මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ
Posted on February 23rd, 2019

නලින් ද සිල්වා

මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන තිබුණා. මහින්ද පැරදුණෙ බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායකය ලෙස ඉන්න කාලෙමයි. බැසිල් නැති නිසා මහින්ද පැරදුණා නො වෙයි.  ශ්‍රී ල නි ප සමහරු යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු වුණා. මිනිසුන් මහින්ද බලන්න පෙරහැරෙ මැදමූලන ගියා. ඒ කවුරුන්වත් සංවිධානය කරල නොවෙයි. මේ ඉතා කලාතුරකින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන දෙයක්.

මෛත්‍රිපාල දිනුවෙ ඡන්ද ලක්‍ෂ හතරහාමාරකින් පමණ. ඔහු කොළඹත් මහින්දට වැඩිය ඡන්ද එක්ලක්‍ෂ හැටදාහක් පමණ වැඩිපුර ගත්ත. ගම්පහත් ඡන්ද පන්දාහකින් පමණ මෛත්‍රිපාල දිනුව. ඒ බැසිල්ගෙ දිස්ත්‍රික්කය. ගම්පහ කතෝලිකයන් යම් ප්‍රමාණයක් හිටියත් බහුතරය සිංහල බෞද්ධ. නුවරත් මෛත්‍රිපාල ඡන්ද අනූදහකින් විතර දිනුවා. 2010 දි මහින්ද කොළඹ දිස්ත්‍රික්කයෙ ඡන්ද අසූදාහක් විතර වැඩිය ගත්තා. ගම්පහ වැඩි ඡන්ද දෙලක්‍ෂ අසූහතරදාහක් පමණ ගත්තා. ඉතා දක්‍ෂ සංවිධායකයකු බව කියන බැසිල්ට 2015 ගම්පහ රැක ගන්න බැරි වුණා.

2010 ඡන්ද දිනුවෙ මහින්ද නිසා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඔහුට ඡන්දය ලැබුණා. බැසිල් නැතත් ඒ ඡන්ද ලැබෙනවා. බැසිල්ගෙ ට්‍රොයිකාව ගැන මහින්ද නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම ඉන්දියාවට දුන් පොරොන්දු ගැන අපවත් එදා දැන සිටියේ නැහැ.  2015 පැරදුණෙ මහින්ද වගේ ම බැසිල් හා නාමල් නිසා. 2010න් පස්සෙ ඒ හැමෝට ම ජාතිකත්වය අමතක වුණා. මහින්ද දේශපාලනය කරන්නෙ හුළඟ දිහා බලලා. ඒත් ඔහුට 2015 තමාට විරුද්ධ රැල්ල තේරුම් ගන්න බැරි වුණා. එහි දී එ ජා ප ප්‍රචාරක කටයුතු ද බලපෑවා. එ ජා ප දක්‍ෂ ලෙස බටහිර අනුග්‍රහයෙන් මහින්ද හොරා කියන එක ජනතාව අතර පතුරවලා යවල තිබුණා. මහා බැංකු කොල්ලයෙන් පස්සෙත් විපක්‍ෂයට බැරි වෙලා තියෙනවා රනිල්ට විරුද්ධව එවැනි මතයක් ඇති කරන්න. ඔක්කොම වැරදි අර්ජුන් මහේන්ද්‍රන් පිටින් යවල ඔහු රටින් පිට කරලා. 

බැසිල් ඉන්දැද්දිත්  2015 මහින්ද පැරදුණෙ කොළඹ ගම්පහ ආදී දිස්ත්‍රික්වල සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් මහින්දට අහිමි වුණ හින්ද මිසක් ඊනියා සුළු ජන ඡන්ද නොලැබුණු නිසා නො වෙයි.  2015 ජනවාරියෙ හුළඟ හැමුවෙ මහින්දට විරුද්ධ දිශාවට. ඒ බව ආධ්‍යාත්මික ව දෙවියන් සමග සංනිවේදනය කරන අය දැනගෙන හිටියා. ඔවුන් මහින්ද හමු වී ඒ බව පවසන්න නාරාහේන්පිට අභයාරාමයට ගියත් ඔවුන්ට දොරවල් විවෘත වුණේ නැහැ. මා ඒ බව හොඳින් ම දන්නවා.  මහින්ද එදත් අදත් විශ්වාස කරන්නෙ දයාන්ලා ජී එල්ලා වගේ අය. 2015 ජනවාරියෙ මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂයෙ ඇතැම් නායකයන් යහපාලනයට ගියත් සාමාන්‍ය මිනිසුන් මහින්ද හමුවෙන්න ගියා. ඒ කාලෙ ජී එල් ඩලස් වගේ අය හොයා ගන්නවත් බැරිව හිටපු බව කිව්වෙ මහින්දමයි. මහින්දට විරුද්ධව ඡන්දෙ දුන්න සමහරුත් මැදමූලන ගියා. ඒක අසාමාන්‍ය සිද්ධියක්. පරාජිත අපේක්‍ෂකයකු බලන්න එපමණ පිරිසක් යෑම. ඒක තමයි මහින්ද සුළඟ.

2015 පෙබරවාරියෙ නුගේගොඩ රැස්වීම සංවිධානය කළ අයට හිමි විය යුතු ගෞරවය ඔවුන්ට නොදීමට මට අවශ්‍ය නැහැ. එහෙත් කිව යුත්තේ මහින්ද සුළඟ ඔවුන්ගෙ වැඩක් නොවන බවයි. ඔවුන් මහින්ද සුළඟ නුගේගොඩ හරහා ගමන් කරන්න සැලැස්සුවා පමණයි. ඒ රැස්වීමට ශ්‍රී ල නි ප දිලුම් අමුණුගම පැමිණ සිටියා. එහි මහින්ද වෙනුවෙන් පණිවුඩයක් කියෙව්වෙ දයාන්. මහින්ද නොවන්නට මේ රැස්වීමට සෙනග එන්නෙ නැහැ. මහින්ද සුළඟ සිංහල බෞද්ධ සංස්කෘතියෙ නිර්මාණයක්. යම් ජාතිකත්වයක් ඇති සිංහල බෞද්ධයන් එදත් අදත් හිතන්නෙ කොටි පැරදවීම මහින්දගෙ වැඩක් කියලා. ඔහු යම් පමණකට එයට දේශපාලන නායකත්වය දුන් බව ඇත්ත. එහෙත් ඔහුට එසේ කරන්න සිදු වුණේ ජාතිකත්ව කඳවුරේ බලපෑම නිසා. ජාතිකත්වයක් ඇති සිංහල බෞද්ධයන් කල්පනා කෙළේ අපේ ඉල්ලීම ඉටුකළ මනුස්සයා පැරදවීමෙන් අප මහා වරදක් කර ඇති බවයි. මහින්දට විරුද්ධ ව ඊනියා යහපාලනයක් වෙනුවෙන් ඡන්දය දුන් සමහර අයත් එසේ සිතුවා. සිංහල බෞද්ධයන්ගෙ කරුණාව, දයාව, අසාධාරණයට විරුද්ධ වීම ආදී ගුණ නිසා මහින්ද සුළඟ නිර්මාණය වුණා.

2015 සැප්තැම්බර් වෙන තෙක් මහින්ද පාර්ලිමේන්තුවෙ හිටියෙ නැති එක ඇත්ත. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්ද අතින් මෙහෙයවුණා. මහින්ද මේ රටේ අලුත් ම ප්‍රපංචයක්. පරාජයෙන් දින දෙකතුනකට පසු නැගී සිටීම අප රටටත් අලුත් දෙයක්. එය සිංහල බෞද්ධ සංස්කෘතියෙ වැඩක්. මිනිසුන් මේ තරම් ඔහුට ගරු කරන්නේ ඔහු කොටි පැරදවීමට යම් ආකාරයකට දේශපාලන නායකත්වය දුන්න නිසා. ගෝඨාභයටත් මිනිසුන් සලකන්නේ ඔහු හමුදා මෙහෙයුම් දක්‍ෂ ලෙස සංවිධානය කළ නිසා. ගෝඨාභය මහින්දට වඩා කෙලින් හිටිය බව කියන්න ඕන.

2015 අගෝස්තු මැතිවරණයට වෙන ම පක්‍ෂයකින් තරග කරන ලෙස අප ඉල්ලා සිටියේ ශ්‍රී ල නි පක්‍ෂය ඒ වන විට ජාතිකත්වයේ පක්‍ෂය නොවුණ නිසා. අපට අවශ්‍ය වුණෙ අලුතෙන් ජාතිකත්ව පක්‍ෂයක් බිහි කරන්න. එහෙත් ජී එල්ගෙ ගෙදරදි කළ අපේ ඉල්ලීමට බැසිල්, ඩලස්, ජී එල්, බන්දුල, විමල් වැනි ප්‍රබලයන් කැමති වුණෙ නැහැ. ඔවුන් ජාතිකත්ව ඇසකින් ප්‍රශ්නය නොබලන්න ඇති. ඔවුන් තීරණය කෙළේ එ ජ නි සංධානයෙන් තරග කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ඔක්තෝම්බර් දක්වා ම ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායකකම හිමි වුණෙ නැහැ. එතැන දි කතානායක ගත් තීරණය නිවැරදියි. ඒකාබද්ධ විපක්‍ෂයට දෙමළ ජාතික සංධානය වඩා මන්ත්‍රීන් සිටියත් ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබුණෙ එ ජ නි සංධානයේ මන්ත්‍රීන් ලෙස මිසක් ඒකාබද්ධ විපක්‍ෂයක මන්ත්‍රීන් ලෙස නො වෙයි. එය හුදු අංක ගණිත (සංඛ්‍යා) ප්‍රශ්නයක් නො වෙයි. එය ප්‍රවර්ගය පිළිබඳ ප්‍රශ්නයක් ද වෙනවා. දිග මණින විට යාර දෙක යාර එකට වඩා වැඩියි. එහෙත් එහි දී කාටවත් කියන්න බැහැ රාත්තල් පහක් යාර දෙකට වැඩියි කියලා. දිග මැණීමේ දී රාත්තල වැදගත් වන්නේ නැහැ. මා ළඟ දී අහගෙන හිටියා මහාචාර්ය අශු මාරසිංහ (ඔහු සේවාර්ජිත මහාචාර්යවරයකු වෙන්න ඇති. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයකින් නිවාඩු ලබාගෙන ඇති. එහෙමත් නැත්නම් ඊනියා මහාචාර්ය උපාධියක් ලබා ගෙන ඇති) කියනවා ඔවුන් ස්වාධීන මන්ත්‍රීන් සමග එක් වී ජාතික ආණ්ඩුවක් හදනවා කියා. ඒ කිව්වේ කා ගැන දැයි මා දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට කිසිවකු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පත් වෙලා නැහැ. මා හැටතුනේ සිට මහාචාර්යවරුන් ගැන දන්නවා.    

දහනවවැනි සංශෝධනය සම්මත වුණෙ 2015 අප්‍රේල් 28 වැනි දා. එය නීතිගත වුණෙ 2015 මැයි 15 වැනි දා.  එකල මහින්ද පාර්ලිමේන්තුවේ හිටියෙ නැති වුවත් දහනවයට පක්‍ෂව ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළෙ මහින්දගෙ වුවමනාවට. ජානක බණ්ඩාර මහින්දට විරුද්ධ වීමට බැරි නිසා ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා. ජනමාධ්‍යයෙ වාර්තා වුණා ඒකට ඡන්දෙ දෙන්න කිවුවෙ සර් නෙ කියලා පවිත්‍රා වන්නිආරච්චි මහින්දට කී කතාව. මහින්දත් මෛත්‍රිපාලත් එකිනෙකාට එරෙහි ව දහනවයට ඡන්දෙ දුන්නා. එය ඉතා ම බරපතළ වරදක්. දැන් ඒ වරදක් බව පිළිගැනීම නිසා වරද නැති වන්නෙ නැහැ. දහනවයෙන් රට අවුල් කළා. අද එයටත් වඩා බරපතළ වරදක් කරන්න මහින්දත් මෛත්‍රිපාලත් අරඅඳින බව පේනවා. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා. ඒකට රනිලුත් රනිල්දාසත් කැමතියි.  රනිල්දාසලාගේ විස්ස තවම න්‍යාය පුස්තකයේ තියෙනවා. පළාත් සභා එලෙස ම තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට බෙදීමට පාර කැපීමක්.

මහින්ද සුළඟ හමන ආකාරය ගැන කල්පනා කරල බැසිල් ජී එල්ගෙ සභාපතිත්වයෙන් පක්‍ෂයකට නමක් දා ගෙන. මේ පක්‍ෂයත් බැසිල් හදපු පක්‍ෂයක් නො වෙයි. සිංහල බෞද්ධයන්ගෙ මහින්ද සුළඟෙන් ම තමයි පක්‍ෂය හදල තිබුණෙ. බැසිල් කෙළෙ පක්‍ෂයට නමක් ලකුණක් හා ඊනියා සභාපති කෙනකු දීම පමණයි. මේ පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ කර තිබෙනවා නම් හොඳයි. නැත්නම් එය සම්මේලනයක දී සම්මත කරල ප්‍රකාශ කරන්න. පොදුජන පෙරමුණ පහුගිය පළාත් පාලන මැතිවරණයේ ජය ගත්තෙ නැහැ. පක්‍ෂයක් ලෙස එයට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණු බව ඇත්ත. එහෙත් ඔවුන්ට පළාත් පාලන ආයතන කීයක තනියම බලය ලැබුණ ද?

විමල්ට, ගම්මන්පිළට, වාසුට පමණක් නොව දිනේෂ්ටත් තනියම ඉල්ලල දිනන්න බැහැ. ඒත් ඔවුන් යම් ඡන්ද සංඛ්‍යාවක් ගනිවි. ඔවුන්ට පමණක් නොව මහින්දටත් තනියම ඉල්ලල දිනන්න බැහැ. බැසිල්ට කොහොමටවත් බැහැ. බැසිල් තනියම ඉල්ලුවොත් ගම්මන්පිළ ලබා ගන්න ඡන්ද සංඛ්‍යාවවත් ලබා ගන්න බැහැ. මේ හැමෝට ම මහින්ද ඕන. මහින්දටත් මේ හැමෝම ඕන. ඒ සිංහල බෞද්ධයන් හිතන්නෙ එහෙම නිසා. බැසිල් ඒක පිළිගන්නෙ නැත්නම් එයින් කියන්නෙ ඔහු සිංහල බෞද්ධයන් සමග එකඟ වන්නෙ නැති බවයි. ඔහු කොහොමටත් ජාතිකවාදියෙක් නොවෙයි. මහින්දත් ජාතිකවාදියෙක් නො වෙයි. අප ඔහු ජාතිකවාදියකු කිරීමට උත්සාහ ගත්තත් ඔහුට ඒ වුවමනාව තිබුණේ නැහැ. එහෙත් මහින්ද වාසු තරමට ම නොවූවත් වාම කේන්ද්‍රිකයෙක්. වාසු බාහු මෙන් පොතේගුරු වාදියෙක් නො වෙයි. මා ඒ දෙදෙනා ම හොඳින් අඳුරනවා.  පොතේගුරාලා සමහර විට රනිල්ට සහාය දෙන්න පුළුවන්.

අද අවශ්‍ය වන්නෙ මහින්ද මෛත්‍රිපාල නායකත්වයෙන් පුළුල් ජාතික සංධානයක්. එහෙත් ඒ සංධානය පළාත් සභා එහෙම ම තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තැනකට යා යුතු නැහැ. බැසිල් හිටියත් නැතත් එවැනි ජාතික සංධානයකට රනිල් සුමන්තිරන් දාසනායක ජාතිද්‍රෝහි නඩය පරාද කරන්න පුළුවන්. ඔක්තෝම්බර් විසිහයට බැසිල් සහාය දුන්නෙ නැහැ. අද රනිල් දුර්වල වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි, ව්‍යවස්ථාව සම්මත කර ගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙන්නෙ ඔක්තෝම්බර් විිසිහය නිසා. මහින්ද මෛත්‍රිපාල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල්ට උදවු කළොත් නම් රනිල් බලවත් වේවි.   

7 Responses to “මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ”

  1. Dilrook Says:

    I agree. Mahinda lost because he lost Sinhala and Buddhist votes. Minorities never supported him and will never support a Rajapaksa. Basil is the reason for Mahinda’s defeat in 2015. I have stated this since 2010. It’s a shame Mahinda cannot figure it out.

    Gampaha is the largest Sinhala and Buddhist district by population. Colombo is next.

    If Basil refuses Gotabaya the SLPP candidature for the presidential election he must contest alone. He stands a far better chance of winning that way.

  2. Geeth Says:

    @Dilkrook,
    “If Basil refuses Gotabaya the SLPP candidature for the presidential election he must contest alone. He stands a far better chance of winning that way.”

    Really? Do you really think Basil has a far better chance?

  3. Randeniyage Says:

    Dilrook is right , of course Gota has far far better chance of winning more votes than Basil even if Basil is preferred by Mahinda. And, that will be the end of Mahinda.
    However, it is not going to happen. Gota will keep USA citizenship, will obey Sirisena. No choice.

  4. Dilrook Says:

    Gotabaya.

    Basil stands no chance of winning a presidential election.

  5. Christie Says:

    What happened in 2005 and 2015 is power of the Tamil (Indian Colonial Parasites ) block vote. They abstained from voting in 2005 and almost all of them cast their votes in 2015.

    Before the 2015 election India and Indian Colonial Parasites used two Buddhist monks for the purpose of dividing Sinhala votes and alienating Muslim and Christian votes. One was Sobitha who divided Sinhala votes on God Governance and Gnanasara who alienated Muslims and Christians from Mahinda.

    Colombo, Landy and Gampaha Districts have large Tamil populations.

    Next election will have a more Tamil votes while a much less Sinhala Buddhist vote.

  6. jay-ran Says:

    Dear Mr Nalin,
    I quite aggree with you on this matter and I respect you very frankly on this issue!!!
    I hve another issue that we should be very concerned about??? Pl READ THE FOLLOWING WHICH I HAVE NOTICED VERY SADLY!!!
    “””””රට ඇමෙරිකාවට පාවා දෙමින් ජනපති අත්සන් කළ ගිවිසුම වහාම පාර්ලිමේන්තු වට ඉදිරිපත් කරන්න
    fShare

    – බිමල් රත්නායක

    අජිත් අලහකෝන්, අකිත පෙරේරා

    රටේ ආරක්‍ෂාව ඇමෙරිකාවට පාවා දෙමින් ජනාධිපතිවරයා අත්සන් කළ ගිවිසුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපක්‌ කරන්නැයි බිමල් රත්නායක මහතා සභාව කල් තැබීමේ යෝජනාව ගෙන එමින් ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

    එහිදී බිමල් රත්නායක මහතා මෙසේ ද කීය. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව 2007 දී අත්සන් කළ ඇක්‌සි ගිවිසුම කල් පිරීමෙන් පසු අවස්‌ථා කිහිපයකදීම ඒ ගැන පැවති ආණ්‌ඩුවලින් ප්‍රශ්න කළත් පිළිතුරු ලැබුණේ නෑ. එය කල් පිරුණු පසු සෝපා නමින් තවත් ගිවිසුමක්‌ අත්සන් කර තිබෙනවා. 2007 දී මේ ගිවිසුම අත්සන් කළේ ඇමෙරිකානු හමුදාවේ යුද කටයුතු සඳහා අපේ වරාය, ගුවන්තොටුපළ භාවිත කිරීම සඳහායි. ඇමෙරිකානු රජය සමඟ එය අත්සන් කළේ එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.

    එය එදා අත්සන් කළේ කැබිනට්‌ මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත්ව නොවේ. හොර රහසේ ගිවිසුම අත්සන් කළේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු වන ගෝඨාභය රාජපක්‍ෂ සහ එවකට ඇමෙරිකානු තානාපති වූ රොබට්‌ බ්ලේක්‌ දෙදෙනායි.

    ඉතාම නිර්ලඡ්ජිත ලෙස එවකට ජනපති රාජපක්‍ෂ මහතා රටේ ආරක්‍ෂාව තම ඇමෙරිකානු සහෝදරයා ලවා ඇමෙරිකාවට පාවා දෙනවා.

    මේ දස අවුරුදු ගිවිසුම 2017 දී අවසන් වුණා. මේ ගිවිසුමේ අන්තර්ගතය අපි අගමැති වික්‍රමසිංහගෙන් ඇසුවා. ඊට උත්තර නොදී 2017 අගෝස්‌තු මාසයේ රනිල් සහ මෛත්‍රී මේ ගිවිසුම දීර්ඝ කළා. ඒ කැබිනට්‌ පත්‍රිකාව දාන්නේ ජනාධිපති මෛත්‍රිපාල මහත්තයා. ජනාධිපතිවරයා මේ ගිවිසුම අත්සන් කරමින් මුළු රටම බිලි දීලා. ජනාධිපතිවරයා ඇමෙරිකාව සමඟ මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කාල නිර්ණයක්‌ නැතුව. රාජපක්‍ෂලා සිරිසේනලා කතාකරද්දී ජාතිකත්වය ස්‌වෛරීත්වය පෙරෙනවා. ඒත් රට නින්දිත විදියට ඇමෙරිකාවට පාවාදීලා. මේ ගිවිසුම වහා අහෝසි කළ යුතුයි. ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.?????????

    IS THIS A TRUE STORY??????

    PL REPLY ON THIS AS WE R REALLY WORRIED!!!!

  7. Dilrook Says:

    @Jay-ran

    Yes it is true.

    I stated this first. In fact, I used the same terminology as in the below second paragraph which Bimal now uses.

    2007 දී මේ ගිවිසුම අත්සන් කළේ ඇමෙරිකානු හමුදාවේ යුද කටයුතු සඳහා අපේ වරාය, ගුවන්තොටුපළ භාවිත කිරීම සඳහායි. ඇමෙරිකානු රජය සමඟ එය අත්සන් කළේ එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.

    එය එදා අත්සන් කළේ කැබිනට්‌ මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත්ව නොවේ. හොර රහසේ ගිවිසුම අත්සන් කළේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු වන ගෝඨාභය රාජපක්‍ෂ සහ එවකට ඇමෙරිකානු තානාපති වූ රොබට්‌ බ්ලේක්‌ දෙදෙනායි.

    However, Bimal’s charge that these agreements betray national security to USA is not correct. His other claim that the new agreement lasts indefinitely is also not correct.

    However, the impact he infers is true. Now China and Russia (and even India to some extent despite having a similar agreement with USA) will look upon Sri Lanka as a potential rival in war time. If war breaks out, Sri Lanka will be on the US side because of this. China, Russia and India will consider division of the island nation so that they can have at least a piece of it than lose everything to USA in the event of war.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress