කුසගින්න හා විජලනය හේතුවෙන් මාස 1 1/2 ළදරුවා මරුට
Posted on February 14th, 2019

කිතුල්හිටියාව – ජේ. බී. බුලාගල උපුටා ගැන්ම දිවයින

මට දරුවන්ට දෙන්න කිරි මදිවෙලා තිබුණා 

* උදේ පුතා කෑගහලා – ඇස් උඩ ගිහින් තිබුණා – මව සාක්කි දෙමින් කියා සිටී

ආහාර නොලැබීම හා විජලනය හේතුවෙන් මාස එකහමාරක ළදරුවකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. 

මෙසේ මියගොස් ඇත්තේ කරවිලගල හන්දිය පලාගල යන ලිපිනයේ පදිංචි මුණසිංහ අච්චි ලේකමලාගේ චානිකා දිලිනි තිලක මුණසිංහ නමැත්තියගේ දෙවැනි දරුවා වන පුත‍්‍රයෙකි.

මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඞී. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා විසින් 09 හා 10 යන දෙදින තුළ පවත්වන ලද අතර මෙහිදී සාක්ෂි ලබා දුන් මියගිය ළදරුවාගේ මව වන චානිකා දිලිනි තිලක මුණසිංහ නමැත්තිය මෙසේ පැවසුවාය.

මගේ දැන් වයස අවුරුදු 21 යි. මට අක්කයි නංගියි දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මා අපි පුංචි කාලෙම රට රැුකියාවකට ගිහින් අදටත් එන්නේ නැහැ. අම්මා රට යද්දි අක්කයි මමයි තාත්තා ළඟ නොතියා මාවතගම 

ගබඩාව පාරේ ගෙදරක නතර කරලා අපිව පාසල් යැව්වා. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න කොට අපි හිටපු ගෙදර අපට කළ වධ හිංසා නිසා අක්කයි මමයි එතනින් පැනලා ගිහින් කුරුණෑගල වැල්ලව බෝඩිමක නතර වෙලා ගාමන්ට් ගියා. යාළුවෙකු මාර්ගයෙන් දැන් විවාහ වෙලා ඉන්න අමිල අසන්ත හඳුනාගෙන අමිල සමඟ එයාලගේ ගෙදර ගිහින් වයස සම්පූර්ණ වුණාම විවාහ වුණා. අපට වයස අවුරුදු දෙක හමාරක දුවක් හා මේ මියගිය පුතයි හිටියේ. පසුගිය මස 17 වන දින ? තාත්තා ගෙන්වාගෙන හොරෙන් පැනල ඇවිත් තාත්තා ළඟයි හිටියේ.

මට පුතා හම්බ වුණේ කුරුණෑගල රෝහලේදීයි. එයාට හෘද රෝගයක් තියෙනවා කියලා ක්ලිනික් දාලත් තිබුණා. දුවගේ වයස අවුරුදු දෙක හමාරයි. මට දරුවන්ට දෙන්න කිරි මදි වෙලත් තිබුණා. ඊයේ එහෙම මම කිරි මිරිකලත් පුතාට පෙව්වා. මට දැන් දවස් තුනක්ම උණ ගැහිලා හිටියෙ.ඒ අතරේ අද උදේ මට නින්ද ගිහින් ඉන්න කොට නංගි කෑගහලා පුතාගේ ඇස් උඩ ගිහින් කිව්වා. ඒ ගමන්ම තාත්තා සමඟ පුතා ආඬියාගල රෝහලට අරන් ගිහින් එහෙන් දඹුල්ල රෝහලට එද්දි පුතා මියගිහින් තිබුණා. මට පුතා මියගිය හේතුවක් හිතා ගන්න අමාරුයි.

මෙහිදී මියගිය ළදරුවාගේ පියා වන හොරතල් පේඩිගේ අමිල අසන්ත හේමචන්ද්‍ර නමැත්තා සාක්ෂි දෙමින් මෙසේ පැවසුවේය.

අපට වයස අවුරුදු දෙකහමාරක දුවක් ඉන්නවා. ඊට අමතරවයි 2018.12.24 දා පුතා හම්බ වුණේ. පසුගිය කාලේම බිරිඳ මාව සැකකරන නිසා අපි අතර සාමාන්‍ය ගැටුම් තිබුණා. මේ අතරේ 2019.01.16 දා මම තී‍්‍රවිල් එකේ හයර් 

එකක් ගිහින් ? 7.30 ට විතර ගෙදර එද්දි බිරිඳ දරුවන් දෙදෙනාත් අරන් එයාලගේ තාත්තා සමඟ  ගිහින් තිබුණා. මම එකතු කරගෙන එන්න ගියෙත් නැහැ. මේ අතරේ 09 දා දවල් දඹුල්ල රෝහල් පොලිසියෙන් කෝල් කරලා පුතා මියගිහින් කියලා මට එන්න කිව්වා. පුතාට උපතේදීම හුස්ම ගන්න වේගය වැඩි වෙලා ක්ලිනික් ගියත් මා ළඟ ඉන්න කොට පුතා හොඳටම හිටියා. නමුත් බිරිඳ දරුවා අරන් ගිහින් ඉන්න කොට තමයි මියගිහින් තියෙන්නේ. ඒ අතරේ සිදු වුණු සිදුවීම් මම දන්නේ නැහැ. පුතාගේ මළ සිරුර භූමදානය සඳහා මම බිරිඳටම භාර දෙනවා.’’

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛi පරීක්ෂණය පසුගිය 10 වැනිදා සවස මාතලේ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛi නිලධාරි ඞී. එල්. වෛiරත්න මහතා විසින් දඹුල්ල මූලික රෝහලේදී පවත්වන ලද අතර නිරීක්ෂණ සටහන් ඉදිරිපත් වූ සාක්ෂි හා පශ්චාත් මරණ වෛi පරීක්ෂණ වාර්තාව සසඳා බැලූ දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඞී. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා මෙය ආහාර නොලැබීම හා විජලනය හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.

ගල්කිරියාගම පොලිසියේ පොලිස් කොස්තාපල් (61182) ඒ. එම්. යූ. බණ්ඩාර මහතා විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress