ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ තනතුර හා රාජ්‍ය මුදල් අවභාවිතාව
Posted on February 10th, 2019

වසන්ත සමරසිංහ කැඳවුම්කරු දූෂණ විරෝධි හඬ

ගරු ලේකම්
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව,
කාමර අංක 210 බිලොක් අංක 2,
දෙවන මහල,
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව,
කොළඹ 07.

ගරු ලේකම්තුමනි,

ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ තනතුර හා රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

1983 අංක 54 දරණ ශී‍්‍ර ජයවර්ධනපුර මහා රෝග්‍යශාලා මණ්ඩල පනතේ 18 වන වගන්තියට අනුව මණ්ඩලය අල්ලස් පනතේ අර්ථානුකූලව උප ලේඛනගත ආයතනයක් ලෙස සැලකිය යුතු බව ඉතා පැහැදිලිව සටහන් වේ. නමුත් මෙම ආයතනය තුල දිගින් දිගටම රාජ්‍ය මුදල්, දේපල, තනතුරු අවභාවිතා කිරීම සිදුවේ (ඇමුණුම් අංක 1).

02.     2015 ආණ්ඩු පෙරළියත් සමග කිසිදු පත්වීමක් හෝ තනතුරට අදාල අවම සුදුසුකමවත් සපුරා නොමැතිව වෛද්‍ය සුසිත් සේනාරත්න නම් අයෙකු (විගණන වාර්තා මගින් එය වැරදි බව පෙන්වා තිිබියදී) එම තනතුරේ රැඳී සිටිමින් නීති විරෝධි ආකාරයට කටයුතු කිරීම (ඇමුණුම් අංක 2).

03.     ඉහත තනතුරේ රැඳී සිටිමින් රෝහල සඳහා ඉලෙක්ට්‍රොනික් (විද්්‍යුත්) ලිපිලේඛන කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඔහුගේ බිරිඳ අධ්‍යක්ෂ ධුරයක් දරමින් පවත්වාගෙන යන Telechanneling (Pvt) Ltd  යන ආයතනය වෙත මිලියන 18 කට ආසන්න මුදලක් ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධව (ඇමුණුම් අංක 3).

04.     සායනික අපද්‍රව්‍ය පිළිස්සීම සඳහා ලක්‍ෂ 235 ක් පමණ වැයකොට ආයතනයට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා විශාල යන්ත‍්‍රයක් ගෙන්වා නුසුදුසු පරිදි මුදල් වියදම් කර එය කොන්ත‍්‍රාත්කරුවෙකුට පැවරීම (ඇමුණුම් අංක 4).

05.     ආයතනයේ හොඳ කි‍්‍රයාකාරි තත්වයේ තිබූ විදුලි සෝපාන 05 ක් එහි කිසිදු අසාදු තත්වයක් නොතිබියදී එම විදුලි සෝපාන 05 ම ලක්‍ෂ 7-1/2 (හතහමාරක)ට පමණ අලෙවි කොට තායිලන්තයේ නිෂ්පාදිත රෝහලකට නොගැලපෙන විදුලි සෝපාන යන්ත‍්‍ර 05 ක් ලක්‍ෂ 550 කට වැඩි මුදලක් වියදම් කර ස්ථාපිත කිරීම (2016 විගණන වාර්තාවෙන් පැහැදිලි වේ).

06.     ව්‍යාජ ලිපිලේඛන සකසමින් අධ්‍යක්‍ෂ තනතුරේ රැඳී සිටීමට කටයුතු කිරීම (02/2017 චක‍්‍රලේඛය මෙම පත්වීමට අදාල නොවේ. ඇමුණුම් අංක 5, 6, 7).

07.     විදේශ සංචාර විශාල ප‍්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවත්, එහිදී ඔහු විසින් ලංකාවට නැවත පැමිණෙන දින වෙනුවට ව්‍යාජ දින හා තනතුරේ ස්වභාවය සාවද්‍ය ලෙස ප‍්‍රකාශ කරමින් සංචාරවල නිරත වීම (ඇමුණුම් අංක 8).

08.     ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඔහු විසින් ලංකා රෝහලේ උපදේශක තනතුරක් දරමින් මසකට රු. 350,000/= ක් ලබා ගනිමින් කටයුතු කිරීම (ෂික්බා පුවත්පත් වාර්තාව ඇමුණුම් අංක 9).

ඉහත අපගේ හෙළිකිරීම් වලට අමතරව ඔහුගේ එම කාලය තුල ඉදිකිරීම් හා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව (රෝහලේ වැසිකිලි පද්ධතිය, ශල්‍යාගාරයේ බිම අලූත්වැඩියාව) හා අනෙකුත් මිලදී ගැනීම් සම්බන්ධව ගැටලූ සහගත තත්වයක් ඇති බවත්, මේ සම්බන්ධව සම්පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා අදාල වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
විශ්වාසී,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු
දූෂණ විරෝධි හඬ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress