ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව
Posted on February 28th, 2019

අද ( 28) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් 

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමුර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා

පහුගිය කාලයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල පුලුල් සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡා වුනා. ඊයේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් මේ සාකච්ඡා සදහා අපේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරෙුම මහතාත්, ජ්‍යෙස්ඨ කතිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාත් පත්කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ගෙදර යවන වැඩපිළිවෙලක් සදහා පුලුල් සන්ධානයක අවහ්‍යතාවය  අද තිබෙනවා. ඉතිහාසයේ සිද්ධවුනු වැරදි නැවතත් සිදුනොවන ආකාරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛත්වයෙන් තියලා මෙම සන්ධානය ගොඩ නගන්න කියලා අපි සාකච්ඡාවලට සම්බන්ධ වෙන සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. පසුගිය වසරේ 19 වෙනි සංශෝධනය ගෙන විට අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස ඊට විරැද්ධත්වය ප්‍රකාශ කළා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙනුත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩිදෙනෙක් සිටින්නේ විරුද්ධවයි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හැමදාම එකට හිටපු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩාඩායම තුළ භේදයක්තිබුනේ නැහැ. අපිව මර්ධනය කරද්දිත් අපි කණෟඩායමක් ලෙස ඊට මුහුණ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරලා අපේ කණ්ඩායම කැඩීමයි බලාපොරොත්තු වෙන්නේ. අද වෙද්දි එජාපයේ නායකයෝම කියනවා එහි ඉන්න ලොම් හැලුනු නායකයින්ට ජනධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජය ගන්න බැරි බව. ජවිපේ නායකයෝ එජාපයට තවත් කඩේ යන්න බැරි බව දන්නවා.  දෙමළ ජාතික සන්ධානයත් රනිල් වික්‍රමසිංහ මහතාට ජයගන්න බැරි බව දන්නවා. ඒකනිසයි ඒකාබද්ධ විපක්ෂයේ කණෟඩායම බේද කරන්න උත්සාහ කරන්නේ. මේක තමයි මේ අයගේ උපාය මාර්ගය.

1977න් පස්සේ බහුතරයක් ඇතිව ආණ්ඩු පිහිටවලා තියෙන්නේ අවස්ථා දෙකකදි පමණයි. 1989 හා 2010දියි. එවැනි තත්ත්වයකින් රට පාලනය වුනේ විධායක ජනාධිපති බලතල සහිතවයි. 2004 බලයට පත්වෙලා එදා කතානායකවරයෙක් තෝරා ගන්න හැකියාවක් ඒ රජයට තිබුනේ නැහැ. එහෙම වෙලත් යුද්ධය ජයගන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුනා වගේම එදා රජය ස්ථිර රජයක් ලෙස කටයුතු කළා. 19 වැනි සං‌ශෝධනය ගෙනඒම තුළින්මවිධායකය ව්‍යව්සථාදායකය අධීකර ණය අතර අවුල් ඇති වෙලා. ජනාධීපතිවරයාට මැතිවරණයක් තියන්න බැරි තත්ත්වයක්, කොමිෂන් සබා පිස්සුවෙන් වගේ කටයුතු කරන තත්ත්වයක් ඇති වෙලා. ජනාධිපතිතුමා කියන විදියට එතුමාට බැදුම්කර හොරුන්ව අල්ල ගන්නවත් බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ජනාධිපතිධූරය නැති වුන දවසට ජනාධිවරයා රූකඩයක් වෙනවා. ජනාධිපතිවරයා පළාත්වලට පත්කරන ආන්ඩුකාරවරයා ජනාධීපතිවරයා හා සමානම රූකඩයක් බවට පත්වෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා 19 වැනි සංශෝධනය නිසාලු මාකදුරේ මදූෂ්ව ඇල්ලුවේ. පෙබරවාරි 04 වැනිදා අපි නිදහස සමරනවා වගේ පෙබරවාරි 27 වැනිදාට ජනතාව මහ බැංකු මංකොල්ලය සමරනවා. 19 වැනි සංශෝධනය ගෙනත් මදූෂ්ව අල්ලගන්න පුලුවන් වුනාට අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලගන්න තවම බැරිවුනාද කියලා අපි අගමැතිවරයාගෙන් අහනවා. මේ රජය මහා බැංකුමංකොල්ලය හා සමාන මංකොල්ලයක් තමයි ඊ.ටී.අයි මංකොල්ලයත්. මේ නිසා ජනතාව විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්න නිසා කඩිනමින් විසදුමක් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මානව හිමිකම් කොමිෂමෙන් ඇමරිකාව ඉවත් වුනත් ඇමරිකාව එක්ක අත් වැල් බැදගෙන වාර්තාව දුන්න ශ්‍රී ලංකා රජයට එයින් ඉවත් වෙන්න බැහැ. හරියට නිවට කරණවෑමියා දැකලා එලුවෝ රැවුල් කපන්න ඇහුවා වගේ. පහුගිය දවස්වල ඉන්දියාවෙන් ගිහින් පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් සිදුකරනවා. අපේ රටේ එහෙම දෙයක් වුනානම් අපේ රටේ ඉන්න නායකයෝ රණවිරැවන්ව අරන් ගිහින් භාරදෙයි. ජිනීවා සමුලුවට ගිහින් රට පාවා දුන්නේ මංගල සමරවිර ඇමැතිවරයායි. ජෝන් අමරතුංග මහතාගේ වසර 40 දේශපාලන ජිවිතය සැමරුවේ කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන්. මේ විදියට මංගල සමරවිර ඇමැතිවරයාගේ 30 වසරක දේශපාලන ජිවිතය සමරන්නත් සූදානම් වෙනවා. ඔහු අපේ රණවිරුවන් දංගඩෙියට ගෙනියන්න හදන සමන්තා පවර්ස් කියන කාන්තාවගේ ප්‍රධානත්වයනේ තමයි සමරන්න හදන්නේ.  මංගල සමරවිරට ඡන්දය දුන්න අයත් මෙවැන්නෙක් අපේ නායකයා කර ගැනිම ගැන දුක්විය යුතුයි. 

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රන්ජන් රාමනායකට පක්ෂය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්නයි කියලා තියෙනවා. මේක තමයි ඇත්ත. මොන හොරකම වුනත් අවසානයේදී සියලු දෙනා නිර්දෝෂී වෙනවා. අද වෙද්දි කොකේන් කමිටුවෙන් සියලු දෙනා නිර්දෝෂී කරලා. එදා අර්ජුන මහේන්ද්‍රන්ව නිර්දෝශ කළා වගේමයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ 2001 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් රාජ්‍ය ඇමැතිවරයෙක්ට මාවනැල්ල ආසනයෙන් ඉල්ලා අස්වෙන්න කියලා එක්මසත් ජාතික පක්ෂයේ සභාපතිවරයා බලපැම් කරනවා. දේශපාලන නායකයෝ කිසිකෙනෙක්ට මාවනැල්ලෙන් කෑගල්ලෙන් නැගිටින්න බැරිවුනා. දේශපාලනයෙන් ඉදිරියට යන්නේනැතිව කකුලෙන් අදින එජාප පාක්ෂිකයින්ට අපිත් එක්ක අත්වැල් බාදගන්නයි කියලා ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මේ ආන්ඩුව කමිටු කිහිපයක් පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ හැසිරිම සම්බන්ධයෙනුත් කමිටුවක් පත්කරලා තියෙනවා. රන්ජන් රාමනායක ඇමැතිවරයාගේ හැසීර්ම සම්බන්දයෙන් බලන්න. පළමුවෙන් කිව්වා කැබිනට් ඇමැතිවරු කොකේන් ගහනවාකිව්වා. ඊට පස්සෙ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම කියලා. ඊටත් පස්සේ කිව්වා හිටපු ඇමැතිවරු කියලා. වැඩිපුරම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයලු. කිසිම ඇමැතිවරයෙක් නැහැකිව්වත් අපිට දැන් ඒකත් පිළිගන්න වෙලා. රන්ජන් රාමනායක කියපු දේ දැන් කමිටුවෙන් ප්‍රතික්ෂේප වෙලා. කතානායකවරයාගේ වගකිම මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කරලා, රන්ජන් රාමනායකගේ හඩපට ටික අරගෙන ගෙන රන්ජන් රාමනායකට විරුද්ධව පරික්ෂණයක් කරලා දඩුවම් කිරිමයි. මුලු ලෝකෙටම කෙකේන් ගහන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු මොහුට විරුද්ධව දඩුවම් දෙන්න අවශ්‍යයි. එජාපයේ කමිටුවක් පත්කරලා ඔවුන් නිදහස් කියලා වැඩක් නැහැ. මේ සිද්ධිය ලොකෙට ගිහින් ඉවරයි. හරියට පරික්ෂණයක් කරලා දඩුවම්කළ යුතුයි. ආන්ඩුව ඇතුලෙන් හොක්කට ගහනවා කියපුවාම කියපු දේ වෙනස් වෙනවා.

අපි මේ කමිටුවල දේවල් පිලිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කමිටුවක්පත්කරලා ඒකේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම ඉන්නවාලු. එතන ගහගත්ත එජාප පිරිස කමිටුවෙන් ඉවත් කරලා. දුලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේ සරම උස්සලා පෙන්නුවා. ඒකපාර්ලිමේන්තුවට අපහාසයක් නෙවෙයිද. ඒකාබද්ධවිපක්ෂයේ අයට විතරක් පරීක්ෂණ කරන්නේ නැතිව සියලු දෙනාට එරෙහිව පියවර ගන්න අවහ්‍යයි.

මහ බැංකු හොරකම අගමැතිවරයා සුද්ධ කළා. දැන් ජනාධිපතිතුමාකියනවා මේ ආන්ඩුව ඉන්න කල් බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන්න බැහැලු. ඒකියන්නේ හොරුටික ඉන්නේ ආන්ඩුවේ. ඒක නිසයි අපි කියන්නේ ඇත්ත හොරුන්ට දඩුවම් දෙන්න මේ ආන්ඩුව‌ෙ ගදර යවන්න කියලා. පහුගිය කාලේ විවිධ සංවිධාන තිබුනා. ඒ අය මේසම්බන්ධයෙන් වචනයක් කියන්නේ නැහැ.මේ ආන්ඩුව තියෙනකල් මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන්න බැහැ. මොවුන් ගෙදර යවලා සැබෑ හොරුන්ට දඩුවම් දෙන්න එකතු වෙන්න.

මුල්‍ය අපරාධ ක‌ොට්ඨාශය නීති විරෝධීව හැදුවේ ඒකාබද්ධවිපක්ෂයට දඩුවම් දෙන්න. එහි ස්ථානාධිපතිවරයා විශ්‍රාම යද්දි කියනවා එතුමා චූදිතයින්ට තොරතුරු දුන්න බව. අපි මෙය කිව්වේ වේලාසන. මේක ආන්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කරන තැනක් වෙලා තිබුනා. මේකත් පොලීසිය. මේ පොලීසය මගින් ආණ්ඩුව කලේ මර්ධනය. ගාල්ල සිද්ධිය අපේ කාලයේ වුනානම් පොලිස්පති අයින් වෙන්න කියනවා. අපේ කාලයේ පොලිස්පතිතුමා ඉල්ලා අස්විමක්වුනා.

මධ්‍යෙයෙන් ගාල්ලේ සිද්ධිය හෙලිනොකලා නම් දරුවෝ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් නොවුනානම් මේ සිද්ධිය යටපත් වෙනවා. ඒ නිසා මාධ්‍යයට අපි ස්තූති වන්ත වෙනවා. පොලීසිය වැරැද්දක් කළාම අයිතිකාරයෙක් නැහැ. මේ ආන්ඩුව මර්දන කාරිව මිනිස්සු බයකරන වැඩපිළිවෙලක් ගෙනියන්නේ ඡන්දයක් ළග නිසයි. ජනාධිපතිවරණයට පෙර නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න බැහැ. ආන්ඩුවට තියෙන්නේ 103යි. විධායක ජනාධිපතිකම අහෝසි කරන්නේ ජනාමත විචාරණයකින්. ඒ නිසා කෙරෙන්නේ නැති දේවල් කතා නොකර කරන්න තියෙන දේ කරමු. ආන්ඩුව පලාත් සභා මැතිවරණය තියන්නේ නැහැ. එන්නේ ජනාධිපතිවරණය. එතෙක් ආන්ඩුව අල්ලා ගෙන යාමයි කරන්නේ. ඒ නිසා ආන්ඩුව ගෙදර යවන්න එකතු වෙන්න කියලා අපි විපක්ෂයේ සියලු දෙනාට කියනවා. ආන්ඩුවෙන් රුපියල් 1000 අරන් දෙනවා කියපු දිගම්බරන් අතුලු කට්ටිය ඒක අරන් දුන්නාද. හැමදාම කදුකරයේ මිනිස්සු රවටනවා. දැන් ඉල්ලා අස්වෙන්න කියලා අපි ඒ අයට කියනවා. ඔය ඇමැතිවරුන්ට ඔ්නේ රගපාන්න විතරයි. මේ අය 1000 අරන් දෙන්නෙත් නැහැ. ඇමැතිකම් අත අරින්නෙත් නැහැ.

ලංගම පාඩු ලබන ආයතනයක් වෙලා. සුදුස්සාට සුදුසු තැන දෙන්න අවශයයි. අලුතින් ආන්ඩුව පත්වුනාට පස්සේ හැම ඩිපොවෙම අයට උසස්විම දෙනවා. රස්සාවෙන් දොට්ට දාපු අයට පත්වීමත් එක්ක උසස්වීම් දෙනවා. දැන් ලංගම බස් රථ රාශියක් දුවන්නේ නැහැ. අද කළවානේ ඩිපොවේ පඩි ගෙවා ගන්න බැහැ. ආදායම පක්ෂ 7ක් විතර තිබුණ එක ලක්ෂ 4ට අඩුවෙලා. බස් පාරේ දිව්වේ නැත්නම් ආදායමක් නැහැ. එජාප පාක්ෂිකයාට සලකනවා කිව්වානේ. දැන් මේකරන්නේ ඒක තමයි. නිත්‍යාණූකූලව උසස්වීම් දෙන්න අවශ්‍ය අයට උසස්වීම් දුන්නට කමක් නැහැ. වහාම පරික්ෂණයක් කරලා සුදුසු අයට පත්විම් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අයවැයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. ගල් වැලි සියලු දේ වැඩි වෙලා. සාමාන්‍යයෙන් ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියන් හිටපු අය ගේ බලාපොරොත්තු නැතිවෙලා. මේ අයවැයෙන් ආන්ඩුව ගෙදර යවමු කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා

න්‍යස්ටික බලවතුන් දෙදෙනෙක් වෙන දකුණු ආසියානු කලාපෙය් ඉන්දියාව හා පකිස්ථානය අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. අපි සිවිල් යුද්ධයක අත් දැකීම් විදලා තියෙනවා. මේ රට වල් දෙක අතර යුද්ධයක් ඇති වුනොත් අපිටත් එහි ප්‍රථිපල භුක්ති විදින්න වෙනවා. මේ ආන්ඩුව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන්න හැදුවා. ඉන්දියාව චිනය ඇමරිකාව අතර තියෙන බල අරගලයේ ප්‍රතිඵල අපිට භුක්ති විදින්න  වෙන බව අපි එදා කිව්වා. මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දීමේ කටයුතු වේගවත් කරන්න සූදානමක් තියෙනවා නම් මේ අවස්ථාව ඊට යොදා ගෙන න්‍යෂ්ඨික පොරයෝ මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කරන්න එපා කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මහ බැංකු වංචාවට අවුරුදු 4යි. ජනාධිපති කොමිෂමේ වාර්තාව පිට වෙලත් වසරක්. බැදුම්කර විවාදය තාවකාලිකව තරක කරලත් වසරක් වෙනවා. විවාදය නතර වුන තැන ඉදන් අරඹන්න. අයවැයෙන් පසු පළමු සතියේස මේ වාර්තාව විවාදයටගන්න. මේ වාර්තවේ පිටුගණනාවක් අතුදහන් බවට චෝදනාවක් තියෙනවා. ඒ පිටු පාර්ලිමේන්තුවටඉදිරිපත් කරන්න කියලා අපි ඉ්ලලා සිටිනවා. අර්ජුන මහේන්ද්‍රන්ට ආරක්ෂාව දුන්නේ ගඅහමැතිවරයා. විදේශ ගමන් බලපත්‍රය අහෝසිකරලා හෝ ඔහු මෙරට රදවා ගන්න පියවර නොගත්ත නිසා දැන් ඔහු විදෙස්ගත වෙලා තියෙනවා.

ජවිපෙන් මහ බැංකු වංචාව ගැන අගමැතිවරයාට චෝදනා කරනවා. මෙවැනි අගමැතිවරයෙක් ඉන්න බව දැනගෙන අගමැතිවරයාට එරෙහි විශෟවාසභංග යෝජනවාට අත්සන් කලේ නැහැ. ආන්ඩුව වෙනස් වුනාම නැවතත් රනිල් වික්‍රමසිංහ පත් කරන්න කියලා දුවන් ගියේ විජිත හේරත් මන්ත්‍රීවරයා. දූසිතයින් ආරක්ෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

අද ජිවන වියදම වැඩිවෙලා. ත්‍රස්තවාදින් මහ බැංකුවට කළ ප්‍රහාරයෙන් ජිව.ත 91ක් අපිට අහිමි වුනා. මේ ආන්ඩුවෙන් වුනප්‍රහාරයෙන් සෑමපුරවැසියෙක්ම වසර 30ක් යනතුරු ණයකාරයෝ වෙලා. පහුගිය ැයවැයෙන් වගේම මේ අයවැයෙනුත් විවිධ යෝජනා එයි. 2018 වසරේ අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනා කීයද ඉටුකලේ. සිමෙන්තිවල වැඩි කරපු මුදල අඩු කරන්න තඅසාහයක් ගනියි.  මේ සියලු දේ කරන්නේ මැතිවරණයක් ඉලක්ක කරගෙන. බැදුම්කර චූදිතයින් අත් අඩංගුවට ගෙන ඒ මුදල් පියවා ගන්නේ නැත්නම් මේ කිසිම පොරොන්දුවක් යථාර්ථයක් වෙන්නේ නැහැ.

මංගල සමරවිර ඇමැතිවරයාගේ 30 වසරක දේශපාලන ජීවිතයට සුබ පතනවා. එතුමා පහුගිය කාලයේ ගත්ත තින්දු තීරණ දිහා බලද්දි බරපතල කලු පැල්ලමක් එල්ල වන තැනක් තියෙනවා. 2015 දි ඇමරිකානු තානාපතිවරිය සමන්තා පවර් එක්ක යෝජනාවක් ගෙනාවා. මේක අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. අද වෙද්දි ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙලා. ඒනිසා ජනාධිපතිවරයාගෙනුත් ආන්ඩුවෙනුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. එක්සත් ජාතින්ගේ සැසිවාරයේදී ලිඛිත ඉල්ලීමක් කරන්න මේ යෝජනාවෙන් ලංකාව පාර්ශවකාරයෙක් විදියටඉල්ලා අස්වෙනබවට. මංගල සමරවීරටත් පුලුවන් සමන්තා පවර් ඉදිරියේ ඒ සම යෝජනාව ඉවත් කරන බව හෝ එතුමාගේ කතාවේදි කළ හැකියි.

විධායක ජනාධිපතිධූරය ඉවත්කිරිමේ යෝජනාවක් ඇවිත් තියෙනවා. ජනාධිපතිවරණයට අදාලව ව්‍යවස්ථාවේ නිර්වචනය ක් තියෙනවා. ඒ අනුව ඊළග ජනාධිපතිවරණය දෙසැම්බර් 09ත් නොවැම්බර් 09ත් අතර පැවැත්විය යුතුයි. ඔක්තෝම්බර් 05 වැනිදා වෙද්දි ජනාධිපතිවරණය කැදවීමේනිවේදනය නිකුත් කළ යුතුයි. ඔක්තෝම්බර් 05 සිට නොවැම්බර් 05 දක්වා නාමයෝජනා කැදවන්න අවශ්‍යයි. ජනාධිපතිවරණය අහෝසිකිරීමේ යෝජනාව ගේන්නෙත් මැතිවරණය කල් දා ගන්නයි. මේක ප්‍රායෝගික නැති හිස් යෝජනාවක්. මෙහෙම යෝජනාවක් ගේනවා නම් ඇත්තටම කොකේන් ගහපු කෙනෙක්. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිම ගැන අපිට සාකච්ඡා කරන්න පුලුවන්. මේ ආන්ඩුවට ඒ ගැන සාකච්ඡාවක් කරන්න ජන වරමක් නැහැ. අලුත් පාර්ලිමේන්තුවකදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. අපි විපක්ෂයේ කණෟඩායමක් විදියට හිතන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට විරුද්ධවයි ඡන්දය දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනයකරන අයගෙන් සියයට 90ට වැඩි පිරිසක් මේ යෝජනාව මේ මොහොතේ ගෙනාවොත් පරාජය කරන්න සූදානම්.

ඩි. වි චානක මන්ත්‍රීවරයොගේ වාහනයට අනිතික දෙයක් දමන්න ගිය බවට පැමිණිලි ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙවැනි අවධානමක් තියෙන නිසා ආරක්ෂාව තහවුරු කරන්නයි ඒ පැමිනිල්ලෙන් ඉල්ලා තිබුනා.

මිට මාස කිහිපයක පෙර සජිත් ප්‍රේමදාස නිවාස අරමුදලේ මුදල් මගින් තමන්ගේ ප්‍රතිරුපය නංවා ගැනීමට කරන දේවල් සම්බන්ධයෙන් එලිවුනා. ඒ එලි කිරිම කිරීමෙන් පසුව චානක මන්ත්‍රීවරයා මත්කුඩු වලට සම්බන්ධබව හැගෙන පුකාශයක් සජිත් ප්‍රේමදාස කලා. මේ නිසා අපිට සැකයක් තියෙනවා. නිතීඥවරු කණ්ඩායමක් පසුගිය දවස්වල සිදුවුන ඝාතන සම්බන්ධයෙන් චානක මන්තී්‍රවරයා සම්බන්ධයි කියන්න උත්සාහ කරනවා. ඒ මාධ්‍ය හමුව පැවැත්වෙන්නෙ ්සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වෙනුවෙනුයි. චානක මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන කිසියම් වැඩපිළීවෙලක් දියත් වෙන බවයි පෙන්නේ. ඒනිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ විදියට චෝදනා එල්ල කරලා විපක්ෂයෙ දේශපාලනයින් දඩයම් කරන්න හදන්නේ. මන්ත්‍රිවරු 54ක් කළහකාරි ලෙස හැසිරැනු බවට චෝදනා එල්ල වුනා. එහි එජාප මන්ත්‍රීවරු එක්කෙනයි. කතානායකවරයාගේ බෑනාමයි එතුමගේ පිටුපස්සේ හිටියේ. හරින් ප්‍රනාන්දුත් අපි දැක්කා. එජාපයේ මන්ත්‍රීවරු20ට වැඩි පිරිසක් කතානායක පුටුව අසලට ආවා. බෑනා පුටුව අසලට එනවා දැක්කේ නැද්ද. පිහි අරන් ආවා දැක්කේ නැද්ද. මේක ඒකපාර්ශ්වික වාර්තාවක්. නැවතත් කමිටුවක් පත්කරලා ස්වාධින පරික්ෂණයක් කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍ය – ඔබලාගේ ආන්ඩුවකදි මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරනවාද

අපේ ආන්ඩුවකදි පලමු කාර්යය විදියටමහ බැංකු මංකොල්ලය ගැන චෝදාන ලැබු සියලු දෙනා නිතිය හමුවට ගේනවා.

මාධ්‍ය – අර්ජුන ඇලෝසියස් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාගේ මගුල් ගෙදර යනවා. නිතිය කියාත්මක වෙයිද

කාංචන විජේසේකර – අපිත් මගුල් දගදර හිටියා. ඔය කියන කෙනා දැක්කේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් මගුල් ගෙදර ආවා. අපේ රජයක් සමයේ නිතිය ක්‍රියාත්මක නොවෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් නොවුනොත් අපි තරුණ මන්ත්‍රිවරු විදියට ආන්ඩුව පොළඹවන නීතිය ක්‍රියාත්මක කරන තැනට

මාධ්‍ය – පොදුජන පෙරමුනේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මැතිවරණයට ගේන්න පුලුවන්ද

කාංචන විජේසේකර – ස්ථිර වශයෙන්ම අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ගේනවා. ජලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයනේ කමිටුවක් පත්කරලා තියෙනවා. අපේ බහුතරයක මතය වෙලා තියෙන්නේ පොදුජන පෙරමුනේ අපේක්ෂකයෙක් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්විය යුතු බවයි.

මාධ්‍ය – පුලුල් සන්ධානයේදී ශ්‍රිලනීප අපේක්ෂකයෙක් අවොත්

කාංචන විජේසේකර – පුලුල් සන්ධානයේ වැඩි බලයක් පොදුජන පෙරමුණට හිමිවිය යුතුයි. අද පළාත් පාලන ආයතනවලින් ,පළාත් සභාවල වගේම පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ පොදුජන පෙරමුණට. අපි ඉතිහාසයේ සන්ධාන දැකලා තියෙනවානේ. එජනිස ප්‍රධාන පාර්ශවකරු වුනෙත්, පොදුජන පෙරමුනේ ප්‍රධාන පාර්ශ්වකරු වුනෙත් ශ්‍රීලනීපය. අපේක්ෂකයා ඉදිරිපත් වුනේ ශ්‍රීලනිපයෙන්. ඒ වගේ දැන් ගොඩ නැගෙන පුලුල් සන්ධානය ඇතුලේ අපේක්ෂකයා තේරීමේ කටයුත්ත භාරවෙන්නේ පොදුජන පෙරමුණට.

මාධ්‍ය – පොදුජන පෙරමුණට ඒ අවස්ථාව ලැබුනේ නැත්නම්

කාංචන ජයසේකර – ඒක ඒ වෙලාවට බලමු

මාධ්‍ය – බැදුම්කර හොරුන්ගේ ලයිස්තුව තියෙන්නේ ජනාධිපතිතුමා ළගනේ.

කාංචන ජයසේකර – ඒක අපිටත් ගැටලුවක්. අපිත් කියන්නේ හංගල තියෙන ලයිස්තුව එළියට දාන්න කියලයි. කතානායකවරයාට ලේඛණය ලැබුනේ නැහැලු. පිටු ගානක් අඩු බව හෙළි වෙලා තියෙන්නේ. කවුරු හංගගෙන ඉන්න කෙනා එලි කරන්න අවශ්‍යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress