සිංහල භාෂාවෙන් නඩු තීන්දුවල පරිවර්තන ඉල්ලීමේදී අවමන් කිරීම සම්බන්ධව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට එරෙහිව ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට පැමිණිලි……!
Posted on January 15th, 2019

Sri Lanka News

2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ලක්සිරි උණවටුන විසින් ද 2018.11.12 දින සිංහල භාෂාවෙන් පෙත්සමක් ගොනු කර තිබූ අතර එකී පෙත්සම2019.01.10 දින නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ලබා ගැනීමට කරුණු තහවුරු කිරීමට ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු විනිසුරුවරු ඉදිරියේ කැදවා ඇත.

ඒ අවස්ථාවේ විජිත මලල්ගොඩ විනිසුරු නීතිඥවරයා වෙත දෝෂාරෝපනය කරමින් සිංහල භාෂාවෙන් ඔහු තීන්දුවල පිටපත් නිතරම ඉල්ලා සිටින බවත්, ඔහු හිගන්නාගේ තුවාලය මෙන් කටයුතු කරන බවත්, සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීම අධිකරණය අපහසුතාවයට පත් කිරීමක් බවත්, මේ ආකාරයට ගියොත් දෙමළ භාෂාවෙන්ද පිටපත් ඉල්ලිය හැකි බවත් එම විනිසුරුවරයා අභියාචනාධිකරණයේ සිටියදී සිංහල භාෂාවෙන් නඩු තීන්දු ගැනීමට උත්සාහ කළද අසාර්ථක වූ බවත් ඇතුළුව ප්‍රකාශ කරමින් විවෘත අධිකරණයේ දී නීතිඥවරයාව අපහසුතාවයට සහ අවමානයට පත්කර ඇති අතර ඒ සම්බන්ධව එකී නීතිඥවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,කථානායක ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, රාජ්‍ය භාෂා කොමිසමට සහ නීතිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 35 , 17 සහ 126 ව්‍යවස්ථා යටතේ සහන ලබා ගන්නා බව දන්වා ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ….

 

One Response to “සිංහල භාෂාවෙන් නඩු තීන්දුවල පරිවර්තන ඉල්ලීමේදී අවමන් කිරීම සම්බන්ධව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට එරෙහිව ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට පැමිණිලි……!”

  1. Hiranthe Says:

    They will definitely lose the cool because the poor judges gave the verdict against Mother Lanka to satisfy the West, LieTTE and India, and made it in English, to earn some extra bucks!!

    How unfair this lawyer Aruna Laksiri is??

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress