පොහොට්ටුවේ නොවන පුද්ගලයෙක් දිනවීමට පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නැහැ-බැසිල් රාජපක්ෂ
Posted on February 11th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සදහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්ද ක්වමිනි. පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන අතර අද දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ හමුව පැවැත්විනි.

එහිදී අදහස් දැක්වූ පළාත්පාලන ආයතන මන්ත්‍රීවරුන් සදහන් කලේ එලැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කිරීමට දේශපාලකයින් පෙළඹී ඇති බවයි. ඉදිරියේදි සන්ධානගතවන බව සදහන් කරන සමහර පක්ෂවල නායකයින්පවා කිසිදු වගවිභාගයකින්,පක්ෂ නායකයින්ගෙන් නොවිමසා සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම අරඹා ඇතැයිද පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නොවන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දිනවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ශාඛා සමිති කිසිසේත් සූදානම් නැතැයි ද එම මන්ත්‍රිවරු අදහස් දක්වමින් පැවසිය.

මෙහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුන ගොඩනැගුනේ ගමෙන්. පක්ෂයේ නායකත්වය හදන්න කළින් සාමාජිකයා හැදුනු පක්ෂයක්. ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩ පිළීවෙල සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්. ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ. ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුනෙන්. ඒ අපේක්සකයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා, සහ දිස්තිුක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරුද එක්වූහ.

One Response to “පොහොට්ටුවේ නොවන පුද්ගලයෙක් දිනවීමට පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නැහැ-බැසිල් රාජපක්ෂ”

  1. Hiranthe Says:

    Very good stand Mr. BR.

    There is a long queue of outdated rogue SLFP politicians waiting to take a ride on Pohottuwa.

    Let them perish with SLFP.

    My3 is now in a spree of scoring his last few runs hitting over the rope while facing the last few overs. Up to the 11th hour he was sleeping with Yahap team and after last year’s February election, he woke up to the reality. If Pohottuwa did not get the record number of votes as they did, My3 would be still hanging around with the Yahap team turning blind eye to the daylight robberies they do.

    What a cunning fox he is!!

    This declaration will cement Gota’s nomination through Pohottuwa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress