ලංකා ඉතිහාසයේ පළමු වතාවට කොකේන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කරලා- මේ කොකේන් ආණ්ඩුව තොලොංචි කරලා රටට යහපතකල් වෙන ආණෟඩුවක්පත්කර ගන්න ඡන්දයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.
Posted on February 21st, 2019

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අද උදේ ‌පැවැති මාධය හමුව

අද (21) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
  • පාර්ලිමේන්තු  මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පි සිල්වා මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා

ලංකා ඉතිහාසයේ පළමු වතාවට කොකේන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කරලා තියෙනවා. පහුගිය කාලයේ පාර්ලිමේන්තුව මේ රටේ ළමයින්ට බලන්න හොද නැති තැනක් කියලා අපිට බැනපු කට්ටිය අද කියනවා කොකේන් ගහන අය මේකේ ඉන්නවා කියලා. එදා පාර්ලිමේන්තුවේ මැදට පැනලා කෑ ගහපු එකද ලොකෙට ගියේ, කොකේන් ගහනවා කියන එකද. ජනාධීපති මත්ද්‍රව්‍යයෙන් රට මුදවා ගන්න හදද්දි කැබිනට් මන්ඩලයේ කෙකේන් ගහන අය ඉන්නවා කියපු කතාව දැන් වෙනත් පැත්තකට හරවන්නයි හදන්නේ . දැන් කියනවා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙත් කොකේන් ගහන අය ඉන්නවා කියලා. අපි ලැහැස්තියි ඔ්නම පරික්ෂණයකට මුහුණ දෙන්න. ආන්ඩු පක්ෂ රැස්වීමේදි හරින් ප්‍රනාන්දු , රන්ජන් රාමනායකගේ හොම්බට ගහන්න ඔ්නේ කියපු සිද්ධියක් තියෙවා. හරින් ප්‍රනාන්දු ට සෑහෙන්න රිදිලා. අපි ආන්ඩුව ගැන කියපු මේ දේ බැහැර කරන්නේ නැහැ. ඇමැතිවරයෙක් යමක් කියපුවාම ඒක හොයනවා වෙනුවට ගහලා පස්සෙන් පන්නන එකයි කරන්නේ.

ආන්ඩුව මේ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න අවශ්‍යයි. මගේ ගැන ඇහුවොත් සිගරැට් එකක් හරි බොනවාද කියලා දැන ගන්න පුලුවන්. විපක්ෂයේ අපි මන්ත්‍රීවරුන්ගේ ගරැත්වය රැකිය යුතුයි කියන තැන ඉන්නේ. රන්ජන් රාමනායක බොරු කිව්වා නම් එතුමාට එරෙහිව කටයුතු කරන්න ඔ්නේ. මේ අය අරලිය ගහ මන්දිරයේ පහුගිය කාල‌යේ හිටපු නිසා රෑ කරපු දේවල් දන්නවා. ඒ නිසයි මේ ගැන කිව්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා

ධර්මද්වීපය , ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියපු අපේ රට අදවෙද්දි කුඩු බෙදා හැරිමේ මධ්‍යස්ථානයක් වගෙයි. මේ දවස්වල මාතෘකාව කුඩු. නිති හදන තැන මත්කුඩු වර්ග භාවිතා කරන අය ඉන්න බව කියනවා. මන්ත්‍රීවරුන්ගේ නිර්දෝශීභාවය පෙන්විය යුතුයි. ඒ සදහා ක්‍රම තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු විදියට පරික්ෂණයකට මුහුණ දීලා මේ කැළැලෙන් මිදෙන්න අපි සූදානම්. අපේ නිර්දෝෂීභාවය පෙන්වන්න අවස්ථාවක් දෙන්න කියලා අපි කතානායකරයාගෙන් ඉල්ලා සිටිනවා.

අත් අඩංගුවට පත්වෙලා ඉන්න මධූෂ්ට එරෙහිව රට පුරා ත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අත් අඩංගුවට ගැනීමක් මේ වෙද්දි ජනාධීපතිවරයා විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩපිීලවෙල ජනතාවගේ ප්‍රසාදය දිනා ගෙන තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවේම රාජ්‍ය ඇමැතිවරයෙක් වන රන්ජන් රාමනායක මහතා කැබිනට් මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සිටින බව පවසනවා. මේ ප්‍රකාශ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අතු අඩංගුවට ගත්තාට ඔවුන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වෙනවා වෙනුවට දේශපාලනඥයින්ගේ සහායෙන් ඔවුන් නීතියෙන් ගැලවෙයි කියලා.

මත්‍ද්‍රව්‍ය භාවිතා කරන ඇමැතිවරු සම්බන්ධයෙන් සොයා බලන්න අගමැතිවරයා  කමිටුවක් පත්කරලා තියෙනවා. බැද්ම්කර සිද්ධිය ගැන හොයන්න අගමැතිවරයා පත් කරපු කමිටුව ගැන අපි දන්න නිසා එතුමා පත්කරන කමිටු ගැන අපිට විශ්වාසයක් නැහැ. මේ කමිටුවෙත් ඉන්නේ එතුමාගේ හිතවත්තු. ඒ නිසා අපිට මේ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා

මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සොයන්න අගමැතිවරයා පත්කරපු කමිටුවේ එක්කෙනෙක්දැන් වයස නිසා ඔහුනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කියනවා. කමිටුවේ ඉන්න අනිත් හතරනො ගැන අපි කොහොමද දැන් විශ්වාස කරන්නේ. අපි පාර්ලිමේන්තුවේ හඩ නගපුවාම අපිට විරුද්ධව අපරාධ පරික්ෂණ වාර්තා කැදවලා. තවමත් ක්‍රොකේන් භාවිතා කරනවා කියන අය සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාව මේ ප්‍රශ්නයේදී අපි තනි කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීතුමා එක්ක ඉන්නවා වගේම ඒකාබද්ධවිපක්ෂයේ කවුරු හරි කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් ඔහු සම්බන්ධයෙන් හෙලි කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා. අපි ලැහැස්තියි ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පි ද සිල්වා මහතා

ජනතාවට බොරු පොරොන්දු දීලා බලයටපත්වුනු ආන්ඩුව ඊළගට මොනවගේ දෙටයක්කරයිද කියලා ජනතාව බයෙන් ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාව පත්කලේ කොමිෂන් සභා ස්වාධීන කරලා රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව පත්කරන්න බලය දෙනවා කිව්වා. රත්ගම තරුණ ව්‍යාපාරිකයින් දෙන්නා පැහැරගැනීම සිද්ධ වුනේ දකුණු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක වුනු වැටලීම් ඒකකයකින් කියලා මේ වෙද්දි හෙළි වෙමින් තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක්ට පහර දෙන අවස්ථාවේ මිය ගිහින් තියෙනවා. ඒ මරණය දුටු නිසා අනිත් ව්‍යාපාරිකයාවත් මැරැවා කියනවා. මේ ආන්ඩුව මානව හිමිකම් ගැන කතා කෙරුවට මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කරන්නේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පැවැත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ජාතික රූපවාහිනියට පත්කළ අලෙවි කළමණාකරුවෙක්ගේ වැඩපිළීවෙලත් එක්ක ආදායම බැහැලා. මේ සම්බන්ධයෙන් සේවකයින් විසින් පැමිණිලි කරලා ඔහුව ඉවත් කරන්න කියලා ඉල්ලා සිටියම දැන් සේවකයින් ඉවත් කරන්න පටන් අරන්. වැඩේ කැතයි මහත්තයෝ. ජනතවගෙන් බලය ගන්නේ රට සුරපුරටක් කරනවා කියලා. අපි දැන් ඡන්දයට ගිහින් රටේ ජනතමය උරගා බලමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා

රටේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය නිලධාරින් පිරිහිම නිසා රට ආපස්සට යමින් තිබෙනවා. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීලි කළාම අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ කරනනේ නාමල් කුමාර ගැන. මේ වගේ දේවල් රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ප්‍රශ්නයක්. කිසිම පුද්ගලයෙක් රටේ ආරක්ෂාවට අදාල කිසිවක් හෙළි කරන්න ඉදිරියට එන්නේ නැති වෙයි.

යහපාලන දළඹුවා අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය කාගෙන යනවා. මූල්‍ය ආයතන කිහිපයක් කඩා වැටෙන්න ආසන්න බව මහ බැංකු වාර්තා අනුව පැහැදිලියි. මේ ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසයි ආර්ථිකය කඩා වැටෙන්නේ.බහු ජාතික සමාගම්වලට පිනුම් ගහන්න පුලුවන් විදියේ පසුබිමක් මේ ආන්ඩුව සකසා තියෙනවා. අදිරාජ්‍යවාදින් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වුනේ යුද්ධය ජයගත්ත නිසා පමණක් නෙවෙයි. රටේ දේශිය නිෂ්පාදනවලට තැන දෙමින් ස්යංපෝෂිත ආර්ථිකයක් හදන්න පෙරමුණ ගැනීමත් එක හේතුවක්. මේ ආන්ඩුව බණ්ඩි පොහොර දෙන වෙලාවට මඩ පොහොර දෙනවා. අස්වැන්න නෙලන වෙලාවට බණ්ඩි පොහොර දෙනවා. කිරිපිටි ආනයනය කරමින් දේශිය කිරිගොවියා වැටෙන්න හරිනවා. අපේ කාලයේ කිරිපිටි ආනයනයට රුපියල් 225ක සෙස් බද්දක් දැම්මා. ඒ බද්දෙන් දේශිය කිරිගොවියා නගා සිටුවන්න පියවර ගත්තා. මේ ආන්ඩුව ඇවිත් ඒ බද්ද රුපියල් 2ක් කලා. ආන්ඩුවේ ඇමැතිවරයෙක් කිරිපිටි වල සත්ව තෙල් අඩංගුයි කියද්දි අමාත්‍යංශයත් ඒක සනාථ කරද්දි ඇමැතිවරයා කියනවා එහෙම දෙයක් නැහැ කියලා. ඇමැතිවරයා මොන බහුජාතික සමාගමේ සාක්කුවට වැටිලාද දන්නේ නැහැ.

මේ එක්කම දැන් රටේ කිර්තා නාමය විකිණීමේ වැඩපිීලවෙලකුත් ආරම්භ කරලා. අපේ රටට තියෙන සිලෝන් ටි කියන නාමය යටතේ වෙනත් රටවලින් තේ ගෙන්වලා ප්‍රතිඅපනයනය කරන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලනවා. ගම්මිරිස් සම්බන්ධයෙන් තිබුණු ප්‍රසාදයත් මේ වෙද්දි ආන්ඩුව නැත කරලා ඉවරයි. ගම්මිරිස් වල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකත් ගහලමයි ගේන්නේ. නමවත් රටේදි නෙවෙයිගහන්නේ. ලංකාව වැරදි වැඩ කරන රටක් නෙවෙයි කියන පිළිගැනිම තියෙන නිසා වෙනත් රටවල් ලංකාවෙන් යවන දේවල් වැඩි පරික්ෂාවට ලක් කරන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය සිද්ධියත් ඒ වගේ තමයි. එක් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ ගිනිකූරැ හිසක වෙඩිබෙහෙත් තියෙන්නේ ප්‍රමාණයක්. ලංකාවේ කිර්ති නාමය යොදාගනිමින් ප්‍රති අපනයනය කිරීම සදහා ගේන මත්‍ද්‍රව්‍ය තමයි වැඩියෙන් අහුවෙන්නේ.

මේ කොකේන් ආණ්ඩුව තොලොංචි කරලා රටට යහපතකල් වෙන ආණෟඩුවක්පත්කර ගන්න ඡන්දයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress