රණවිරුවන්ට දුන් හේමසිරි ප‍්‍රනාන්දුගේ නඩු තීන්දුව
Posted on January 23rd, 2019

සමන් ගමගේ

බල්ලගේ වැඬේ බූරුවා කරනවා යැයි ලෙසින් වූ වටිනා උපමා කතාවක් අපේ ජනවහරේ තිබේ. යමෙකු කළ යුතු සහ එසේ කරන්නට හැකියාව ඇති කාර්යයක් කිසිදු වගකීමක් සහ හැකියාවක් නැති තවෙකකු ඉදිරිපත්වී කරන්නට යන කල සහ වගකීම් විරහිතව වහසිබස් රකාශ කරනවිට අපේ ජනතාව අතීතයේ මෙන්ම අදත් මේ කතාව සිහිපත් කළේ උපහාසය මුසු පිළිකුලෙන් යුතුවය.
 
 
ශී ලාංකීය ජනවහරේ දකින්නට ඇති අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක හැකියාව එසේ වෙද්දී ආරක්ෂක ලේකම් හේමසිරි රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් වගකීම් විරහිත අලජ්ජී රකාශයක්කර කරන අයුරු පෙරේදා (21 වැනිදා* විකාශය වූ විද්යුත් මාධ් රවෘත්ති තුළින් අපි දුටුවෙමු.
 
 
එය මෙරට රධානතම බෞද්ධ පාසලක් වන කොළඹ නාලන්ද විද්යාලයේ උත්සවයක පැවති වැදගත් සභාවකි. එම සභාව ඉදිරියට පැමිණ ඉතාම නොවැදගත් ලෙස හේමසිරි රනාන්දු මේ කතාව කරද්දී ඔහු ඇත්තටම මේ රටේ ආරක්ෂක ලේකම්දැයි බරපතළ ගැටලූවක් අපට ඉබේටම මතුවිය
 
 
අප දන්නා තරමින් නම් හේමසිරි රනාන්දු යනු ශී ලංකා රජාතාන්තිරක සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාය. එහෙත් ඔහු මෙහිදී සභාව අමතා කතා කරද්දී වේලූපිල්ලේ රභාකරන්ගේ අවසානයෙන් පසු රුද්රකුමාරන්ලා, එම්මානුවෙල්ලා ඇතුළු කොටි ඩයස්පෝරවේ කෙරුමන් එකතුවී රටින් පිටත පිහිටුවාගත් ඡුායා ඊළාම් රාජ්යයේ කෙරුමන්ට ආවඩන අයුරුක්ද පෙනෙන්නට තිබිණි.
 
 
හේමසිරි රනාන්දු මහතා මෙහිදී කළ කතාව වූයේ කුමක්ද? එය දැන් මුළු රටේම ජනතාව දැන සිටිති. එහෙත් හේමසිරි රනාන්දුට කරන උපහාරයක් ලෙස කතාවෙන් වැදගත්ම කොටස ගෙන අපි එය මෙහි පළ කරන්නෙමු. ඔහු කොටස කීවේ මෙසේය.
 
 ‘
කවුරුහරි යුද්දෙට සම්බන්ධ වෙලා `දලා ගමට ඇවිත් මිනී මැරුවා නම් එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවා කියලා. එයාව අපි ලංකාවේ වලංගු නීතිය යටතේ අධිකරණයට ගෙනැල්ලා උපරිම `ඩුවම් දියයුතුයි. අපි දැන් ඒවගේ කිරයාමාර්ග ගනිමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකකින් ලංකාවේ සිදුවෙච්ච ඉතාම භිහිසුණු ම්ලේච්ඡු මිනිමරුමකට සම්බන්ධ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට අපි නඩු පවරනවා
 
 
වගේම අපි එදාට අභියෝග කරනවා ඩයස්පෝරා එකට, උඹලට තිබෙනවා නම් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක ඇති තව මිනීමැරුම් අපට දෙන්න කියල. අපි ඒවත් විභාග කරලා `ඩුවම් දෙනවා..’
 
 
හේමසිරි රනාන්දු කියන මේ කතාව අනුව අපට පමණක් නොව මුළු රටටම මතුවන තවත් රශ්න ගණනාවක්ම ඇත. අතරින් මුලින්ම අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඔහු කියන මේ ඔප්පු කරන්නට පුළුවන් හමුදා පුද්ගලයන් එකොළොස්දෙනකු සම්බන්ධ මිනීමැරුම කුමක්ද යන්නය
 
 
හේමසිරි රනාන්දු යනු විශරාමික විනිසුරුවරයකු නොවේ. එවැන්නකුට වුවද නඩුවක් විභාග කරන්නට පෙර එය ඔප්පු කළ හැකිද නැතිද යන්න රකාශ කිරීම ඉතා අසීරු කාර්යයකි. තත්ත්වය තුළ ඔහු ඔප්පු කරන්නට පුළුවන් නඩුවක් ගැන කීමෙන් අපට නම් ඇතිවූයේ ඉස්සර විනෝද සමයේ සිටි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් අතරින් නිතර පව්ඩර් නාගෙන `ගපෑ සුපිරි විහිළුකාරයකු වූ බර්ටි ගුණතිලක කොට කලිසම පිටින් මගදී හමුවූවාක් වැනි හැ`ගීමකි.
 
 
අනේ හේමසිරි රනාන්දු මහත්තයෝ. ඔබ කියන පරිදි විභාග කිරීමට පෙර ඔප්පුකරන්නට පුළුවන් යැයි පූර්ව නිගමනයකට හැකි නඩු තිබෙන්නේ කොහිද? වගකිවයුතු රාජ් නිලධාරියකු ලෙස රටට සාමය ගෙන දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් එකොළොස් දෙනකු පිළිබද ඔබ මෙවන් බොළද රකාශයක් කරනු ලැබුවේ කාගේ වුවමනාවටද?
 
 
මේ කතාව ඇසූ කල අපිට දැනුණේ කලකට පෙර පොලිස්පතිවරයා නීතිය නවන්නට සැරසුනාක් මෙන් දැන් ආරක්ෂක ලේකම් හේමසිරි රනාන්දුත් නීතිය නවන්නට යන්නේදැයි කියාය. ඇතැම්විට ලබන මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේදී ජිනීවා කෝළම යළි ඇරඹීමට නියමිත නිසා හේමසිරි රනාන්දු ජාත්යන්තරය පිනවීම පිණිස එකී රණවිරුවන් දංගෙඩියට යැවීමේ සැලසුමකට අනුව මේ රකාශය කළාදැයි අපි නොදනිමු. එය අපට නොවැටහෙන්නකි. මේ රකාශයේ ඇති සැගවුණ අරුත දන්නේද හේමසිරි රනාන්දුමය.
 
 
ඔප්පු කරන්නට හැකියැයි ඔහු කියන මේ නඩුව වන්නේ වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසකට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන සිද්ධිය . හේමසිරි රනාන්දු මහතා මෙන් නොව, අප එසේ පූර්ව නිගමනයකට පැමිණියේ සාධක ඇතිවය. හේමසිරි රනාන්දු මහතා නාලන්ද විදුහලේදී මෙකී රකාශය කිරීමෙන් පසු ඊයේ (22 වැනිදා* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඞීය තුළින් ලබාගත් පුවතක් ලෙස ඇතැම් මාධ් බව වාර්තා කර තිබෙනු අපි දුටුවෙමු
 
 
මෙකී පුද්ගලයක් එකොළොස් දෙනකු පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියේ මූලික නඩු විභාගය සිදු කෙරුණේ කොළඹ කොටුව මහෙස්තරාත්වරයා ඉදිරියේදීය. එය මුල සිටම අපේ අවධානයට ලක්වූවක්ද විය. මේ විමර්ශනය කරනු ලැබුවේ 2015 යහපාලන දේදුණු විප්ලවයෙන් පසු කූඨප්පරාප්තියට පැමිණි සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගිනි. එහිදී සිදුවූ දේද බොහෝය.
 
 
වරක් අධිකරණය වෙත පැමිණ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බවට සීඅයිඞීය කී විජයකාන්තන් නමැති පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ රස්තවාදියකු සීඅයිඞීයේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් තමන් නොමග යවා බලෙන් සාක්ෂි ගත්තේ යැයි අධීකරණය හමුවේ පැවසීය
 
 
එය ඉතාම බරපතළ කරුණක් වුවද මේ දක්වාම පිළිබද විමර්ශනයක් නම් සිදුවූයේ නැත. අතරේ මේ සිද්ධියේ තවත් චූදිතයකු වූ නාවික හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කමාණ්ඩර් රසාද් චන්ද හෙට්ටිආරච්චි තුළින් නේවි සම්පත් කෙනකු මවන්නටද සීඅයිඞීය දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් ඇතැම් සත්යවාදී මාධ් අවදියෙන් සිටි නිසා සීඅයිඞීයේ උත්සාහය ව්යර්ථ විය
 
 
එකී මූලික විභාගයට අදාළ වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු පැහැරගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කළ පැමිණිල්ලකට අනුව මුලින්ම චෝදනා එල්ල වූයේ හිටපු නාවික හමුදා නිලධාරී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු පුද්ගලයන් සිව්දෙනකුට එරෙහිවය. අපේ මතකයේ හැටියට ඉකුත් 2008 වසරේදී පමණය.
 
 
අනුව සීඅයිඞීය සිදු කළ මේ විමර්ශනයට දැනට ගතවී ඇති කාලය වසර දහයකි. වසර දහයක් පුරා සිදු කෙරුණු මෙය ආරම්භයේදී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සිව්දෙනා සිද්ධියට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමටද සිඅයිඞීය කටයුතු කර තිබිණි
 
 
එසේ තිබියදී රට වෙනුවෙන් උපරිමය සිදුකළ තවත් නාවික බුද්ධි නිලධාරීන් හත්දෙනකුට චෝදනා එල්ල කරමින් සීඅයීඞීය මෙකී විමර්ශනයට නව මුහුණුවරක් දෙන්නේ ඉකුත් 2015 වසරේ සිදුවූ දේදුණු විප්ලවයත් සමගිනි. එහිදී එකී බුද්ධි නිලධාරීන් හත්දෙනාට චෝදනා එල්ල වන්නේ සම්පත් මුණසිංහ ඇතුළු මුල් චූදිතයන් සහ වෙළගෙදර නමැති නාවික නිලධාරියකු කියන රකාශ මත පදනම්වය.
 
 
එසේ කරන්නට යෑමේදී මේ විමර්ශනය පුරා සීඅයිඞීය සිදු කළ උපහාසාත්මක දේද බොහෝ විය. නාලන්දයේදී කී පරිදි හේමසිරි රනාන්දු මහතා රණවිරුවන් පිරිසකට මිනීමරුවන් කියමින් නඩු පවරා ඔප්පු කරන්නට යන්නේ මේ කියන සිද්ධිය .
 
 
මේ වන විට මෙකී විමර්ශනයේ සියලූ වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර අවසන්ව ඇත. අනුව සහ රටේ සම්මත කිරයාදාමය පරිදි දැන් මේ සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන්නේ නම් එය සිදු කළ යුතුව ඇත්තේ නීතිපතිවරයා විසිනි
 
 
එසේ නම් තව සති දෙකකින් ම්ලේච්ඡු සහ බිහිසුණු ඝාතනයකට සම්බන්ධ වූ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට නඩු පවරන්නේ යැයි කියමින් මෙකී රණවිරුවන්ට නඩු විභාගයකටත් පෙර රසිද්ධියේ මිනීමරු ලේබලය අලවන්නට හේමසිරි රනාන්දුට ඇති අයිතිය කුමක්ද? එසේම නඩු පැවරිය යුත්තේ නීතිපතිවරයා නම් හේමසිරි රනාන්දු තව සති දෙකකින් නඩු පවරන බව කියන්නේ මොන පදනමකින්ද
 
 
ඔහුගේ අලජ්ජී රකාශය ඇසෙන කල්හි අපට බලූ බූරු කතාව මතක් වූයේ මේ නිසාය. ආරක්ෂක ලේකම්වරයා ලෙස හේමසිරි රනාන්දු මහතාට පැවරී ඇති වගකීම වන්නේ තිරවිධ හමුදාව ඇතුළු පොලිසියේ ඉහළ පරිපාලනය අධීක්ෂණය කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡුා පැවත්වෙන ආරක්ෂක මණ්ඩල රැුස්වීම වැනිදේට දායකත්වය ලබාදී රටේ ආරක්ෂක ඇමැතිවරයා වන සේනාධිනායක ජනාධිපති මෛතිරපාල සිරිසේන මහතාට අමාත්යාංශයේ කටයුතු කරගෙන යෑම සදහා සහාය දැක්වීමය
 
 
එසේ නොමැතිව නීතිපතිවරයාගේ කටයුතුවලට මැදිහත්වී රූලෙන් පිට යෑමට හේමසිරි රනාන්දු මහතාට වෘත්තීයමය වගකීමක් නැත. ඔහු එසේ කිරීම සදාචාරාත්මකද නැත
 
 
නාලන්ද විදුහලේදී කළ කතාවේදී ඔප්පු කරන්නට පුළුවන් තවත් මිනීමරුම් තිබේනම් ලබාදෙන ලෙස ඩයස්පෝරාවෙන් කාරුණික ඉල්ලීමක් කරමින් අන්තිම දීන තත්ත්වයට ඇද වැටෙන්නටද ආරක්ෂක ලේකම් හේමසිරි රනාන්දු කිරයා කළේය. මේ හමුවේ ඔහුගෙන් අවසන් වශයෙන් අහන්නට අපට එකම එක රශ්නයක් ඇත.
 
 
අනේ මහත්තයෝ, ඇත්තටම ඔබ වැඩකරන්නේ ශී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මෛතිරපාල සිරිසේන මහතාට සහ මේ රටට ? නැතහොත් රුද්රකුමාරන් රජකරන එල්ටීටීඊයේ ඡායා ඊළමටද
 
 
සමන් ගමගේ

6 Responses to “රණවිරුවන්ට දුන් හේමසිරි ප‍්‍රනාන්දුගේ නඩු තීන්දුව”

  1. aloy Says:

    I was surprised to see this secy making a statement like this. I too felt that he is not suitable to do the administration of defence ministry. At the time when bombs were exploding in Colombo the defence had to adopt various tactics to stop them and white vans were one of them. At the same time they had to guard against the traitors. Lasantha (Lassie according to Sunday Observer which is following the British style), Ekneligoda, Keith Noyar et al are some of them who were making a huge campaign against the state.
    I think it is time time that we Sri Lankans stop this nonsense. When a similar war occurred in Nigeria, the army that won the war declared in the 60s that ” there is no victor or vanquished” and that was all. Nobody spoke about the war up to date after that.
    We too should forget about the war and stop victory parades etc and LTTE members too should stop their campaign against the army that fed them for a number of years after the end of war.

  2. Hiranthe Says:

    I do agree with Aloy.

    “We too should forget about the war and stop victory parades etc and LTTE members too should stop their campaign against the army that fed them for a number of years after the end of war”

    At the same time, Tamils should stop looking for a separate Ealam in this Island with bogus Tamil homeland claims. If they want a homeland, it is just 23miles across the sea in Tamilnadu.

    They should also give up all cunning plans and acts by admitting that originally they were descendants from Chola Invaders who were granted permission to live in this land peacefully by the kind Hela kings and then, in the modern time, as the workers imported by the colonial invaders to grow their own crops since the native Hela people did not want to work in their farms as labourers.

    Then, together we can build this country back to glory as one nation

  3. Christie Says:

    WE beat the terrorist arm of the fourth powerful military power in the world, that is India.

  4. Hiranthe Says:

    This fella is no different to the other betrayer Austin, who took Apples to an injured LieTTE carder during Run-nils rule prior to 2005.

  5. Ancient Sinhalaya Says:

    This guy must definitely be a portuguese national, just like the portuguese national austin who took apples and
    grapes to see its porguese national tamil sellan during the height of Sinhalese murdering campaign of portuguese
    national barrel man hitler mala paharan’s portuguese tigers of tamil drealam. Fernando is definitely a portuguese
    national and no doubt is anti Buddhist, anti Sri Lanka and anti Sinhalese just like its master traitor chief die hard
    catholic token Buddhhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against Sinhalee
    Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer.

  6. Ancient Sinhalaya Says:

    Please click on the following links to see why anti Sinhalese, anti Sri Lanka and anti Buddhist traitor UNPatriotic_
    rats party didn’t want to fight catholic tigers of tamil drealam. You won’t see these in so called Buddhist (on paper)
    Sri Lanka where all the media are controlled by UNPatriotic_rats party henchmen. Also you can see why
    Batalande wa(n)dakaya and its catholic police top brass dragged on for 6 years bheeshana samaya to kill 60,000+
    Buddhists rebels who were only carrying shot guns. Understand Sinhala modayas who still support these
    minority worshiping (for the votes), Buddhism destroying, Sinhalese race destroying, Mother Lanka dismembering UNPatriotic_rats?

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress