අපි විශාල සන්ධානයකට යන්න සාකච්ඡා කරනවා. ප්‍රධාන බලවේගය පොදුජන පෙරමුණ.
Posted on February 26th, 2019

අද (25) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් 

• පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන  මහතා
• පාර්ලිමේන්තු  මන්ත්‍රී අනුර යාපා මහතා
• පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
• ඉතිහාසය පුරාම සන්ධානගත වෙලා තියෙන්නේ ප්‍රධාන බලවේගයත් එක්ක. 1670 දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රධාන බලවේගය නිසා අනෙක් පක්ෂ ශ්‍රීලනිපය එක්ක එකතු වුනා. 1965 දි එජාපය ප්‍රධාන බලවේගය නිසා එජාපයත් එක්ක හත් හවුල හැදුනා.
• ආන්ඩුව අත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණයට, පළාත් සභාවලට කරපු දේම මහ මැතිවරණයටත් කරන්නයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට සහමුලින්ම බිද වැටිලා. අපි වසර 26ක්පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදියට කටයුතු කළා. අපේ කාලය තුල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලේ කතානායකවරයායි. මන්ත්‍රීවරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට බලතල තියෙනවා. අද ඒවා නොසලකා හැරලා. පොලීසියි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දක්වා දක්වා යන තත්ත්වයක් දැන් තියෙන්නේ.සමහර විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන ප්‍රකාශවල නිවැරදිභාවය වගේම ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගන්නා බවක් පේන්නේත් නැහැ. පාර්ලිමේන්තුවෙන් දෙන වාර්තා පිළිබදවත් අද විශ්වාසයක් නැහැ. ඒකපාර්ශවිකව වාර්තා නිකුත් කරන බවට අපිට සැකයක් තියෙනවා.
එක අවස්ථාවක අනුර බණ්ඩාරනායක මහතා උසාවි තින්දුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලතල සම්බන්ධයෙන් පැහැදිලි කරලා ඒ තින්දුව ප්‍රතික්ෂේප කරලා කටයුතු කළා. කතානායකවරයා පාර්ලිමේන්තු ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. පාර්ලිමේන්තුව වැටිලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.
පොලිස් කොමිෂම පිළීබදව අගමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා. එහෙම ප්‍රකාශ කරන ගමන් පොලිස් අධිකාරිවරු යම්යම් පුද්ගලයින් භාවිතා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හානිකරන ක්‍රියාවලට යොමු වෙලා. ඒක පාර්ශ්විකව පොලිසිය ක්‍රියා කිරීම ගැන අද රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දීර්ඝකාලයක් තිබුණ ප්‍රශ්න ගැන තින්දු ගන්න පුලුවන් වෙලා තියෙන්නේ නිදහස හා සාධාරණත්වය නිසාලු. එහෙම නම් නිදහස හා සාධාරණත්වය හැම කෙනෙකුටම තියෙන්න ඔ්නේ. රටේ හැම පුරවැසියෙකුටම ඒ නිදහස තියෙන්න ඔ්නේ. 19 වෙනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි බලාපොරොත්තු වූ දේ ඉෂ්ඨ වෙලා නැහැ.
අද රටේ මූල්‍ය අර්බුදයක් ඇති වෙලා. දිනකට රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 7.8ක් අවශ්‍ය වෙලා.ආන්ඩුවට බිලියන 4යි හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නේ. මෙය රටේ ආයෝජනය දුර්වල වෙන්න ප්‍රධාන හේතුවක්. 2017 වසරේ හම්බන්තොට වරායට ආපු මුදල් වලට අමතරව බෝඩ් කෑලි විවෘත කළා මිසක් වෙන කිසිම ආයෝජනයක් රටට ඇවිත් නැහැ. ආවා නම් ආපු රට මේ තරම් ප්‍රමාණයක් මුදල් ආවා කියලා කියන්න පුලුවන්. මහින්ද රාජපක්ෂ සමයේ අපිට පුලුවන් වුනා ෂැංගිලා එක ආවා. ඒකෙන් මෙච්චර මුදල් අපිට ලැබුනා. පෝට් සිටි එක ආවා. ඒකෙන් මේ තරම් මුදලක් ලැබුනා කියලු අපි කිව්වා. අපි 2015 දක්වා අත්සන් කරපු ව්‍යාපෘති ඇරෙන්න මොකක්ද රටට ලැබුණු ව්‍යාපෘතිය. මේ විදියට කිසිම ව්‍යාපෘතියක් දියත් කරන්නේ නැතිව රටක් දියුණු වෙන්නේ නැහැ. මේ නිසා ආන්ඩුව මූල්‍ය අර්බුදයක. මැතිවරණයකට යාම වගේම මේ අයගේ තවත් උත්සාහයක් ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා සාකච්ඡාවකට එළැඹෙන අතරේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න නම් පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කළ යුතුයි කියන එකත් කියනවා. එතකොට පලාත් පාලන මැතිවරණයට, පළාත් සභා මැතිවරණයට කරපු දේමයි මහ මැතිවරණයටත් වෙන්නේ. සිමා නීර්ණයක් දාලා පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දාගන්න මේ දේ මගින් පුලුවන් වෙනවා. අපි ඒකට එකග වෙන්නේ නැහැ. මොන හේතුවක් නිසා හෝ ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම් පවතින ක්‍රමය යටතේ මහ මැතිවරණය පවත්වන්න ඔ්නේ. ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි. උසාවියෙන් තීන්දුවක් දිලා තියෙනවා මහජනතාව පත්කරපු ජනාධිපතිවරයෙක් ඉන්නේ. ක්‍රමය අහෝසි කරන්න නම් ජනමත විචාරණයකට යන්න ඔ්නේ. ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමේත් නාමික ජනාධිපතිවරයෙක් පත්කිරීමේත් ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න අරන් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා මේ ක්‍රමය ගැන සාකච්ඡාකළාට කමක් නැහැ කිව්වා. පාර්ලිමේන්තුවටයි බලතල තියෙන්නේ. නමුත් උත්සාහ කරන්නේ මේ බලතල පාර්ලිමේන්තුවට නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු ක්‍රමයත් වෙනස් කළ යුතුයි කියලා සිමා නීර්ණයක් ගේන්නයි. එහෙම වුනොත් පළාත් සභාවට පළාත් පාලන ආයතනවලට කරපු දේ කරන්න පුලුවන්. මේ නිසා අපි ඉන්නේ දැඩි අවධානයෙන්.
ජනාධිපතික්‍රමය අහෝසි කරන ක්‍රියාමාර්ගවලට අනුව ක්‍රියාත්මක වෙලා පාර්ලිමේන්තු මැතිවරණයක් වහා පැවැත්විය යුතුයි. ආන්ඩුවට දුවන්න හරි ක්‍රමයක් නැහැ. එදිනෙදා ජිවත් වෙන ක්‍රමයකටයි යන්නේ. රජයේ සේවකයින්ට පඩි ගෙවීමත් ගැටලුවක් වෙලා තියෙන්නේ. බොරු අයවැයක් ගෙනත් අයවැයෙන්පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න හචදනවා වෙන්න පුලුවන්.
අපි විශාල සන්ධානයකට යන්න සාකච්ඡා කරනවා. ප්‍රධාන බලවේගය පොදුජන පෙරමුණ. ඉතිහාසය පුරාම සන්ධානගත වෙලා තියෙන්නේ ප්‍රධාන බලවේගයත් එක්ක. 1670 දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රධාන බලවේගය නිසා අනෙක් පක්ෂ ශ්‍රීලනිපය එක්ක එකතු වුනා. 1965 දි එජාපය ප්‍රධාන බලවේගය නිසා එජාපයත් එක්ක හත් හවුල හැදුනා. දැන් ප්‍රධාන බලවේගය වෙලා තියෙන්නේ පොදුජන පෙරමුණ නිසා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා වාමාංශික බලවේගවලට මැතිවරණයකට යන්න අවශ්‍යයි. ඒ සදහා පොදුජන පෙරමුණ ශක්තිමත් වෙනවා. වාමාංශික බලවේග එක්ක එකතු වෙලා මිනිස්සුන්ව ආරක්ෂ කරන්න බැරි , ජිවන වියදම පාලනය කරන්න බැරි මේ රජය පලවා හරිනවා.
• අද පාතාලය රටම වෙලා ගෙන
• පොලිස් නිලධාරියෙක් ලවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට යමක් මිශ්‍ර කරපු පානයක් දීමේ ප්‍රවෘත්තය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.
• මේ සියලු නාටක අවසානයේ රටේ ආර්ථිකය බිද වැටිලා රටේ අභ්‍යන්තර පරිපාලනය බිද වැටෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ප්‍රජාතන්තුවාදය පිළිබද ප්‍රශ්නය බරතලයි. අගමැති නිතරම 19 වැනි සංශෝධනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ස්වාධින කොමිෂන් සභා නිසා ප්‍රජාතන්තුවාදය ආරක්ෂා වෙන බව එතුමා පුන පුනා කියනවා. නමුත්‍ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය මොකක්ද. මැතිවරණ කළට වෙලාවට  පැවැත්විම. අපි නියමිත වේලාවට මැතිවරණ පවත්වලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ මිනිස්සුන්ගේ නිදහසත් ආරක්ෂා කරලා තියෙනවා. මේ රජය බලයට පත්වුනු දා ඉදලාම මේ දක්වා කතා කරන්නේ මැතිවරණ නොපවත්වා සිටිම ගැනයි. ප්‍රාදේශිය සභා මැතිවරණය වසර තුනක් කල් දැම්මා. පළාත් සභා වලටත් ඒකමයි කලේ. දැන් මහ මැතිවරණයත් කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමන්නයි උත්සාහ කරන්නේ.
මුලු රට පාතාලය විසින් වෙලා ගෙන. හැමදාම නොයෙකුත් අත් අඩංගුවට ගැනීම් සිදුවෙනවා. නමුත් ක්‍රියාකාරකම් නැවතිලා නැහැ. මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අහුවෙන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙනවා. මේවා ලංකාවට එන්නේ කොහොමද , කවුද ගෙනාවේ කියන දේ හෙලි වෙන්නේ නැහැ. අපි මේවා ගේන්නේ කවුද කියන එක දැන ගත යුතුයි. මේ සම්බන්ධයෙන් රටේම අවිනිශ්චිතභාවයක් ඇති වෙලා. දැන් පාර්ලිමේන්තුවටත් ඇවිත්. අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා කියලා පටන් අරන් දැන් කියනවා විපක්ෂයේත් ඉන්නවා කියලා. මේ තත්ත්වය රටක ප්‍රජාතන්ත්‍රවාදයට අගුණයි. පාර්ලිමේන්තුවක් තුල මෙවැනි දේ පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නවා නම් සහ ඒවා හෙලි කරන්න මැලි කරනවා නම් ඒක ප්‍රශ්නයක්. ලංකාවේ මත්ද්‍රව්‍ය ලග තබා ගත්තොත් විතරයි අත් අඩංගුවට ගන්න පුලුවන්. පාවිච්චි කළා කියලා අත් අඩංගුවට ගන්න බැහැ.
මේ පිළිබද පරීක්ෂණ පවත්වන්න අවශ්‍යයි. මාධ්‍ය වාර්තා කරලා තියෙනවා පොලිස් නිලධාරියෙක් ලවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට මත්ද්‍රව්‍යයක් දෙන්න හදන බව. මත්දුව්‍ය ලග තබා ගැනීම වගේම හදුන්වා දිමත් වරදක්. මේ තතත්වය බරපතලයි. පොලිස්පතිවරයා හා රජය මේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු කිව යුතුයි. රටේ ආර්ථික , සමාජයිය වගේම සංහිදියාව දුර්වලයි. අපි 1971 තරුණ නැගීටීමෙන් 88/89, 30 අවුරුදු යුද්ධය වගේ දේවල් නිසා ජිවිත නැති වෙන හැටි අපි දැක්කා. මහින්ද රාජපක්ෂ සමයේ යන්තම් රට පිබිදිමක් වුනා. දැන් යුද්ධයට සහාය දීපු රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. කරන්නාගොඩ මහතා නාවික හමුදාපති සමයේ එල්. ටී. ටි. ඊ සාමාජිකයින්ට පලා යන්න ඉඩ දුන්නෙත් නැහැ. ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ජිවිත දානය දීලා ජිවත්වෙන්න අවස්ථාව උදාකරලා දුන්නා. මේ රටේ කුරිරු යුද්ධයක් නිමා කරපු රණවිරුවන්ට චෝදනා කරමින ්ජිනිවා කොටි හිතවාදින් පිනවිම සුදුසු නැහැ. රජය ඇමරිකාව එක්ක එකතු වෙලයි ජිනීවා සමුලුවට යෝජනාව ඉදිරිපත් කලේ. එවැනි දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ලංකාවේ අපරාධවලට සම්බන්ධ අයත් එක්ක එක මේසේ වාඩි වෙන්න තරම් අපේ දේශපාලනඥයෝ සැහැදි වුනා. ඇමරිකාව මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙලා තියෙද්දිත් අපි එහිම එල්ලි සිටිනවා.
මේත් නාටකටයක් රගදක්වන්නේ. මේ සියලු නාටකවල අවසනායේ රටේ ආර්ථිකය දුර්වල වෙලා අභ්‍යන්තර පාලනය බිදවැටෙන එකයි වෙන්නේ. මේ පාලනයේ කිසිම දෘෂ්ධියක් නැහැ. ඉදිරියක් නැහැ. ජනතාව ගැන තේරැම් ගන්නේ නැහැ. ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්නේ නැහැ. මේ ආන්ඩුව පෙරලා දැමීමට වහාම මැතිවරණයකට යා යුතුයි. එජාපයේ ඉන්න චෝදනා කරන මන්ත්‍රීවරැන් කරන්න ඔ්නේ චෝදනා කරනවා වෙනුවට තමන්ගේ අත ඔසවලා මැතිවරණයකට යන එකයි.
• උතුරේ හර්තාල් නිසා සාමාන්‍ය ජන ජිවිතය කඩා වැටිලා
• උතුරේ ජනතාව රවටමින් දකුනේ ජනතාවඅවුස්සමින් මේ රජය කටයුතු කරන්නේ
• උතුරේ ජනතාව ඡන්දයෙන් තෝරා ගත්ත නායකයොත් ජනතාව රවටමින් ඉන්නේ
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
මේ වෙදිදි යාපනයේ, කිලිනොච්චියේ මුලතිව් වව්නියාව මන්නාරම යන දිස්ත්‍රික්කවල හර්තාල නිසා ජන ජිවිත කඩා වැටිලා. ලංගම බස් රථ ධාවනය කරන්න දෙන්නේ නැහැ. ආහාර ගන්න තැනක් නැහැ. හර්තාලයට සම්බන්ධ අයගේ නෙවෙයි. සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය කඩා වැටිලා තිබුනට වගකිව යුතු රජයක් විදියට මේ රජයට විසදුම් නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යාපනයේ ගිහින් කියනවා පළාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කිරීම, අධීවේගී මාර්ග ඉදිකිරිම වගේ විහිලු කිව්වාට උතුරේ සැබෑ ප්‍රශ්නයට විසදුමක් දුන්නේ නැහැ. උතුරේ ජනතාව රවටමින් දකුනේ ජනතාව අවුස්සමින් කටයුතු කරන ආන්ඩුවට රටේ ප්‍රශ්න විසදන්න බැහැ. අවුරැදු තුනහමාරක නියගයෙන් පස්සේ වගා කරපු වී අස්වැන්න මිලදි ගැනීමේ ක්‍රමවේදයක් මේ ආණෟඩුවට නැහැ. උතුරු පළාත් සභාව අඩපන වෙලා මාස කිහිපයක් වෙනවා.උතුරේ ජනතාව රවටලා ඡන්ද ටික ගරා ගන්නයි මේ ආන්ඩුව කටයුතු කරන්නේ. උතුරේ ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය අවුල් නොකර වගකිව යුතු රජයක් විදියට කටයුතු කරන්න. අපි ආන්ඩුව භාරදෙන කොට රතිඥ්ඤයක් පත්තු වුනේ නැහැ. වැවු අමුනු හැදුවා. දුම්රිය පාර දැම්මා. සංවර්ධනය වුනා. දැන් මේ කිසිවක් වෙන්නේ නැහැ. ඒ වුනාට උතුරේ ජනතාව ගැන කිඹුල් කදුලු හෙළනවා. උතුරේ ජනතාව තෝරාගත්ත දේශපාලන නායකයොත් මේ වෙද්දි ඒ ජනතාව පාවා දෙමින් සිටිනවා. රට අරාජිත නොකර වහාම මැතිවරණයකට ගිහින් රට යථා තත්ත්වයට පත් කරන්න. ජනතාවට සාධාරණය ඉටු කරන්න.
කොකේන් බොනවා කිව්වේ ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු. කමිටුවට ලක්ස්මන් කිරිඇල්ල පත්කළාම හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ. කොකේන් බොනවා කියපු කට්ටිය ලේ, මුත්‍රා, කෙස් පරික්ෂා කර ගන්න. එතුමාම ගිහින් මුලින්ම ලේ පරික්ෂා කරනවා. කෙස් පරික්ෂා කරන්න කෙස් නැහැ කියනවානේ. ඒත් එක්ක මාතර ඉදන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාත් ඇවිත් සියල්ලම පරීක්ෂා කරනවා. හොරු කොහෙවත් ඉන්න කොට ගෙවල්වල ඉන්න මිනිස්සු පරික්ෂණ කරලා පෙන්නවා. වි ටික විකුණගන්න බැරිඑක , ආර්ථක ප්‍රශ්න අමතයි. අපි මේ විහිලු සැපයිම් ගැන කණගාටු වෙනාව. බත් කන මිනිස්සු මිසක් තණකොල කණ මිනිස්සු ඉන්නවා කියලා හිතන්න එපා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress