මා දැන සිටි සජිත් ප්‍රේමදාස
Posted on February 16th, 2019

 වෛද් රුවන් එම් ජයතුංග

සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික්  කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම සහ අවසාන ගනුදෙනුව විය. කෙසේ නමුත් මේ පන්තියේදී මම පළවෙනියා වී නාරද හාමුදුරුවන් අතින් ත්‍යාගයක් ලෙස ධර්ම පොතක් ලැබුවෙමි.

සජිත් ගේ සොහොයුරිය වූ දුලාංජලීද අපේ දහම් පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇය කටකාර තැනත්තියක් වූවාය. පන්තියට යාම ප්‍රමාද වීම නිසා වරක් ඇයව ශිෂ්‍ය නායකයෙක් විසින් රඳවා ගත් අතර ඇය ඔහුට මෙසේ කීවාය ” දන්නවද මම කවුද  කියලා, අපේ තාත්තා තමයි යූඑන්පී එකේ දෙවන නායකයා ”  ඒ කාලයේ තිබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයක් වූවද දුලාංජලීගේ පිළිතුර ඇසූ ශිෂ්‍ය නායකයා ඇයට යන්නට දුන්නේය. 

සජිත් ප්‍රේමදාස පසු කාලයක රාජකීය විද්‍යාලයට ගියේය. ඔහු ගණිතය සඳහා ටියුෂන් ගියේ රාජකීය විද්‍යාලයේ ආචාරිනියක වූ බාලසූරිය මිය වෙතටය. මමද ඇය වෙත ටියුෂන් සඳහා බාලසූරිය මියගේ නිවසට ගියෙමි. සජිත් සඳහා අරලිය ගහ මන්දිරයෙන් සතියකට වරක් බාලසූරිය මියගේ නිවසට වාහනයක් ආ අතර බාලසූරිය මිය අරලිය ගහ මන්දිරට ගොස් ඔහුට ගණිතය ටියුෂන් දුන්නාය. කෙසේ නමුත් සාමාන්‍ය පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.

මැද කොලඹ දේශපාලකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජීවිතයේ කිසි දිනෙක රැකියාවක් නොකලේය. එසේම පරම්පරාවෙන් උරුම වූ ධනයක්ද ඔහුට නොවීය. එහෙත් ඔහුට තම පුතාට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට හැකි විය. එහෙත් සාමාන්‍ය දේපළ උරුමයක් තිබූ  රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කල මගේ දෙමාපියන්ට මා හට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවද 2005 වසරේදී මා හට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව හැදෑරීම සඳහා අර්ධ  ශිෂ්‍යත්වයක් ලැබුනු නමුත් යුද හමුදා රෝහලේ පරාර්ථකාමී  නිලධාරියෙකු විසින් යුද හමුදා ස්වේච්ඡා බළකායට පෙත්සමක් ගසා මා ලැබූ අර්ධ ශිෂ්‍යත්වය බකල් කර දමනු ලැබීය. සජිත්ට තරම් පෙර පින් මට තිබුනේ නැත

 

4 Responses to “මා දැන සිටි සජිත් ප්‍රේමදාස”

  1. DR M D P DISSANAYAKE Says:

    මම දන්න සජිත්ගේ පියතුමා-
    නිවාඩුවකට ලංකාවට ගියෙමි. එතකොට අගමැති ආර් පේමදාස මහතාය. මගේ පැපිළියානේ නිවසට දුරකතනයක් ඉල්ලා මුදල් ගෙවා අවුරූදු තුනකි. දුරකතන ලඛා ගත් යූඇන්පී මගේ අසල්වැසියා මට උදව්කරන්නට මාවත් මගේ මල්ලී වත් සංතබස්තියමේ අගමැති කන්තෝරුවට එක්කන් ගියා.
    සෙනග ගොඩයි. එහි බිත්තිවල ඩී ස් ගේ, ඩඩ්ලි ගේ, කොතලාවලගේ, ජේ ඈර් ගේ පින්තූර එකිනෙක බලමින් මම ඇවිදින කොට මිනිස්සු දෙදෙනෙක් ඇවිත් “තමුසේ කවුද ඕයි ඛහිනවා දොට්ට” කියා මගේ ඛෙල්ලෙන් අල්ලා තල්ලුකරන සද්දය ඇසී ගරු අගමැතිතුමා ද එලියට ඇවිත් “කව්ද ඕයි මේ, දානවා මේකව එළියට” කීවේය.

  2. Ancient Sinhalaya Says:

    You have been lucky to be alive after coming into contact with these traitor alugosuwas of the anti Buddhist, anti Sinhalese, anti Sri Lanka, minority worshiping, Mother Lanka dismembering, Sinhalese dividing and minority king making murderous (Sinhalese Buddhists only since nobody utters a word; no UN, no AI, not even a Sinhalese
    deshapaluwa, contrast this with killing/hurting a tamil or a mussies which is a war crime), lying, thieving thugs of
    the UNPatriotic_rats party. Traitor alugosuwa lk porisada@ killed Sinhalese Buddhists youth without mercy. Not even
    Buddhist school children were spared.

    Piyathuma? To a brutal killer! What about the 600+ policemen in the east? They didn’t have children, families?
    They didn’t feel any pain? Their lives didn’t matter because they were Sinhalese. While massacring Sinhalese
    Buddhists, real terras, catholic tigers of tamil drealam were mollycoddled for 30 years and sacrificed 100,00+
    mainly Sinhalese Buddhists.

    What about those Sinhalese Buddhist youth killed/burned alive for being Buddhists with its portguese police top
    brass? They were also somebody’s children. They didn’t deserve to live since they were Buddhist in those
    porguese police top brass’s eyes. Sinhalese are a weird bunch of two legged creatures I wonder sometimes.

  3. Dilrook Says:

    Clan politics must be rooted out.

  4. Naram Says:

    Interesting to look back on rise and rise of the populist speaker P who dared to challenge Bandaranaikes, with all kinds of smut in the time UNP was nearly routed off the electoral map. The SIYARATA the paper dear to P used to carry stories about distant origins of B family and the vacuity of their socialism. P added more of that in his colorful well crafted speeches, mentioning the incontinent PM replaced by the weeping widow, need to wash the big chair monthly if a woman becomes PM. No doubt the village folks loved the braggart. P worked hard with little success to get closer and closer to the rulers of the party S’nayakes, JRJ, but his chance came with the assassinations. All through scandals around avaricious family members surfaced but they were regularly hushed up by the media machinery, under the thumb of the cohorts of Esmond W. Investigative reporting techniques were infantile and even today little is known about the money printing story of a daughter. Why the list of village folks allegedly killed by JVP contained disproportionate share of old UNPers, and aged members of Army families is a factor many still have not found a conclusive answer though P is said to have provided the ideological backing to black cats .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress