ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව
Posted on January 23rd, 2019

අද (23) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්තී්‍ර මොහාන් සිල්වා මහතා
• හිටපු මධ්‍යම පළාත්සභා මන්තී්‍ර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

පාර්ලිමේන්තු මන්තී්‍ර විමලවීර දිසානායක මහතා

අම්පාර දිස්තී්‍රක්කයේ කල්මුනේට මුලික රෝහල් හයක් තියෙනවා. මොනරාගලට තියෙන්නේ තුනයි. පහුගිය දවසක සෞඛ්‍ය ඇමැතිතුමා ගිලන් රථ ඛෙදාහැරීමක් කළා. එයින් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කොට්ඨාශය වුනු අම්පාරේ නින්දවූර් රෝහලට දුන්නා. දිස්ති්‍රක් රෝහල හා මූලික රෝහල කියලා එකම රෝහල වර්ගීකරණ දෙකක් යටතේ සදහන් කරලා තමයි මේ ගිලන් රථ දෙක අරන් තියෙන්නේ. මිට පෙර ඕස්ටේ්‍රලියෙන් ඛෙන්ස් ගිලන් රථයක් මේ රෝහලට දීලා තියෙනවා. නමුත් අම්පාරේ තොට්ටම, අඹගහවෙල රෝහල් සහ ඈත එපිට පිටිසර රෝහල්වල ගිලන් රථ නැහැ. මේ අය තමන්ගේ තැන්වලට ගිලන් රථ ඛෙදා ගන්නවා. නැගෙනහිර පළාතේ මඩකලපුව, කල්මුනේ , අම්පාර මහ රෝහල්වලට එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් නැහැ. 2014 ස්කෑන් යන්ත්‍රයක් තිබුණා. දැන් නුවරට ගේන්න ඕනේ. නුවරට ඇවිත් මාස දෙකක් විතර ඉන්න ඕනේ ස්කෑන් එක කරගන්න. රටට සෞඛ්‍ය ගැන මහා පම්පොරි ගහන සෞඛ්‍ය ඇමැතිතුමාට නැගෙනහිර මහරෝහල් ගණනාවකට එම්. ආර්. අයි ස්කෑනර් යන්ත්‍රයක් දි ගන්න බැරිවුනා. අපේ මිනිස්සු හුන්නස්ගිරි කන්දේ , මුතියංගනයේදී, බිබිලේදී මැරෙනවා. එහෙම වෙන්නේ ස්කැනර් යන්ත්‍රයක් නැති නිසා. ඒ වුනාට සුවපති.

සේනා දළඹුවා හොයා ගත්තේ අම්පාරේ මගේ කොට්ඨාශය වන දමන කොට්ඨාශයෙන්. එක දිගට කන්න තුනක් නියගයෙන් විනාශවුනු මිනිස්සු තමන්ගේ කණකර උගස් තියලා මේ පාර කන්නය වගා කළා. දැන් සේනා ඇවිත් වගාව විනාශ කළා. නිය`ගයෙන් වගා විනාශ වෙන වෙලාවේ පාර්ලිමේන්තුවේදී මේ ගැන ඇහුවම අගමැතිතුමා නැගිටලා කෝට්බෑයේ අත් දෙක දාගෙන කිව්වා රාජපක්ෂ කාලේ වගේ නෙවෙයි එක්කෙනෙකුට රුපියල් 8000 ගානේ දෙනවා කියලා. සත පහක් දුන්නේ නැහැ. තවත් කෘෂිකර්ම ඇමැති කෙනෙක් කිව්වා කෝටි පහකට ලංකාවේ වගාබිම් රක්ෂණය කරලා තියෙන නිසා රුපියල් 40000 රක්ෂණයක් දෙන බවක්. ෂත පහක් නොලැබුණු ගොවියෝ ඉන්නවා. මේ පාර වැස්ස ලැබුනට සේනා දළඹුවා ඇවිත් වගාව විනාශ කරලා. මේ මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද? දුර්භික්ෂයක් ඇති වෙනවා. අපේ ආණAඩුව කාලයේ මේ ගොවින් ගෙවල් දොරවල් හදාගෙන ට්‍රැක්ටරයක් ගත්තා. බයිසිකලයක් ගත්ත දියුණු වුනා. දැන් ඒ හැම දෙයක්ම විකුණගෙන කන තත්ත්වයකට පත්වෙලා. පොළොන්නරුවේ, අම්පාරේ, මොනරාගල ජාතියේ බඩගින්න නිවපු ගොවියා අද බඩගින්නේ. ඊයෙත් පාර්ලිමේන්තුවේදි කිව්වා එක්කෙනෙකුට රුපියල් 40000ක් දෙනවා කියලා. ගල් බැලෙන බින්න ඔය කියන්නේ. මේ තරම් ප්‍රශ්න මැද්දේ ආණAඩුව ආනAඩුක්‍රම ව්‍යවස්ථාව කියන වචන ගොඩක් දෙනවා. මේ රටේ සංස්කෘතියේ ගොවිතැන විනාශ වුනාම රටම බඩගින්නේ. ඒ මිනිස්සුන්ගේ ඡ්න්දයෙන් පාර්ලිමේන්තු ආපු ගොවියෙක් විදියට මං ඒ මිනිස්සුන්ගේ දුක ස්පර්ශ කරනවා. ඒ දුක් අදෝනාව මේආන්ඩුවට ඇහෙන්නේ නැහැ කටේ බුලත්විට තියෙන අපි කතා කළාට මේ එක්සත් ජාතික පක්ෂයට ඒවා ඇහෙන්නේ නැහැ. එයාලාට ඇහෙන්නේ සුදුනෝනලා මහත්තුරු කියන දේවල්. මේක ඛේදවාචකයක්. අසරණ මිනිස්සු වෙනුවෙන් හඩක් නැහැ. මම ඔට්ටු තියනවා ශය කියන 40000 නම් ගොවියාට දෙන්නේ නැහැ. ගොවි ජනතාවයි අපියි රවට්ටන එකයි පාර්ලිමේන්තුව කියන පච සාප්පුවේ කෙරෙන්නේ. ලිච්චවී රජදරුවෝ පච සාප්පුවේ කියන ගජබින්නාලංකාර අපි ඕනේ තරම් අහලා තියෙනවා.

හිටපු පලාත් සභා මන්තී්‍ර ප්‍රමිත බණAඩාර තෙන්නකෝන් මහතා

13 වැනි ආණAඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ඊ අනුව මේ වනවිට පළාත් සභා හයක කාලය අවසන් . ආණ්ඩුකාරවරු ලේකම්වරු ඇතුලූ නිලධාරින් තමයි පළාත් සබා වල වැඩ කරන්නේ. පළාත් සභාවේ මුල්‍ය පාලනය වියයුත්තේ 1947 අංක 2 දරන පනතට යටත්වයි. කවදාහරි දවසක ආණ්ඩුකාරවරුන්ටත් ප්‍රධාන ලේකම්වරුන්ටත් එෆ්. සී. අයි. ඩි යන්න වෙනවා ඒක වළක්වන්න බැහැ. පළාත් සබාවේමුදල් පළාත් ෂාබ අරමුදලට බැර වෙන්න ඕනේ. මේ මුදල් වියදම් කරන්න පළාත් ප්‍රධාන ඇමැතිවරයා යටතේ අධිකාරී බලපතක් නිකුත් කළ යුතුයි. මහ ඇමැතිවරයාට මේ අධිකාරි බලපත්‍රය නිකුත් කළ හැක්කේ විසර්ජන පනත් කෙටුම්පත අනුවයි.පළාත් සභාවේ අනුමැතිය නොමැතිව පොදු කාරණා සදහා පළාත් සභාවේ මුදල් වියදම් කිරිම නිතියට පටහැනියි. ව්‍යවස්ථානුකූල නොවන විදියට නිති විරෝධිවෙ කරෙන මේ පළාත් සභා පරිපාලනයට කවදා හරි කාට හරි වගකියන්න සිද්ධ වෙනවා.
නලින් බන්ඩාර ළගදි කිව්වා ජනාධිපතිවරණය පළමුව තියන්න ඕනේ කියලා. පළාත් සභා හයේ පරිපාලනය කඩා වැටිලා ආණAඩුකාරවරුන්ට හිතු මතේ තීරණ ගන්න බලයක් ව්‍යවස්ථාවවෙන් දිලා නැහැ. ඉදිරි ෂතියේදී අපි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතනවා. දඹුල්ලේ කන්න තුනක් වැස්ස නැතිව හිටපු ගොවියා අද තවත් අසරණ වොල. ගොවියාට ගොවිකම එපා කරන වැඩපිළීවෙලක් ආණAඩුව ගත්ත දවසේ ඉදන් කි්‍රයාත්මක කරපු මේ ආණAඩුව වෙලාවට පොහොරටිකවත් දුන්නේ නැහැ. ගොවියා ගොවිතැන එපා වෙලා ගොවිතැන අතඅරින තත්ත්වයක් ඇති වෙලා. අලූත් පරම්පරාවේ අය දුක් විදලා ගොවිතැන් කරන්න කැමැති නැහැ. මේ රජය ගොවිතැනි්න් මිනිස්සු දුරස් කරලා. උග්‍ර ධනවාදී දක්ෂීණාංශික ආර්ථීක ප්‍රතිපත්තියක් ගෙනියන මේ ආණ්ඩුව ඔවුන්ගේ පරමාර්ථය ඉෂ්ඨ කරගන්න ගොවියාට මේ විදියට ගොවිතැන එපා කරවන්නේ.

ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ පාලන ලේකම්, හිටපු පළාත්සභා මන්තී්‍ර රේණුක පෙරේරා මහතා

රට දැවැන්ත අර්බුදයකට මුහුණදී ඇති අවස්ථාවක මාධ්‍යවේදින් රටේ ජනතාව නිවැරදි දිසාවට ගෙනියන්න කැපවෙමින් සිටීම අපි අගය කරනවා. පහුගිය වකවානුවල සිද්ධවුනු හැමදේකදීම, රටේ ජනතාවට මොකක්හෝ බොරුවක් කියලා ම`ග හරින්න ආණAඩුව සූක්ෂ්මව කටයුතු කළා. මහබැංකු වංචාව ගැන දැන් කතාවක් ඇත්තේම නැහැ. ජනාධිපතිතුමා කිව්වා මහබැංකු වංචාව පිළිබ`ද වාර්තාවේ භාෂා පරිවර්ථනය කරලා නැති කොටස් පරිවර්තනය කරලා එළිදක්වනවා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි වෙන්න කළින් මහ බැංකු වාර්තාව එළියට එයි කියලා. ව්‍යවස්ථාවෙන්, සේනා දැළඹුවාගෙන් වෙන්නේ මේ දේවල් යට වෙන එක. නමුත් ජනතාවගේ මුලික ප්‍රශ්න ගැන කිසිම කතාවක් නැහැ. හාල් කිලෝව රුපියල් 100ට ඉහළ ගිහින්. එළවලූ මිල වැඩිවෙලා. කිරිපිටි රුපියල් 170කින් වැඩි කරන්න ඉල්ලීම් කරනවා. වරායට ගෙනාපු කිරිපිටි ටික රේගුවෙන් නිදහස් කර ගන්නේ නැහැ. මේ නිසා කොයි මොහොතක හෝ කිරිපිටි හි`ගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිරිපිටි රුපියල් 170කින් වැඩි කරන්න සිද්ධ වෙනවා. නැත්නම් රජය බද් ධඉවත් කරලා කිරිපිටි මිල වැඩිවිම පාලනය කරන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මන්තී්‍රධූරය අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක්වෙලා තියෙනවා. අධීකරණය මුලික විභාගය ස`දහා 31 වැනිදා දක්වා අධීකරණයකල් තිබ්බා. රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ මන්තී්‍රධූරය අහෝසිකරන්න එදා දුන්න අධිකරණ තීන්දුවට අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මේ මන්ත්‍රීධූරය දරන්න පුලූවන්කමක් නැති බවයි නිතීඥවරු විශAවාස කරන්නේ. රාජිත සේනාරත්න මහතා මන්තී්‍රවරයෙක් විදියට සිටියදී එතුමා කොටස්කරුවෙක් වෙන සමාගමකින් ගුවන් හමුදාවට භාණ්ඩ සැපයිම කියන චෝදනාව මත අධිකරණය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්තී්‍රධූරයට නුසුදුස්සෙක් කියලා නම් කලේ. ඒ පදනමින්ම ලංකා බැංකුව මහජන බැංකව කියන රාජ්‍ය ආයතනවලට ලේක්හවුස් පි්‍රන්ටර්ස් කියන ආයතතනයෙන් චෙක්පත් මුද්‍රණය කර තිඛෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමාගමේ කොටස්කරුවෙක්ව සිටියදියි. ලාභ ඉපයීමේ චේතනාවෙන් රජයේ අගමැතිවරයා ලෙස සිටිමින් කළ මේ කි්‍රයාව ගැනයි නිතිඥවරු එදාට අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව තියෙන කිසිදු වංචාවක් සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරි පියවර අරන් නැහැ. රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචාවට සෘජුව සම්බන්ධ බව කවුරුත් පිළිගන්නවා. මේ සිද්ධීය වි ෂතියක් යන්න කළින් කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයේ නඩුපැවරුනේ මම. ඒ නඩුව විභාග ඛරන්න තින්දු කරලා සිතාසි නිකුත් කරන්න අධිකරණය තින්දු කළා. ඒ අවස්ථාවේ අල්ලස් දෙපාර්ත මේන්තුව මෝසමක් මගින් අධිකරණයට කිව්වා, අල්ලස් දෙපාර්තමේන්තුව පැමිණිල්ල ගැන 80% විභාග කර අවසන්. නඩු පැවරීමට සියල්ල සූදානම් කර තියෙන අවස්ථාවක මේ සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ විභාගයක් පැවැත්වීම බාධාවක් බවත් කිව්වා. මහ බැංකු නියෝජ්‍ය අධීපති (නීති) ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා කිව්වා මේ සිද්ධිය විවෘථ අධිකරණ්‍යක විභාග විම රටේ ආර්ථීකයට බලපාන බව. මේ සම්බන්ධයෙන් විවෘත අධීකරණයේ කටයුතු නොකරන ලෙෂ අධිකරණයෙන් ඔවුන් ඉල්ලා සිටි නිසා මම පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තා. අල්ලස් දෙපාර්තමේන්තුව 80% පැමිණිල්ල විභාග කර අවසන් කියලා සදහන් කරලා අවුරුදු 4ක් වෙනවා. මෙතෙක් නඩු පවරලා නැහැ.ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් තිබුණා කියලා නඩු පැවරිමම් වෙන්නේ නැහැ. මේ රටේ ආර්ථීකය විනාශ කරපු මහ බැංකු වංචාව ගැන අවශ්‍ය කඩිනම් කි්‍රයාමාර්ග ගන්න කියලා අපි රජයට බලකරනවා. එදා ඩොලරයට අපි ගෙව්වේ රුපියල් 131යි. අද අපි රුපියල් 185ක් ගෙවනවා. රජය ලබා ගෙන ඇති ණය මුදල්වල සෑම රුපියල් 100ටම රුපියල් 54 බැගින් එකතු වෙලා ණය ඉහළ යනවා. මේ රටේ ආර්ථීකයට වුනු හානියේ ප්‍රතිඵල තමයි කිරිපිටි, ගෑස් මිල, වගේ දේවල් වැඩිවීම.අද ජනතාවගේ කරමත සියලූ බර වැටෙමින් තිඛෙනවා.

මාධ්‍ය – ණය අරන් තියෙන්නේ පහුගිය ආණ්ඩුවෙන් කියලා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියන්නේ.

හැමදාම ඔහො කියනවා.සියලූ රාජ්‍ය නායකයෝ රටේ අවශ්‍යතාවය අනුව ණය අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගෙන නික්ම යනතෙක් ඊට පෙර රජයන් ගත් සියලූ ණය ගෙවන්න අදෝනා තිබ්බේ නැහැ.රාජ්‍ය නායකයෝ ණය අරන් තියෙන්නේ රටේ සංවර්ධනයට. රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ ගත්ත ටි්‍රලියන 5ට කරපු දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත දේවල් අත දිග ඇරලා පෙන්නන්න පුලූවන්. ඩොලරය තවම නතර වෙන බවක් පෙන්නේ නැහැ. වැරදි කළමණාකරණය නිසා මේ සියල්ල වුනු බවයි මහ බැංකු අධිපති කිව්වේ. සැබැ පිළිතුරු හොයන්න ඕනේ. නැත්නම් තමන්ට කරන්න බැරිනම් ජනතාවට කැමැති ආණAඩුවක් පිහිටුවා ගන්න අවස්ථාව දෙන්න ඕනේ.

මාධ්‍ය – ජාතික ප්‍රතිපත්තියක් නැතිකමින් නේද මේ සියල්ල සිද්ධ වෙන්නේ?

රේණුක පෙරේරා – ජාතික ප්‍රතිපත්තියක ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ.මේ රජය ණය ගත්තේ මොකටද? වෙන රජයන් ණය ගත්තේ ජාතික ප්‍රතිපත්තියක් යටතේ අධ්‍යාපනයට, ප5වාහනයට, මහාමාර්ගවලට.

මාධ්‍ය – ආණAඩු වෙනස් වෙද්දි ක්‍රමවේදයන් වෙනස් වෙනවා.

රේණුක පෙරේරා- හැමෝම එහෙම කරන්නේ නැහැ.වෙනත් රජයන් අධිවේගී මාර්ග සැළසුම් කළා. නමුත් කි්‍රයාත්මක වුනේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊළ`ග පියවර විදියට අධිවේගී මාර්ග ඉදිකළා. මේ ආණAඩුව ආපු ගමන් කලේ පෝර්ට් සිටි නතර කළා. වෙන නම්දාලා ඒ පොර්ට් සිටියම කළා. කැළනි පාලමේ මාර්ග හයක අලූත් පාලමක් ඉදිවෙනවා. ඒක මහින්ද රාජපක්ෂ රජය සමයේ සැලසුම් කරලා නිර්මාණය කලේ. ඒක තමයි ඔය පා. ච රණවක කිව්වේ මහා ලොකු පාරවල් දෙකක් පෝර්ට් සිටියට එනවා කියාලා. තමන් ඇමැතිවරයා නිසා උප්පැන්න දෙන්න හැදුවට ඒක එයාගේ පාලමක් නෙවෙයි. ඔරුගොඩවත්තේ නිවාසවල පදිංචිකරුවන් ඉවත් කිරීමේ, වන්දි දීම් සාකච්ඡාවලට පවා මම සම්බන්ධවුනා. මේක දවසින් දෙකෙක් වුන දෙයක් නෙවෙයි. කුමන රජයක් කළත් රජයේ කාලය අවසන් වුනාම ඊළ`ගට පත්වෙන රජය ඉතිරි වැඩටික ඉදිරියට කරගෙන යන්න ඕනේ. මාලඹේ ඉදලා මොනෝරේල් යන්න තිබුණා. ඒක නොකර වැලිකඩ හන්දියේ ගුවන් පාලමක් ගැහුවා. මාර්ග තදබදයවත් අවසන් වෙලා නැහැ. දැන් ආයේ වෙනත් මාර්ගයක් සැලසුම් කරනවා. කොළඹ නගරය, ශී්‍ර ජයවර්ධනපුර පරිපාලන නගරය සැලසුම් කරලා තිබුනේ. ඒවා කි්‍රයාත්මක නොකිරිමයි සිද්ධ වුනේ. හෝමාගම මාකුඹුරේ දැවැන්ත පර්යන්තයක් ඉදිවෙනවා. දුරගමන් සේවා බස් රථ සියල්ල එතනටයි එන්නේ. ඊළගට රාගමට දුම්රියත් එක්ක බද්ධ කරපු මාර්ගයක් හදන්න තිබුණා. අනික මොරටුව.මේ විදියේ දැවැන්ත සැලසුමක් තියෙනවා.

මාධ්‍ය – කාගෙද සැලැස්ම

රේණුක පෙරේරා – ජේ. ආර් ජයවර්ධන මහත්තයා තමයි කොළම නගරය වාණ්ජ නගරයකරලා ශී්‍ර ජයවර්ධනපුර පරිපාලන නගරය කලේ.එතන ඉදන් රජයේ නිලධාරින් සියලූ සැළසුම් කරනවා. රජය ඒ සදහා ප්‍රතිපාදන සොයා දීලා කඩිනමින් ඉදිකිරිම් කරනවා. ඒ සදහා අවශ්‍ය සියලූ පහසුකම් මහින්ද රාජපක්ෂ රජය සැපයුවා. මොනෝ රේල් එක කළානම් මේ වෙද්දි අවසානයි. චිනයද ජපානයද මේක කරන්නේ කියන ප්‍රශ්නය විතරයි තිබුනේ. ගාලූ පාරේ එන රාජ්‍ය සේවකයෝ සියලූ දෙනා කොල්ලූපිටියෙන් බැහැලා පෞද්ගලික වාහනවලින් එන්නේ. ඒ මිනිස්සු ප්‍රවාහනය ස`දහා සෑහෙන වියදමක් දරනවා. රටේ සංවර්ධනය අක්‍රමවත් කරලා හිතුවක්කාර පාලනයක් ගෙනයන මේ ආණ්ඩුව වෙනස් කළයුතුමයි.

මාධ්‍ය – මීළගට තියෙන්නේ මොන මැතිවරණයද?

රේනුක පෙරේරා – මැතිවරණ කොමිෂමේ සාකච්ඡාවේදි සභාපතිතුමා කිව්වා ඔක්තෝම්බර් 20 එතුමාට තියෙන අවසන් දිනය කිව්වා.

මාධ්‍ය – විමල් විරවංශ උයද ගම්මන්පිල වගේ අය කියන්නේ ශී්‍ර ලංකා නිදහස ්පක්සයත් එක්ක එකතු වෙලා ගමනක් යන්න අවශය බවයි. ඔබේ මතය කුමක්ද?

රේණුක පෙරේරා – සියලූ බලවේග රට ගොඩනැ`ගීම ස`දහා එකතු වෙනවානම් අපි කැමැතියි. රටේ සමස්ත ප්‍රශ්න ස`දහා පිළිතුරු සොයන්න පුලූවන් පාලනයක් බිහිකිරීමයි පොදුජන පෙරමුනේ අරමුණ. අපි පොදුජන පෙරමුණ ආන්ඩුව හදන්නේ ඡන්දය දිනන්න විතරක් නෙවෙයි ඡන්දෙ දිනලා ඊට පස්සේ රට දියුණු කිරිමටත් එක්කයි. පුද්ගල සාධනය මත ප්‍රතිපත්ති යට ගහන්න බැහැ. ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කලේම සාර්ථක මිනිසුන් ලවා සාර්ථක ගමනක් ඉදිරි අවුරුදු 10 යන්නයි. මැතිවරන වෙලාවට අපි ඒ සියලූ දේ ඉදිරිපත් කරනවා. ලබන මාසේ අපි ජනතාව අතරට යමින් ඒ සම්බන්ධයෙන් ගමත් සමග කතා කරලා ගම්වල පොදුප්‍රශ්න විමසලා ඒ සදහා ප්‍රතිපත්ති සකස් කරන්න. ජනාධිපතිවරණයට අපිට තව මාස අටක් තියෙනවා. අපි ඊට කළින් පළාත්සභා මැතිවරණය බලාපොරොත්තු වෙනවා. බලයඛෙදන්න කතා කරන මේ මිනිස්සු ඛෙදලා තියෙන බලය ජනතාවට දෙන්නේ නැහැ. තව බලතල ඉල්ලන්නේ මොනවා කරන්නද? ජනතාව වෙනුවෙන්ද මේ කතා කරන්නේ.

මාධ්‍ය – සන්ධානගත වුනොත් මෛතී්‍රපාල සිරිසේන මහත්තයාද ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ

රේණුක පෙරේරා – ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළාම අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා රටට ප්‍රකාශයක් කරනවා කවුද අපේක්ෂකයා කියන දේ. රට ගොඩගන්න පුලූවන්රට සංවර්ධනය කරන්න පුලූවන් නායකයෙක් මිසක් අසාර්ථක පුද්ගලයෝ කාවවත් අපි බලයට ගේන්නේ නැහැ.

මාධ්‍ය – සේනා දළඹු හානිය මොනවගේද ඔබේ පළාතේ?

විමලවීර දිසානායක මහතා – අම්පාරේ බඩඉරිගුවලට තමයි මේ වුවදුර වැඩි. බඩ ඉරිගු කරල එන්න කළින් කරටියේ ඉන්නවා. කිරි වදින කරටියටත් යනවා. බිත්තර දහස් ගානක් දානවා. දවසකට දාන බිත්තර ගාන බැලූවම සේනා දළඹුවා පරදන වේගයක් තාක්ෂණයක් තවම තිරණය වෙලා නැහැ. දැන් බඩ ඉරිගු නෙළලා අවසන් වෙන්න ළගයි. තක්සේරු කරලා වන්දි දෙන්නේ කොහොමද? වැව්වල වතුර තියෙන නිසා ඊළග කන්නය වගා කරන්න වතුර දීලා වගා කරන්න ධෛර්යයක් දෙන්න ඕනේ. ණයගත්ත මිනිස්සුන්ගේ ජිවිත ඒ ණයෙන් වෙලා ගෙන. මිනිස්සු මේ ඉන්නවා මේ අතුරුදහන් වෙනවා. ණය ගෙවන්න බැරිව පැනලා යනවා. අපේ තරුණ පරම්පරාව කී දාහක් රටින් යනවාද?

මාධ්‍ය – දයාගමගේ ඇමැතිවරයා ඉන්නෙත් ඔබේ දිස්ති්‍රක්කයේ නේද?

විමලවීර දිසානායක මහතා – දයා ගමගේ මහත්තයා එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. අයවැය ලේඛණයෙන් මහඔය ආර්ථීක කළාපයක් හදනවා කියලා බුලත් විට කඩයක්වත් දැම්මේ නැහැ. 2014 කොටස් වෙලෙද පොලේ දෛනික පිරිවැටුප මිලියන 1468යි. දැන් මිලියන 68යි’. ආර්ථීක වර්ධන වේගය 3. 1ට බැහැලා. ලෝකයේ ආයෝජනයට අනතුරුදායකම රට ලංකාව කියලා කියනවා. මොකක්ද ආර්ථීකයේ වර්ධනය වුනේ.වි නි්සාපදනය 46%කින් අඩුවුනා.

මාධ්‍ය – සේනා දළඹුවා බඩ ඉරිගුවලින් ආවා කියන්නේ ලංකාවට ඉඩ ඉරිගු ගෙන්වනවා කියන එකනේ?

විමලවීර දිසානායක මහතා – 2005 ලංකාවේ බඩඉරිගු නිෂ්පාදනය වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 34000යි. මහින්ද රාජපක්ෂ මහත්තයා යනකොට වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 264000යි. රටේ බීජ නිෂ්පාදනය කළා. බටහිර වාණිජ නිෂAපාදනයක් කළා. පොහොර නියගය ආණAඩුවේ අනුග්‍රහය පිළිබද ප්‍රශ්න නිසා ජනතාව වගාවෙන් ඉවත් වුනා. වගාවෙන් 30%ක් සත්තුන්ගෙන් හානි වෙනවා. මගේ ඉඩමේ මෑ කරලක් තියාගන්න බැහැ මොනරු ඇවිත් කනවා. රටක් ගොඩ නගන්නේ කෙසේද? දැන් රටේ දුර්භික්ෂයක්. මොන තාක්ෂනික විප්ලවයක් තිබුණත් අපේ මිනිස්සු ජිවත් වෙන්නේ කෘෂිකර්මය හරහා. දෙහි වගාව තිබුණ කියලා දෙහි කෑල්ලක් රට යනවවාද? නැගෙනහිර ගව සම්පතක් හිටියට කිරිපිටි කම්හලක් හැදුවද? පහුගිය කාලයේ ආර්ථීකයේ තියෙන්නේ පහලට ඒමක්. ව්‍යාපාරිකයෝ 2015 නතර කරපු බුල්ඩෝසරය තවම පණ ගන්වලා නැහැ. එහෙමනම් මොනවාද වඑර්ධනය වුනේ. හොරකම , දූෂණය,

මාධ්‍ය – ලංකාවේ ශාඛ නිරෝධායන පනත් තිබුණත් මේවා වෙන්නේ කොහොමද?

විමලවීර දිසානායක මහතා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හුළගින් කියනාව. බහුජාතික සමාගම් බෝ කළා කියනවා.

මාධ්‍ය – දැන් එළවලූ වලටත් දළඹු හානිය ඇවිත්’.

විමලවීර දිසානායක මහතා – මම මෙය දකින්නේ ජාතික විපතක් විදියට. අපේ සහාය දෙන්න සම්පූර්ණ සහාය දෙනවා.

මාධ්‍ය – පාර්ලිමේන්තුවේදී කළඹල වුන අවස්ථාවේ සුමන්දිරන්ගේ කි්‍රයාකළාපය ගැන මොකද හිතෙන්නේ.

විමලවීර දිසානායක මහතා – මන්තී්‍රවරයෙකුට ලඝු කරන්න එපා. නිල නොවන අගමැතිවරයා. විනිසුරන් පිරිසක් එක්ක පින්තූරයක් ගත්ත එකකුත් තිබුණා. එලෙෂ පෙනි සිටියා නම් අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. හුගක් දේවල ප්‍රධාන නලූවා සුමන්දිරන්. ආණAඩුවේපැවැත්ම තීරණය කරන සර්ව බලධාරියා. සියල්ල හසුරුවන්න එහෙට මෙහෙට යනවා. ඉගි කරනවා. එතුමා හැම තැනම ඉන්නවා.හුළ`ග වගේ.

• ආ
හිටපු මධ්‍යම පළාත්සභා මන්තී්‍ර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress