බැඳුම්කර හොරුන්ට දඬුවම් නොදී මේ ආණ්ඩුව කර අරිනවා
Posted on February 28th, 2019

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

වසර හතරක් තිස්සේ බැඳුම්කර හොරුන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව කර අරින නිසා අනාගත ආණ්ඩුවකින් හෝ ඔවුන් හෙළිදරව් කොට දඬුවම් පැමිණවීමට අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ පසුගියදා (25දා) පිටකෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී නාලක ගොඩහේවා මහතා මෙසේද පැවැසීය.

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් අර්බුද අවස්ථාවකයි තිබෙන්නේ. 2014 වන විට ආසියාවේ චීනයට පමණක් දෙවැනි වූ ආර්ථික වර්ධන වේගයක් තිබූ ශ්‍රී ලංකාව අද අවසානය වීමට ඇෆ්ගනිස්තාන ආර්ථික වර්ධන වේගය හා තරග කරනවා.

2014 වන විට තිස් අවුරුදු බැඳුම්කරවල පොලී අනුපාත තිබුණෙ 10%ට වඩා අඩු අගයක. ඒත් 2015 පෙබරවාරි මාසයේ බැඳුම්කර වෙන්දේසියේදී එය 12.5% දක්වා ඉහළ දැම්මා. ඒ නිසා රටේ සමස්ත පොලී අනුපාතය 3%කින් පමණ ඉහළ ගියා. ඒ වන විට දේශීය රාජ්‍ය ණය රුපියල් ටි්‍රලියන 3.5ක් තිබුණා. ඒ සියල්ලෙන්ම පොලී අනුපාතය ඉහළ ගියා. ඒ නිසා පළමුවන මාසය තුළ පමණක් රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් එනම් කටුනායක අධිවේගී මාර්ගය තැනීමට වැයවූ මුදලට සමාන මුදලක් රටට පාඩු වුණා. ආර්ථිකයට සිදුවූ සමස්ත පාඩුව රුපියල් බිලියන 280ක් පමණ වේ යැයි එම අවස්ථාවේ ගණන් බලා තිබුණා.

රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩි වීම නිසා ජනතාවට බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් හෝ ලීසිං ආයතනයකින් හෝ ණයක් ගැනීමේදී වැඩි පොලියක් ගෙවන්න සිදු වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ට තමන් සපයන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවීමයි. මෙහි ප්‍රතිඵලය ලෙස ජනතාව අතර මුදල් හිඟයක් ඇති වුණා. මේ අනුව රටේ මුදල් සංසරණය අඩු වුණා. ව්‍යාපාර දුර්වල වුණා.

අනෙක් අතට හොරකම හා ආණ්ඩුව අතර සම්බන්ධකම් තිබුණු නිසා ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුණා. ඔවුන් කොටස් වෙළෙඳපොළෙන් හා මූල්‍ය වෙළෙඳපොළෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කර ගන්නට පටන් ගත්තා. ඩොලර් බිලියන ගණන් මේ අනුව රටින් පිට වුණා. එය රුපියලේ අගයට බලපෑවා. ලංකාවේ රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා.

2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල අද ආසියාවේ පමණක් නොවේ මුළු ලෝකයේම දුර්වල මුදල් ඒකකයක් වී අවසන්.

රුපියල කඩා වැටීම වළක්වන්න රජය ආනයන සීමාවන් දමන්නට යෑම නිසා ආනයන ව්‍යාපාර කඩා වැටුණා. ඉන් සිදුවූයේ රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි වීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
ජනාධිපති බැඳුම්කර කොමිසමකින් පවා සාක්ෂි ඉදිරිපත් වී තිබුණත් මහ මොළකරුවන් නිදැල්ලේසිටිනවා. බැඳුම්කර ක්‍රමවේදය වෙනස් කිරීමට අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිට උපදෙස් දුන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තවම නිදැල්ලේ ඉන්නවා. මේ රටේ නීතිය පිළිබඳව විශාල කම්පාවකුයි මේ නිසා ඇතිවෙන්නේ.

බැඳුම්කර කොමිසමේ සාමාජික විනිසුරුවරයකුගේ දියණියක් අගමැති කාර්යාලයේ වැඩ කළ බව පුවත්පත්වල වාර්තා වී තිබුණා. ප්‍රසන්න ජයවර්ධන නමැති සාමාජික විනිසුරුවරයා කියා තිබුණා තම දියණිය වැඩ කළේ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කියලා. එම පත්වීම සිදුවී තිබෙන්නේ ජනාධිපති කොමිසම වැඩ පටන්ගත් පසුවයි. ළබැඳියාවන් අතර ප්‍රශ්නයක් එහි ඇති වී තිබෙනවා. මේවා හරහා අපට බලාපොරොත්තු වෙන්න බැහැ යුක්තිය ඉටුවේවි කියලා.

අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට කරුණු 16ක් ඉදිරිපත් කළ හැකියි.

බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන්ට කීවේ තමා යැයි ප්‍රසිද්ධියේ පිළිගැනීම මඟින් තහවුරු වන්නේ තාක්ෂණික දැනුමක් නැති අගමැතිවරයා කර ඇත්තේ බලය අයුතු ලෙස භාවිත කිරීමක්. නැඟී එන ජනතා විරෝධය මැඬලීමට එජාප නීතිඥයන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම, 2015 මාර්තු 17 අර්ජුන මහේන්ද්‍රන්ට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේදී කතා කිරීම, කෝප් කමිටුව මහ බැංකු කොල්ලය ගැන සොයා බලන්නට තීරණය කරන විට එහි එක් සාමාජිකයකු ඉවත් කොට සුජීව සේනසිංහ ඊට පත් කිරීම, සුජීව සේනසිංහ ලවා පොතක් ලියවා අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කිරීම, ඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රිවරුන් ලවා අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරවීම, ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද ඒ අතර ප්‍රබල චෝදනා වෙනවා.

ඊට අමතරව ඩිව් ගුණසේකරගේ කෝප් කමිටු වාර්තාව මහජනතාවට නිකුත් කිරීම වැළැක්වීමට සුජීව සේනසිංහ ලවා අධිකරණ තීන්දුවක් ගැනීම හා එම තීන්දුව වර්ණනා කිරීම, සුජීව සේනසිංහගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටු වාර්තාව දුර්වල කිරීමට ෆුට් නෝට් යෙදවීම, මහ බැංකු නිලධාරීන් විසින් ෆුට් නෝට්වලට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා ඉල්ලා අස්කරගන්නා ලෙස බලපෑම් කිරීම, දෙවැනි වරටත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කිරීමට උත්සාහ ගැනීම සහ එය අසාර්ථක වන විට අර්ජුන මහේන්ද්‍රන්ට උපදේශක තනතුරක් දීම, ඉන්පසුව මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දීමට උත්සාහ ගැනීම එම චෝදනා වෙයි.

 

2 Responses to “බැඳුම්කර හොරුන්ට දඬුවම් නොදී මේ ආණ්ඩුව කර අරිනවා”

  1. Hiranthe Says:

    “බැඳුම්කර හොරුන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව කර අරින නිසා”

    This is Stupid. How come the wrong doer punish himself???

    There are no two entities. Bank robbers and the government are the same, all the way from the top level of PM downward.

    We failed at Geneva because of the inaction of MR and his government at that time.

    Similarly, the opposition has failed to create a “Hora” Hora” label to the biggest thief and the mastermind of the Bond scam, Runnil.

    Even when there is an election. Runil will stage him as a clean man. Where as in 2015, Yahap team cleverly labelled MR as a “Hora”.

    Are we missing something here??

    Why no one except WW and UG in the opposition Camp point the finger at Runnil??

  2. aloy Says:

    All are hand in glove. A new team is needed. Time is running out.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress