නීත්‍යාණුකූලව පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය ආණ්ඩුව පවත්වන්න සූදානමක් නැති බවයි පේන්නේ
Posted on February 14th, 2019

මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද 14  දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ
  • පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා  

මේ වෙද්දි ජනාධිපතිවරණය හා පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වෙලා තියෙන්නේ. නීත්‍යාණුකූලව පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය ආණ්ඩුව පවත්වන්න සූදානමක් නැති බවයි පේන්නේ. පළාත් සභා එකවර පැවැත්වීමට කතා කරමින් සිටි ආන්ඩුව පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවයි දැන් පේන්න තියෙන්නේ. ලංකාවේ කිසිම පළාතක පක්ෂයක් විදියට බහුතර බලය හිමිනොවන බව ඔවුන් දන්නවා. පළාත් සභා වලින් පැහැදිලි ජයක් ගන්න බැරි නිසා ජනාධිපතිවරණයක් වේලාසන ලබා ගැනීමට. උතුරු පළාතෙත් නැගෙනහිර පලාතෙත් වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගැනීම මගින් ඔවුන්ට ජනාධිපතිවරණය ජය ගනුන පුලුවන් කියන මිත්‍යා මතයේ ඔවුන් ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නෙත් පළාත් සභා මැතවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ. පළාත් සභා අමාත්‍යංශය තාවකාලිකව ජනාධිපතිවරයා යටතට පවරා ගෙන පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාට යෝජනාකරනවා. එයට විරුද්ධව ඡන්දය දෙන අය ජනතාවටත් හදුනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ නැවත අමාත්‍යංශය ලබා දෙන්න පුලුවන්. එහෙම දෙයක් නොකර මේ ආන්ඩුවේ පළාත් සභා ඇමැතිවරයා මේ සංශෝධනය ඉදිරිපත් කරයි කියලා නම් අපි විශ්වාස කරන්නේ නැහැ.

ජනාධිපතිවරයා දිවුරුම් දුන්න ජනවාරි 09 වැනිදාට මාසයකට පෙර හෝ මාස දෙකකට අතර කාලයක් තුල සෙනසුරාදා දිනයක මීළග ජනාධපතිවරණය පැවැත්වීමට නියමිතය. 2019 දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලාවක මැතිවරණය පැවැත්විය හැකිවුනත් ජනාධිපතිවරයාට හිමි නියමිත කාලය එතුමා ධූරයේ සිටියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒනිසා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දිනය විදියට අපිට අනුමානකළ හැක්කේ 2019 දෙසැම්බර් 07 වැනිදායි.  රටේ ජාතික අභිමානය ඉහළට ඔසවා තබන, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, ජාතික ආරක්ෂාව සුරකින සැබෑ දේශීයත්වයට පණ දෙන, ජාතින් අතර ආගම් අතර බේදයකින් තොරව ජිවත් වීමට පසුබිම සලසන අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන්, පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරයා වෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ග්‍රාමීය මට්ටමින් සංවිධාන ශාඛා තරුණ කාන්තා අනුබද්ධ සංවිධාන මේ දිනවල සකස් වෙමින් පවතිනවා. සිංහල අවුරුද්දට පෙර අපි මේවා ගොඩනගලා අවසන් කරනවා.

බැදුම්කර වංචාවේ හතරවෙනි වසරයි. තවමත් වැරදිකරුවන්ට දඩුවම් නැහැ. මාකදුරේ මදූෂ් අත් අඩංගුවට ගැනීමත් එක්ක  බැදුම්කරේ වැහිලා. මදූෂ් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලකයින් විවිධ අදහස් පල කරමින් සිටියත් අපිට දැන ගන්න තියෙන කරඅණු වලට අනුව නම් ශ්‍රී ලංකා පොලීසියේ හෝ දේශපාලකයින්ගේ කිසිම මැදිහත්වීමක් වෙලා නැහැ. අභ්‍යන්තර කල්ලි දෙකක් අතර තියෙන ගැටලුවක, ප්‍රශ්නයක ප්‍රතිඵලයක් විදියටයි මොවුන් අත් අඩංගුවට පත්වුනේ.ගරුත්වය දිනා ගැනීමට විවිධ පුද්ගලයින් දරණ උත්සාහය ගැන අපි කණගාටුවට පත්වෙනවා. ඩුබායි පොලිසියෙන් මොවුන්ගෙන් ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් මොවුන්ගේ සහචරයින් අත් අඩංගුවට පත්වෙනවා. ප්‍රශ්න නොකර මේ විදියට අත් අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ පොලීසියෙන් කලින් ඉදලම මේ අපරාධකරුවන් හදුනා ගෙන සිටිය බවයි. අපිට තියෙන සැලය පොලීසිය මේ තරම් කාලයක් මේ සහචරයින් දැනගෙනම අත් අඩංගුවට ගෙන නැති බවයි පෙන්නේ. මේ පුද්ගලයින් අත් අඩංගුවට පත් වූ බව දැන ගැනීම නිසා ඔවුන්ට තිබුණු බිය නැතිවීම නිසා හෝ ඔවුන් යම් යම් හෙළිදරව් කිරිම් කරයි කියන බයට මේ අත් අඩංගුවට ගැනීම් කරනවා ද කියලත් සැකයි. මෙතෙක් කල් දැන දැනම අත් අඩංගුවට ගැනීම් ප්‍රමාද කලේ ඇයිකියලා අපි අහනවා. ජනාධිපතිතුමාත් පොලිසියේ හා බන්ධනාගාරයේ අපරාධකරැවන්ටසහාය දෙන පුද්ගලයින් හදුනා ගෙන ඔවුන්ට එරෙහිව පියවර ගැනීම අවශයයි.

කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුලුදේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර හතරක් තිස්සේ දේශීය ගොවියාට කරන්න තියෙන හානිය කරලා වසර හතරකට පස්සේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් කියනවා ආනයනය සම්පූර්ණයෙන් අත් හරිනවාලු.ආන්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ලවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙලෙද නාමය විනාශ කළා.  අනෙක් පැත්තෙන් ගොවියා අනාත කරලා දැම්මා. පසුගිය කාලය පුරා කෘෂිකර්මාන්තයට පණ දෙන්න සහ කෘෂිකර්මාන්තයේ වැදගත්කම අවබෝධ කර ගෙන වැඩ කලේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේයි. එවැනි රජයක්නැවත බිහිවන දිනක් ගැන සුබවාදි බලාපොරොත්තුවකින් අපි ජිවත් වෙනවා. රටේ ජනතාවට වඩාත් හොදින් ජිවිත ගත කරන්න පුලුවන් වටපිටාවක් බිහිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා

මාකදුරේ මදූෂ් අද මාධ්‍යයේ ප්‍රධාන චරිතයක්. දේශපාලන නායකයෝ මදූෂ් ඇල්ලීමේ ක්‍රෙඩිට් එක ගන්න කෑ ගැහුවත් මදූෂ් මෙරටට ගෙනත් ඉදිරි නිතිමය පියවර ගන්න එක ගැන කියන්නේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් අද පැනලා ගිහින් ඉන්නවා. ඔහුවත් අල්ල ගෙන ක්‍රෙඩිට් එක ගන්න එජාපයට පුලුවන්. මධූෂ් ගේ සබදතා ඩී. අයි. ජි නාලක දක්වා ගිහින් තියෙන්නේ. නාමල් කුමාර කියන පුද්ලගයා ජනාධිපතිහා හිටපු ලේකම් ගෝඨාභය ඝාතන සැලැස්මක් ගැන මාධ්‍යයට කිව්වා. එදා කිව්වා වගේම අද වෙද්දි මදූෂ් හා අමල් පෙරේරා අතරත් අමල් පෙරේරා හා ඩී. අයි. ජී නාලක සිල්වාගේ සමබදකම් තියෙනවා. අමල් පෙරේරා කියන්නේ ජවිපේ දේශපාලනය කරපු ජවිපේ සමග සබදතා තියෙන පුද්ගලයෙක්. රටේ නායකයින්ගේ ජිවිත නැති කරන කණ්ඩායමක් විදියටයි අපි දකින්නේ.

මංගල සමරවීරගේ තෙල් මිල සූත්‍රය ඉදිරිපත් කලේ දෙකේ චක්‍රයවත් නොදන්න ඇමැතිවරයෙක් කියලා මාධ්‍ය හමුවකදී කිව්වා. ලෝක වෙලෙද පොලේ තෙල් මිල වැඩි වෙද්දි අපේ රටේ රැපියල් දෙකකින් තෙල් මිල අඩු කරනවා. තෙල් මිල වැඩි වෙද්දි නැවතත් තෙල් මිල වැඩිවුනා. අපි ඇමැතිවරයාට අබියෝග කරනවා පෙන්නපු තෙල් මිල සූත්‍රය ගැන මාධ්‍යයට ප්‍රකාශ කරන්න. තෙල් මිල වැඩි වෙද්දි මිල අඩු වෙන්නයි, නැවත වැඩි වෙද්දි තෙල් මිල වැඩි වෙන එකයි වුනේ කොහොමද කියලා අපි දැන ගන්න කැමැතියි.

මහින්ද රාජපක්ෂ මහතාට අනාගතය ගැන වැඩපිළිවලෙක් නැති බව ටිල්වින් සිල්වා කිව්වා. විපක්ෂ නායක විදියට සම්බන්ධන් හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විදියට අනුර කුමාර දිසානායක හිටියා. ඒ කාලේ මොනවද වුනේ. දැන් ටිල්වින් සිල්වා හදිසියේ නැගිටලා. මේ අයගේ ජාතික ආන්ඩුව නැති වුනේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක වීම නිසයි. රැකියා විරහිත උපාධිධාරීන් පාරට බැහැලා. ඔවුන්ට පහර දුන්නා. රැකියා දෙන බව කියලා තරුණ ඡන්ද ගත්තා වුනාට කිසිම රැකියාවක් දුන්නේ නැහැ. එදා ජාති ආගම් පක්ෂ පාට බේදයකින් තොරව සියලු උපාධිධාරින්ට රැකියා දෙන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. තවත් මිනිස්සු රවටන්නේ නැතිව මැතිවරණයකට යන්න. නැත්නම් උගත් බුද්ධිමත් ජනතාව පාරට බහින්න සූදානම්.

දෙමල සන්ධානයේ නොවන සැබෑ උතුරේ ජනතාවගේ හඩ මේ දිනවල අවදි වෙමින් තිබෙන එක ගැන අපි සතුටු වෙනවා. විග්නේස්වරන් 56 දි සිංහල කතාකරන එක නතර කලාලු. කොහොමද එහෙම නම් ඒ කාලෙ කොළඹ ජිවත් වුනේ. අරුන් කියන්නේ දෙමල ජනතාවට සිංහල කතා කරන්න ඉඩ දෙන්න අවශ්‍යයි. අරැන් කියනවා වගේම මේ වැඩපිළිවෙලට ඉඩ දෙන්නේ නැත්තේ දෙමළ සන්ධානයයි. දෙමළ සන්ධානයටත් මැතිවරඛයකට ආවාම උතුරේ ජනතාවගේ ප්‍රතිචාර ලැබෙයි.

එජාපය ඉල්ලන්නේම ජනාධිපතිවරණයක්. මේ රටේ දැන් තියන්න තියෙන්නේ පළාත් සභා මැතිවරණයයි. නිලධාරී පාලනයකට යටත් කරලා තියෙන පළාත් සබා මැතිවරණය පවත්වනවා වෙනුවට පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදය විසදා ගන්නයි ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ. ජනාධිපතිවරණයකට ගිහින් දිනන්න බැරි අපේක්ෂකයෙක්ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂ නායකකම රැක ගන්නයි. සජිත් ප්‍රෙමදාස නෙවේ කවුරු ඉදිරිපත් කළත් දිනන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයායි. සජිත් ප්‍රෙමදාසට උදව් කරන අයව රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ඇන්දීමක් කරමින් සිටිනවා.

හෙට කෑගල්ල නගරයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරුමනේ නායකයින් සම්බන්ධවෙලා මැතවරණ දිනාගැනීමෙ උද්ගෝෂණ මාලාවක් ආරම්භ කරනවා. ප්‍රජාතන්තුවාදය වෙනුවෙන් කෑගල්ල නගරයට එන්න කියලා අපි ආරාධනා කරනවා.

ප්‍රශ්න – සන්ධානය නිර්මාණය කරන වැඩ කටයුතු කොහොමද

කනක හේරත් – ඉදිරි මැතිවරණයකදී එක්ව කටයුතු කරන්න සන්ධානයක් හදන්න සාකච්ඡාවක් යනවා. ජනාතව ඉල්ලන ප්‍රසාදය දිනාගත්ත කෙනා අවසානයේ මැතිවරනයට එයි.

ප්‍රශන – බැසිල් රාජපක්ෂ මහතා කියලා තිබුනා අපෙක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් කියලා.

කනක හේරත් – අපේ ජනාතවගේ වැඩි බහුතරය තියෙන්නේ පොහොට්ටුව ලකුනින් ඉදිරිපත් වෙන්න කියලයි ඉල්ලීම තියෙන්නේ. හැදෙන සන්ධානයට ශ්‍රිලනිපයේ අපේක්ෂකයා ඉදිරිපත් කරයි අපේ අපේක්ෂකයාත් ඉදිරිපත් කරනවා. අවසානයේ එක්කෙනෙක් තීරණයවෙයි.

රමේස් පතිරන – ජනාධිපතිධූරයේ අවසන් කාලය ගතවෙන කොට ජනාධිපතිවරයාගේ වචනයට අවනත නොවී වෙනත් ප්‍රකාශ කරන මිනිස්සු ඉන්නවා. ජනාධිතිවරයා කිව්වේ නැවතත් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැති බවයි. එතුමා නැවතත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා පිරිසක් එකතු කරගෙන පිරිසක් උත්සාහ කරන්නේ. නමුත් භූමියේ තත්ත්වය වෙනස්. ලක්ෂ 50ක් ගත්ත පිරිසද ලක්ෂ 15ක් ගත්ත පිරිසද වඩා වැදගත් කියන දේ කාටත් තේරෙනවා.

ප්‍රශ්න – මදූෂ්ගේ අත් අඩංගුවට ගැනීම ගැන ක්‍රෙඩිට් එක දාගන්නවා කිව්වා. ඔබත් සමග ඉන්න පක්ෂයේ අයටත් චෝදනා එල්ල වෙනවා නේද.

රමේෂ් පතිරණ – අපේ පක්ෂයේ විතරක් නෙවේ. මංගල සමරවිරටත් චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා වල සාත්‍ය අසත්‍යතාවය ජනතාව හමුවේ එළිදරව් කළ යුතුයි. මේ ව්‍යවසනය රටෙන් තුරන් කරන්න කවුද කින්ද මන්ද තරාතිරම නොබලා කටයුතු කළ යුතුයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress