පැණි වරකේ හෙණ පුපුරයි… බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ… මහින්දටත් චෝදනා..
Posted on February 23rd, 2019

 lanka C news

ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

පලාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත‍්‍රී ධුර පිරවීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කල යුතු බවට ගම්මන්පිල මහතා විසින් කල යෝජනාවක් සමගින් මෙම තත්වය ඇතිව තිබේ.

‘ඔයාලට ඔ්න විදිහට වැඩ කරන්න බෑ. පොදුජන පෙරමුණ අයිති අපට. අපට ඔ්න විදිහටයි වැඩ වෙන්න ඔ්නෑ’ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසද්දී ගම්මන්පිල මහතා පිලිතුරු ලෙස ‘ඔයාට ඔ්න විදිහට නටන්න අපි ලෑස්ති නෑ. මතක තියාගන්න මහින්ද මහත්තය නිසයා අපි මෙතන ඉන්නෙ. මහින්ද මහත්තය නැත්නම් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ’ යනුවෙනි.

‘තනියෙන් ඉල්වුව නම් මන්ත‍්‍රී ධුර ගන්නෙ වෙන්නේ නෑනෙ’ යයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්නයට මැදිහත් වෙද්දී ‘ඔබතුමා මතක තියාගන්න මෛත‍්‍රී ගුණරත්නගේ කෙසෙල් ඇවරියට 21යි. ශ‍්‍රීනාත්ගෙ බල්බ් එකට මන්ත‍්‍රී ධුර 10ක් තියෙනවා. අපි ඊටත් වඩා දුර්වලයි කියල හිතුවද’ යයි ගම්මන්පිල මහතා මහින්ද රාජපක්‍ෂ මහතාටද පිලිතුරු දී ඇත.

ඉන් අනතුරුව බැසිල් රාජපක්‍ෂ හා උදය ගම්මන්පිල මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත් වී එය සමනය කලේය.

4 Responses to “පැණි වරකේ හෙණ පුපුරයි… බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ… මහින්දටත් චෝදනා..”

  1. Dilrook Says:

    Wimal, Dinesh and Udaya must leave the JO/SLPP and form their own nationalist party. Sarath Weerasekera, Venerable Ellawala Medhananda, Venerable Uduwe Dhammaloka and Venerable Elle Gunawansa may also join them.

    It was Wimal and Udaya who salvaged Mahinda after the 2015 defeat when Basil escaped to USA. Now he is trying to kick them out.

    They should offer Gotabaya to contest from their party at the presidential election.

    Otherwise they must contest alone. They cannot win but can make a statement and win the critical balance of power in the next parliament. This they can use to steer the parliament and the nation in the right direction.

  2. Randeniyage Says:

    Very sad but I predicted this very long time ago.

  3. Hiranthe Says:

    Very sad as Rendeniyage said.

    I always suspected Basil to behave like this, not only to WW and UG, also to Gota.

    Mahinda can not do a Putin and save Mother Lanka, the way it goes.

  4. Randeniyage Says:

    Anyway, Gammanpila is now coming back to original argument that ex-prez should not be removed while keeping 13A. Regardless of intentions, this is a good outcome that some of the “appears to be nationalists” mention 13A. OK, remove 13A first ! This is the way we want.
    Get together with UNP and remove 13A first and then lets us talk about ex-prezcy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress