මේ වසර අවසන් වීමට කලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති වරයෙක් – බැසිල් රාජපක‍ෂ
Posted on January 13th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක‍ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක‍ෂ මහතා පවසයි.

බැසිල් රාජපක‍ෂ මහතා මේ අදහස් පළ කලේ අද(13) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ්‍රිලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජවිපේටත් සමහර දිස්ත්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්වයට පත්කිරීමට තම පක‍ෂයට හැකිවූ බවත් මෙහිදී පෙන්වා දුන් ජාතික සංවිධායක වරයා ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රීක් 19 ක් තම පක‍ෂය ජය ගන්නා බවද අවධාරණය කලේය.

එමෙන්ම පසුගිය දින 51 ආණ්ඩුව ලබාගැනීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු සැලසුමක් තමන්ට නොතිබුණු බව මෙහිදී පිළීගත් බැසිල් රාජපක‍ෂ මහතා දැන් තම පක‍ෂයට සටන ඇත්තේ රනිල් ,සජිත් හෝ නවීන් සමග නොව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමග පමණක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්තාවට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති දිලුම් අමුණුගම,පාර්ලිමෙන්තු මන්තී්‍රවරුන් වන ප්‍රසන්න රණවීර , ඉන්දික අනුරුද්ධ, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ගම්පහ දිස්ති්‍රක් සභාපති සහන් ප්‍රදීප් ඇතු`ථ පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress