ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින්
Posted on January 16th, 2019

මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනය

අද (16) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
• ශී්‍ර ලංකා පොදුජන නීතීඥ සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අතුල ද සිල්වා මහතා
• ශී්‍ර ලංකා පොදුජන නීතීඥ සංගමයේ සහකාර ලේකම් කුරුණෑගල නීතීඥ සංවිධානයේ ලේකම් ඉන්දික ජයතිලක මහතා
• ගම්පහ දිස්තී්‍රක් නීතීඥ සංගමයේ ජ්‍යෙෂ්ට නීතීඥ ලලිත් පියුම් මහතා
• කොළඹ දිස්ති්‍රක් නිතීඥ සංගමයේ නීතීඥ ෂමානා සනූස්් මහත්මිය

ශී්‍ර ලංකා පොදුජන නිතීඥ සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අතුල ද සිල්වා මහතා

• මාධ්‍යයට කෙරෙන තර්ජන හෙළා දකිනවා
• ලංකා ඉතිහාසයේ මාධ්‍යට තර්ජනය කළ පළමු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහයි
• මාධ්‍යයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙතෙක් කිසි`දු ප්‍රකිශයක් කර නැහැ.

මේ මුලූ රටම මැතිවරණ ගැන කතාවෙන වර්ෂයක්. පළාත්සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණත් ආණ්ඩුව මැතිවරණය කල් දමමින් සිටිනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් විය යුතු බවත්, පොදුජන පෙරමුණ මුලිකත්වය ගත යුතු බවත් ශී්‍ර ලංකා නිතීඥ සංගමයේ දිස්තී්‍රක් සංවිධාන සියල්ල රැස්වෙලා තිරණයකට ආවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී වයසින් අඩු වුනත් රටේ වැඩිම ආයතන ගනණක් දිනාගත්තේ අපේ පක්ෂයයි. වැඩිම ඡන්ද සංඛ්‍යාව, වැඩිම සභික සංඛ්‍යාව වැඩිම ආයතනය ගණනක් ගත්ත පක්ෂය වුනේ අපියි. අනෙක් සියලූ පක්ෂ ඉන්නේ පොදුජන පෙරමුණට වඩා පහළින්. අපි බලය ස්ථාපනය කරගත්ත ප්‍රමානයෙන් අටෙන් එකක් වගේ තමයි දෙවැනි තැන ඉන්න පක්ෂයට ලැබුනේ. එවැනි දැවැන්ත පක්ෂයක් ඊළග ඕනෑම මැතිවරණයට පොදුජන පෙරමුණ විදියට තර`ග කරන්න ඕනේ කියලා ශී්‍ර ලංකා පොදුජන නිතීඥ සංගමයේ විධායක සභාව එළැඹී තීිරණය දිස්ති්‍රක් සංවිධාන සම්මත කළා. අපි අපේ තීිරණය පක්ෂයේ නායකතුමාටත් විධායක සභාවටත් දැනුම් දුන්නා.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස මාධ්‍යයට ආණ්ඩුවෙන් තර්ජනය එල්ල කරමින් සිටිනවා. අපි එය හෙළාදකිනවා. එජාප පාලන සමයේදී මේ රටේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ට වුනු දේවල් අපි දන්නවා. අගමැතිවරයා පුද්ගලිකව නම් කියලා මාධ්‍යවේදීන්ට තර්ජනය කළා. අගමැතිවරයෙක් එවැනි තර්ජනයක් කළ පළමු අවස්ථාව මෙයයි. එහි ඊළග ප්‍රතිඵලය ලෙස සමහර ආයතනවලට දැනAවීම්දීම අහෝසි කරලා තියෙනවා විතරක් නෙවෙයි අපි එහෙම කරනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා. මේ අයගේ කණ්ඩායමක් කලූ ඇදන් මුහුණ වසාගෙන ගිහින් දැන් මාධ්‍ය ආයතවලට තර්ජනය කරනවා. මාධ්‍ය ආයතනවලට අනන්‍ය වූ මත තියෙන්න පුලූවන්. එහෙම වුනා කියලා මාධ්‍ය ආයතනය ඉදිරියට ගිහින් තර්ජනය කරන්න පුලූවන්ද? මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමන්ගේ මතය කියන්න ඕනේ නැත්නම් අපහාසයක් වුනා නම් නීතිය ඉදිරියට යන්න පුලූවන්. මේ නිර්ලජ්ජීය කි්‍රයාව අපි හෙළා දකිනවා. මේ රටේ මාධ්‍ය ඇමැතිවරයා තවමත් මේ සම්බන්ධයෙන් වචනයක්වත් කිව්වේ නැහැ. ඔහුට ස්ථාවරයක් නැහැ කියන්නේ ආණAඩුවට ස්ථාවරයක් නැහැ කියන එකද? මේ කි්‍රයාවලිය ආණAඩුව විසින් ආණ්ඩුවේ වුවමනවාට කළ එකක් බව පැහැදිලි. එජාපයට මැතිවරණ ජය ගන්න බැහැ කියන දේ දන්න නිසයි මෙවැනි දේ කරන්නේ. පළාත් සභා මැතිවරණය තියන්නේ නැත්තෙත් ඒ නිසයි. ශ්‍රේෂ්ඨාධීකරණ තීරණය දිලා තියෙද්දි ඒ අයට ඕනේ විදියට සංශෝධන ගෙනත් පනත සංශෝධනය කළා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අපේ ආණAඩු ක්‍රම ව්‍යවස්ථාවේ පසුව සමාලෝචනය කිරීමේ අවස්ථාවක් දීලා නැහැ කියනවා. ආණAඩුව වහාම පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද බලය සදහා වූ අයිතියට ඉඩදිය යුතුයි. ඒ වගේම මාධ්‍ය මර්ධනය නතර කළ යුතුයි.

ශී්‍ර ලංකා පොදුජන නිතීඥ සංගමයේ සහකාර ලේකම් , කුරුණෑගල දිස්ති්‍රක් නිතීඥ සංගමයෙ ලේකම් ඉන්දික ජයතිලක මහතා

• ආණAඩුව ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පාවිච්චි කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරනවා.
• පළාත් සභා මැතිවරණය දිනාගැනීම සදහා ශී්‍ර ලංකා පොදුජන නිතීඥ සංගමය නායකත්වය දෙනවා.
• අනිවාර්යයෙන්ම පැරදෙනවා කියද්දිත් උතුරු පළාත්සභා මැතිවරණය පවත්වන්න මහින්ද රාජපක්ෂ මහතා නිහතමානී වුනා.
• නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට දාලා ජනතාවගේ අයිතීන් යටපත් කිරීම අරඹලා.

ආණAඩුව ජනතා පරමාධිපත්‍යයට පටහැනිවයි කටයුතු කරන්නේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ගැන කතා කළත් කි්‍රයාකරන්නේ ඊට විරුද්ධවයි. අවුරුදු තුනහමාරකට කළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් වන ඡන්ද අයිතිය උරගා බලන්න අවස්ථාව හිමිවුනා. පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් අනතුරුව අපි ආණAඩුවට අභියෝග කරමින් බලහත්කාරයෙන් පළාත් පාලන මැතිවරණය ලබා ගත්තා. මේ රටේ ජනතාව ඉන්නේ පොදුජන පෙරමුණත් එක්ක කියන දේ ඒ මැතිවරණයෙන් ඔප්පු වුනා. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පාවිච්චි කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් අහිමි කරන එකයි මේ ආණAඩුව කරන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කියලා කිව්වට බලයට ආවට පස්සේ මැතිවරණ ගැන කතා කරන්නේ නැහැ. අද පළාත් සභා හයක මැතිවරණය පවත්වලා නැහැ. ඉදිරියේ තවත් පළාත් සභා තුනක කාලය අවසන් වෙන්න නියමිතයි. එජාපයට දිනන්න පුලූවන් ජනාධිපතිවරණයක් කියලා පක්ෂයේ මහ ලේකම්වරයා කියනවා. ඒකෙන්ම පේනවා ඔවුන් පළාත් සභා මැතිවරණය පරාජය වෙන බව පිළිඅරන් සිටින බව. ජනතාවට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ අභියෝගයයි අපිට දැන් තියෙන්නේ. ජනතාව වෙනුවෙන් පළාත්සභා මැතිවරණය ජනතාවට දිනා දෙන්න අපි නායකත්වය දෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා කිසි`දු මැතිවරණයක් පවත්වන්න බිය වුනේ නැහැ. උතුරු පළාත් සභා මැතිවරණය තිබ්බොත් අනිවාර්යනේම මැතිවරණය පරාජයවෙන නිසා මැතිවරණය පවත්වන්න එපා කියලා බොහෝ අය කියන විටදිත් එතුමා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් මැතිවරණය පැවැත්වුවා. නායකයෙක් විදියට නොබියව මැතිවරණය පවත්වලා තමන්ගේ නායකයෝ පත්කර ගන්න ජනතාවට අවස්ථාව හිමිකර දුන්නා. එතුමාගේ නායකත්වය යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය දිනාදිමටයි. ආණAඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට දාලා ජනතාවගේ ප්‍රශ්න යටපත් කරමින් සිටිනවා.

පහුගිය දිනවල පාර්ලිමේන්තු මන්’තී්‍ර හර්ෂන රාජකරුණා කිව්වා මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය නැතිව ජයගන්න බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇයි ඉදිරියට ගෙනාවේ අහනවා. එජාපයේ පසුපෙල මන්තී්‍රවරුන්ටත් දැන් මේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්නයක් වෙලා. රටේ ආර්ථීකය බිද වැටිලා. ආර්ථීක , දේශපාලන ප්‍රශ්න මැද එජාපයට අපෙක්ෂකයෙක් හොයා ගන්න නැහැ. ඉදිරි මැතිවරණවලට පක්ෂයට නායකත්වය දෙන්න නායකයෙක් හොයාගන්න බැරි පක්ෂයක් අද රටේ ජනතාවගේ දේශපාලන අයිතිය නැති කරනවා. මැතිවරණ කොමිසම මෙහි වගකිම භාරගත යුතුයි. ජනතාවගේ ස්වාධින අයිතීන් ආරක්ෂා කරයි කියන දේ මැතිවරණ කොමිෂම පිහිටුවීමෙන් බලාපොරොත්තු වුනත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කොමිෂම පියවර අරන් නැහැ. ස්වාධින් ආයතනයක් නම් ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දෙන්න ගතහැකි කි්‍රයාමාර්ග ගන්න කියලා අපි අභියෝග කරනවා.

ශී්‍ර ලංකා පොදුජන නිතීඥ සංගමයේ ගම්පහ දිස්ති්‍රක් සංගමයේ ජ්‍යෙෂ්ට නීතීඥ ලලිත් පියුම් මහතා

• කලූපටි බැ`දගෙන යන්නේ කලූමාධ්‍ය ඉදිරියට නම් සුදු මාධ්‍ය මොනවාදැයි අගමැතිවරයා හෙළිකල යුතුයි.
• රිචඩ් ද සොයිසා, ප්‍රේමකිර්තා අල්විස්, තේවිස් ගුරුගේ ඝාතනය කළා වගේ ප්‍රතිනිර්මාණයක් මේ දිනවල සිදුවෙමින් තිඛෙනවා.
• අර්ථ නිරූපන ආඥා පනතේ 6.2 වගන්තිය අනුව අනුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පරණ පනත කි්‍රයත්මක විය යුතුයි.
• ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් නොයිල්ලාම හෙට වුනත් මැතිවරණයක් කැදවීමේ හැකියාව තියෙනවා.
• ස්වාධීන කොමිෂන් සභාපත්වුනාම රටේ සියලූ දෝශ නිවාරණය වෙලා දොස් දුරුවෙනවා කියලා මවලා පෙන්නුවා.

ජනමාධ්‍ය ඉලක්ක කරගෙන කලූ පටි බැ`දගෙන ආයතන ඉදිරියට ඇවිත් කටයුතු කළ ආකාරය අපි දැක්කා. අගමැතිවරයා ජනවාරි මාසයේ කලූ මාධ්‍ය නිරාවරණය කරන බව පාර්ලිමේන්තුවේ දී සදහන් කළා. ඊට පස්සේ ජවිපේ පාර්ලිමේන්තු මන්තී්‍ර බිමල් රත්නායකත් මේ හා සමානම ප්‍රකාශයක් නිකුත් කළා. දැන් වෙන්නේ එහි දිගුවක්ද කියලා අපිට හිතෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් අපිට අහන්න තියෙන්නේ මේ කලූ මාධ්‍ය නම් සුදු මාධ්‍ය මොනවාද කියලයි.ප්‍රජාතන්ත්‍රවාදයේ ඉෂ්ඨ දේවතාවෝ වගේ පහුගිය කාලයේ ප්‍රකාශ නිකුත් කලේ. සුදු ජනමාධ්‍ය හෙළි නොකලොත් අපිට තිරණය කරන්න වෙනවා මේ රටේ කලූ ජනමාධ්‍යයක් නැති බව. කලූ බැදගෙන ආපු කට්ටියට පුලූවන් ඇමරිකාවට ගිහින් ජනමාධ්‍ය කි්‍රයාත්මකෙ වන ආකාරය බලාගන්න. සී. එන්. එන්. රුපවාහිනිය ප්‍රසිද්ධියේ පිළිගන්නවා ඩිමොක්‍රටිස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බව. ෆොක්ස් ජනමාධ්‍ය කන්ඩායම රිපබ්ලිකන් පක්ෂය වෙන්වෙන් පෙනිසිටන බව කවුරුත් දන්නවා. යම් ජනමාධ්‍යකට ඔවුන් නියෝජනය කරන මතය ප්‍රකාශ කරනවා නම් එය රජයේ තරංග භාවිතා කරමින් කරනවා කියලා ඔබ අදහන ප්‍රජාතන්ත්‍රවාදය අනුව තීරණය කරන්න බැහැ. අදහන්නේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය නම් එහි ජනමාධ්‍ය කි්‍රයාත්මක වෙන ආකාරය උදාහරණ සහිතව පෙන්වා දෙන්න පුලූවන්. රිචඩ් ද සොයිසා, ප්‍රේමකිර්තා අල්විස්, තේවිස් ගුරුගේ ඝාතනය කළා වගේ ප්‍රතිනිර්මාණයක් ලංකාවේ සිද්ධ වෙනවාද කියලා අපිට හිතෙනවා. රටේ ඉන්න ඕනෑම වැඩිහිටියෙක් ඒ සම්බන්ධයෙන් දන්නවා. ඒ නිසා වහාම කලූමාධ්‍ය හෙළි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කලේ කිසිවෙක් නොදැන හදපානේ කිව්වා. 2017 පළාත් සභා සංශෝධනය කරපු හැටි අපි දන්නවා. රෝහල්වල සිටින මන්තී්‍රවරු අහසින් ගෙන්වලා. ඡන්දය කල්දමලා, කොමිටි අවස්ථාවේදී වගන්ති දෙකක් තිබුණු පනතට තව වගන්ති 27ක් එකතු කරලා ගෙනාපු හැටි මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා නැහැ. යු. ඇන්. පී යේ ලාම්පු කළගෙඩි සටන, යාපනේ පළාත් පාලන සංවර්ධන සභා ඡන්දය, මහර ඡන්දය ගනින කොට දිනාල තිබුණ විජය කුමාරතුංග ලයිට් ගිහින් ලයිට් එන කොට දිනපු ඉතිහාසයක් එජාපයට ඡන්ද සම්බන්ධයෙන් තියෙන්නේ. මේ යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරණයක් ඉල්ලමින් නාඩගමක් කරන්නේ පළාත්සභා මැතිවරණය කල්දාන්නයි. මැතිවරණ කොමිෂමේ සභාපති පළාත් සභා ඡන්දය පවත්වන්න උසාවි යන බව කිව්වා. සංශෝධන පනතට අනුව කි්‍රයාත්මක කළ හැකි තත්ත්වයේ නෙවෙයි තියෙන්නේ. මෙවැනි තත්ත්වයකදි අර්ථ නිරූපන ආඥා පනතේ 6.2 වගන්තිය අනුව අනුව පරණ පනත කි්‍රයත්මක විය යුතුයි. ඒ අනුව මැතිවරණ කොමිෂමේ සභාපතිට, ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය ඉල්ලා ගිය රත්නජිවන් හූල් මහතාට අර්ථ නිරූපනයක් නොයිල්ලාම හෙට වුනත් මැතිවරණයක් කැදවීමේ හැකියාව තියෙනවා.ඒ සම්බන්ධයෙන් අකමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුට උසාවි යන්න පුලූවන්. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පළාත්සභා මැතිවරණය තියන්න කියලා අපි කොමිෂමෙන් ඉල්ලා සිටිනවා.

මේ කොමිෂන් පත්වුනාම රටේ සියලූ රෝග නිවාරණ වෙනවා. ඒකාධිපති තත්ත්වය නැති වෙලා සියලූ දෝශභංග වෙන බවක් මවලා පෙන්නුවා. එවැනි මන්තරයක් තියෙනවා නම් මැතිවරණය කැදවන්න.

4 Responses to “ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින්”

  1. Dilrook Says:

    Sadly GR’s candidacy at the 2019 presidential election will be decided by the LTTE Rump!

    Due to pending human rights cases against GR in US District Courts he is unable to cancel his US citizenship until they are settled. LTTE Rump is likely to bring more cases against him if they think he will be a threat to Tamil Eelam project. Not otherwise.

    Relying on a Rajapaksa to defeat the UNP is unwise. Others should also get a chance.

  2. Christie Says:

    India and Indian Parasites will do their best to destroy the Rajapaksa family and any other Sinhalese who will work for the benefit of Sinhalese.

  3. Dilrook Says:

    Mahinda supports abolishing EP.

    “https://www.facebook.com/UnpMilano/videos/2227812350616056/”

  4. Randeniyage Says:

    @Dilrook
    But I don’t understand what he is saying exactly.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress