යුද්ධයට එදා සමච්චල් කළ රනිල්ලා අද රණවිරුවන් හා ත්‍රස්තවාදීන් එකගොඩට දමනවා
Posted on February 20th, 2019

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

රණවිරුවන් යුද්ධ කරන විට සමච්චල් කළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අද යුද අපරාධ දෙපිරිසම කළ බව කියමින් හමුදාව හා ත්‍රස්තවාදීන් සමාන කරනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (19දා) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද පැවැසීය.

පසුගිය ඔක්තෝබර් 26 බලයට පත් වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වී කිලෝවක මිල රුපියල් 10කින් වැඩි කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කටයුතු කළා. ඒක සම්මත වුණා නම් මේ වන විට වී කිලෝවක් රුපියල් 45ක් වෙනවා. ඒ නිසා මේ රටට බත සපයන ගොවියා පිළිබඳ සැලකිලිමත් වන ලෙස අප මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා.
මේ ගොවියාගේ කොන්ද කැඩීම විතරයි මේ ආණ්ඩුව කරන්නේ.

පසුගියදා දෙමළ සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රිවරයා දැඩි ප්‍රකාශයක් කළා. ත්‍රස්තවාදීන්ගෙන් වගේම ශ්‍රී ලංකා හමුදාවත් ‍ෙදාගොල්ලොම අතින් වැරදි වුණා කියල.
යුද්ධය පවතින කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක එම උත්සාහය සම්ච්චල් කළා. රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කළාට පසුව අද අගමැතිවරයා එම රණවිරුවන්, ත්‍රස්තවාදීනුත් සම තත්ත්වයට ගේන්න උත්සාහ කරනවා.

අගමැතිවරයා එහෙම කටයුතු කිරීම සුමන්දිරන් මන්ත්‍රිවරයාට ලොකු වාසියක්. අගමැතිවරයාගේ එම කතාව අරගෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට යන බව ඔහු කියනවා. මේ විධියට රණවිරුවෝත්, ජාතියත් පාවා දෙන්න එපා කියල අපි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කොකේන් පාවිච්චි කරන අමැතිවරු 5ක් ඉන්නව කියල රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා. ඇමැතිවරුන් ඉන්නෙ 30 දෙනයි. දැනට දයා ගමගේ සහ පී. හැරිසන් ඇමැතිවරු තමන් කොකේන් භාවිත නොකරන බව කියා තිබෙනවා. තමන් කොකේන් මත්කුඩු පාවිච්චි කරන්නෙ නැත්නම් ඒ ගැන ප්‍රකාශ කරන ලෙස අනෙකුත් ඇමැතිවරු 28 දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.

බස්නාහිර, දකුණ සහ උෟව මහ ඇමැතිවරු එක දිනක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සහාය දෙන්න සූදානම්. එහෙම කරනව නම් ඔවුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යන්නත් සූදානම්. ඒ නිසා තවත් කල් නොදමා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත, කොකේන් ගහන කැබිනට් ඇමැතිවරු ඉන්නවා කියල රන්ජන් රාමනායක කලින් කිව්වා. අද කියනවා හිටපු ඇමැතිවරු ඉන්නව කියලා. ගලේ පහරපු බළලට වෙච්ච දේ තමයි රන්ජන් රාමනායකට වී තිබෙන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ.

මේ අතර ජවිපෙ මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා?,
පියල් නිශාන්ත මහතා. ජවිපෙ බහුතරය ගැන කතා කළා. විජිත හේරත් විශ්වාසභංගය ගෙනාවෙත් එහෙම කියල. පාඨලී චම්පික කියනව අපට ඉන්නෙ 103යි කියල. බහුතරය පිළිබඳ ජවිපෙ කතා කරන්නේ. ජවිපෙ මැතිවරණවලට බය නිසා පළාත් සභා වෙනුවට නොපෙනෙන මහ මැතිවරණ ගැන කියනවා.

 

One Response to “යුද්ධයට එදා සමච්චල් කළ රනිල්ලා අද රණවිරුවන් හා ත්‍රස්තවාදීන් එකගොඩට දමනවා”

  1. Ancient Sinhalaya Says:

    Please click on the following links to see anti Sinhalese, anti Buddhist, anti Sri Lanka, minority worshiping, Mother
    Lanka dismembering, lying, thieving, corrupt thugs of the traitor UNPatriotic_rats’ actvities. You won’t see these
    in so called Buddhist (on paper) Sri Lanka where all the media are controlled by UNPatriotic_rats party hench
    men. You can see why catholic run UNPatriotic_rats didn’t want to fight their catholic buddy barrel man hitler
    mala paharan’s catholic tigers of tamil drealam. Contrast this with Buddhist jaathidhrohee vermins’ party aka
    JVP who were massacred mercilessly by the traitor chief die hard catholic token Buddhist bay gal karaya mega
    thief mega thakkadiya walking crime bomb (against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only)
    Batlaande wa(n)dkaaya Pol Pot r@ni_leech wickrama Sinhala killer and its catholic police top brass.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    Leave a Reply

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress