කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ
Posted on February 20th, 2019

තංගල්ල – සහම්පති මානගේ උපුටාගැණීම  මව්බිම

කොකේන් භාවිත කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මෙසේ පැවැසූයේ ඊයේ (19දා) තංගල්ල කාල්ටන් නිවෙසේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

කොකේන් භාවිත කරන අය කැබිනට් එකේ ඉන්නව නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය දැනගන්න ඕනෑ කැබිනට් මණ්ඩලය බේරගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ.

මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් අසූනවය _ අනූව කාලයේදී වුණු සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරලා තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕනෑ. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම භාරගත යුතුයි.

පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.

2 Responses to “කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ”

  1. Dilrook Says:

    Ranjan Ramanayake must reveal the names without making unsubstantiated claims.

    He claims 24 MPs are concaine addicts; 2 in the UNP and 22 in the Joint Opposition. These must be verified. He cannot lie under the cover of parliamentary priviledge. If true, 43% of JO MPs or 21% of UPFA MPs are cocaine addicts!

    People must know the names. Otherwise Ranjan must stop misleading the people. Don’t let people guess.

  2. Randeniyage Says:

    Nor sure about anyone else, but by simply looking at the faces, one of those UNP ministers should be the sports minister.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress