රනිල් ප්‍රමුඛ එන්ජීඕ නඩය මාධ්‍යවලට කරන බලපෑම්වලට එරෙහිව පියවර ගත යුතුයි
Posted on January 15th, 2019

උපුටාගැණීම  මව්බිම

ව්‍යාජ කරුණු දක්වමින් මාධ්‍යවලට කරන බලපෑම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එන්.ජී.ඕ. නඩයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාලේවත්ත පවසයි.

මාධ්‍ය අද යම් කිසි නිදහසක් ලබන අවස්ථාවේදී එම නිදහස නැති කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවද නීතිඥ ‍ෙදාලේවත්ත අවධාරණය කළේය.

ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ වෘත්තීය කටයුතුවලට සිදුකරන බලපෑම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ විහාර මහාදේවි උද්‍යානයේ හට් ගහගෙන දඹර අමිල හිමිත් සමඟ ඉඳගෙන නැවත රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කරන ලෙස ඉල්ලා සිටියේ මෙම එන්.ජී.ඕ. නඩය බවයි.

කළු ඇඳුම් ඇඳගෙන, කළු පටි මුහුණුවල බැඳගෙන පැමිණි මෙම එන්.ජී.ඕ. නඩයට ගෙවපු කළු සල්ලි ලැබුණේ කොහෙන්දැයි ප්‍රශ්න කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාලේවත්ත මහතා පවසා සිටියේ ජනමාධ්‍ය අවදියෙන් සිටින තුරු රට බෙදන ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි බැවින් ආණ්ඩුව ජනමාධ්‍යයට බලපෑම් කරන බවයි.

‘මව්බිම’ පුවත්පතට ගිහින් පිළිකුල් සහගත ආකාරයට හැසිරෙනවා. ‘සිරස’ ආයතනය ඉදිරිපිට ගිහින් බලපෑම් කරනවා. අපි අහනවා මේ කළු ඇඳගත්ත අයගෙන් ඒ කළු ඇඳුම්වලට කළු පටිවලට ලැබුණු කළු සල්ලි ලැබුණේ කොහෙන්ද කියලා.

ජනතාවට ඇත්ත දැනගන්න තිබෙන්නේ ජනමාධ්‍ය විතරයි. හෙට වන විට මේ අය මාධ්‍ය ආයතන ඇතුළටත් යන්න හදයි. රනිල් වික්‍රමසිංහ මහතා විතරක් නෙවෙයි ඔහුගේ පියත් මෙවැනි දේවල් සිදු කළා. එස්මන්ඩ් වික්‍රමසිංහලා, විජේවර්ධනලා තමයි අනගාරික ධර්මපාලතුමා වගේ අයට මේ රට එපා කෙරෙව්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress