නිදහස අවශ්‍ය නම් දළදා වහන්සේට රට පූජා කරන්න
Posted on February 4th, 2019

    මතුගම සෙනෙවිරුවන්   

වසර එකසිය ගණනක් තිස්සේ බ්‍රිතාන්‍ය රැජින ගේ බලයට යටත් ව සිටි සිංහල රාජ්‍ය යට ස්වාධීන පාලනයක් ලබා දෙන ලද්දේ 1948 වසරේ දීය. මේ සඳහා ලංකා නිදහස් පනත  නිදහස් රාජ්‍ය පනත  ආරක්ෂක ගිවිසුම විදේශ කටයුතු ගිවිසුම ආදී පනත් කීපයක් උපයෝගී කොට ගන්නා ලදී.අද ගෙවී යන්නේ එලෙස ලැබුණු නිදහසේ සැත්තෑවෙනි අවදියයි.

        1815 වසරේ ගිවිසුමකින් ලංකාව බ්‍රිතාන්‍යට භාර දෙන කල්හි රටේ නම වූයේ සිංහලේය. නමුත් ඉංග්‍රීසි පාලනය සිංහලේ නම භාවිතා නොකොට සිලෝන් නාමය යොදා ගනිමින් ආපසු භාර දෙන කල්හිද එහි වෙනසක් ඇති නොකළහ. මේ නිසා 1972 ජනරජ ව්‍යවස්ථාවට රටේ නම යොදා ගන්නට සිදු  වූයේ ශ්‍රී ලංකා ජනරජය වශයෙනි. මෙම ක්‍රියාවෙන් අපට පැහැදිලි වනුයේ ඉංග්‍රීසීන් ගේ ආධිපත්‍ය යටතේ හැදී වැඩුණු  සිංහල දේශපාලන නායකයන් තම මව්බිමේ සැබෑ නාමය යලි යොදීමට අකමැති වූ ආකාරයයි. එසේම 1948 දී නිදහස් දිනයේ දී ඔසවන ලද පැරණි සිංහලේ රජකීය කොඩිය ට පටි ගසා විකෘති කොට 1951 දී නව ජාතික කොඩියක් නිර්මාණය කරලන්ට ද ඔවුහු කටයුතු කළහ. අප නිදහස ලබණු වෙනුවට ඉංග්‍රීසින් ගේ නීති ආධිපත්‍ය ආර්ථික ආධිපත්‍ය ආදී සියළුම අංග කරපින්නා ගෙන මෙතෙක් පැමිණි ගමනේ නම් කිසිම සුගතියක් අත් පත් කර ගෙන නොමැති ආකාරය පැහැදිලිවම පෙනෙන්නේ වර්තමානයේ රටක් වශයෙන් පත්ව ඇති ඛේදනීය තත්ත්වය දෙස බලන කල්හිය.

          අවසාන සිංහල රාජධානිය වන මහනුවර රජකල කීරති ශ්‍රී රාජසිංහ සමයේ දී වඩුග පාලනය පෙරළා දමා නව සිංහල රාජ්‍යක් ගොඩ නැගීමට කැරැල්ලක් ඇති විය. සිංහල රාජ වංශයේ කුමරුවකු උඩරට රජ කරවීම එහි බලාපොරොත්තුව විය.මෙහිදී වඩුග පාලනයේ හොඳ හැටි සප්පායම් වී සිටි රදළවරු මෙම කැරැල්ලට විරුද්ධකම් පාමින් ලන්දේසීන් සමග ගිවිසුමකට පැමිණියහ.එම ගිවිසුමට අත්සන් තබන ලද්දේ රජු නොව නිලමේ වරුන්ය. ඔවුහු රජුද අභිබවා යමින් ලංකාවේ මුහුදු බඩ පළාත්වල ගව්වක භූමි ප්‍රමාණයක් ලන්දේසීන් වෙත අත්හැරියහ.උතුරින් යාපනයත් දකුණින් දෙවුන්දරත් නැගෙනහිරෙන් මඩකලපුවත් වයඹින් මන්නාරම සහ පුත්තලමත් අත් හැරියහ. මේ නිසා 1796 දී ඉංග්‍රීසින් භාර ගන්නා ලද්දේ ලන්දේසීන් නඩත්තු කළ මුහුදු බඩ පළාත් යන විකෘති දේශ සීමා ප්‍ර දේශයක්ය. මේ සීමාවන්ද අභිබවා ඔවුහු 1815 දී සිංහලේ ජයග්‍රහණය කරමින් රටේ ස්වාධිනත්වය අහිමි කළහ.මේ නිසා අතීතයේ සිටම බෞද්ධ රාජ්‍යයක්ව තිබූ රටේ කොටසක් විදේශිකයන් මෙන්ම අබෞද්ධයන් අතට පත් විය. මෙම ප්‍ර දේශ කේන්ද්‍ර කොට ගෙන ඇරඹි විදේශ ගැති ප්‍රතිෙපත්තීන් අද දක්වාම ක්‍රියාත්මක වන අතර ලන්දේසීන්ට අයත් වුණු භූමිකඩ තුළ පදිංච කරවන ලද දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව සිංහලයන් අභිබවමින් රටේ ආර්ථික ආධිපත්‍යයද දේශපාලන ආධිපත්‍යද ලබමින් සිටිති. මේ සියල්ල කරනුයේ පක්ෂ දෙශපාලනය මගින් සිංහලයා බෙදා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙසටයි.

              ලංකාව බෞද්ධ රාජ්‍යයක්ව පැවති සැම කල්හිම රටේ ස්වාධීනතවය රැක ගැනීමට සිංහල රජවරුන් ඉදිරිපත් විය. දළදා වහන්සේ මූලික කරගෙන ආශීර්වාද සහිතව නාථ දෙවියන් ගේ ආශීර්වාද සහිතව සටන් ජයග්‍රහණය කළහ. ව්‍යවහාර වර්ෂානුකූල සතරවන සියවසේ කීර්තිශ්‍රී මේඝ රජ දවසදී ලංකාවට දළදා වහන්සේ වැඩම කරවන ලද්දේ  දන්ත කුමරුන් සහ  හේමමාලා කුමරිය යන දෙපළ විසිනි. ඔවුන් ගෙන් පැවතෙන පරම්පරාව දැතිගම් පුරවරයේ  බෙලිගල් කෝරළයේ කීරවැලි පත්තුවේ පදිංචි කරවන ලද බව ඉතිහාසයේ සඳහන්ය. එතැන් පටන් රාජ උරුමය තහවුරු කර ගැනීමට මේ ඔක්කාක කීරවැල්ලේ පරපුරෙන් බිසෝවරු ලබා ගත යුතු විය. රජුන්ගේ ජාතිග්‍රාම බවට මේ පෙදෙස පත්වන්නට ඇත්තේ රජ බිළිඳුන් ට උපත දීමට මව් බිසෝවරු කීරවැලි පත්තුවට පැමිණි බැවින් යැයි සිතිය හැකිය. මෙම සම්ප්‍රදාය අඛණ්ඩව උඩරට රජධානියේ විමලධර්මසූරිය රජ දවස  දක්වා පැවති බව පෙනේ.නමුත් සෙනරත් රජු ගේ හිතුවක්කාරකම් නිසා මේ සම්ප්‍රදාය ට පිටින් නිල තත්ත්වයක් ලබා දීමට පරංගීන් කටයුතු කළහ.වඩුග නායක්කර්වරුන්ට රටේ පාලනය ගියේ ඉන් අනතුරුවයි. අනුරාධපුර අවදියේ කීර්ති ශ්‍රී මේඝ මහානාම පොළොන්නරු අවදියේ මහා විජයබාහු සහ පළමුවැනි පරාක්‍රමබාහු කීර්තිශ්‍රී මේඝවර්ණ නිශ්ශංඛමල්ල සුගලා බිසව  සතරවන විජයබාහු දෙවනි පරාක්‍රමබාහු සතරවන පරාක්‍රමබාහු සයවන පරාක්‍රමබාහු සහ විමලධර්මසූරිය  ආදී රජවරුන්ද බිසෝවරුන්ද එකොළොස් වතාවක් දළදා වහන්සේට රට පූජා කර තිබේ. මේ ඉතිහාසය අද වැළලී ගොසින්ය.

      මෙවැනි පූජා කිරීමක් කරන්නට එක හේතුවක් නම් රටේ සම්බුද්ධ ශාසනය ස්ථාවරව පැවැතීමටත් සතුරු ආක්‍රමණ පරදවා රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට පාලකයන්ට ශක්තිය ලබා දීමටත් බව පැහැදිලිය. එසේම රටේ සශ්‍රීකත්වය උදෙසා විශේෂ දළදා පූජා පැවති බව ඉතිහාසයෙන් නිදර්ශන ගත හැකිය. නමුත් සෙනරත් රජු ගෙන් පසුව බිහිවූ කිසිම රජ කෙනෙකු දළදා වහන්සේ සමග මෙවැනි අවියෝජනීය සම්බන්ධයක් නොදැක්වූහ. ඊට හේතුව 1617 දී කොන්සතන්තීනු ද සා විසින් දෙනවක මායාදුන්නේ සහ කීරවැල්ලේ පරපුර පරාජයට පත් කොට පලා යන්නට සැලැස්වීමයි. මේ නිසා දළදා වහන්සේ රැක බලාගත් දාඨා රක්ඛ තනතුර  හෙවත් දිවන නිළමේ තනතුර අහොසි විය. ඒ වෙනුවට රජුට ඉතා සමීප සම්බන්ධයක් දැක්වූ දිය වඩන නිළමේ වරයාට දළදා වහන්සේ ගේ භාරකාරත්වය හිමි විය. ඉංග්‍රීසීන් ගිවිසුමක් මගින් රට භාරගෙන සිංහලේ ආන්ඩු කිරීම ආරම්භ කළ මුල් කාල වකවානුවේදී දළදා පෙරහැර නොපැවැත්විණි. මේ ගැන කම්පා වූ භික්ෂූන් වහන්සේලා ඉංග්‍රීසි ආණ්ඩුවට පෙත්සම් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලක් වශයෙන් දළදා පෙරහර පැවැත්වීමට දන්ත ධාතුන් වහන්සේ අඩංගු කරඬුව වැඩැම්මවීමට කටයුතු කරන කල්හි. මහනුවර ට මහා වැසි ඇද හැලී ප්‍රාතිහාර්යයක් පෑහ. එහ සැබවීන්ම ප්‍රාතිහාර්යයක් නොව දේව ශාපය ප්‍රකට කිරීමක් විය. හේතුව රට නැවතත් දළදා වහන්සේට පූජා නොකරන මිථ්‍යාදෘෂ්ටිකයන් රටේ පාලකයන් බවට පත් වීමයි.එය අද දක්වාම පැවතෙන බව කණුගාටුවෙන් වුවද කිව යුතුය. වර්තමාන පාලකයන් රට බෙදීම ව්‍යවස්ථා සම්පාදනය කරමින් අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් සම්බුද්ධ ශාසනය වැනසීමට කටයුතු කරති. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කරන මේ අකටයුතුකම් නිසා රටට ආශීර්වාද කරන දෙවි දේවතාවුන් කෝප වී සිටිති. වරින් වර ගං වතුර නියඟය  නාය යෑම් සුළි සුළං දළඹු හානි පමණක් නොව අනතුරුද බහුල වෙමින් පවතින්නේ මේ නිසාය. ඒවා තව දුරටත් වර්ධනය වීමේ ඉඩකඩ බොහෝය. මේ සියල්ලම සමග රටේ ස්වාධිනත්වය අහිමි කරලීමට මාන බලන විදේස බලවේගයන්ට රට විවර කර දීමටද කටයුතු යෙදී ඇති බව සිහිපත් කළ යුතුය.

        සැත්තෑවන නිදහස් සමරුවට  සැරසෙන මේ අවස්ථාවේදී මතක් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ නැවතත් දළදා වහන්සේට රට පූජා කරලීමෙන් තොරව රටේ ස්වාධීනත්වයත් භෞමික අඛණ්ඩතාවයත් රැකිය නොහැති බවයි. අවසාන වශයෙන් එදා විමලධර්ම සූරිය රජු කලා සේම නැවතත් දළදා වහන්සේ සුරැකීමට දඨා රක්ඛ තනතුරු ඇති කොට කීරවැල්ලේ පරපුරෙන් එයට හිමි කම් කියන පුද්ගලයෙකුට දළදා වහන්සේ භාර කළ යුතුය.  රටේ පාලකයාද දිවන නිළමේද පංච ඖෂධ පූජාවෙන් පිරිසිඳු වී දළදා වහන්සේ වැඳ පුදා ගෙන සෙත් පිරිත් සච්ඡායනය කොට විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වා ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කොට ඉන්පසුව රුවන් මැලි සෑයේ නගෙනහිර දොරටුවෙන් ඇතුළු වී එහිද පූජාවන් පවත්වා බටහිර දොරටුවෙන් පිටත් වී නැගෙනිහර අහස දෙස බලා රටේ සශ්‍රීකත්වය උදෙසා ආශීර්වාද කළ යුතු බව පුරාණ පොත පතේ සඳහන් වෙයි.  නිදහස පතා පෙළගැසෙනවුන් හට සැබෑ යථාර්තය වටහා ගැනීමට මේ කාලය නොවේද.

 

7 Responses to “නිදහස අවශ්‍ය නම් දළදා වහන්සේට රට පූජා කරන්න”

  1. Christie Says:

    The Indian Colonial Parasite Terrorists and the Sinhalese terrorists have attacked our symbol of sovereignty.

    Both Indian terrorists arms the LTTE and the JVP.

  2. aloy Says:

    This is an interesting article. Just this morning I googled “sacred tooth relic of Buddha”. This I did even before I read the article. That is because of a certain information given to me by my university batch mate who has same surname and the Portuguese title as me and whom I happened to meet after about fifty years. He had retired as the chief engineer of Sri Lanka Ports Authority after serving many years. So, he must be knowing what he is talking about. According to him two groups of our ancestors came to Sri Lanka (or Sinhale ) from India accompanying the sacred tooth relic for its protection. One group has been settled in Baddegama and the other somewhere in Sabaragamuwa, perhaps it is the Keeraweli pattu this writer is talking about. I remember my father (a non-practicing Catholic from Wennappuwa area) telling me that their ancestors came from down south. They had connections with Dadigama area in Sabaragomuwa, long before I married a Buddhist from there.
    My google search revealed that at the time of Kalinga kings in Odisha, the leader in possession of the tooth relic is considered the ruler of the land by the inhabitants. At the time the sacred relic was sent to Sri Lanka there had been a threat to Kalinga kingdom and perhaps they sent it for safe keeping and wanted to take it back later. May be Waruna will enlighten us more on this.
    I strongly believe there is truth in what he says. There are many things that science alone cannot explain.

  3. aloy Says:

    Sorry “Mathugama Seneviruwan” can explain.

  4. aloy Says:

    ” මේ ඉතිහාසය අද වැළලී ගොසින්ය.”
    Seneviruwan has unearthed an important thing in our history. It is in the fourth para.

    According to the Hiru teledrama being broadcast these days, king Parakrama Bahu concurred Ramanna Desa, This is mentioned in Mahavansa also. He too was born in Dadigama. There is a village called Isthreepura next to Dadigama. In South East Asia “Raja Isthree” means queen. I earlier thought that this place must have been where the king kept his harum. This article explains what it might have been. The chronicle also records that when the king Parakrama Bahu sent an entourage with a princess in marriage to a ruler in the ASEAN region another ruler harassed them on their way and the king waged a massive war concurring it ultimately. This article explains why the Sinhela queens went there to give birth to their children.
    My late father in law was a landed proprietor and philanthropist from that area who had donated land for the central college nearby and established another prominent school. It seems his daughter was called Buruma Lamaya ( Burmese child) by her local teacher during her days in the school. When we went to work in a country in the region later on she had no problem in getting anything done from the ministry and department she worked in. Perhaps the appearance solves half the problem. Being a teacher herself she had the opportunity of having contacts with some Royal Family members as well.

  5. aloy Says:

    Sorry again, about my wrong spelling of ‘conquered’.

  6. Naram Says:

    In reply to Aloy, may I suggest that he read ‘Saranankar Sangaraja Samaya – Kotagama Vachissara Thera’ where he recounts the lead role payed by Weliwita Sangaraja Thera in the Buddhist Revival in the time of Kirthi Sri Rajasinghe, to rescue Buddhism from ‘Ganinnanses’ learned temple managers but undisciplined and avaricious. Dutch helped to reestablish contacts with Burma and Siam, bring Bhikkus from there to re-establish the Upasampada systen, the initiation process for novice Bhikkus.

    Also it recounts a plot by the Kandy chieftains to assassinate the King, racist sentiments at the time for his being a Waduga, a person hailing from Andra Pradesh of tax collecting clan. Murder was to take place in the temple but Buddhist clergy had not warned the King fearing a backlash would be worse than loss of one life. Such vacillations brought the wrath of the KIng and resulted in banishment of many including the Chief Priest Sri Saranankara Sangaraja and the learned foreign monks to remote elephant infested villages.

    Jackson Anthony’s teledrama ‘Daskon’ covered part of this.

  7. aloy Says:

    thanks Naram for valuable information. I have read about the plot to bring a Siamese Prince and install him as king by the Buddhist clergy to get rid of the waduga king by the Sanga who are at present divided on caste lines, from an article written by Kamalika Peiris.
    Sticking to the confines of this article I would like to point out some facts about Sri Dalada as follows though one may consider them as silly:
    1. A military chief from Pakistan came and offered flowers at Dalada maligawa and he set foot back on his land as the head of state. He survives unharmed to this day though all others are either assassinated or jailed.
    2. Both Brits and Hollanders did not harm Buddhism in SL. the Dutch helped to revive it and Brits even organized the Dalada perahera. these two nations are still forces to be reckon with, but Portugal has been reduced to insignificance.
    3. Mighty Indian army came with the idea of dismembering this land being protected and in fact got some one to declare independence for NE, but in the end had to run away with tails between their legs.
    4. According to Mahawamsa another major power in the Malay peninsula came with an army of 25,000 odd men to forcibly take away the tooth relic but had to return unsuccessfully. that powerful empire soon disappeared from the face of the earth. their capital was discovered inside a jungle by a French geographer while doing an aerial survey only recently.

    Commenting on Jackson Anthoney’s claim that MR is connected to Buddha, I do not know from where he got the facts, but there may be some truth in it. According to wickipedia there had been a struggle between Buddhas’s clan and Maurya clan for the kingdom of Sinhale and the Mauryans lost it around 7th century. Perhaps these clan which lost the kingdom may have suddenly left to establish a kingdom elsewhere else. Perhaps some remnants returned.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress