ජාතික සන්ධානයේ ගිවිසුම හදන්න කමිටු 3ක්
Posted on February 25th, 2019

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු  උපුටාගැණීම  මව්බිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නායකයන් එක්ව ගොඩනැඟීමට නියමිත පුළුල් ජාතික සන්ධානය සම්බන්ධයෙන් කමිටු 3ක් ප්‍රධාන වශයෙන් තම කටයුතු මේ වන විට සාර්ථකව සිදු කරගෙන යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා “මව්බිම”ට ප්‍රකාශ කළේය.

මෙම කමිටුවල වගකීම්, ක්‍රියාවලිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ජනපති හා විපක්ෂ නායක ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවද නානායක්කාර මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කමිටු ප්‍රතිපත්ති ප්‍රකාශය සහ පොදු සම්මුතිය ඇති කරගැනීමේ ගිවිසුම සකස් කරගෙන යන බවත් එහි ප්‍රගතිය දැනුම් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අනෙක් කමිටුව ශ්‍රී ලංක පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ පොදු සම්මුතිය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරගෙන යන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව මහතා පෙන්වා දෙයි.

මෙම සන්ධාන ගතවීම සම්බන්ධයෙන් රැස්වීම් සහ ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වීම ස¼දහා පත් කරන ලද කමිටුවට එස්.බී. දිසානායක, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන් සමඟ තමාද එක්ව සිටින බව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress