ඇමෙරිකානු යුද නැව්වලට ත්‍රීමලය වරාය ලබාදීම බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ තවත් එක් පියවරක්
Posted on February 1st, 2019

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

ඇමෙරිකා යුද නැව්වලට ත්‍රිකුණාමලය වරාය ලබා දීම මේ රටේ ඉඩම් ඇතුළු ස්වෛරීත්වය අහිමි කිරීම බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ තවත් අවස්ථාවක් යැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (31දා) ජාතික සමතා බලවේගය රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

ඇමෙරිකාවේ කඳවුරු මේ රටේ නොපිහිටුවන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති කියනවා. ජපානයේ ඔකිනාවහි තිබෙන ඇමෙරිකා කඳවුරේ හමුදා සෙබළු 25,000ක් විතර ඉන්නවා. එහෙම කඳවුරක් ලංකාවේ පිහිටුවන්නේ නැහැ. ඒ අතින් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති කියන කතාව ඇත්තක්. ඒ වගේම කොරියාවේ හැම්ප්‍රෙස් වගේ භටයෝ 25,000ක් විතර ඉන්න කඳවුරක් පිහිටුවන්නත් ඇමෙරිකාවට අවශ්‍යතාවක් නැහැ.

ඒත් මුළු රටම උපායමාර්ගික වශයෙන් ඇමෙරිකා අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ අවස්ථාවක් තමයි මේ නිර්මාණය වෙන්නේ. ඇමෙරිකාවේ ජෝන් සීස්ටනිස් කියන ආරක්‍ෂක ගුවන් යානා 100ක් නතර කරන්න පුළුවන් නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයේ රඳවා තිබෙනවා. ඔවුන් කියන්නේ මේක තාවකාලික සැපයුම් කේන්ද්‍රයක් කියලයි. එහෙම කියන්නේ නැවක් නිසායි. ඒත් මේ නැව අවශ්‍යතාව අනුව සදාකාලිකවම වුවත් තියන්න පුළුවන්. එතකොට මේක සැපයුම් කේන්ද්‍රයක්.

‘පැසිපික් ප්ලීඩ්’ කියන ඇමෙරිකාවේ විශාලතම හමුදා බළඇණිය විසින් ලෝකයේ මුහුදෙන් 50%කට වඩා අත්පත් කරගෙන සිටිනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා මේ බළඇණිය ඉන්දියා ශාන්තිකර බළඇණිය ලෙස නම් කරලා තියෙනවා. මේ හමුදා බළඇණියට අනුකණ්ඩ 9ක් තියෙනවා.

ත්‍රිකුණාමලයේ සැපයුම් කේන්ද්‍රයට කටුනායක ගුවන්තොටුපළ භාවිත කරනවා. හමුදා සෙබළු 6500කට පහසුකම් සපයන්න පුළුවන් මේ යාත්‍රාව මඟින් ඉන්දියන් සාගරයේ සියලු යුද නැව්වලට හා සබ්මැරීන්වලට සැපයුම් ලබා දෙන්න පුළුවන්. ඉන්දියාව විසින් අත්කර ගෙන සිටින ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් ඉන්ධන ලබා දෙන්නත් පුළුවන්.

මේ ගිවිසුම 2018 අගෝස්තු 28දා තමයි ආණ්ඩුව අනුමත කරන්නේ. ගිවිසුමක් කිව්වට ඇමෙරිකාව කළ ඉල්ලීම පිළිගැනීම තමයි එහිදී සිදු වන්නේ. 1995දී එවකට සිටි ජනාධිපතිත් ඉතා කුඩා කාරණා කිහිපයකට මෙවැනි ගිවිසුමක් අනුමත කළා. රනිල් වික්‍රමසිංහ එම ගිවිසුම පුළුල් කරලා දීර්ඝ කළා.

ඒ නිසා අමෙරිකාවේ කොන්ත්‍රාත්කරුවන්ට, භූමි හිමිකරුවන්ට, සේවකයන්ට පවා තානාපති මුක්තිය ලැබෙනවා.

ඇමෙරිකාවේ සාම හමුදාවකුත් ග්‍රාමීය ප්‍රදේශවලට ඉංග්‍රීසි උගන්වන්න එනවා. ඔවුන් ඔත්තුකරුවන් ලෙස කටයුතු කරන අතරම ඇමෙරිකාවේ වුවමනාව සාධාරණීකරණය කරනවා.

ඒ වගේම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියන සමාගමකුත් තියෙනවා. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හදන එම සමාගමේ කාර්යාලයක් මෙරට අගමැති කාර්යාලය තුළ තිබෙනවා. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් තමයි එහි සභාපති. ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කොට ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ආයෝජන පටියක් ඔවුන් නිර්මාණය කරනවා. ‘සුබානා ජුරෝම්’ නමැති සිංගප්පූරු සමාගම තමයි උපදේශන සිදු කරන්නේ. එම ආයෝජන කලාපයට එන්න පුළුවන් ඉන්දීය, ජපාන සහ ඇමෙරිකා සමාගම්වලට විතරයි. ඒ කියන්නේ යුදමය සන්ධානය තුළ ඉන්න රටවලට පමණයි.

එම ආයෝජකයන්ට ඉඩම් දෙන්න ඉඩම් බැංකු පනත ගේනවා. රාජ්‍ය ආයතන සතු ඉඩම් ලියාපදිංචි කරලා ඉඩම් බැංකුවෙන් ඉඩම් දෙනවා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ සුද්දන්ගෙන් ගත්ත ඉඩම් ඇතුළු සියලු දේ ආයෙත් සුද්දන්ට දීමේ දුෂ්ට පනතක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

රියාර් අද්මිරාල් සරත් වීරසේකර,
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රනිල් වික්‍රමසිංහ හිතුමතයට ගිවිසුමක් අස්සන් කරලා. ඒක ගැන ජනාධිපති, කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව දැනුවත් කරලා නැහැ. 2001 සාම ගිවිසුම අස්සන් කළෙත් කිසිවකුගෙන් හෝ විමසා නොවෙයි, මෙවැනි සංවේදී ගිවිසුම් අස්සන් කරන්න ශ්‍රී ලංකාව රනිල් වික්‍රමසිංහගේ බූදලයක් නොවෙයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,
බටහිරට අවශ්‍ය කඳවුරක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගයක් තමයි නිරන්තරයෙන් දියත්වන්නේ. ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අළුගුත්තේරු කියමනක් කියලා තිබුණා. රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරන්න දමිළ ඩයස්පෝරාවෙන් උදවු ඉල්ලා තිබුණා. අපේ රට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවන් අමතක කරන හැමෝම දේශද්‍රෝහීන්.

ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම,
ඇමෙරිකාව සමඟ ගිවිසුමක් අස්සන් කරන්න රනිල් වික්‍රමසිංහට නීත්‍යනුකූල බලයක් නැහැ. ඒක ව්‍යවස්ථා විරෝධීයි. 2007දී ඇමෙරිකාව සමඟ අනේ‍යාන්‍ය සහයෝගිතා ගිවිසුමක් අස්සන් කළා. ඒකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ. වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් එම ගිවිසුම අස්සන් කිරීමට විරුද්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ප්‍රභාකරන්ට විරුද්ධව යුද්ධයක් තිබුණු නිසා ජාත්‍යන්තර සහාය ලබා ගන්න එවැනි ගිවිසුම් අවශ්‍ය වුණා. වරායේදී පහසුකම් සැපයීම පමණයි ඒකෙන් සිදු වුණේ. ඒත් ඇමෙරිකාව සමඟ රනිල් අස්සන් කළ ගිවිසුම ඉතා භයානකයි. සමස්ත රටම ඇමෙරිකා කඳවුරක් බවට පත්වීම තමයි ඒකෙන් සිදු කෙරෙන්නේ. කොළඹ වරායේ සිට ත්‍රිකුණාමලය දක්වා විශේෂ කලාපයක් හෙවත් පාරක් කැපීමටද නියමිතයි. රනිල් වික්‍රමසිංහගේ මේ ක්‍රියාකලාපය නිසා රට අනාරක්‍ෂිත වෙනවා. විදේශ රටවලට රට උකස් තැබීමක් තමයි මේ කරන්නේ.

පාඨලී චම්පික විසින් රනිල් වික්‍රමසිංහ හැඳින්නුවේ නූතත ‍ෙදාන් ජුවාන් ධර්මපාල කියලයි. ඒත් ‍ෙදාන් ජුවන්ට කෝට්ටේ විතරයි පාලනය කරන්න පුළුවන් වුණේ. රනිල් වික්‍රමසිංහ මුළු රටම විනාශ කරනවා. චීනය හා රුසියාවට විරුද්ධ යුද්ධයකදී මේ රට භාවිත කිරීම මේ ගිවිසුම් අස්සන් කිරීමට ප්‍රධාන හේතුවක්.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress