ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙන්නේ දේශද්‍රෝහී විදියටයි.
Posted on February 18th, 2019

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව

අද (15) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

ජිනිවා සැසිවාරයට ඔන්න මෙන්න කියලා හමුදා නිලධාරින්ට නඩු පවරන්නේ ඇයි?

එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට වන්දි ගෙවීමේ ප්‍රතිපූර්ණ කොමිෂම ක්‍රියාත්මක කරන්නත් ආන්ඩුව සූදානම්.

අපි රටේ අවශ්‍යතාවය අනුව ත්‍රිවිද හමුදාවන්ගේ තේජස අභිමානය සුරක්ෂිත කරමින් ප්‍රතියෝජනාවක් මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරනවා

එදා බ්‍රිතාන්‍ය, නෝර්වේ විදේශ ඇමැතිවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා කිව්ව අපේ රටේ සුභසිද්ධිය වෙුනවෙනුයි මම තීරණය ගන්නේ කියන ප්‍රකාශය මේ වසරේ මැතිවරණවල තේමාව වෙනවා.

■     ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

ජිනීවා නගරයේ මානව හිමිකම් කොමිෂම පෙබරවාරි 25 රැස්වෙනවා. එහිදි ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ සදහා රජය සූදානම් වෙන්නේ දේශද්‍රෝහී පිළිවෙලකටයි. 2015 හා 2017 එජාප රජය කිසිදු වගකිමකින් තොරව ජාත්‍යන්තර ප්‍රජාවට ස්ථිර නිශ්චිත පොරොන්දු දුන්නත් අද ජනමතය අනුව ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බව රජය අවබෝධ කර ගෙන තිබෙනවා. තමන් ඇති කරගත්ත අර්බුදයෙන් ගොඩ එන්න රටටත් ත්‍රිවිද හමුදාවටත් හානිකර වැඩපිළිවෙලකට යොමු වෙමින් සිටිනවා. වසන්ත කරන්නාගොඩ මහතා ඇතුලු නාවික හමුදාවේ නිලධාරීන් 11ට එරෙහිව නඩු පැරීමේ උත්සාහය ඉන් එකක්. අවුරුදු 4ක් බලයේ ඉදලා ජිනීවා සැසිවාරය ඔන්න මෙන්න කියලා තියෙද්දි නඩු පවරන්නේ ඇයි. බටහිර බලවේග, ඩයස්පෝරාව පිනවීමට මේ වැඩේ කරන බවයි අපිට සිතෙන්නේ. සත්‍ය හා සන්හිදියාව පිළිබද කොමිෂමක් ස්ථාපිත කරන්නත් සූදානම්. අපි තවම ඒ පිලීබද ලියවිලි හෝ පනතක් දැකලා නැහැ. තමන් දීපු පොරොන්දු තමන්ටම ඉටු කරගන්න බැරිවීම නිසා එල්ලවෙන චෝදනා වලින් මිදෙන්නයි මේ පියවර අරන් තිබෙන්නේ. මෙවැනි කොමිෂමක් තිබුනේ දකුණු අප්‍රිකාවේ. දකුණු අප්‍රිකාවෙයි අපේ රටෙයි තියෙන්නේ වෙනස් තත්ත්වයන්දෙකක්.

ප්‍රතිපූර්ණ කොමිෂම් සභාව කියලා එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙනවා. ඒකත් හදිසියේ ක්‍රියාත්මක කරන්න රජය සූදානම් වෙනවා. එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට මහජන මුදල්වලින් වන්දි ගෙවීමේ ක්‍රමයක් තමයි මේ අරඹන්න හදන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා සභාව අමතමින් පැහැදිලිව ප්‍රකාශ කළා එතුමා ජාත්‍යන්තර අධිකරණයක් පිළිගන්නේ නැති බව. අපේ ත්‍රිවිද හමුදාවට හා ආරක්ෂක සේවාවන්ට එරෙහිව නඩු පවත්වා ගෙන ගිහින් විනිශ්චය දෙන්න කිසිම අයිතියක් නැති බවත් ඒ සදහා අපිට ස්වාධීන අධීකරණයක් තිබෙන බවත් එවැන්නක් කිරීම සදහා කිසිදු සහායක් දෙන්නේ නැති බවත් ජනාධිපතිතුමා පැවසුවා.

නමුත් 2015 ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනාවේ හයවෙනි ඡේදයේ පැහැදිලිව තියෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරන් ඇතුළු විනිසුරන් පත්කරලා යුද අපරාධ පිළිබද චෝදනා විමර්ශනය කිරීමේ වගකීම විදේශීය අධිකරණයකට පැවරීමට බැදී සිටින බව සදහන් වෙනවා. තවම එය ඉල්ලා අස්කරගෙනවත් නැහැ. 2017 දී මානව හිමිකම් කවුන්සිලයට ගිහින් කිව්වේ මේවා වෙනස් කරන්නේ නැහැ. හිස්පිළ්ලක් පාපිල්ලක් නැතිව මේවා ඉටුකරන්න තවත් වසර දෙකක් දෙන්න කියලයි. ඒ වසර දෙකක කාලය ඉකුත්වෙන නිසයි රජය ලහිලහියේ මෙවැනි පියවර ගනිමින් සිටින්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේ රජයක් මේ වසර අවසානයේ පත්වෙනවා. අපි මේ වැඩපීළිවෙල ප්‍රතික්ෂේප කරනවා. ඒක ද්‍රෝහි ක්‍රියාවක්. මේ රටට ගැලපෙන ක්‍රියාදාමයක් නෙවෙයි. අපි වෙනම යෝජනාවක් ඉදිරිපත් කරනවා. රටේ අවශ්‍යතාවය අනුව ත්‍රිවිද හමුදාවන්ගේ තේජස අභිමානය සුරක්ෂිත කරමින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවේ මෙවැනි ලක්ෂණ අඩංගු වෙනවා.

සම අනුග්‍රහය එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. ඇමරිකානු එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකා රජයයි මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ. ලෝක ඉතිහිසයේ ප්‍රථම වතාවට තමන්ගේ ත්‍රිවිද හමුදා විවේචනය කරන යෝජනාවක් ඒ රටේ ආන්ඩුවම ජාත්‍යන්තර ආයතනයකට ඉදිරිපත් කිරීම අදහා ගන්න බැරි තත්ත්වයක්. අපි දැඩිව විශ්වාස කරන්නේ මේ විවේඡන පදනම් විරහිත බවයි. එයින් කියන්නේ අපි සංහිදියාව ප්‍රතික්ෂේප කරනවා නෙවේ. සංහිදියාවට අවශ්‍ය වැඩපිළීවෙල අපි නිර්මානය කරන්නේ විදේශීය බලවේගවල අවශ්‍යතාවය අනුව නෙවෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවයක් දෙමින් තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ.

ප්‍රතියෝජනාවක් අවශ්‍යයි. මේ වැඩපිළීවෙල රටට ගැලපෙන්නේ නැති නිසා මේ වැඩපිළිවෙල මෙතැනින් නවතා අපි අලුත් වැඩපිළීවෙලක් අරඹනවා. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සංශෝධනය කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හා ශ්‍රී ලංකා ජනතාවට අයිති දෙයක්. 2015 යෝජනාවේ සදහන් වෙනවා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් යම් ආකාරයට වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ප්‍රතිඤ්ඤා දෙනවා. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමත් ජාත්‍යන්තරයට භාරදෙනවා. ඒ විදියට රටේ උත්තරීතර නීතිය සංශෝධය කිරීමේ වගකීම විදේශීයයන්ට පවරන්න අපි සුදානම් නැහැ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.

ශ්‍රී ලංකා රජය සමග ඇමරිකානු ජනපදයයි මේ යෝජනාව ගේන්නේ. ඇමරිකාව මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙද්දි භාවිතා කරපු වචන මහින්ද රාජපක්ෂ රජය කිසිම දවසක මානව හිමිකම් කොමිෂම සම්බන්ධයෙන් භාවිතා කලේ නැහැ. ඇමරිකානු තානාපති නිකී හේලීන් මැතිණිය කොමිෂමෙන් ඉවත්වෙන ප්‍රකාශය කරමින් කිව්වේ මානව හිමිකම් කොමිෂම අශූචි වලක් බවයි. පටු දේශපාලන අරමුණ සදහා වංචාකාරි ලෙස ක්‍රියාකරන ආයතනයක් විදියටයි මානව හිමිකම් කොමිෂම හදුන්වා දුන්නේ. එවන් ආයතනයක අධීක්ෂණය යට‌තේද අපි ලංකාවේ උත්තරීතර නීතිය වෙනස් කිරීම භාර දෙන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රෝඩාව පරාජයට පත්වුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ගෙන ගිය වැඩපිළිවෙල නිසයි. විනිසුරන් ඉන්නේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වූ විට සහන සපයන්නයි. අද විනිසුරන් උසාවි යනවා විනිසුරන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියමින්. මීට පෙර මෙවැනි දේ වෙලා නැහැ. කතානායකවරයාගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය කිරීමේ ශෝචනීය තත්ත්වය නිසයි මෙවැනි දේ වෙන්නේ.

2015 යෝජනාවෙන් ලංකාවේ ත්‍රිවිද හමුදා හා පොලීසිය ප්‍රතිව්‍යුහගත කරන බව කිව්වා. අපි ඒ පිළිබද කිසිම වගකීමක් විදේශීය ආයතනයකට භාර දෙන්න සූදානම් නැහැ.  දෙමළ සංධානයේ එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිව්වා ත්‍රිවිද හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ ය කියන දෙපාර්ශවයම යුද අපරාධ කළ බව රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබෙනවා කියලා. මහින්ද රාජපක්ෂ මහතා මහජන එක්සත් පෙරමුනේ ජාතික සම්මේලනය අමතමින් ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ නොකළ බව කිව්වා. ඒ ස්ථාවරය බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික නේස්බි සාමිවරයාත් සාක්ෂි සහිතව ලෝකයට පෙන්වා දුන්නා. ත්‍රිවිද හමුදාව ආරක්ෂා කිරීමේ කාර්යභාරය පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. ඒ වගකීම නේස්බි සාමිවරයා ඉදිරිපත් කළත් එතුමා ඉදිරිපත් කළ අදහස් අනුව හමුදාවන් වෙනුවෙන් පෙනීසිටින්න රජය ඉදිරිපත්වුනේ නැහැ. ට්‍රම්ප් ජනාධිපතිතුමා කිව්වා ඇමිරිකාව මින්පස්සේ ලෝකයේ පොලිස්කාරයා වෙන්නේ නැහැ. ඇමරිකානු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා පමණයි කියලා.ඒ ස්ථාවරයෙන් මේ රජය ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ කාර්යයන් පිළිබද අධීක්ෂණ කාර්යය මානව හිමිකම් කොමිෂමට පවරනවාට අපි විරුද්ධයි. අපේ යෝජනාවෙන් මානව හිමිකම් පිළීබද වැදගත් අදහසක් ඉදිරිපත් කරනවා. ඒ නිසි කලට මැතිවරණ පැවැත්වීම. මහින්ද රාජපක්ෂ මහතා වසර 23ට පසුව උතුරු නැගෙනහිර මැතිවරණය පවා පැවැත්වුවා. මහින්ද රාජපපක්ෂ මහතා බැංගලෝරයේදී කිව්වා බලය බෙදිම සම්බන්ධයෙන් ජනතාව තෘප්තිමත් කළ හැකි වුවත් දේශපාලකයින් තෘප්තිමත් කිරීමට තමන්ට නොහැකි බව.

යුද්ධය අවසාන කාලයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමැතිවරු ලංකාවට පැමිණියා. ඒ දෙදෙනා ඇඹීලිපිටියේදි මහින්ද රාජපක්ෂ මහතා හමුවී සටන් විරාමයකට එකග වෙන්නයි බලකළා. මේක ඔබලාගේ යටත්විජිතයක් නෙවෙයි. අපේ රටේ සුභසිද්ධිය වෙුනවෙනුයි මම තීරණය ගන්නේ කියලා එදා මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. එදා මේ රජය බලයේ හිටියානම් වෙන්නේ මොකක්ද. මේ අවුරුද්දේ පැවැත්වෙන ජාතික මැතිවරණ වලදී මේ ප්‍රකාශය වැදගත් තේමාවක් වෙන බවට විශ්වාසයි.

රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක්

රටේ පඩි ගෙවා ගන්න බැරිව ආයෝජකයෝ එන්නේ නැහැ

බැදුම්කර මහ මංකොල්ලයේ ප්‍රධාන මොලකරුවෝ නිදැල්ලේ ඒ සල්ලි තමන්ගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් යොදවමින් ඉන්නවා

තමන්ගේ තනතුර ගන්න නම් දැන් කතානායක දොවොලට යන්න වෙනවා.

■     පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන මහතා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැහැදිලිව කියනවා රාජ්‍ය සේවකයාගේ පඩිනඩි ගෙවා ගන්න බැරි තත්ත්වයට රට පත්වෙලා.සංවර්ධනයට වෙන් කරන්න මුදල් නැහැ. සංවර්ධන කටයුතු වෙනුවෙන් කොටි ගණනක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙනවා කියලා. රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් වෙලා විතරක් නෙවෙයි. අයවැයෙන් මහ ලොකු පොතක් රටට ඉදිරිපත් කළාට ඒ පොතේ තියෙන්නේ බොරු බව ජනාධිපතිවරයාගේ වචනයෙන් බැහැදිලියි.

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ඒ බැංකු ටිකත් කඩාගෙන වැටෙන තැනට පත්වෙලා. මේක කියන්නේ රටේ ජනාධිපතිතුමා. රාජ්‍ය නායකයා. එහෙමනම් වත්මන් ආන්ඩුවට ඉදිරියට යන්න පුලුවන්ද නැද්ද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. මේ විදියට ගිහින් ආර්ථිකය බිංදුවට බැහැලා එක පාරට එක තැන නවතින රටක් වෙයි. අපි පත්වෙන්නේ 88/89 කාලයේ ඇතිවුනු කැරැල්ල සමයේටත් වැඩි ආගාධයකට. මෙවැනි තත්ත්වයක් යුද්ධය අවසානයේවත් මහින්ද රාජපක්ෂ මහතා රටට ඇතිවෙන්න දුන්නේ නැහැ. ජනතාව ඉන්නේ බයෙන්. රටේ පඩිගෙවන්න නැහැ කියද්දි රටට ආයෝජකයෝ එයිද. අස්ථාවර රටක් බවට අපේ රට පත්වෙලා. මේ තත්ත්වයට ආන්ඩුව පත්වෙන්න හේතුව මොකක්ද. මහා දවාලේ ටයිකෝට් දාගෙන මහ බැංකුව දෙවරක්ම මංකොල්ල කාලායි මේ තත්ත්වය ඇති වුනේ. බැදුම්කර මහ මංකොල්ලයේ ප්‍රධාන මොලකරුවෝ නිදැල්ලේ ඒ සල්ලි තමන්ගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් යොදවමින් ඉන්නවා. කෝ අර්ජුන මහේන්ද්‍රන්. මදූෂ්ව ගෝනියක දාගෙන එනවා කියපු කිරිඇල්ල මහත්තයාට අර්ජුන මහේන්ද්‍රන්ව ගෝනියක දාගෙන කරේ තියාගෙන එන්න බැරිද. වික්‍රමසිංහ මහත්තයාට ජනතාවගේ කැමැත්තෙන් ආන්ඩුවක් ගන්න බැරි වුනාට කුමන්ත්‍රණවලින් ආන්ඩු ගන්නත් ආන්ඩු ගෙනියන්නත් පුලුවන්. දැන් එතුමා තමයි මහ බැංකු මංකොල්ලය ගැන මතක් වෙද්දි එය යට ගහන්න මොනවා හරි කරන්නේ.සේනා දළඹුවා ඉවර වුන ගමන් අපි මදූෂ් පස්සේ දුවනවා. ඒක ඉවර වෙන බව දැනගෙනද කොහෙද කැබිනට් එකේ කුඩු ගහන අය ගැන හොයන්න වෙලා. කැබිනට් එකේ තිහෙන් පහක් කොකේන් කුඩු ගහලා රටට මෙහෙම වුනේ. තව ටික දවසකින් මේ පහ ඉතිරි අයටත් කුඩු ගහන්න පුරුදු කරනවා. ජනාධීපතිතුමනි, පුලුවන් නම් මේ කැබිනට් එකේ ඉන්න කුඩු ගහන අයව හොයලා මුලින්ම එල්ලන්න. මේක රටට හොද ආදර්ශයක්. තමන්ගෙ දේශපාලන හෙලුව වහගන්න, එදිනෙදා ජිවත් වෙන්න මොනවා හරි මාතෘකාවක් නිර්මාණය කරන එකයි ආන්ඩුව කරන්නේ.

ජිනීවා කොමිෂම කාලයට රනිල් වික්‍රමසිංහ ඉන්නෙම උතුරේ. පළාලි ගුවන්තොටුපල බිලියන 20ක් විදම් කරලා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරනවාලු. රටට ආර්ථික මර්මස්ථානයක් හැදෙනවා නම් ඒක හොදයි. මහින්ද රාජපක්ෂ මහතා රටට දායාද කරපු මත්තල ගුවන් තොටුපල අති නවීන ගුවන් යානා ගොඩබස්සන්න පුලුවන් එකක්. ආන්ඩුව ආපු ගමන් අපිට ගුවන් තොටුපලවල් දෙකක් අවශ්‍ය නැහැ කියලා වී ගබඩා කළා. දැන් පළාලි ගුවන් තොටුපල හදන්න යනවා. මෙහෙන් රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්න සල්ලි නැහැ. සිමෙන්ති කොට්ටය 105කින් වැඩි වෙනවා. පලාලිවලට ගුවන් තොටුපලක් දෙන්න යනවා. පාසල් යද්දි කාඩ්බෝඩ්වලින් හදන එයාර්පෝට් එකක් තමයි එතුමාටත් හදන්න වෙන්නේ. මේ රට අමාරුවේ දාලා ජිනීවා වලට පෙන්වන්න යන්නේ උතුරේ අපි මහා සංවර්ධනයක් කරන බවයි.

ලංකාවේ පළමු වතාවට ව්‍යවස්ථා සභාවට එරෙහිව විනිසුරුවරුන් නඩු දානවා. අපිට අපේ ප්‍රශ්න ගෙනියන්න තියෙන්නේ විනිසුරුවරුන්ට. අද ඔවුන් අධීකරණයට යනවා. මේ ව්‍යවස්ථාදායක සභාවේ කවුද ඉන්නේ. කතානායක,අගමැති, ජනාධීපතිගේ නියෝජිත, තලතා අතුකෝරලා ඇමැතිවරිය, ජවිපේ බිමල් රත්නායක, ජයන්ත ධනපාල, අහමඩ් යූසුප්, නාගහනන්ද සෙල්වකුමාරන්.

මේ නවදෙනාගෙන් හතක් එක තැනක හිටගන්නවා. විනිසුරන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව පත්කිරීම් කරන්න කියන්න දෙන්නයි ඉන්නේ. තමන්ට ලැබිය යුතු තනතුර ලබා ගන්න නම් දැන් කතානායක දොවොලට යන්න වෙනවා. තමන්ට උසස්විමක් ලැබෙන්න තියෙනවා නම් දෙවියන් ලගට ගිහින් පූජාවට්ටි තියනවානේ. දැන් අලුත් දෙවියෙක්. කතානායක දෙවියා. පරිවාර දෙවිවරු ලගත් වදින්න වෙනවා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයා කේන්ති ගිහින් කියනවා ව්‍යවස්ථා සභාවට වැරදි කියන්නේ හොරුලු. මේක රටේ තින්දු තීරණ ගන්න පුලුවන් රජයේ නිලධාරීන්ගේ වරප්‍රසාද අහිමි කරන තැනක් බවට පත්වෙලා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එතුමා එක්ක මේ ගැන විවාදයට එන්න කිව්වත් තවම කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ. පාර්ලිමේන්තුව 20 පටන් ගන්නවා. එදාට ජාතික ආණ්ඩු යෝජනාව ගෙනාවොත් අපි ලෑස්තියි උත්තර දෙන්න. ජාතික ආණ්ඩුවවට එකතු කරගන්නේ කවුද කියලා මුලු රටම බලාගෙන ඉන්නවා.

දැන් කතානායක එක්ක සාකච්ඡාවක් අවශ්‍යයිලු පළාත් සබා ඡන්දය දෙන්න. පක්ෂ නායක රැස්වීම කැදවලා එදාට මැතිවරණය තියන්න තින්දුව ගන්න. පාර්ලිමේන්තුවෙත් බාලගිරි දෝශය අද නොවේ හෙට කියලා ගහන්න වෙනවා. හැමදේම නිතිපතිගෙන් අහන්න අවශ්‍ය බවයි කියන්නේ.

මාධ්‍ය – ආන්ඩුව මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් කිව්වා. රටට ප්‍රතිඵලයක් නැති නිසා පරිපාලනය ඉන්දියාවට දෙන බව කිව්වා.

ජී. ඇල් පිරිස් මහතා – මත්තල සුදු අලියෙක් කිව්වේ රජයට අවශ්‍ය වියදම් සොයාගන්න මේ සම්පත් විකුණන්නයි. ඒක සුදු අලියෙක් නම් මුදල් යොදවයිද. බලයට පත්වුනු විගස වි ගබඩා කරලා මහින්ද රාජපක්ෂ රජයට නිග්‍රහ කළා.

මාධය  – හමුදාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බැරිද

ජි. එල්.පිරිස් මහතා – කිසිවෙක් නිතියට ඉහළින් නැහැ. නමුත් මේ කාල වකවානුව පිළිබදව අපිට සැකයි. අද ඉදන් හරියටම දවස් හතයි මැනව හිමිකම්සැසිවාරයට. තමන් දුන්න පොරොන්දු ඉටු කරන්න බැරිවුනා කියලා අපේ හමුදාවන් දඩමීමා කර ගැනීමට අපි විරැද්ධයි. අනිත් අය අමාරුවේ දාලා තමුන් ගොඩ ඒමේ වැඩපිළිවෙලකුයි.

මාධ්‍ය – වසර 10ට පසුව හෝ නිල වශයෙන් හමුදාවන් යුද හමුදා කළ බව පිලිගැනිම අගය කරන බව සුමන්දිරන් කියනවා.

ජි. එල්. පීරිස් මහතා – අගමැතිවරයා එවැනි ප්‍රකාශයක් කළ බව කියන්නේ සුමන්තිරන්නේ. අගමැතිවරයා එවැනි ප්‍රකාශයක් කළ නම් බරපතලයි. නේස්බි සාමිවරයා ඒ චෝදනාව අසත්‍ය බව කිව්වා. ඒ සාක්ෂි තිබියදි අපේ ආණ්ඩුව හමුදා නිළදාරින් දං ගොඩියට ගෙන යාමට දරන උත්සාහය අපි හෙළා දකිනවා.

මාධ්‍ය – ආන්ඩුවේ පාර්ශවයන් 2020 න් ස්සේ රාජපක්ෂ නමකට බලයට එන්න ඉඩක් නැති බව කියනවා. සම අයිතිවාසිකම් සහිත යෝජනාවට තමන් තනිවම හරි යන බව මංගල සමරවිර කියනවා.

රෝහිත අබේගුණවර්ධන – රාජපක්ෂවරුන්ට බලයට එන්න බැරි බව බංකොලොත් දේශපාලකයෝ කියනවා. රාජපක්ෂවරු නැවත රටට අවශ්‍ය බවට පනිවිඩය දෙන්නේ 2018 පෙරවාරි 10 වැනිදායි. ජනතාවගේ මතය නම් ඒකයි.  මංගල මහතතයා සම යෝනාවට පෙනීහිටින්න ජිනීවා යන්නම අවශ්‍ය නැහැ. මෙහෙත් පෙනී හිටිනවානේ.

3 Responses to “ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙන්නේ දේශද්‍රෝහී විදියටයි.”

  1. Christie Says:

    This Geneva racket is another Indian job.

    Navanathum Pillayan is an Indian Colonial Parasite from South Africa , same with Yasmin Sooka.

    Banki Moon’s son in law ia an India.

  2. Randeniyage Says:

    Problem was we never stood up to India after destroying their creation with great sacrifice.
    We have to find a new leader who can talk straight to India without fear, that saying India is our brother.

    Imran Khan said “no law in the world allows anyone or a country to be the “judge, jury and executioner”.

  3. Dilrook Says:

    The West doesn’t give a damn about war crimes. It is used as a stick to do regime change. If the West has their preferred regime in power, they don’t push the war crimes issue any further.

    Ultimately what matters is the protection of our war heroes.

    A conciliatory approach is far better in saving them than a confrontational approach that puts them in danger.

    In 2013 we confronted the UNHRC itself and lost very badly. A UNHRC resolution was imposed on Sri Lanka. Arab countries voted for us. Within 3 months they forced Lanka to agree to build 2 Sharia universities in Batticaloa to return the favour. Later that same year Christians of the very same Lankan UNHRC crowd petitioned the UNHRC against the government on the Weliweriya incident!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress