ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සාකච්ඡුාව
Posted on February 1st, 2019

අද (01) දින ඒකාබද්ධ විපක්ෂය  මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතා
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී. වී. චානක මහතා
හිටපු පළාත්සභා මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතා

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකරන විශ‍්‍රාම ගිය හමුදා නිලධාරියෙක් පත්කර තිබෙනවා. මේ තනතුරට සුදුසුකම් ඇති අය නැතිව හෝ තමන්ට හිතවත් රාජ්‍ය නිළධාරීන් නැතිව නෙවෙයි මෙවැනි පත්කිරීමක් කර තිබෙන්නේ. රේගු ආඥාපනත පිටින් කටයුතු කරන්න සහයෝගය දෙන පුද්ගලයෙක් පත්කර ගැනීමයි කරලා තියෙන්නේ. ඇමරිකානු අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය ඔස්සේ කතා කරනවා. රට ඇතුළට ගෙන එන අවි ආයුධ ගබඩා කිරීමට ගෙන යන ගමනේදී රේගුවේ පරීක්ෂාවෙන් මිදීමේ බලාපොරොත්තුවක් තියෙනවා. පහුගිය දිනවල ගුවන් තොටුපළට අවි ආයුධ ගුවන් යානාවක් ආවා. ඒවා රේගුව හරහා යනවා වෙනුවට වෙනත් කුඩා ගුවන් යානා ම`ගින් අපේ සාගරයේ තියෙන නෞකාවකට ගෙනයාමටයි මේ අය බලාපොරොත්තුවෙන් ඉන්නේ. මෙහිදී රේගුවට හොරෙන් කිසියම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. ඒ වගේම හමුදාවට එරෙහිව ගැතිකම් කරමින් හමුදාව පාවාදුන් කෙනෙක්වයි මංගල සමරවිර ඇමැතිවරයා පත්කර තිබෙන්නේ. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කර ගැනීමට බැරි වූ තැන හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කිරීම වගේම ජාත්‍යන්තරයේ තියෙන හොර ගිවිසුමේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමත් මේ මගින් සිදුවෙනවා. මේ සිද්ධිය රේගුවට පමණක් බලපාන කාරණයක් නෙවෙයි.

පසුගිය කාලයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් ඉවත් කලේ ඇමැතිවරයාට අවනත නොවීම නිසයි. අද වන විට රටේ මැතිවරණ නැහැ. අද ජනාධිපතිවරයා පසවනවා පරිපාලන සේවය අකර්මන්‍ය කිරීමේ වැඩ පිලිවෙලක් දියත් වෙන බව. අපි මේ බව හෙළිකලේ මිට වසර දෙකකට පමණ පෙර සිටයි. වෘත්තීයවේදින් හා රාජ්‍ය සේවකයින්ට අපි කියන්නේ යකාගේ තරම යකා ළ`ගට එනතෙක් බලාසිටින්නේ නැතිව හ`දුනා ගෙන සිටින යකාව දමනය කරන්න එක්වෙන්න කියලයි. රජය ගෙනයන මේ වැඩපිළිවෙල නිසා ළ`ගදීම රාජ්‍ය නිලධාරීන් පාරට බහුන බවත් විශ්වාසයි.
පළාත්සභා මැතිවරණයත් දිනෙන් දින කල්යමින් තිබෙනවා. පක්ෂ නායක රැුස්වීමක් තියලා එජාපයට සම්බන්ධ පක්ෂ නියෝජිතයින් එක්ක තීරණය කරනවා සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්විය යුතුයි කියලා. මොකක්ද මේ එකම දිනය කියන්නේ. ඌව පළාත් සභාව විසිරවෙන්න තියෙන්නේ ඔක්තෝම්බර් මාසයේ. ඒ වෙද්දි අනෙක් පළාත් සභා සියල්ල විසිරිලයි තියෙන්නේ. ඔක්තෝම්බර් 12 වෙද්දි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දින තීරණය කෙරෙනවා. මෙයින් බලාපොරොත්තු වෙන්නේ පළාත්සභා මැතිවරණය ජනාධිපතිවරණය දක්වා කල්දමාගෙන ලබන වසර දක්වාම මැතිවරණය නොපවත්වා සිටීමයි. එජාපය මැතිවරණය තියන්න කැමැති නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව මැතිවරණයකට ගෙන යන එක හරියට බැදලා ඉන්න පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ අමාරු කාර්යයක්. රටේ ජනාධිපතිවරයා මැයිවෙද්දි පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕනේ කියනවා. අපේ දින 52 ආණ්ඩුව තියෙන කාලයේත් මැතිවරණය පවත්වන්න අවශ්‍ය බව කියමින් කැබිනට් එකට යෝජනාවක් ඉදිරිපත් කළා. දැන් ඒ යෝජනාවම දෙවැනිවරට ජනාධිපතිවරයා විසිනුත් කැබිනට් එකට ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒ වගේම අධිකරණය පළාත් සභා මැතිවරණය කල්දාන්න බැහැකියලා තීරණයක් දීලයි තියෙන්නේ. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාත් ඔක්තෝම්බර් වෙද්දි පළාත් සභා මැතිවරණය තිබ්බේ නැත්නම් ඉල්ලා අස්වෙන බව සදහන් කරනවා. අපි කියන්නේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙනවා වෙනුවට ජනාධිපතිවරයා මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙක් තීන්දුවක් ගන්නයි ඉල්ලා සිටිනවා.

මේ මැතිවරණය කල් දාන්න පාර්ලිමේන්තුව රාත‍්‍රී අටවෙනකල් පැවැත්වුවා. අවසානයේ ඡුන්ද 06ක් අඩු වුනාම ඒ ස`දහා අවශ්‍ය සහාය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ ඡුන්ද හය නිසයි පලාත්සභා මැතිවරණය එදා කල්දාගන්න ලැබුනේ. ජනතා විමුක්ති පෙරමුනේ අය අද මොකද කියන්නේ? ඒ වගේම විග්නේස්වරම් මහත්තයා දෙමළ සන්ධානය එක්ක ඉන්න බැහැ කියලා දෙමළ සන්ධානයෙන් ඉවත් වෙලා වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවනවා. නමුත් මැතිවරණය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කරන්නේ නැහැ. ඒකීය කියන එකටත් ඔරුමිත්තනාඩු කියන එකටත් එතුමා එක`ග නැති බව පැවැසුවා. ඒකෙන් උතුරු දකුණු ජනතාවට බොරු කරලා තිබෙන බවත් එතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා. එතුමාට මේ අවස්ථාවේදී මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි ඇයි? රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම නැති වුනු අවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඩා වැළපුනු සිවිල් සංවිධානවලින් අපි අහනවා මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ කියලා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ මැතිවරණවලට බය කෙනෙක්. මැතිවරණය තිබ්බොත් එක පළාත් සභාවක්වත් එජාපයට දිනාගන්න බැරි නිසා ඒ අය මැතිවරණවලට බයයි. ඉතිහාසයේ මැතිවරණ හකුලා ගත් සෑම අවස්ථාවකම පැවැති රජයන් පරාජයට පත්වුනා. මේ අවස්ථාවේ මැතිවරණය නොපැවැත්වූවොත් සිද්ධ වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ ඇතුලූ එජාපය අන්ත පරාජයකට පත්වීමයි.

එජාප විරෝධී පුලූල් බලවේගයක් ගොඩනගමින් තිබෙන මේ අවස්ථාවේ එය කඩාකප්පල් කරන්න නිල්, කොල, රතු පිරිස් ජනාධිපති අපේක්සකයා ගැන විවිධ අදහස් දක්වනවා. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන පිරිස් තමයි ඔය ඉදිරිපත් කිරීම් කරන්නේ. පුලූල් සංධානයක් තුළින් එජාප විරෝධී බලවේගයක් විදියට කටයුතු කරන විට අපිටත් ගැටලූ තියෙනවා. නමුත් ඒ සියල්ල යටපත් කරගෙන මේ ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිීලවෙලට අපි එකාවන්ව කටයුතු කරනවා. ඒ කටයුත්ත කඩාකප්පල් කරන්න පියවර ගන්න අය ගැන තේරුම් ගන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ රටේ සම්පත් විදේශීකරණය කිරීමේදී අපේ විරෝධතා හමුවේ හම්බන්තොට වරාය අපිට අහිමි වෙලා තියෙනවා. මත්තල ගුවන්තොටුපල විකිනීමේ වැඩපිළීවෙල කඩාකප්පල් කරන්න අපි පියවර ගත්තත් අද වනවිට නැවතත් මත්තල විකිණීම කරළියට ඇවිත් තියෙන්නේ. මේ ආණ්ඩුව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධීකාරියට මත්තල ගුවන් තොටුපල විකුණාදමන්නයි උත්සාහ කරමින් සිටින්නේ. ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාවේ තියෙන තමන්ගේ ගුවන්තොටුපළ පාලනය කිරීමත් පෞද්ගලික සමාගම්වලට භාරදීලයි තියෙන්නේ. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතට අනුව අපේ රටේ ගුවන්තොටුපලක් වෙනත් රටකට විකුණන්න බැහැ. ඒ පනත වෙනස් කරලාද දන්නෙත් නැහැ. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා ඉවර වෙලයි නිතිපතිවරයාගෙන් උපදෙස් ගත්තේ සහ එය කැබිනට් එකට ඉදිරිපත් කලේ. සිංගප්පූරු ගිවිසුම අද අපිට අවලංගු කරන්න බැරි තත්ත්වයකට පත්වෙලාතියෙනවා. ඒ හා සමානව මත්තල ගුවන් තොටුපල විකිණීමේ ගිවිසුම අත්සන් කළාට පස්සේ පාර්ලිමේන්තුවට හා කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රට දැනුවව් කර අපේ ඉදිරි අනාගතය සදහා පවතින සම්පත් ආරක්ෂා කළ යුතුයි.
වතු කම්නරුවන්ගේ රුපියල් 1000 ඉල්ලීම වෙනුවට රුපියල් 700ක්ලබා දෙන්න පියවර ගත්ත බව ආන්ඩුවෙන් ප‍්‍රකාශ කළා. ඇත්තටම වැඩිකරලා තියෙන්නේ රුපියල් 20යි. සුරේෂ් වඩිවේල් ඇමැතිවරයා වසර දෙකතුනකට කළින් පළවෙනියටම පාර්ලිමේන්තුවට ආවේ භූමිතෙල් ඔලූවේ ඉදලා වක්කරගෙන. ඊට පස්සේ දින 52 ආණ්ඩුවේ අපිත් එක්ක හිටියා රුපියල් 1000ක් කර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ෂතියක් ඇතුළත අනෙක් පැත්තට ගිහින් රනිල් වික‍්‍රමසිංහ එක්ක සම්බන්ධ වුනා රුපියල් 1000 මේ පැත්තේ ආණ්ඩුව හදපුවාම ගන්නවා කිව්වා. දැන් සුරේෂ් වඩිවේල්ට භූමිතෙල් ටිතවත් රුපියල් 20ට ගන්න බැහැ. අපි අභියෝග කරනවා රුපියල් 20ට වඩා වැඩිවෙලා නැත්නම් ලබන සතියේ පාර්ලිමේන්තු එද්දිත් භූමිතෙල් ඔලූවේ තවරා ගෙන එන්න කියලා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී. වී. චානක මහතා

අද රට තුළ ආර්ථික, සමාජයීය, දේශපාලන වශයෙන් විශාල අර්බුද. හෙට වෙද්දි අපි ඉන්නේ කොතැනද කියලා විශ්වාසයක් නැති තැනකට ආණ්ඩුව රට ගෙනත් අවසන්. රටතුළ මොන අර්බුදය තිබුණත් ඒවාට විසදුම් හොයනවා වෙනුවට මේ කණ්ඩායම කරන්නේතමන්ගේ සාක්කු පුරවා ගැනීම ගැන විතරයි. රටේ බහුතර ජනතාවක් ඉන්නේ එදා වේල් තුන කන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි තත්ත්වයකයි. ඒ ප‍්‍රශ්නවලට විසදුම් හොයනවා වෙනුවට එජාපයට තියෙන්නේ ඇමැතිකම් වැඩිකර ගැනීම සදහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ප‍්‍රශ්නය විතරයි.එජාපය ඇතුලේ ප‍්‍රධාන අර්බුද දෙකක් තියෙනවා. හෙට අනිද්දා ගෙන ඒමට නියමිත අයවැය සම්මත කර ගන්නේ කොහාමද කියන කාරණය සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ අගමැතිකම තව දුරටත් තියාගන්නේ කොහොමද කියන කාරණය පක්ෂය ඇතුලේ තියෙනවා. එජාපයේ මන්තී‍්‍රවරු අට දෙනෙක් කියනවා කැබිනට් ඇමැතිධූර අටක් මාස දෙකක් ඇතුළත දුන්නේ නැත්නම් එතුමන්ලා අයවැයට විරුද්ධව ඡුන්දය දෙනවාලූ. තව මන්තී‍්‍රවරු පහළොවක් නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමැතිධූර දෙන්නේ නැත්නම් අයවැයට ඡුන්දේ දෙන්නේ නැහැලූ. දැන් අර්බුදය ගොඩනැගිලා ඉවරයි. අමාත්‍යංශ නොලැබුනොත් අයවැයට පක්ෂව ඡුන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා එජාපය උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවෙන් පිටට ගිහින් හරි ජාතික ආණ්ඩුව හදන්නයි. සරත් ෆොන්සේකා කියනවා මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඉන්න එකම මන්තී‍්‍රවරයා එක්ක ජාතික ආණ්ඩුවක් හදනවාලූ. දේශපාලන තක්කඩිකම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ව්‍යවස්ථාවේ 46 වගන්තියේ පැහැදිලිව තියනවා ජාතික ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්තී‍්‍රධූර සංඛ්‍යාවක් සිටින පක්ෂය හා අනෙකුත් පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම්වලින් හැදුනු එකක් කියලා. මෙතුමන්ලාට තියෙන්නේ පක්ෂ දෙකයි. ඒ කියන්නේ කිසිසේත් ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. එහෙම තියෙද්දිත් ජාතික ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත්. මේ ජාතික ආණ්ඩුව හදන්න අපි විපක්ෂයේ ඉන්නකල් කිසිසේත් අපි ඉඩ දෙන්නේ නැහැ. බදු අඩු කරන්න යෝජනාවක් ගේන්න. අපි සහාය දෙන්නම්. රැුකියා විරහිත උපාධීධාරින් රැුකියා දෙන්න යෝජනාවක් ගෙනාවොත් අපි සහයෝගය දෙන්නම්. තෙල් මිල අඩු කරන්න යෝජනාවක් ගෙනාවොත් අපි සහාය දෙන්නම්. ඇමැතිකම් වැඩි කරගන්න ගේන යෝජනාවලට අපෙන් කිසිම සහායක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාලම මන්තී‍්‍රවරයා විදියට මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ව්‍යවස්ථාවෙන් පිට ගිහින් ජාතික ආණ්ඩුවක් හැදුවොත් කිසිසේත් ඇමැතිකම් දෙන්න එපා. ඔබතුමන් අතෙයි ඇමැතිකම් තියෙන්නේ. ඒ වගේම ජාතික ආණ්ඩුවක් හදන්නේ නැත්නම් මේ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. අයවැය පරද්දන්න අපි සූදානම්. එහෙම වුනොත් මේ අයට අනිවරායයෙන් මැතිවරණයකට යන්න සිද්ධ වෙනවා. නැත්නම් අගමැතිවරයාට ගෙදර යන්න වෙනවා.

අපිට තවත් ගැටලවක් තියෙනවා. දෙමළ සන්ධනායට අවශ්‍ය වෙලා තියෙන්නේ උතුරු නැගෙනහිර වෙන් කර ගන්න. ව්‍යවස්ථාවක් හරහා රට කෑලි නවයකට කඩලා උතුරු නැගෙනහිර වෙන් කර ගන්න එතුමන්ලා උත්සාහ කරන අතරේ අනෙක් පැත්තෙන් ලෝකේ ඉන්න බලවත් රාජ්‍ය කිහිපයකට රටේ සම්පත් ටික භාරදෙන්න එජාපය සූදානම් වෙනවා. හම්බන්තොට වරාය ඇතුලූ අක්කර 20000ට ආසන්න ප‍්‍රමාණයක් චීනයට දෙන්න සියලූ දේක රලා අවසන්. ඊට කිලෝමිටර් 12ක් එහා පැත්තේ මත්තල ගුවන්තොටුපල ඇතුලූ අක්කර 5000ක් ඉන්දියාවට දෙන්න සූදානම් කරලා ඉවරයි. රටේ අනෙක් පැත්තට යද්දි ති‍්‍රකුණාමලය, පලාලි ගුවන් තොටුපළ ඇතුලූ අක්කර 35000ක් ඇමරිකාවට දෙන්න සුදානම්. ලෝකයේ බලවතුන් අතර සීතල යුද්ධයක් මේ වෙද්දි කි‍්‍රයාත්මකයි. ඉන්දියාව, චීනය, ඇමරිකාව අතර ලොකු ප‍්‍රශ්නයක් තියෙන බව ලෝකයම දන්නවා. පොලව යට ගෙනියන මේ යුද්ධය භූමිය මතුපිටට එන්නේ අපේ රට ඇතුලෙනුයි. එක පැත්තකින් චීනය, අනෙක් පැත්තෙන් ඇමරිකාව, ඊටත් එහා පැත්තෙන් ඉන්දියාව. මේවත් එක්ක අපේ රටේ සම්පත් විකුණපුවාම අපිට අදාල නැති යුද්ධයකට අදාල නැති දේකට පැටලිලා වන්දි ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවටයි. හෙට අනිද්දා හැදෙන්නේ ඒකීයවත් එක්සත්වත් රාජ්‍යයක් නෙවෙයි. ලෝක බලවතුන්ගේ යුදපිටියක්.

දැන් නැවතත් උද්ඝෝෂණ වැඩිවෙමින් තිබෙනවා. අපේ දින 52 ආණ්ඩුව කාලයේ උද්ඝෝෂණ නැති වුනේ අපි ජනතාව එක්ක කතා කරපු නිසා. නමුත් මේ ආණ්ඩුව නැවතත් බලයට ඒමත් සම`ග නිලධාරින් වේවා ශීෂ්‍යයන් එක්ක වේවා සාකච්ඡුා ප‍්‍රතික්ෂේප කරලා. ඒ නිසයි උද්ඝෝෂණ ඇති වෙන්නේ.රේගුවේ ප‍්‍රශ්නය අපි දැක්කා. අද වෙද්දි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ඉවත් කරලා. හොරකමට වංචාවට විරුද්ධ නම් ඇමැතිවරුන්ගේ හිතවතුන්ට බදු සහන දෙන්නේ නැත්නම් මේ ආණ්ඩුවේ ඉඩක් නැහැ. ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය කරලා පාඩු වෙද්දි, හොරාට බදු අඩු කරලා ප‍්‍රාඩෝ ගෙන්වන්න යද්දි ඒවාට විරුද්ධව කතා කරපු නිසා තමයි අද එතුමියව ඉවත් කරලා තියෙන්නේ. වැඩ වර්ජනය නිසා දින දෙකට මිලියන 6000ක් පාඩු වෙලා. මේක සාකච්චා කරලා නිවැරදි විසදුම් දුන්නා නම් මේමුදල් ඉතිරි කර ගන්න තිබුනා. සේනා දළඹු හානියට ලක්වුනු කණ්ඩායමට සහන දෙන්න වැය කලේ කෝටි 25යි. දවස් දෙකේ රේගුවේ පාඩුව කෝටි 600යි. මේකට රජය වගකියන්න ඕනේ. මේවා සාකච්ඡුා කරලා විසදා ගත්තේ නැත්නම් රටේ ආර්ථිකය තවත් විනාශ වෙන එකයි වෙන්නේ.
සජිත් පේ‍්‍රමදාස මහත්තයා ගෙවල් හදාදෙනවා කියලා රටට බොරු මවා පෑමක් කළා. ඒ ව්‍යාපෘති පෙන්නුවට ඇත්තටම ගෙවල් හැදුවේ නැහැ. ලක්ෂ 4 ගානේ ණය දුන්නා විතරයි’.හම්බන්තොට දිස්ති‍්‍රක්කය ගැන අවධානය යොමු කලොත් ලක්ෂ 4 ගානේ ණය දිලා ගෙවල් 1000ක් හදලා තියෙනවා. මේකේ ඇතුලේ අලූත් සේවකයෝ 1008ක් ඉන්නවා. හැම නිවසකම එක සේවකයෙකුට වැඩිය ඉන්නවා. එක නිවසක් හදන්න ඒක බලන්න නිවාස අධීකාරියේ එක්කෙනෙක් ඉන්නවා. මේ අය ගත්තේ ප‍්‍රාදේශීය සභා මැතිවරණයට කළින් ඔය ගෙවල්වල සජිත් පේ‍්‍රමදාසගේ පෝස්ටරේ ඇලෙව්වද කියලා බලලා හරියක් දාන්නයි නිලධාරින්ට තිබුනේ. රුපියල් 20000 පළවෙනි වාරිකය දුන්නට පස්සේ දෙවැනි වාරිකය ගන්නනම් පෝස්ටරය ගහන්න ඕනේ. නිවාස සංවර්ධන අධිකාරියේ සබාපතිවරයා කියා තිබුණා එතුමන්ලා පළකයක් හදන්න රුපියල් 5000ක් පමණක් වැය කරපු බව. අමූලික බොරු. මෙතුමන්ලා දෙලක්ෂ තිස් එක්දාහක් වියදම් කළා. මෙතුමන්ලාගේ සභාපතිවරයා අත්සන් කරපු ලියවිල්ලේ තියෙන්නේ පළක සදහා පමණක් පක්ෂ 430ක් වැයකරපු බවයි. එක පළකයට 5000ක් වැය කළා නම් ගම්මාන 8600ක් මේ වෙද්දි හදලා තියෙන්න ඕනේ. නමුත් මෙතුමන්ගේ මුහුණු පොතේ තියෙන්නේ උදාගම්මන 160ක් විවෘත කරපු බව. මෙයින්ම පේනවා බොරුවක් කරන බව. නිවාස හදනවාට වඩා වියදමක් තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කරලා බදු සල්ලි වැඩියෙන්ම නාස්ති කරන අමාත්‍යංශය නිවාස අමාත්‍යංශයයි. ගිය වසරේ වැඩිම මුදල් ප‍්‍රචාරණය ස`දහා වැය කලේ නිවාස අමාත්‍යංශයයි. ඇමැතිතුමාගෙනුයි සභාපතිවරයාගෙනුයි අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාව එක්ක සෙල්ලම් කරන්න එපා කියලයි. ඔබලා ඇත්තටම නිවාස හැදුවා නම් බෝඞ් ගහන්න පෝස්ටර් ගහන්න ඕනේ නැහැ. ජනතාව කියයි අපිට ගෙවල් හදලා දුන්නා කියලා. බොරු කරපු නිසයි පෝස්ටර් ගහන්න රූපවාහිනි දැන්වීම් දැන්න වෙලා තියෙන්නේ. මේ විදියට ජනතාවගේ බදු සල්ලි නාස්ති කරන්න එපා.

මාධ්‍ය – දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා කිව්වා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධාන සාමාජිකයා ජනාධිපතිවරයායි. ඔහුට ඇමැතිධූරයක් තියෙන නිසා කොහොමත් තියෙන්නේ ජාතික ආණ්ඩුවක් බවයි ඔහුගේ අදහස වුනේ.

ඞී. වී. චානක – ජනාධිපතිවරයාට නිල බලයෙන්ම අමාත්‍යංශය ලැබෙනවා. නමුත් කිසියම් ආකාරයට මෙය ජාතික ආණ්ඩුවක් වෙන්න නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා හා එක්සත් ජාතික පන්ෂයේ මහලේකම්වරයාත් අතර ගිවිසුමක් ඇති වෙන්න ඕනේ. ඒ ගිවිසුම තුලිනුයි ජාතිකආණ්ඩුවක් ඇති වෙන්නේ. කළින් වතාවේ ගිවිසුමක් තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලිපියක් දෙමින් ඉල්ලා අස්වුනා. ජාතික ආණ්ඩුවක් හදන්න නම් මුස්ලිම් කොංග‍්‍රසයට අමතරව මේ අය තවත් කණ්ඩායමක් එකතු කරගන්න අවශ්‍යයි. ඕනේ නම් හැංගිලා ඉන්න ජනතා විමුක්ති පෙරමුනේ අය එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න පුලූවන්. එහෙම නැතුව ජාතික ආණ්ඩුවක් හදන්න අයිතියක් නැහැ.

කනක හේරත් – 2001 – 2004 ආණ්ඩුවේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියයි. ජාතික ආණ්ඩුවක් තිබුනේ නැහැ. ආණ්ජුව රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ. දුමින්ද දිසානායකට එතනදි පොඞ්ඩක් වැරදිමක් වෙලා.

මාධ්‍ය – සජිත් පේ‍්‍රමදාසට විරුද්ධව ටොප් 10 වගේ වැඩක් කරන්නේ නැද්ද?

කනක හේරත් – අපි ටොප් 10 කළා. මමත් අල්ලස් කොමිෂමට හා අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට චෝදනා භාරදෙන්න ගිහින් තියෙනවා. අද වෙනතුරු පැමිනිල්ල භාරදුන් අපෙන් කටඋත්තර ගත්තා පමණයි. ඒ චෝදනාගත් නිලධාරින් හෝ ඇමැතිවරුන්ගෙන් කිසිම විමසිමක් කරලා නැහැ. අපි කොහොමද ඉදිරියට කටයුතු කරන්නේ. මේ අය ඒවා නොසලකා හරිනවා. නමුත් අපි ඉදිරියේදී අනෙකුත් අමාත්‍යංශවල වංචා ¥ෂණ සම්බන්ධයෙනුත් නීතිමය කි‍්‍රයාමාර්ග අපි ගන්නවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress