2020 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කඩිනම් වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම
Posted on January 31st, 2019

මාධ් නිවේදනයයි Railway Technologists Union 

ගරු රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්,
අර්ජුන රණතුංග මැති තුමා
රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය,
බත්තරමුල්ල.

2020 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු පිරවීමට අවශ් කඩිනම් වැඩ පිළිවෙලක් රියාත්මක කරන ලෙස ඉල්ලීම

දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණ සහායක, අර්ධ පුහුණු ශිලිපීන් හා පුහුණු ශිල්පීන් යන ශ්‍රේණි තුල සිටින දුම්රිය සේවකයින්ගෙන් 75% කට ආසන්න සංඛ්‍යාවක් පුහුණු ශිල්පීන් ලෙස 2019 සහ 2020 වර්ෂ වලදී විශ‍්‍රාම යාමට නියමිතව ඇත. ඒ හේතුව නිසා මතුවන පුරප්පාඩු නියමිත සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වන බව පෙන්වා දෙමු.

අද වන විට අලූතින් එන්ජින් හා මැදිරි ගෙන්වුවද ඒ සඳහා ශ‍්‍රම දායකත්වය ලබාදිමට අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව එම එන්ජින් හා මැදිරිවල නඩත්තු කටයුතු ඉටුකිරීමේ දී ආයතනය බලාපොරොත්තුවන පලදායිතාවය මේ වන විටත් බිඳ වැටෙමින් තිබේ. අද වන විට පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 2024 ක සංඛ්‍යාවක් පවතින අතර, අර්ධ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 1024 ක ප‍්‍රමානයක් ද මේ වන විට පුරප්පාඩු වී පවතී. එම තත්වය 2020 වර්ෂය වන විට 75% අභිබවා යෑමට විය හැකි අතර, පුහුණු ශිල්පීන් ලෙස පසුගිය දිනවල කාර්මික විද්‍යාලවල පුහුණුව ලැබූ 193 දෙනෙකුට පත්වීම් ලබා දී ඇති මුත්, එම බඳවැගැනීම් ද සිදුකර ඇත්තේ වසර 10 කින් පසු බව පෙන්වා දෙමු. මේ වන විටත් දුම්රිය කාර්මික විද්‍යාල තුලින් පුහුණුව නිම කරන ලද ශිල්පීන් විශාල සංඛ්‍යාවක් සිටින අතර ඒ හා සමාන අභ්‍යන්තර සුදුසුකම් ලැබූ ශිල්පීන් ද ඇති මුත් නව බඳවාගැනීම් පරිපාටි වල මතු වී ඇති ගැටළු සහගත තත්වයන් නිසා එම ප‍්‍රශ්න දිගින් දිගටම විසඳුම් නැතිවීම උග‍්‍ර ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත. මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුකර ඇතත් කඩිනම් විසඳුම් ලබා නොදීම තුල බඳවාගැනීම් සිදු කිරීමට නොහැකි වී ඇත. මෙම තත්වය ආයතනයක් ලෙස දුම්රිය සේවය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී ඇති අතර, එම නිසා මේ පිළිබඳව ඔබ තුමාගේ මැදිහත්වීම තුලින් කඩිනම් විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් දුම්රිය සේවය කඩා වැටෙන තත්වයකට පත්විය හැකි බව පෙන්වා දෙමු. ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබතුාමාගේ අවධානය යොමුකොට මේ සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එම්..රත්නසිරි
රධාන ලේකම්
M. A. Ratnasiri
Chief Secretary

පිටපත්:
ගරු ස්ථීර ලේකම් තුමා
දුම්රිය සාමාන්යධිකාරී තුමා
සියළුම විද්යුත් හා මුද්රීත මාධ්

One Response to “2020 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කඩිනම් වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම”

  1. Christie Says:

    I am sure there are plenty of staff of security and laborers in the island.

    There was the Basic Technical Training Institute, Ratmalana attached to the Railways that trained the required technical staff for the Railways and other industries in the island.

    Technical education was neglected since 1956 by the subsequent governments and we are only got laborers and security and women to send as domestics to the Middle East.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress