ප්‍රතිඅපනයන ජාවාරමෙන් සුළු අපනයන බෝග කර්මාන්තය බිඳවැටේවි
Posted on February 21st, 2019

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

ජාවාරමක් ලෙස ඇතැම් ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීම දිගටම සිදුකරගෙන ගියහොත් මෙරටින් අපනයනය කරනු ලබන සුළු අපනයන භෝගවලට දැඩි තර්ජනයක් එල්ල වී කුළුබඩු ඇතුළු සුළු අපනයන කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණපෑමේ අවදානමක් මතු වී තිබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගම්මිරිස්, කරුංකා මේවායින් ජාවාරමක් ලෙස ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු පටන්ගෙන තිබෙන බවත් මෙම තත්ත්වයන් පාලනය කිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග සහ සුළු අපනයන භෝග රැසකට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

නව නීතිරීති හඳුන්වාදී හෝ මෙම තත්ත්වයන් පාලනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත් ඒ සඳහා ආණ්ඩුවට බලකිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress