තම මුතුන්මිත්තන් කළ අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට ක්‍රමයක් සොයාගත් පෘතුගීසි හාමුදුරුවෝ
Posted on February 3rd, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ඈත අතීතයේ ඉඳලා ම අපේ රට බොහොම ප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක්. බටහිර ලෝකයේ රෝමයත් එක්ක, ග්‍රීසියත් එක්ක, අරාබි සහ පර්සියානු රටවල් එක්ක වගේ ම නැගෙනහිර ලෝකයේ චීනය සහ අග්නිදිග ආසියාවේ රටවල් එක්කත් අපි ගනුදෙනු කළා. අපේ රට ආසන්නයේ ම තිබුණු දෙමළ මිනිස්සුන්ගේ චෝළ සහ පාණ්ඩ්‍ය රාජ්‍යයන්වලින් වගේ ම තරමක් ඈත උතුරේ තිබුණු කාලිංගයෙනුත් බෙංගාලයෙනුත් අපේ රටට මිනිස්සු ආවා. පර්සියාව කිට්ටුව තිබුණු පැරැණි කාම්බෝජයේ මිනිස්සු අග්නිදිග ආසියාවේ තියෙන අලුත් කාම්බෝජයට ගිහිල්ලා තියෙන්නෙත් අපේ රට හරහා. පහුගිය අවුරුදු හය හත්සීය ඇතුළත කේරළයෙන් ආපු මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අපේ රටේ පැළපදියම්වෙලත් තියෙනවා. ඉතින් ඉපැරැණි මුහුදු සේද මාවතේ ප්‍රධාන ම සන්ධිස්ථානයක පිහිටලා තියෙන අපේ රටේ මිනිස්සුන්ට විදේශිකයන් මුණගැසීම දුර්ලභ සංසිද්ධියක් කියලා හිතන්න බෑ.

මේ කරුණු කාරණා ගැන සළකපුවාම අපේ රටට පෘතුගීසි මිනිස්සු ආපු එක මහ අමුතු හිතාගන්න බැරි දෙයක් කියලා කියන්න බෑ. ඒත් අපේ රටට ඇවිල්ලා කරපු සහගහන අපරාධ ගැන හිතද්දි අපිට පරංගි ගැන කිසිම පැහැදීමක් ඇතිවෙන්නේ නෑ. එක අතකින් කඩුවයි, අනිත් අතින් බයිබලයයි ඇරගෙන උන් අපේ රටට ආවේ වෙළෙඳාමට විතරක් නම් නෙවෙයි. තමන්ගේ ආගම අපිට පැටවීමත් උන්ගේ ප්‍රධාන ම අරමුණක් වුනා. මීට අවුරුදු දාහකට විතර කලින් සිද්දවෙච්ච චෝළ ආක්‍රමණයට පස්සේ අපේ සංස්කෘතියට වැඩිම බලපෑමක් කළේ පෘතුගීසි සහ ඉංග්‍රීසි ආක්‍රමණවලින්. චෝළ ආක්‍රමණයෙන් වුනත් සිද්ද වුනේ අපි අදහන ආගමට සහ සිරිත් විරිත්වලට හින්දු ආගමික පිළිගැනීම් හා විශ්වාස කාන්දුවීම මිසක් උන්ගේ ආගම හඳුන්වාදීමක් නෙවෙයි. ඒත් පරංගි ඒ සීමාවත් ඉක්මවලා ගියා. උන් තමන්ගේ ආගමත් ගෙඩිය පිටින් ම අපිට හඳුන්වලා දුන්නා. ඒ වෙනුවෙනුත් කඩුව – ඇත්තෙන් ම තුවක්කුව; පාවිච්චි කළා.

දැන් ඒ දේ වෙලා ඉවරයි. අපි අතර පීරිස්ලා, සිල්වලා, පෙරේරලා ඉන්න එක ගැන අපේ කිසි ම කම්පාවක් නෑ. ඒ වගේ ම, සිංහල ජනගහනයෙන් සියයට හයක් විතර කතෝලික ආගම අදහන එක ගැනත් අපි වදවෙන්නේ නෑ. මේ හැම දෙනා ම අපේ මිනිස්සු. නම්ගම්වල මොන වෙනස්කම් තිබුණත් ආගමෙන් වෙනස් වුනත් මේ අයගෙන් වැඩි පිරිසක් අපේ රටට, ජාතියට, අපේ සිරිත් විරිත්වලට ආදරය කරන මිනිස්සු. අදහන ආගම, ධර්මයේ වෙනස්කම් තිබුණාට චීනයේ මුස්ලිම් මිනිස්සුත් කතෝලික – ක්‍රිස්තියානි මිනිස්සුත් ඒ රටේ ජාතික – සංස්කෘතික උරුමයක් වන චීන අවුරුද්ද සමරනවා. තව ටිකක් කල් යද්දි මේ රටේ ජීවත්වෙන ආගමෙන්, ධර්මයෙන් වෙනස් අයත් අපේ අවුරුද්ද සමරන්න පටන්ගනීවි. මේවා කාලය පිළිබඳ ප්‍රශ්න විතරයි.

මේ කොහොම වුනත් තමන්ගේ මුතුන්මිත්තෝ කරපු අපරාධ ගැන නොහිතා ඉන්න පුළුවන්කමක් පෘතුගීසි මිනිස්සුන්ට නෑ. අබමල් රේණුවක් තරමින් හරි හැදියාවක් තියෙනවා නම් ඒ මිනිස්සු ඒවා ගැන හිතන්න ඕන. ඒ මිනිස්සු අතර ඉන්න බහුතරයකට මේ ගැන විශේෂිත දැනුමක් නැතුව ඇති. ඒත් හැම දෙනෙක් ම මේ දේවල් ගැන පොදු මට්ටමකින් හරි දන්න බවට සැකයක් නෑ.

මේ කාරණය තහවුරු කරන දෙයක් ගැන පහුගිය දවසක මේ ලේඛකයාට අහන්න ලැබුණා. ඒ කතාවට සම්බන්ධ පෘතුගීසි හාමුදුරුවෝ නමක්. උන්වහන්සේව හඳුන්වන්නේ අජාන් ධම්මිකො කියලා. අපේ පහසුවට අපි උන්වහන්සේට ධම්මික හාමුදුරුවෝ කියලා කියමු. දැන් උන්වහන්සේ වැඩවාසය කරන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවර තියෙන සුමේධාරාම විහාරස්ථානයේ. මේ තමයි පෘතුගාලයේ ස්ථාපනය කරපු මුල් ම බෞද්ධ විහාරස්ථානය. ඒ විහාරස්ථානය පිහිටුවලා තියෙන්නේ 2012 අවුරුද්දේ. ඒ සඳහා මුල්වෙලා තියෙන්නේ අජාන් වජිරෝ ස්වාමීන්වහන්සේ. අපේ පහසුවට අපි උන්වහන්සේට වජිර හාමුදුරුවෝ කියලා කියමු.

වජිර ස්වාමීන්වහන්සේ මැලේසියාවේ ඉපැදුණු කෙනෙක්. ඒ, 1953 අවුරුද්දේ. උන්වහන්සේගේ පියතුමා ඉංග්‍රීසි ජාතිකයෙක්. මව්තුමිය ප්‍රංශ සම්භවයක් තියෙන කෙනෙක්. එංගලන්තයේ ඉගෙනගෙන ආර්ථික ශාස්ත්‍රය පිළිබඳ උපාධියකුත් ලබාගෙන ලංඩන් නුවර ම වැඩකරපු උන්වහන්සේ බෞද්ධ ආශ්‍රයට යොමුවෙලා තියෙන්නේ 1977 දී විතර. 1979 අවුරුද්දේ දී අනගාරික ජීවිතයට පිවිසුණු උන්වහන්සේ තායිලන්තයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තායිලන්තයේ දී පැවිදිවුණු උන්වහන්සේ 1980 අවුරුද්දේ උපසම්පදාවත් ලබාගෙන තියෙනවා. අජාන් සුමේධ කියලා කියන්නේ වජිර හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ. ඉතින් ඒ සුමේධ හාමුදුරුවෝ සිහිවෙන්න තමයි වජිර හාමුදුරුවෝ මුල්වෙලා පෘතුගාලයේ ලිස්බන් නුවර ආරම්භ කරපු විහාරස්ථානය සුමේධාරාමය කියලා නම් කරලා තියෙන්නේ.

මේ විහාරය ආරම්භකිරීමට අදාළ කතා ප්‍රවෘත්තියත් හරි ම අපූරු එකක්. මෙයට අවුරුදු කීපයකට කලින් එංගලන්තයේ අමරාවතී බෞද්ධ විහාරයේ වැඩ වසන ස්වාමීන්වහන්සේලා කිහිප නමක් පෘතුගාලයේ ලිස්බන් නුවරට වැඩම කරලා තියෙනවා. තමන්ගේ නිවෙස් ආශ්‍රිතව බණ භාවනා කරමින්, වත් පිළිවෙත් පුරමින්, පිඬුසිඟා වඩිමන් උන්වහන්සේලා ගතකරන ජීවිතය ගැන ඒ ප්‍රදේශයේ අයට විශාල පැහැදීමක් ඇතිවෙලා. ඒත් මේ ස්වාමීන්වහන්සේලා මුදල් භාවිතා නොකරන හින්දා මුදලින් උන්වහන්සේලාට උදව්කරන පුළුවන්කමක් ඒ අයට තිබිලා නෑ. ඒත් ඒ ස්වාමීන්වහන්සේලා තමන්ගේ ප්‍රදේශය ආශ්‍රිතව නවත්වාගැනීමේ උනන්දුවක් ඒ මිනිස්සුන්ට ඇතිවෙලා. ඉතින් අර ස්වාමීන්වහන්සේලාත් එක්ක කතාකරලා විහාරස්ථානයක් ඉදිකිරීමේ අදහස ඒ මිනිස්සු ඇති කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අරමුදලකුත් ඇතිකරලා තියෙනවා. මේ අරමුදලට එක්තරා නිර්නාමික පුද්ගලයෙක් යූරෝ දශ ලක්‍ෂයක මුදලක් බැර කරලා. මේ වැඩේ කරලා තියෙන්නේ ඒ ගමේ ම කෙනෙක් බවයි කියන්නේ.

අක්කර විස්සක් විතර ලොකු ඉඩමක පිහිටුවලා තියෙන ‍මේ සුමේධාරාම විහාරස්ථානයේ දැන් භික්‍ෂූන්වහන්සේලා හය නමක් වැඩ ඉන්නවා. ඒ අතරින් ස්වාමීන්වහන්සේලා සිව් නමක් ම පෘතුගීසි ජාතිකයෝ. උන්වහන්සේලා අතරින් තුන් නමක් ම උපසම්පදාවත් ලබාගෙන. උන්වහන්සේලා උපසම්පදාව ලබාගෙන තියෙන්නේත් සුමේධාරාමයේ ස්ථාපනය කරලා තියෙන සීමා මාලකයේ දී ම වීමත් විශේෂයක්. මුල් වතාවට පෘතුගීසි ජාතිකයෙක් ඒ සීමා මාලකයේ දී උපසම්පදාව ලැබුවේ මීට අවුරුදු දෙකකට කලින්. යම් රටක ශාසනය ස්ථාපිත වෙන්න නම් ඒ රටේ පුරවැසියෙක් පැවිද්ද ලබාගෙන ඒ රටේ ම පිහිටුවපු සීමා මාලයක දී උපසම්පදාව ලබාගන්න ඕන කියන එක තමයි බෞද්ධ අපේ පිළිගැනීම. ඉතින් මේ වෙද්දි පෘතුගාලයේ ඒ කටයුත්තත් වෙලා තියෙනවා.

බුද්ධගයාවෙන් වැඩම කරවපු ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ශාඛාවකුත් ගිය අවුරුද්දේ මේ විහාරස්ථානයේ රෝපණය කරලා තියෙනවා. ඉතින් දැන් ලිස්බන් නුවර තියෙන මේ සුමේධාරාමය ඉතාමත් අංග සම්පූර්ණ විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන්වහන්සේලා නිතර නිතර ධර්ම චාරිකාවල යෙදෙන නිසා බුදුදහමේ පණිවිඩය පෘතුගාලය පුරා ම හෙමින් හෙමින් පැතිරෙමින් තිබෙනවා.

සුමේධාරාමයේ ගිහියන් හය දෙනෙක්ට නැවතිලා ඉන්නත් ඉඩකඩ තියෙනවා. හැම ඉරිදා ම ඒ විහාරස්ථානයේ දී ගිහියන් වෙනුවෙන් භාවනා පංතියකුත් පවත්වනවා. හැම දා ම උදේට සුමේධාරාමයේ භික්‍ෂුන්වහන්සේලා දෙනමක් අසළ තියෙන ගමට පිඬු සිඟා වඩිනවා.

පූජ්‍ය ධම්මික ස්වාමීන්වහන්සේගේ අධිෂ්ඨානය ගැන කියන්න වෙන්නේ මෙන්න මේ කාරණයත් එක්කයි. තමන්ගේ මුතුන්මිත්තෝ ලංකාවේ කරපු අපරාධ ගැන ඉතා හොඳ අවබෝධයක් උන්වහන්සේට තියෙනවා. ඒ වෙනුවෙන් ජාතියක් විදිහට තමන්ගේ මිනිස්සු වන්දි ගෙවන්න ඕන කියලත් උන්වහන්සේ විශ්වාසකරනවා. මේ වැඩේ කරන්න පුළුවන් හොඳ ම විදිහ මොකක්ද කියන එකත් උන්වහන්සේ ඉතා හොඳින් තේරුම් ඇරගෙන. ඒ තමයි, තමන්ගේ රටේ ඉතා හොඳින් බුදුදහම ව්‍යාප්ත කරන කාර්යය. තමන්ගේ මුතුන්මිත්තෝ කතෝලික ආගම ප්‍රචාරය කරන්න උත්සාහ කළේ බුද්ධ ධර්මය අදහන මිනිස්සුන්ටත් ඒ මිනිස්සුන්ගේ වෙහෙර විහාරවලටත් හානි කරලා. ඒ විදිහට විනාශ කරන්න හැදුවේ මොන විදිහේ ආගමක් ද, ආගමික සම්ප්‍රදායක් ද කියන කාරණය දැන් ධම්මික ස්වාමීන්වහන්සේ හොඳින් ම දන්නවා. ඉතින් දැන් කරන්න ඕන ඒ කරපු අපරාධ ගැන හිත හිතා කම්පාවෙන එක නෙවෙයි. ඒ අපරාධ කරපු අයට වෛර කරන එකත් නෙවෙයි. ඒ අයගෙන් පැවැත එන තමන්ගේ ම මිනිස්සුන්ට බුද්ධ ධර්මයේ රසය විඳින්න සළස්වන එක.

බුදුදහමෙන් ඉගැන්වෙන විදිහට නියම ජයග්‍රහණය කියන්නේ තවත් කෙනෙක් පරද්දලා ලබාගන්න එකක් නෙවෙයි. නියම ජයග්‍රහණය හැම කෙනෙක්ට ම එක විදිහට බෙදා හදාගන්න පුළුවන් එකක් වෙන්න ඕන. ඉතින් ධම්මික ස්වාමීන්වහන්සේගේ ව්‍යායාමය ඒ වෙනුවෙන්. ඒ උදාර අපේක්‍ෂාව උන්වහන්සේ සාක්‍ෂාත් කරගන්නා බවට අපිට සැකයක් නෑ.

බුදුදහම බැබළේවා!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

3 Responses to “තම මුතුන්මිත්තන් කළ අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට ක්‍රමයක් සොයාගත් පෘතුගීසි හාමුදුරුවෝ”

  1. Randeniyage Says:

    Much merit for you for posting this.

    Allow me to repeat a famous saying by Achan Sumedho.
    “We do things because it is the right thing to do at this time and this place rather than personal ambitions or fear of failure”

    බුදුදහම බැබළේවා!

  2. Ancient Sinhalaya Says:

    Destruction of Sinhalese race, Sri Lanka and Buddhism started with the parangis’ invastion in 2005. Parangis
    brought a religion of convenience and a lot of Sinhalese converted to it for favours. As a result they became a
    a group of Sinhalese who has no allegiance to the Sinhalese race or Buddhism. In some cases, no allegiance to
    Mother Lanka either. They will trust a fellow tamil religion of convenience follower than Sinhalese.

    Then bandesis brought tamils from tn to work in tobacco plantations. All of them (except Murali) are natives with
    1000s of years of history without an ancient tamil brick older than 500 years (bandesis came to Sri Lanka 500
    years ago) to substantiate their ridiculous claim. Apparently bandesis have brought some tamil kings with them
    according to them. Unfortunately they didn’t have time to build any castles etc like in Anuradhapura, Polonnaruw
    etc. since they were busy attending to their job in hand. Tamils know Sinhalese are divided to thanks to traitor
    anti Buddhist, anti Sri Lanka, anti Sinhalese (for the minorities’ votes) UNPatriotic_rats thugs and keep chanting
    these ancient kingdom mantra.

    Then british brought tamils from tn to work in tea plantations in the upcountry. Today, they don’t claim to have
    ancient kings, 1000s of years history, but aspire to have a greater drealam. Thanks to traitor alugosuwa (to
    Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) thambi mudiyanselage jr@ who gave citizenship to all the
    estate tamils, they make a few millions in the upcountry today. Patriotic Sirima B negotiated with then indian premier, Shasthri to repatriate 650,000 tamils who volunteered to go back. Sirima lost the elections, and thambi
    mudiyanselage jr@ gave them citizenship to all of them for their votes. UNPatriotic_rats a Sinhalese party? Not
    a bit of course.

    Then traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) thambi mudiyanselage jr@
    implemented 13, 13A to break up the massive 350-mile long island (vast vast country with several time zones?)
    to please tamils, muissies, india and the west. What’s more thambi mudiyanselage jr@ while murdering Buddhist
    jaathidhrohee vermins’ party activists mercilessly mollycoddled catholic tigers of tamil drealam and sacrificed
    100,000+, mainly Sinhalese Buddhists.

    Aranthalawa Bikku massacre, Sri Maha Bodhi attack, Sri Dalada Maligawa
    attack. Catholic run UNPatriotic_rats didn’t want to take action since they didn’t want to fight their catholic buddy
    barrel man hitler mala paharan saying terras were invincible. MR came so called invincible terras were running for
    their lives. UNPatriotic_rats even sent their portuguese defence secretary to its catholic buddy tamil sellan with
    apples and grapes. Meanwhile traitor UNPatrioitc_rats who controlled the media made sure to paint a rosy picture
    and hoodwink Sinhala modayas. To this day, a lot of Sinhala modayas don’t understand why the civil war took
    30 years to end. Sirima B took just 2 weeks to put down a shot gun carrying rebel outfit. Sirima B rounded up
    all culprits, rehabilitated and released back to the society minimsing loss of life. UNPatriotic_rats? They saw it
    as a good opportunity to cull Sinhalese Buddhists and their portguese police top brass with the portguese traitor
    chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (to
    Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) went into overdrive and massacred 60,000+ Sinhalese
    Buddhists. To this day a lot of Sinhala modayas don’t understand why it took 6 years for the UNPatriotic_rats
    to stop the rebellion. Traitor UNPatriotic_rats know murdering Sinhalese (Buddhists) nobody going to utter a
    word against them. No UN, no AI, no nobody. Not even Sinhalese utter a word. Only thing traitor low lives have
    to be careful is not to murder tamls or mussies which is a war crime.

    Traitor anti Sinhalese (Buddists), anti Sri Lanka, anti Buddhist minority worshiping, Sinhalese murdering, thieving, lying, treacherous thugs of the UNPatriotic_rats party’s treacheries are too many to mention.
    CB day light robbery with its catholic buddy maha horandran
    abolishing state pension giving state employees to beg on street after retirement
    giving half the country on plate to their catholic buddy barrel man hitler mala paharan
    sending 600 policemen to the catholic tigers of tamil drealam buillet by traitor alugosuwa (to Sinhalese Buddhists,
    Sri Lanka and Buddhism only)
    sending Millennium City intelligent officers by Batalande wa(n)dakaya
    stopping teaching history in schools to please tamils, mussies
    stopping teaching Buddhism to please tamils and mussies
    tamils and mussies are mollycoddled while Sinhalese face the full force of law
    imprisoning Buddhist monks
    implementing 13, 13A, the foundations to break up the country by thambi mudiyanselage jr@
    creating ever Mother Lanka dismembering diasporats abroad.
    List goes on and on. Traitor UNPatriotic_rats low lives a Sinhalse party? Sadly still there are a lot of Sinhalese
    who support these Sinhalese murdering, minority worshiping, lying, thieving, murderous thugs for a packet of
    rice/a shot of arrack/a bit of money/a lot money.

    The destruction of Sinhalese race, Sri Lanka and Buddhism:
    parangis 25%
    bandesis 25%
    british 25%
    traitor anti Sinhalese (Buddhists only, anti Sri Lanka, anti Buddhist) UNPatriotic_rats 25%
    TOTAL 100%

    Today this Independent Day, we haven’t made much progress during the last 71 years thanks these treacherous,
    murdeerous UNPatriotic_rats whose only job is to submit our country to india and the west and loot, loot, murder,
    murder (Sinhalese Buddhists only), mayhem and mayhem only. Thanks to traitor UNPatriotic_rats Sinhalese have
    become pariahs in their own country.

  3. Ancient Sinhalaya Says:

    Please click on the following links to see why anti Sinhalese, anti Buddhist, anti Sri Lanka traitor UNPatriotic_rats
    lying, thieving, murderous (Sinhalese Buddhists only) didn’t want to fight catholic tigers of tamil drealam. You
    won’t see these in so called Buddhist Sri Lanka (on paper) where all the media are controlled by the
    UNPatriotic_rats party henchmen.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress