දැන් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ආන්ඩුව මෙයට වගකිව යුතුයි.
Posted on February 21st, 2019

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  නෙලුම්මාවත පක්ෂ කාර්යාලයේ හවස පැවැති මාධ්‍ය හමුව

අද (21) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
  • පාර්ලිමේන්තු  මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා

ජනතාව කැඹිනට් මාධ්‍ය හමුවේ කියැවෙන දේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙනවා. ජනතාව කැමැතියි කැබිනට් එකේ ගන්න තින්දු තීරණ දැන ගන්න. නමුත් පහුගිය දවස්වල කැනට් මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ නැහැ. සමහර විට ජනතාව හමුවට ගිහින් මුහුණ දෙන්න බැරිකමක් ද දන්නේ නැහැ. ජනතාව පිට බදුබර දමමින් ජනතාව පිඩනයට පත්වෙන ආකාරයේ තින්දු තිරණ පමණක්ම ගන්න නිසා කැබිනට්මා ධ්‍ය හමුව පවත්වන්නේ නැහැ කියලා අපිට අපකල්පනය කරන්න පුලුවන්.

මැතිවරණ වසරක් බව දන්න නිසා රනිල් වික්‍රමසිංහ දැන්ම තියා මාද්‍ය මර්ධනය අරඹා තියෙනවා. පාර්ලිමේන්තුවේදි මාධ්‍ය ආයතනවලට චෙක් ලැහැස්ති කරගන්න කිව්වා. කලු මාධ්‍ය  කිව්වා. ඊට පස්සේ මුහුණු ආවරණය කරපු කට්ටිය මාධ්‍ය ආයතනවලට ගියා. මේ වෙද්දි රූපවාහිනි සංස්ථාවේ සේවකයෝ විරෝදතාවයක. ඔක්තෝම්බර් 26 දා අනවසරයෙන් රුපවාහිනි සංස්ථාවට ඇතුලු වෙන්න අත්සාහ දරපු රාජිත සේනාරත්න ඇතුලු පිරිස වැලැක්වීම කියන චෝදනාව මත රූපවාහිනී සංස්ථාවේ සේවකයින් කිහිප දෙනෙක්ගේ සේවය අත් හිටුවන්න පියවර ගෙන තියෙනවා. ඒ වගේම මංගල සමරවිර මහතාගේ දේශපාලන ජිවිතයට වසර 30ක්  පිරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ ජාතික සේවක සංගමයේ අයට රැපියල් 3000 සිට රැපියල් 15000 දක්වා පඩි වැඩිවිම් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා බව කියනවා. 2018 ලේක්හවුස් ආයතනයේ පාඩුව මිලියන 150යින් සියයට 70ක්ම රැස පුවත්පතෙන් වුනු පාඩුව. මේ සම්බන්ධයෙන් ආයතනයේ සභාපතිවරයා හා ඇමැතිවරයා වගකිව යුතුයි.

මගේ දිස්ත්‍රික්කයේ ජනතාව පිඩනයකින් තොරව ජිවත් වුනේ සුලු අපනයන බෝගවලට හොද වෙලදපොලක් තිබුණ නිසයි. කාටවත ්අත නොපා තමන්ගේ ජීවන රටාව ගෙන ගිය මේ අය 2015න් පස්සේ ආර්ථිකයෙන් වැටුනා. 1600 ක් විතර තිබුණු ගම්මිරිස් රු.350ට විතර වැටුනේ කූට ජාවාරම්කරුවන්ගේ වැඩපිළීවෙල නිසා බව අපි කිව්වා. ඇමැතිවරු හා සහෝදරයෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.ගම්මිරිස් ටොන් 2140ක් වියට් නාමයෙන් ගෙනත් මේඩින් ශ්‍රී ලංකා කියලා නැවත අපනයනය කරපු බව මේ වෙද්දි හෙළි වුනා. කාලයක් යද්දි ලංකාවේ ගම්මිරිස්වල ප්‍රමිතිය යි මේ නැති කරන්නේ. සමස්තයක් විදියට සමාජයේ ජිවත්වන වටාපිටාවයි මේ කිහිප දෙනෙකුගේ වුවමනාවට විනාශ කරන්නේ. රජයත් මෙයට අනුබල දෙමින් නිහඩව හිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැනයි රනිල් වික්‍රමසිංහ කට ඇරියොත් කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු මුලධර්මය ජනතා පරමාධිපත්‍යය. ජනතා පරමාධීපත්‍ය කියන්නේ රටේ පාලකයින් පත්කර ගැනීමේ අයිතිය.පළාත්පාලන මැතිවරණය වසර දෙකහමාරෙක් කල් දැම්මා. මාස 10ක් වයස පොහොට්ටුවේ ප්‍රතිපලයත් එක්ක ආන්ඩුව බය වුතා. එජාපය ගත්තේ සියයට 29.1යි. එජාපය අඩුවෙන්ම ලබා ගත් මැතිවරණ ප්‍රතිඵලය 1994දියි.එතෙක් වාර්තා වෙලා තිබුනේ. සියයට 36.92ක්. මේ මැතිවරණයේදී එජාපය පක්ෂයක් ලෙස කුඩු පට්ටම්වෙලා තියෙන බව පැහැදිලි වුනා. පළාත්සභා 7ක් නියත වශයෙන් අපි ජය ගන්නවා. ඒ නිසා ඔවුන් පළාත් සභා මැතිවරණය කල් දානවා.අපි පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය බව කිව්වත් කතානායකවරයා නැහැ කිව්වා. පස්සේ නිතිපති තුනෙන් දෙකක බලය අවශ්‍ය බවකිව්වාම රෑ වෙනකල් පාර්ලිමේන්තුව ඇරගෙන ගෙවල්වල ඉන්න අය ගෙන්වලා ඡන්දේ ගත්තේ. ජවිපේ ඡන්ද ටිකත් දුන්නා. බිමල් රත්නායක කිව්වා දැඩි කොන්දේසි මැද ඡන්දය දුන්න බව.දැන් කෝ ඒ දැඩි කොන්දේසි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙලා උසාවියේ අභියෝගයට ලක්වෙන විට හඩේ හැටියට හා බැලූ බැල්මට කියලා උසාවියට ඉදිරිපත් කළ ලියවිල්ලේ 122ක් අත්සන් තිබුනා. ඊට පස්සේ ඒ අත්සන් ගණන 117ක් වුනා. අද තියෙන්නේ 103යි.  අයවැය මතක් වෙද්දි කකුල් වෙව්ලනවා. ඒ පීඩනයෙන් ඔවුන් ඉන්නේ. මේ සියලු කතන්දර අස්සේ වර්තමාන යහපාලන රජයේ ඒකමතික බවක්නැහැ. සාමුහික වගකිමක් නැති බවයි පේනනේ. රාජ්‍ය ඇමැතිවරයෙක්කියනවා කොකේන් භාවිතා කරන කැබිනට් ඇමැතිවරැ ඉන්න බව. දැන් කියනවා වෙනත් අය ගැන කිව්ව බව. කැබිනට් එක ත්‍රියාත්මක වෙන හැටියට නම් ගංජා හරි ගහනවා කියලයි හිතෙන්නේ.

සුවපති රාජිත සේනාරත්න ජනතාව මොනවා හිතුවත් කමක් නැහැ කියනවා. මේ ජනතාවයි හාස්‍යයට ලක් කරන්නේ. මිලසුත්‍රය ගෙනල්ලත් කලේ ඒකමයි. කොල කෑල්ල පෙන්නලා මදල් ඇමැතිතුමා හිනා වෙද්දි දෙපැත්තේ ඉන්න දෙන්නත් හිනා වෙනවා. මේ හිනා වෙන්නේ ජනතාවටයි

දැන් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ආන්ඩුව මෙයට වගකිව යුතුයි. එජාපය රනිල් වික්‍රමසිංහ රජයක් ආවම දැවැන්ත ආර්ථික විප්ලවයක් එනබවයි  මතයක් හදලා තිබුනේ. දකුනු ආසියාවේ සියයට 3.3 ආර්ථික වර්ධනයක් එක්ක එත්වැනි තැනටයි ලංකාව තියෙන්නේ. මේ තියෙන්නේ ආර්ථික ඔස්තාර්ලාගේ ආර්ථික රටාවෙන් රටට වුන දේ. මහ බැංකුව මංකොල්ල කැවාට පස්සේ, ආර්ථීකය අවිචාරවත් ලෙස හැසිරවීමේ ප්‍රතිඵලයයි මේ. ජර්මනිය නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවේ ආයෝජන කරන්න එපා කියලා.

2015 දින 100 විප්ලවය, මාස 60න් අලුත් රටක් කියන පොරොන්දු පත්‍ර දෙක කියවලා ඉෂ්ඨ කරපුවා නොකරපුවා බලන්න. ඉෂ්ට කරපුවා එකක 2015 පෙර ජිවන තත්ත්වය හා පසුව ජිවන තත්ත්වය ගැන සංසන්දනයකරලා බලන්න. මොවුන් අවසාන මාස හයේ සැලසුම් කරලා තියෙන්නේ අයවැයෙන් සහන දෙන බව කියලා මිනිස්සු රවටන්නයි. මේ විදියට රටේ සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට අගරු කරන මේ අයට මොනවා කරන්න බැරිද

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා

දොකෝටි විසිලක්ෂයක ජනතාවක් බත් කනවා. රටේ ජනතාවගෙන් ලක්ෂ 50ක ්බත සපයන්න දායක වෙනවා. පවුල් විදියට ගත්තොත් සැම පවුල් 8ට එක පවුලක් වි ගොවිතැනෙන් ජීවත් වෙන්නේ. එජාප රජයන් සමයේ ගොවීයෝ පාරේ වි දාලා පිච්චුවා. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව අවසන් සමයේ වි කිලෝව තිබුනේ රු. 9ට. මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් පොහොර නොමිලේ දිලා ගොවියා දිරිමත් කළා වගේම අස්වැන්න වි අලෙවි මණ්ඩලය හරහා මිලදි ගනිමින් මිල ආරක්ෂා කිරිම්ත කළා. මේ වෙද්දි මොකක්ද වෙන්නේ. මහජන මුදල් සූරාකෑමක් වෙන්නේ. ආන්ඩුව බලන් ඉන්නවා. එක්කොටි විසි ලක්ෂයඉබත් කද්දි හාල් හරහා සූරා කන මුදල ගොවියා මාස හයක් වෙහෙසිලා වි කිලොවෙන් ගන්න ආදායම වගේ එකහමාරක්. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ කෙටි කාලයේත් මාස් කන්නය ආරම්භයත් එක්ක ක්ෂණිකව පොහොර දුන්න නිසා වි වගාව වැඩි වුනා. දැන් වි මෙට්‍රික් ටොන් මිලියන 3.3ක නිෂෟපාදනයක් තියෙනවා. මේ වෙද්දි කිලිනොච්චියේ වි මිල රු.22යි. වව්නියාවේ රු. 23යි. පොපොන්නරුවේ රු. 26.50යි. ඒ වුනාට හැරිසන් ඇැමැතිවරයා කියන්නේ වි ගබඩා ඇරලා කියලයි. දොර ඇරගෙන හිටියට වි ටික ගන්න යාන්ත්‍රණයක් නැහැ. අප්‍රියෙල්මාසයේ අණ පනත් ගෙනත් මුදල් වෙන් කරලා වි මිලද ිගන්න බවත් කෙනෙක් කිව්වා. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නිසා එතකල් ඉන්නේ නැතිව කුණූකොල්ලයට හරි විකුණනවා. රටට බත සපයන ගොවියා ආරක්ෂා කරන වැඩ පිළීවෙලක් මේ ආන්ඩුවට නැහැ. රුපියල් 27 වී කිලෝව ගත්තාට, හාල් සේරුව රුපියල් 100යි. එක හාල් කිලෝවක් නිෂ්පාදනය කරන්න රු.  26.7යි. මාස හතක් විතර ගබඩා කරන්න යන මුදල් එකතු කළාම අවසානයේ හාල් කිලෝවක් වෙන්නේ රුපියල් 46යි. වෙලෙදපොලේ විකිනෙන්නේ රුපියල් 100ටත්වැඩියි. එකට එකකටත ්වැඩියි. වි මාපියාව මහජන මුදල් සූරාකන එකයි වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේ වි 40ට අරන් හාල් 60ට දුන්නා. අද ආර්ථිකය වගේම රටේ ආර්ථික චක්‍රය වැටිලා. ගේ දොර ඉඩ කඩම් බැංකුවට උකල් කරලා ඉන්නේ මේ වෙද්දි අපේ ජනතාව. එක පැත්තකින් වී මාපියාවෙන්පහර දෙන කොට මේ ආන්ඩුවට ස්වභාව ධර්මයේ ආශිර්වාදය නැති නිසා ඒකෙනුත් ගොවියොයි බැට කන්නේ.

නිති හදන ලෝ මේකස්ලා ඉන්න පාර්ලිමේන්තුවේ වැඩිපුරම ඉන්නේ ඩිල් මේකර්ස්ලා. රතු අලි පැටව් ගත්තත් ඒ අයට උදව් දෙන අයත් එහෙමයි. රන්ජන් රාමනායකඅ ද කතාව වෙනස් කරන්න අත්සාහ කරත් මේ කියන්නේ මුලින්ම කිව්වේ වර්තමාන කැබිනට් මණ්ඩලය ගැනයි. අපි සුදානම් පාර්ලිමේන්තුවම හරි පරික්ෂා කරනවා නම්. වක්‍රව හෝ සෘජුව කුඩු වලට උදව් කරන අය හෝ ඒවා බොන අය නිති හදන තැන ඉන්න බැහැ. රංජන් රාමානයක ඇමැතිවරයාව ප්‍රශ්න කරන්න. ලෝකේ කොහේට හරි කෙස්බැරි නම් ලේ යවලා හරි මේ චෝදනාවෙන් නිදහස් වෙන්න අවස්ථාව හදන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ

බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා මෙරටට ගෙන්වන කිරිපිටි ගැන කතා කළා. පිටි කිරි ප්‍රවර්ධනයසදහා කටයුතු කිරිම සදාචාර විරෝධිය . රජයේ රෝහල්වල මව්කිරි ප්‍රවර්ධනය කිරීම සදහා මව්වරුන්ට දෙන දැන්ම්වත් කිරිමේ පත්‍රිකාවක පිටි කිරි භාවිතාවෙන් රෝග 21 ක් හැදෙන්න පුලුවන් බව දැනුම්වත් වෙනවා. රජයේ ප්‍රතිපත්තිය මව්කිරි ප්‍රවර්ධනය කිරීමයි. එහෙම නම් පිටිකිරි ප්‍රවර්ධනය වන ආකාරයේ එත වචනයක් කියන්න ඇමැතිවරයාට අයිතියක් නැහැ.

පෝය දිනයේ පුවත්පත් සාකච්ඡාවක් කැදවන ඇමැතිවරයා ගෙන්වන පිටිකිරිවල තත්ත්වය හොද බව කිව්වා. බුද්ධිය පතිරණ ඇමැතිවරයාගේ අනතුරු ඇගවිම සෙ!ඛ්‍ය ඇමැතිවරයා සම්පූර්ණයෙන් ඉවත දානවා. ඒ වෙනුවෙන් අමාත්‍යංශ නිලධාරිනුත් කටයුතු කරනවා. වෛද්‍ය එස්. ඒ වික්‍රමසිංහ මාධ්‍ය කියනවා ලංකාවට ගෙන්වන පිටිකිරි ආරක්ෂිතයි වෙනස් කිරීමකට ලක්කරලා නැහැ කියනවා. මොකක්ද මේ අවහ්‍යතාවය. 2018 වසරේ කෝටි 4232 පිටිකිරි ලංකාවට ආනයනය කරලා. දියර කිරි ගොවීන් ප්‍රවර්ධනයට මෙය විශාල පහරක් වුනා. කිරි භාවිතය මහින්ද රාජපක්ෂ සමයේ ඉහළ ගියත් මේ ආන්ඩුව ආවට පස්සේ තත්ත්වය වෙනස් වුනා. තමන්ගේ කිරි අලෙවි කරගන්න විදියක් නැතිව මග කිරි හලන්න වුනා. පිටි කිරි ප්‍රවර්ධනයකිරීමේ මේ උත්සාහය අපි හෙලා දකිනවා.

 මෙරටට ගෙන්වන්නේ සැබෑ කිරි නොවන බව අන්තර්ජාලයෙන් පැහැදිලියි. මේක කෘතිමව මේදය එකතු කරන ලද කිරි වර්ගයක් බව පැහැදිලියි. අපි ඔල හරකාගෙන් ගන්න කිරි වෙනුවට සත්ව තෙල් හා එළවලු තෙල්වලින් ගන්න මේදය ඇතුළත් කරලයි මේ කිරි හද්නනේ. නවසිලන්තයේ හොද වෙලද පොලක් ලංකාවේ නිර්මාණය වෙලා. ලංකාව ඇතුලු රටවල්කිහිපයයි මේ කිරි භාවිතා කරන්නේ.

කිරිපිටි ප්‍රවර්ධනයකරන මේ වැඩපිීළවෙලින් රටටත් මව්වරුන්ටත් දරුවන්ටත් වෙන්නේ හානියක්. අමාතයංශයෙන් මුද්‍රණය කරලා දිලා තියෙන නිර්නායකවලට පටහැනිවයි සෙ!ඛ්‍ය ඇමැතිවරයා පිටිකිරි භාවිතය හොදයි කියන්නේ. අපිට පැහැදිලියි ගම්මිරස් ටික නැති කරන්න සාදික්කා වසා වාසි නැති කරන්න ඇමැතිවරු කටයුතු කළා වගේ සෙ!ඛ්‍ය ඇමැතිවරයා දියර කිරි කර්මාන්තය විනාශ කරලා පිටිකිරි ප්‍රවර්ධනය කරන්න පෙනී හිටිවයා. ඇමැතිවරයාට සාදාරණ අයිතියක් නැහැ මේ විදියටපිටිකිරි වෙනුවෙන් පෙනි හිටින්න.

One Response to “දැන් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ආන්ඩුව මෙයට වගකිව යුතුයි.”

  1. Christie Says:

    Sirisena is the leading man responsible.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress