ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධාන රජයක් පිහිටුවා පැය 24ක් ඇතුළත දේශපාලන පළිගැනිම් ලෙස කෙරන මාරුකිරීම් නිවැරදි කරනුඇත
Posted on February 7th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධාන රජයක් පිහිටුවා පැය 24ක් ඇතුළත දේශපාලන පළිගැනිම් ලෙස කෙරන මාරුකිරීම් නිවැරදි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සදහන් කලේය.

ඒමෙන්ම මෙම දේශපාලන පත්වීම් අනුමත කරමින් ඊට අත්සන් තබන සියලු නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවමින් පරීක්ෂණ පවත්වන බවද ඒ් මහතා සදහන් කලේය.

ගාමිණී ලොකුගේ මහතා මෙසේ පැවසුවේ ඊයේ (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ඒක්වෙමිනි.

ආණ්ඩුව පත්වීමෙන් පසුව නාගරික සංවර්ධන අධීකාරියේ වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංවිධායක, විධායක සභිකයින් 02ක් අනුරාධපුර, මොනරාගල, නුවරඑලිය යන දිස්ත්‍රික් කාර්යාලවලට මාරුකර ඇත.

විවානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයට සම්බන්ධ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයින් 26ක් පොලොන්නරුව, ත්‍රිකුණාමලය, තංගල්ල, යාපනය, වව්නියාව, මඩකලපුව, අම්පාර, හලාවත නගරවල පිහිටි අප කාර්යාලවලට මාරුකර ඇත.

ඒම සේවක සංගමයට සම්බන්ධ ජාතික තරැණ සේවා සභාවේ සේවකයින් 17ක් කිලිනොච්චිය, අනුරාධපුර, කුරැණෑගල, අම්පාර නුවර ඒළිය මන්නාරම, මිරිගම, දඹුල්ල, කලුතර , වව්නියාව, අක්මීමන, පන්නල සහ පූගොඩ උප කාර්යාලවලට මාරු කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන සාමාජිකයින් 39ක් මඩකලපුව, වව්නියාව, අම්පාර, යාපනය, ගම්පහ, ගාල්ල, නුවරඒළිය, කැගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කලුතර, බදුල්ල, දිස්ත්‍රික් කාර්යාලවලට මාරුකර තිබේ.

ඒසේම නිවාස අංවර්ධන අධිකාරියේ සේවය සංගමයේ ලේකම්වරියගේ වැඩ තහනම් කර තිබේ. උප සභාපති සංවිධායක ඇතුලු විධායකසභිකයින් 04ක් පසුගිය 29 දා සිට මඩකලපුව, වව්නියාව, අම්පාර දිස්ත්‍රික්ක කාර්යාලවලට මාරු කිරීමටත් පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයින් 43ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වාර්ෂික ස්ථාන මාරැ ප්‍රතිපත්තියද උල්ලංඝනය කරමින් අධ්‍යාපන විදඨාපීටවලට මාරැ කිරීමටද පියවර ගෙන ඇත.

මෙම සියලු සේවකයින්ට සිය රජයක් පිහිටවූ විගස කඩිනමින් සාධාරණත්වය ඉටු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කලේය.

දේශපාලන පළිගැනිම් සම්බන්ධයෙන් ව්‍යාජ කමිටුවක නිර්දේශ මත නිවාස සංවර්ධන අධීකාරියේ සභාපතිවරයා ඇතුලු පුද්ගලයින් 168 දෙනෙකුට රුපියල් 27709519.26ක මුදලක් දූෂිත ලෙස පරිහරනය කර ඇතැයි වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ජ්‍යේස්ඨ උප සබාපති අමරපාල ගමගේ මහතා සදහන් කරයි.

ජාතික අයවැය දෙපාර්තමේන්තුව මෙම ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කර තිබියදිත් මෙවැනි දූෂිත පරිහරණයක් කර ඇති බව සනාථ වි ඇතැයිද හෙතෙම සදහන් කලේය.

මෙම සේවකයින් වසර 60ක් දක්වා සේවය කළා සේ සලකමින් උසස්වීම් ද ලබා දෙමින් හිග වැටුප් ලෙස රුපියල් 25336682.51ක මුදලක්ද, පාරිතෝෂික ලෙස රුපියල් 1982273.00ක මුදලක්ද, වන්දි වශයෙන් රුපියල් 387563.75 ක මුදලක්ද මෙලෙස ගෙවා ඇතැයි ඒ් මහතා වැඩි දුරටත් අවධාරණය කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress