාසිය පාරිභෝගික ජනතාවට දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත්වෙලා ඉතා කෙටි කාලයකින් ඉන්ධන මිල අඩු කරලා එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දුන්නා. ඒ නිසා එජාපයට සිදුවුනා තෙල් මිල අඩු කරන්න. මේ මාසේ 10 වැනිදා නැවතත් තෙල් මිල වැඩි වෙන බව අපිට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැඛෙනවා.
තෙල් මිල වැඩිවීම නිසා ප්‍රවාහන පද්ධතිය, කර්මාන්ත පද්ධතියට බලපෑමක් වෙනවා. මිල වැඩිවීමත් එක්ක ඉතිහාසය පුරාවටම සෑම නිෂ්පාදනයකම මිල ඉහළ ගිහින් එහි බර ජනතාව පිට වැටෙනවා අපි දැකලා තියෙනවා. තෙල් මිල අඩුවිමත් එක්ක බේකරි නිෂ්පාදන ඇතුලූ බොහෝ නිෂ්පාදකයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා නිෂාපදන මිල අඩු කරලා ජනතාවට එහි වාසිය ලබා දෙන්න පියවර ගත්තා. නැවතත් තෙල් මිල වැඩිකිරීමෙන් සිද්ධ වෙන්නේ ජනතාව කඹලෙන් ලිපට වැටිමක්. ජාත්‍යන්තර අරමුදලේ නියමයන්ට අනුවයි මිලසූත්‍රය ඉදිරිපත් කලේ. මේ විදියටම ඉදිරියේදී විදුලිබලය ස`දහාත් මිල සුත්‍රයක් ඉදිරිපත් කරන්නයි ආණAඩුව සූදානම් වෙන්නේ. ඉතාම නුදුරේදී විදුලි බිල වැඩි වෙන්න නියමිතයි. ඒ විතරක් නෙවෙයි ජලයටත් මේ සූත්‍රය එනවා.
රටේ ජනතාවට හැමදාම නත්තල් එන යුගයක් උදාකරණ බව රජයේ ඇමැතිවරුන් කිව්වට එදාවේල කන්න විදියක් පවා මේ අකාර්යක්ෂම පාලනය විසින් ඇතිිකරලා. අපේ සමයේ ඇතිවූ ආර්ථීක උද්දීපනය ඉදිරියට ගෙනයන්නයි මැතිවරණයක් ඉල්ලූවේ. නියමිත කාලයට මැතිවරණය පවත්වන්න අවශ්‍යතාවයක් නැතිබව එජාප මන්තී්‍රවරු පවසනවා. ඒ වගේම වහාම ජනාධීපතිවරණයක් පවත්වන්නයි එජාපයේ මන්තී්‍රවරු ප්‍රකාශ කරනවා. මේක මහ මැතිවරණයක් පවත්වන්න කාලය නෙවෙයි කියනවා නම් ජනාධීපතිවරණය පවත්වන්නත් කාලයක් තියෙනවා. 2020 ජනවාරි දක්වා මෛතී්‍රපාල සිරිසේන මහතාට ජනාධීපතිධූරයේ සිටිය හැකියි. මහ මැතිවරණයක් එන්නේත් නැත්නම් ජනාධිපතිවරණයක් තියන්නෙත් නැත්නම් මේ වෙද්දිත් කල් ඉකුත් වෙලා තියෙන පලාත්සභා මැතිවරණය පවත්වන්්න.
කේවල් සහ සමානුපාත්ක ක්‍රමයන්ගේ මිශ්‍රණයක් සහිත ක්‍රමවේදයට මැතිවරණය පවත්වන්නට අකමැති බව දේශපාලන පක්ෂ මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙන්නේ. ආණ්ඩුවට පුලූවන් මේ සතියේම කැබිනට් මණAඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා පසුගිය ක්‍රමවේදයට මැතිවරණය පවත්වන්න. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවාම මන්තී්‍රවරුන් ලැහැස්තියි සම්මත කරලා දෙන්න. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එජාපයට ජනතාවගේ සර්වජන ඡන්ද බලය සුරැකීමේ අයිතියක් තියෙනවා. කුසලතා සපිරි ජනපි්‍රය ජනාධිපතිවරණ අපෙක්ෂකයෙක් එජාපයෙන් ඉදිරිපත් කරන බව පාඨලි චම්පික කියනවා. එවැනි අයෙක් පහුගිය කාලෙම අපි එජාපයෙන් දැක්කේ නැහැ. එක්සත් ජාතික පෙරමුණ පසුගිය වසර 25ම හයර් කරපු අපෙක්ෂකයොයි ඉදිරිපත් කලේ. ඔය කියන කුෂලතා සපිරි අපේක්ෂකයා වෙන්නෙත් රනිල් වික්‍රමසිංහම බව කැට තියලා කියන්න පුලූවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා දිනන්නේ ඒ අය ඉන්නකල් විතරයි කියලා පාඨලි චම්පික කිව්වත් ඔහුට අමතක වෙලා අපි පසුගිය පළාත් පාලන මැතිවරණය ජය ගත්ත බව. දැන් ශී්‍රළනීපයත් පොදුජන පෙරමුණත් එක මතයකට ඇවිත් තියෙන නිසා අපේ ඡන්දප්‍රමාණය පැහැදිලිවම ලක්ෂ 60කට ආසන්නයි.
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන ආකාරය අපි දැක්කා. ශී්‍ර ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිවල අයගෙන පළිගැනිම් අරඹා තියෙනවා. ඉස්සර ජේ’. ආර්. ජයවර්ධන මහතාත් මේ විදියටම දේශපාලන ප්‍රචණ්ඩත්වයක් දියත් කළා. මැතිණියගේ ප්‍රජා අයිතියපවා අහෝසි කරලා දැම්මා. එවැනි කි්‍රයාදාමයකට යන්න එජාපයට අද බැරිවෙලා තියෙන්නේ මෛති්‍රපාල සිරිසේන මහතා ජනාධීපතිධූරයේ සිටීම නිසයි. බැරිවෙලාවත් එජාපයට ජනාධීපතිධූරය ඇතුලූ සියලූ බලතල ලැබුනොත් අපේ රටට දෙවියන්ගේ පිහිටයි කියලා කියන්න තමයි සිද්ධ වෙන්නේ.

• ලේ වැගිරීමකට රට ගෙනයාමේ උත්සාහයක් තියෙනවා.
• පළාත් සභා මැතිවරණය දිනාගැනීමට ජනතාවත් එක්ක අපි පාරට බහින්න සූදැනම්.
• මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගේ නිර්භීතබව අද කෝ

දකුණු පළාත් සභා මන්තී්‍ර සම්පත් අතුකෝරාල මහතා
එජාපය සුපුරුදු විදියට රට ප්‍රචණAඩත්වයට ගෙනයමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ බලයට පත්වුනු හැම වෙලාවකම පාතාලය හිස ඔසවනවා. පසුගිය කාලය පුරා සෑම දවසකම මහම`ග මිනිසුන් මැරෙනවා. මහ ස`ගරුවන විද්වතුන් ජනතාව මේ තත්ත්වය ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. ලේ වැගිරීමකට රට ගෙනයාමේ උත්සාහයක් තියෙනවා. නීිතිය පිළිබද විශ්වාසය බි`දවැටෙමින් තිඛෙනවා. අවසානයේ සිද්ධ වන්නේ පාලනයට එරෙහිව කැරළි ගැසීමයි. එවැනි ලේ වැගිරීමක් තමයි රනිල් වික්‍රමසිංහ මේ රටට උරුම කර දෙන්න යන්නේ. එතැනින් රට මුදවා ගන්න නම් මේ රට බේරාගන්න මේ මොහොතේ ඉදිරිපත්විය යුතුයි. පළාත් සභාවේ ආණAඩුකාරවරයාට සංවර්ධන ව්‍යපෘති දියත් කරන්න අයිතියක් නැහැ. වැටුප් ගෙවනවා හැරෙන්නට අයවැය ලේඛණයක් නැතිවයි මුදල් වියදම් කරන්නේ. පාලන බලය තිඛෙන දකුණු පළාත් සභාවේත් අයවැයක් නැතිව අතු=රු සම්මත ගිනුමක් ඉතිහාසයේ ප්‍රථමවරට සම්මත වෙනවා. පළාත් සභාවලට අයිති සියලූ විෂයයන් අද අකර්මන්‍ය වෙලා. රටේ ජනතාව අපේක්ෂා කරන සංවර්ධනය ඉටු වෙන්නේ නැහැ. දකුණු පළාත් සභාවේ කාලය අපි්‍රයෙල් 10 වැනිදා අවසන් වෙනවා. මේ ආණAඩුවට පළාත් සභා මැතිවරනය තියන්න වුවමනාවක් නැහැ. අපි සියලූ පළාත් සභා මන්තී්‍රවරු ජනතාවත් සමග එක්ව මැතවරණයක් දිනා ගැනීමට සටන්කරනවා. මැතිවරන කොමෂමේ සභාපතිවරයගේ කාර්යභාරය මේ මොහොතේ ඉටු වෙන්නේ නැහැ. එතුමාගේ එඩිතර බව අද කොහෙද කියලා මම අහන්න කැමැතියි.

මාධ්‍ය – ව්‍යවස්ථාදායක සභාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මේ වෙද්දි සාකච්චා සිදුවෙනවාද?

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – මහින්ද රාජපක්ස මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ පියවර ගනියි. විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම වගේම සතියකට සැරයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවෙනවා. විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් පසුව කෝ්ප් කමිටුව ඇතුලූ කාරක සභාවලට නියෝජිතයින් පත්වීම සිදුවුනා. ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීම ඉදිරියේදි සිදුවෙයි.

මාධ්‍ය – ඔබලා ජනාධිපතිවරණයකට කැමැති නැද්ද

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – පවත්වන ඕනෑම මැතිවරණයක් අපි ජය ගන්නවා. අපි ඕනම මැතිවරණයකට සුදානම්. ජනාධිපතිවරණයක් දෙනවාද නැද්ද කියලා මෛතී්‍රපාල සිරිසේන මහතා තීරණය කළයුතුයි. ඒක එජාපයට තිරණය කරන්න බැහැ. අපි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලූවාට දුන්නේ නැහැ. දෙන්න තියෙන පළාත් සභා මැතිවරණයවත් දෙන්න.

මාධ්‍ය – ජනාධීපතිවරණ අපෙක්ෂකයා කවුද?

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ඒක මහින්ද රාජපක්ෂ මහතා තිරණය කරයි.

මාධ්‍ය – විපක්ෂ නායක නිල කාර්යාලයේ තත්ත්වය දැන් කොහොමද?

රමේෂ් පතිරණ මහතා – නිල විපක්ෂයේ අයිතිය අපිට ලැබිලා තියෙනවා. කාතානායකවරයාගේ පිළිගැනිමත් එක්ක අපිට නිල නිවස හමුවෙයි කියලා හිතනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට හිමි නිලනිවස ගන්නත් එතුමා සෑහෙන කාලයක් බලාගෙන හිටියා. මේක නිල නිවසක් හෝ කාර්යාලයක් බලාගෙන කරන සටනක් නෙවෙයි. පහුගිය කාලයේ අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න ලැබුනෙත් විනාඩි 20ක් වගේ කාලයක්. අද අපිට විශාල කාල පරාසයක් ලැඛෙනවා. ප්‍රශන ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. නිල විපක්ෂයේ අයිතිය ලැබීමයි අපිට වැදගත්. කතානායක තින්දුවෙන් පස්සේ ගැටලූ ටික ක්‍රමයෙන් විසදෙයි කියලා අපි විශ්වාස කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress