‘බැඳුම්කර මගඩිය’ වසන් කළ අයත් නීතිය හමුවට ගෙන ආ යුතුයි
Posted on February 14th, 2019

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

මේක අපට සිදු වූ මහා ඛේදවාචකයක්. මට මේක හඳුන්වන්න වෙන්නේ ‘මහා නීල කූඨය‘ කියල. අපේ රටේ සිදු වූ මේ මහා නීල කූඨය තමයි බැඳුම්කර මගඩිය. ඒක ගැන වසර හතරක් තිස්සේ අපි කතා කරනවා. ඒත් අපට තියෙන දුක තමයි මෙහි මහා මොළකරුවන් තාම සිටිනවා. මේ වංචාව සිදු වීමට මුල තමයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වා මේ බැඳුම්කර නිකුත් කරන ක‍්‍රමය වෙනස් කරන්න කියලා. අන්න එතනින් තමයි මේක ආරම්භ වුණේ. එතන තමයි මුල. තවමත් මෙහි මහමොළකරු නිදැල්ලේ. අර්ජුන මහේන්ද්‍රන් පිටරට. එයා ගැන සෙවිල්ලක් නැහැ, එයා මෙහෙට ගේන්න උත්සාහයක් අපට පේන්න නැහැ. කවදාහරි මේ සියල්ල එකතු කරලා මේ මහා නීල කූඨයේ සිද්ධිය පමණක් නෙවෙයි එම මහා නීල කූඨය වසන් කරන්න කටයුතු කරපු සියලූ දෙනාම නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කළ යුතුයි

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති  – අජිත් නිවාඞ් කබ්රාල්

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්ත්වය තිබෙන්නේ එතරම් හොඳ තත්ත්වයක නොවේ. මේ සඳහා යහපාලන රජය යටතේ සිදු වූ බැඳුම්කර වංචාවේ අහිතකර ආර්ථික බලපෑම් ද තවමත් තිබේ. මේ වංචාව මුලින්ම සිදු වූයේ 2015.02.27 වැනිදාය. මේ බැඳුම්කර වංචාව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා හඳුන්වන්නේ ‘මහා නීල කූඨය’ ලෙසයි. ඒ අනුව මේ මාසයේ (පෙබරවාරි * 27 වැනිදාට එම වංචාව මුලින්ම සිදු වී වසර හතරක් සම්පූර්ණ වෙයි. අප ඒ ගැන තවමත් කතා කරමින් සිටිමු. මේ වංචාව ගැන මෙන්ම එම පරීක්ෂණ ගැන මතුව ඇති සැක සංකා ගැන සහ මේ සඳහා පූර්ණ යුක්තිය මහජනයාට ඉටු කරදීම ගැන ද අපි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමග සාකච්ජා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නවලට අජිත් නිවාඞ් කබ්රාල් මහතා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය -කුප‍්‍රකට බැඳුම්කර මගඩිය සිදු වී මේ පෙබරවාරි 27 දිනට වසර හතරක් සම්පූර්ණ වෙනවා. මේ ගැන කෙතරම් පරීක්ෂණ සිදු වුණත් නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක වීම හෝ සිදු වූ පාඩුව අය කර ගැනීමට පියවර ගැනීමක් සිදුව නෑ?

fea8 256පිළිතුර – මේක අපට සිදු වූ මහා ඛේදවාචකයක්. මට මේක හඳුන්වන්න වෙන්නේ ‘මහා නීල කූඨය‘ කියල. අපේ රටේ සිදු වූ මේ මහා නීල කූඨය තමයි බැඳුම්කර මගඩිය. ඒක ගැන වසර හතරක් තිස්සේ අපි කතා කරනවා. ඒත් අපට තියෙන දුක තමයි මෙහි මහා මොළකරුවන් තාම සිටිනවා. මේ වංචාව සිදු වීමට මුල තමයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වා මේ බැඳුම්කර නිකුත් කරන ක‍්‍රමය වෙනස් කරන්න කියලා. අන්න එතනින් තමයි මේක ආරම්භ වුණේ. එතන තමයි මුල. තවමත් මෙහි මහමොළකරුවන් නිදැල්ලේ. අර්ජුන මහේන්ද්‍රන් පිටරට. එයා ගැන සෙවිල්ලක් නැහැ, එයා මෙහෙට ගේන්න උත්සාහයක් අපට පේන්න නැහැ. කවදාහරි මේ සියල්ල එකතු කරලා මේ මහා නීල කූඨයේ සිද්ධිය පමණක් නෙවෙයි එම මහා නීල කූඨය වසන් කරන්න කටයුතු කරපු සියලූ දෙනාම නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කළ යුතුයි කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මෙහි මහා නීල කූඨ හොරු නීතිය හමුවට ගෙන ආ යුතුයි.

ප‍්‍රශ්නය – පසුගිය මහින්ද රාජපක්ෂ රජයේදී රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය සඳහා මහ බැංකුවත් විශාල කාර්යභාරයක් කළා. ඒ සඳහා නායකත්වය දුන්නේ ඔබයි. ඒ වගේම ඒ සඳහා මහා භාණ්ඩාගාරය සඳහා නායකත්වය දුන්නේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතායි. ඔබ දෙපල ඉතා සුහදව කටයුතු කළත් ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන් විනිමය අනුපාත ප‍්‍රතිපත්තිය ගැන ඔබතුමත් ඔහුත් අතර මතවාදී ගැටුමක් තිබුණා. බාහිරින් ඉන්න අය ලෙස අපට පෙනුණේ ඔබ දෙදෙනා අතර මතවාදී ගැටුමක් තිබුණ බවයි. ආචාර්ය ජයසුන්දර මහතා රුපියල අවප‍්‍රමාණය වීමට වෙළෙඳපොළට ඉඩ දිය යුතුය කියන මතයේ ඉන්න කොට ඔබ සිටියේ රුපියල රැුක ගත යුතුය යන ස්ථාවරයෙයි. එහි අවසාන ප‍්‍රතිපලය ලෙස අයවැය ලේඛනයෙන් රුපියල අවප‍්‍රමාණය කිරීමට ඔහු භාණ්ඩාගාර ලේකම් ලෙස පියවර ගත්තා. දැන් අනාගත රජයකදී ආර්ථිකයට සම්බන්ධ ප‍්‍රධාන වගකීම් ඉටු කිරීමට ඔබ දෙපලටම අවස්ථාව ලැබුණොත් එහිදී නැවත ගැටුමක් ඇති වෙයිද? පුද්ගලයන් ලෙස ඔබල සුහදව කටයුතු කරනවා. මම අහන්නේ ප‍්‍රතිපත්තිමය වශයෙන් ඇති විය හැකි ගැටුම් ගැනයි? එවිට කොහොමද ඉදිරියට ගමන් කරන්නේ?

පිළිතුර – එක එක අවස්ථාවලදී ජයග‍්‍රහණ ඇති වෙනවා. සමහර විට අප හිතන දේම කරගන්න බැරි වෙනවා. ඒ අවස්ථාවේදී මම හිතන්නේ මගේ අදහස තිබුණු ලෙස කටයුතු කරගෙන ගියා නම් අපේ රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ කෘත‍්‍රීම විදිහට නෙවෙයි. ආර්ථිකයේ සියලූම අංගයන් අපි හරියට පාලනය කර ගත්තොතින් ලෝකේ ඕනෑම රටක ඒ අයගේ මුදල් ඒකකය ශක්තිමත් වෙලා ඒ අයගේ ආර්ථිකයන් ශක්තිමත් වෙනවා. කිසිම රටක් මම අහල නෑ කියනවා අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා අපේ මුදල් ඒකකය කඩා වැටෙනවා කියල. ඒක කරද්දි අපි ලෝකයට දෙනවා පණිවිඩයක් අපේ ආර්ථිකය දුර්වලයි කියල ඒකයි මම ඒ වෙලාවේ අපේ රුපියල අවප‍්‍රමාණය කරනවට එකඟ නොවුණේ. මොකද ඒ වෙලාවේ අපේ ආර්ථිකය ශක්තිමත්ව තිබුණ. ආර්ථිකය ශක්තිමත්ව තිබෙද්දී අපේ මුදල් ඒකකය දුර්වල කිරීමට මම අකමැති වුණා. මම හිතන්නේ ඒ කරපු වැඬේ (රුපියල අවප‍්‍රමාණය කිරීම* සාර්ථක එකක් නෙවෙයි. නමුත් ඒක කෙරුණා, ඊට පස්සේ මගේ යුතුකම තමයි රුපියල තවදුරටත් ශක්තිමත් කිරීමට ක‍්‍රියා කිරීම. ඒක කර ගත්ත. 2014 වසරේදී දකින්න ඇති රුපියල යම් ආකාරයකට ශක්තිමත්වීමේ ප‍්‍රවණතාවක් දැක්වූවා. එහෙම කරගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකයේ සියලූම අංගයන් ඉතාම හොඳින් කළමනාකරණය කරන්න ඕන. අපි ඒ වගේ කැපවීමකින් වැඩ කරපු නිසා තමයි අපේ ඔය සියලූම දේවල්වලට මුදල් තිබුණේ. රටකට මුදල් උත්පාදනය වන්නේ ඒ රට ගැන විශ්වාසයක් ගොඩ නැගුණොත්. වෙන රටවලට ගිහින් කතා කරලා ඒ අයට අපේ රට ගැන විශ්වාසය ගොඩනගන්න අපට හැකි වුණා. අපි පුද්ගලිකව සුහදව කටයුතු කළත් අප අතර මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒක ස්වභාවික දෙයක්. එහිදී මම එයට එකඟ නොවුණත් මට ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. යම් අවස්ථාවකදී කව්රු හරි මගේ මතය සමග එකඟ වුණේ නැහැ කියල මම ඒවාට සැලෙන මිනිහෙකුත් නෙවෙයි, මම ගිහින් ඒවට වයිර කරන්නෙත් නැහැ. ඒවා අපේ පුද්ගලික ප‍්‍රශ්න නෙවෙයි. එහිදී ඉදිරියේදී කටයුතු කිරීම ගැනත් අපට සැලසුම් තියෙන්න ඕන. එහෙම සැලසුම් මගේ ළඟ තියෙනවා, අපි ඒවත් කරනවා.

අනාගත රජයකදී කව්රු ඒවිද කියල මම දන්නේ නෑ. මම මොනවා කරයිද කියල මම දන්නෙත් නෑ. ඒ වුණාට ඕනෑම ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් කියල මට විශ්වාසයක් තියෙනවා. මම ගිහින් ඉල්ලන්නේ නැහැ, මට අරයව ඕන මෙයාව ඕන කියලා. දෙන ටීම් එකත් එක්ක මට වැඩ කරන්න පුළුවන්. ඒ අයටත් මාත් එක්ක වැඩ කරන්න පුළුවන් බවට මට විශ්වාසයක් තියෙනවා. මම ගොඩක් ටීම්ස්වල සෙල්ලම් කරලා තියෙනවා. මම වරලත් ගණකාධිකාරී ආයතනයේ ඉඳල තියෙනවා. ලංකාවේ ඉහළ පෙළේ සමාගම් එක්ක වැඩ කරලා තියෙනවා. අමාත්‍යාංශයේ වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මහ බැංකුවේ වැඩ කළා.

එක තැනකවත් ගැටුමක් ඇති වෙලා කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න සිදු වෙලා නැහැ. තාමත් නෑ. දැන් වුණත් අපි කොතනක ගියත් බොහොම සුහදව හොඳින් පිළිඅරගෙන එකට කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම තියෙන්නේ පුද්ගලික මට්ටමින් ගිහින් වයිර කරගෙන කාත් එක්කවත් බැණගෙන ගහගෙන කටයුතු නොකළ නිසා.

ප‍්‍රශ්නය – බැඳුම්කර මගඩිය වසන් කිරීමේ උත්සාහය හමුවේ එය හෙළිදරව් කරන්න බැඳුම්කර මගඩියට එරෙහි සටනකුත් දියත් වුණා. එය කිසිවෙක් තනිවම කළ දෙයක් නෙවෙයි. එය සාමූහික ප‍්‍රයත්නයක්. ඒ සටනේ ප‍්‍රතිඵල සමාජයට දැනටමත් අත්පත් වෙලා තියෙනවා. එය නම් මේ මගඩිය ගැන ජනසමාජය පුළුල් ලෙස දැනුවත් වීමෙන් එම මගඩියට එරෙහිව පොදු ජනයා තුළ කිසියම් ජනමතයක් නිර්මාණය වී එය ස්ථාපිත වීමයි. එහෙත් පූර්ණ යුක්තිය තාමත් ඉටු වෙලා නැහැ..

පිළිතුර – අනිවාර්යෙන්ම.

ප‍්‍රශ්නය – ඒ පූර්ණ යුක්තිය අනාගත රජයකදී හෝ ජනතාවට ඉටු කර දෙන්න ඔබතුමා බලපෑමක් කරනවද? හේතුව පොඩි අයට නීතිය ක‍්‍රියාත්මක වෙලා ඔබතුමා කියපු ලෙස මහමොළකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක නොවෙන්න පුළුවන්. රජයට සිදු වූ පාඩු අය නොවී තියෙන්න පුළුවන්. ඒ නිසා මෙය මහජනතාවට පූර්ණ යුක්තිය ඉටු කරදීම සඳහාම ගෙන යා යුතු සටනක්?

පිළිතුර – ඇත්තවශයෙන්ම ඔබටත් එහි ගෞරවයක් හිමි වෙන්න ඕන. ඔබ සහ ඔබේ මාධ්‍ය මේ බැඳුම්කර සිද්ධිය මහජනතාවට ගෙනියන්න ඉතාම උනන්දුවකින් කටයුතු කළා. ඒත් එක්කම මේ සඳහා තවත් කීප දෙනෙක් කටයුතු කළා. මම ඒ සියලූ දෙනාටම මගේ ඉතාමත්ම අවංක ගෞරවය පුදනවා. එහිදී මමත් බොහෝ අවස්ථාවලදී ඒ කරුණු මතු කරන්න උත්සහයක් ගත්ත. ඒ කරුණු සමහර ඒවා ඉදිරිපත් කරන්න අමාරුයි. ජනතාවට සමහර කරුණු තේරුම් ගන්න අමාරුයි. ඒ වුණත් මේ සංකීර්ණ විෂය අමාරුවෙන් හරි ජනතාවට ලබා දුන්න. මට මතකයි මුලින්ම රනිල් වික‍්‍රමසිංහ මහත්තය මේ ගැන කතා කරද්දී පාර්ලිමේන්තුවෙයි එළියෙයි ඇවිල්ල කතා කරල කිව්වේ මේක නිකන් ජේම්ස් බොන්ඞ් කියලයි. විහිළුවට ගත්තේ. ඔබලාට මතක ඇති, එහෙම විහිළුවට ගත්ත පුද්ගලයෝ අද ඒක ගැන කතා කරද්දී ඇඹරෙනවා. ඒ ඇඹරෙන්නේ ඔබලා නිසයි. ඔබලා මේක ජනතාවට කවලා කවලා, ඉදිරිපත් කරලා කරලා ඒක කරපු නිසා තමයි ඒ අයට ඇඹරෙන්න වෙලා තියෙන්නේ. ඒ අය මුලින්ම හිතුවේ එහෙම නෙවෙයි. ඒ ගොල්ලෝ හිතුවේ අපට ඕන එකක් කරන්න පුළුවන්. අපිට මේ ටයිකෝට් දාගෙන මේවා කරන්න පුළුවන්. එහෙම කරලා ජේම්ස් බොන්ඞ් කියල මිනිස්සු මුලා කරන්න පුළුවන් කියල මුලින් හිතුවේ. ඒක නොවුණේ ඔබල නිසයි. මමත් ඒකට යම්කිසි දායකත්වයක් ලබා දුන්න කියල මම හිතනවා, නමුත් ඒ සියලූ දෙනාටම වඩා මාධ්‍යයට මම ප‍්‍රණාමය පුද කරනවා. ඔබගේ ප‍්‍රශ්නයට උත්තරේ තමයි අනිවාර්යෙන්ම අපි ඒකට ඉදිරිපත් වෙනවාමයි.

මීට මාස තුන හතරකට කලින් මේ ගැන යම් සැකයක් මතුවෙනකොට මම විශේෂයෙන්ම ලිව්වා ලිපියක්. ඒක පත්තරවල පළ වුණා. මම කිව්වා බැඳුම්කර වංචාවේ සිදු වූ මේ කරුණු අපි ළඟ තියෙනවා. මේවා යට ගහන්න ඉඩ දෙන්න ඕන නැහැ. නව රජයක් ආපු ගමන්ම මේවා වැඩිම වුණෝතින් අවුරුද්දක් තුළදී මේ සියලූ මොළකරුවන්ව අපි හොයල දෙන්නට ඕන. ඒ මොළකරුවන් ගැන අපට දැන් සැක තියෙනවා. යම් යම් සාක්ෂි තියෙනවා. සමහර ඉතාම ප‍්‍රබල සාක්ෂි තියෙනවා. ඒවා අරගෙන කටයුතු කරන්න පමණයි තියෙන්නේ. මේක කව්රු හරි යට ගහන්න හැදුවොතින් ඒ පුද්ගලයන්ටත් ඔය ඉරණම තමයි අත්පත් වෙන්නේ. දැන් තියන තත්ත්වය යට ගහන්නත් ඉතාම ප‍්‍රබල අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබලා කෙතරම් උනන්දුවකින් මේක එළිදක්වන්න හැදුවත් විවිධ ක‍්‍රමවේද ඉතාමත්ම සූක්ෂම ලෙස මොළකරුවන් පමණක් බේර ගන්න කටයුතු කළ හැටිත් අපි දැක්ක. අපි විතරක් නෙවෙයි ඔබලත් ඒ ගැන දැක්ක.

ප‍්‍රශ්නය – නීතිය ඉදිරියේදී කව්රුත් සමානයි කිව්වට බැඳුම්කර කොමිෂන් සභාවේදී අගමැතිතුමාට ප‍්‍රශ්න කලින් යවල තිබුණ. ඒ අනුව ඒවාට උත්තර කලින් පිළියෙළ කරලා කොමිෂන් සභාවට එවල තිබුණා. පසුව අගමැති කොමිසමට පැමිණි පසුව දප්පුල ද ලිවේරා මහතා ඇතුළු බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්ඩලයට ප‍්‍රශ්න අහන්න අවසරයක් තිබුණෙත් නෑ. කාලාන්තරයක් තිස්සේ මේ විෂය ගැන අධ්‍යනය කළ විශේෂඥ දැනුමින් යුත් නීතිඥ මණ්ඩලය වාඩි වෙලා සිටිද්දී නීතිපතිතුමා ගෙනත් ප‍්‍රශ්න කිහිපයක් අසනු ලැබුවා. කොමිසම නිසා විශාල වශයෙන් තොරතුරු හෙළි වුණත් මෙවැනි තත්ත්වයන් නිසා කොමිසම ගැනත් නොයෙක් සැක සංකා ජනසමාජය තුළ ඇති වුණා. මේ කොමිසමෙනුත් පූර්ණ යුක්තියක් ඉටු වන්නේ නැති බවට කතා බහ ඇති වුණා?

පිළිතුර – මම ඒක සියයට සියයක්ම පිළිගන්නවා. පූර්ණ යුක්තිය ඉටු වුණේ නෑ. ඇත්තවශයෙන්ම මේකේ මොළකරුවන්ව හැඳින්නුවේ නෑ. මොන හේතුවක් නිසාද කියල මම දන්නේ නෑ. ඒක ඕනෑම පොඩි ළමයෙකුට පෙනෙන දේවල් සිදු වුණේ නැහැ. ඒ නිසා ඒ කොමිසම ගැන අපට ලොකු විශ්වාසයක් තබා ගන්න බැහැ. අලූතින්ම මේ සාක්ෂි නැවත වරක් සලකල දප්පුල ද ලිවේරා, යසන්ත කෝදාගොඩ සහ බාරි මහත්මිය වගේ අය ඉතාම අපක්ෂපාතීව මේ කටයුතු කළා. නමුත් යම් යම් ආකාරයට ඒ අයට තමන්ගේ වැඩකටයුතු කරන්න බැරි වුණු සිද්ධිත් අපි දැක්ක. මුදල් ඇමැතිතුමාට කටයුතු කළ ආකාරයට නෙවෙයි අගමැතිතුමාට කටයුතු කළේ. ඒවාත් අපි දැක්ක. සමහර අය සාක්ෂි දුන්න හැටි වගේම සමහර අය සාක්ෂි නොදුන්නේ කොහොමද කියලත් අපි දැක්ක. සාක්ෂි තිබුණත් දෙවැනි බැඳුම්කර සිද්ධිය ගැන හරියට ලියවිලා නෑ. ඒ නිසා මේවා ගැන අපට සැක මතු වෙනවා. ඕනෑම කෙනෙකුට සැක මතු වෙනවා. ඒ නිසා ඒ සැක දුරු කරන්න ඕන. ජනතාවගේ සිත්වල තියෙන ඒ සැක දුරු කරන්න ඕන. ඉදිරි අනාගතයේදී යම් ආකාරයකට කොහොම හරි මේවා කෙරෙන්නම ඕන.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

One Response to “‘බැඳුම්කර මගඩිය’ වසන් කළ අයත් නීතිය හමුවට ගෙන ආ යුතුයි”

  1. Christie Says:

    It is unfortunate how we are being mislead and the issues are politicized.

    Former Governor used his position for his own benefits.

    So he should be tried for his criminal activities.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress