දමිළ ඊළම ලබාදෙනවා කියලා රනිල් ටී.එන්.ඒ. සමඟ ගිවිසුමක් ගහලා
Posted on January 22nd, 2019

උපුටාගැණීම  මව්බිම

මරණ තුනක් මැද පැණි කන තත්ත්වයට වැටී සිටින එක්සත් ජාතික පක්ෂය මුහුණපා සිටින අර්බුද හමුවේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම කිසිවකුටත් වැළැක්විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එසේ කියාසිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට උඩුගම්පොළදී එක්වෙමිනි.

වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවැසුවාය.

රවි කරුණානායක කියනවා මුදල් අමාත්‍යාංශයට මෝස්තරකාරයෙක් දාලා කියලා. රවි – මංගල ගල උඩ සටහනක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විශාල නායකත්ව අර්බුදයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපති අපේක්ෂක ධුරය රැකගන්න විශාල උත්සාහයක් දරමින් ඉන්නවා. රනිල් – සජිත් ගැටුම බරපතළ තැනකට ඇවිත්.

ජාත්‍යන්තරයටත් මේ අර්බුදය පේනවා. වර්තමාන ආණ්ඩුව රට ගෙනියන්නේ කොහොමද කියලා මේ අය බලා ඉන්නවා.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ආර්ථිකයට පණ පොවාගන්න පුළුවන්කමක් නැහැ.

අපිට උදවු කරන ජාත්‍යන්තර මිතුරන් තරහා කරගත්තා. චීනය තරහා කරගත්තා. ජපානය තරහා කර ගත්තා. රනිල්ට ආර්ථිකය ගොඩනඟන්න බැහැ.

අද රනිල් ටී.එන්.ඒ. එකේ හිරකාරයෙක්. ඊළම ලබා දෙන්න ටී.එන්.ඒ. එකත් එක්ක ගිවිසුම් ගහලා. පසුගියදා අලුත් ව්‍යවස්ථාවක් ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මම දැක්කා මහ නායක හාමුදුරුවන් හම්බ වෙන්න ගිය එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කියනවා එහෙම යෝජනාවක් නැහැ කියලා. එහෙම එකක් නැහැ කියන්නේ කොහොමද?

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග

අපිට පක්ෂයක් නැති වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නායකත්වය අරගෙන මේ පක්ෂය අපට හදලා දුන්නා. පක්ෂය පිහිටුවලා මාස හයක් හතක් ඇතුළත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න අපිට හැකි වුණා. ඒ ජයග්‍රහණය නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ වුණේ අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්න.

අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය ගැන උදම් අනමින් නිහඬව හිටියොත් අපිටත් වෙන්නේ ඉබ්බා එක්ක රේස් ගිය හාවාට සිද්ධ වෙච්ච දේමයි.

ඒ නිසා අපි මේ අවුරුද්ද ඇතුළත තියෙන මැතිවරණය ජයගන්න තව තවත් උනන්දුවෙන් වැඩ කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress