කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?
Posted on March 2nd, 2019

සමන් ප්‍රියංකර නම්මුනිගේ උපුටාගැණීම  මව්බිම

රටක ජාතික ආරක්ෂාව උදෙසා දිවි හිමියෙන් කැපවීම ඕනෑම සොල්දාදුවකුගේ වගකීමය.

ඒ වගකීම තුන්වන ලෝකයේ සොල්දාදුවාටත් සුපිරි බලවතුන් වැජඹෙන රාජධානියක සොල්දාදුවටත් පොදුය.

30 වසරක් යුද ගිනි ඇවිළුණු අපේ රටේ රණවිරුවන්ටත් ඒ වගකීම නිතැතින්ම පැවරී තිබිණි. ඔවුහු දිවා රූ නොතකා තම රාජකාරිය කැපවීමෙන් යුතුව ඉටු කළේ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් විනාශ වන රට රැකගන්නටය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩත් එවැනි සෙන්පතියෙකි. ඔහු උතුර නැඟෙනහිර යුද්ධයේ අවසන් අදියරේදී නාවික හමුදාවට අනගි නායකත්වයක් ලබාදුන්නේය.

2006 අගෝස්තු මස ඇරැඹුණු සිවුවැනි ඊළාම් යුද්ධය කිසිවකුට සුළුවෙන් තැකිය නොහැකිය. ඒ සටන් විරාම කාලය ප්‍රයෝජනයට ගනිමින් කොටි ත්‍රස්තවාදීන් වෙනදාටත් වඩා ඉහළින් වර්ගවාදී යුද්ධයකට සූදානම් වී සිටි නිසාය. ඔවුහු එවර ප්‍රයෝජනයට ගත්තේ නවීන තාක්ෂණය හා මුසු වූ බර යුද අවිය. උපකරණය.

එල්ටීටීඊයේ මේ කුරිරු ත්‍රස්තවායට උපකාර කළේ කොටි ඩයස්පෝරාව හා ඔවුන් හා බැඳුණු බටහිර බලවේගය බර යුද අවි හා නාවික යාත්‍රා ඔවුන්ගේ මේ සැහැසිකම්වලට බෙහෙවින් උපකාර විය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා රණවිරුවන්ට පැවරී තිබුණේ මේ තත්ත්වය පාලනය කිරීමය. අවි ආයුධ මෙරටට ඇතුළුවීම උපක්‍රමශීලීව නැවැත්වීමය. ඒ සඳහා ඔවුහු සතුරාගේ දුබලකම් හඳුනා ගත්හ. ප්‍රබලකම් පරාජය කිරීමට සැලසුම් සකස් කළෝය. අද්මිරාල් කරන්නාගොඩ ඒ වෙනුවෙන් කටයුතු කළේ දැඩි ආරක්‍ෂාකාරී මුහුණුවරකින් යුතුවය. ඒ බව වරෙක කේ.පී. හෙවත් එල්ටීටීඊ ජාත්‍යන්තර යුද අවි මිලදී ගැනීමේ ජාලයේ ප්‍රධානියා මෙසේ කියා තිබිණි. ඒ ච්.ඕ.ඉ. ජෙයරාජ් නමැති මාධ්‍යවේදියා සමඟ කළ පුවත්පත් සාකච්ඡාවකදීය.

(උපුටා ගැනීම, අධිෂ්ඨානය, එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන් පිටුව 424)
“නාවික හමුදා ආරක්ෂක වළලු කෙතරම් ශක්තිමත් තත්ත්වයක තිබුණේද යත්, එල්ටීටීඊයට පැනඩෝල් පෙත්තක්වත් මුහුදෙන් ගෙන ඒමට නොහැකි අන්දමට නාවික හමුදාව මුහුද ආවරණය කර තිබුණා.’

කේ.පී.ගේ මෙම ප්‍රකාශය තුළ ඇත්තේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නායකත්වය දුන් නාවික හමුදාවේ දක්ෂකමය. කාර්යශූර එඩිතර ආරක්ෂාවේ සාර්ථකත්වය ගැනය.

වර්ගවාදී යුද්ධය අවසන් වූයේ මෙරට ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ සේවය කළ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම නිසාය.

සතුරන් පසුපස හඹා යන අවස්ථාවලදී නාවික හමුදාව කළ අපරිමිත කැපවීම පිළිබඳව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අතින්ම ලියැවුණු ග්‍රන්ථයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
උපුටා ගැනීම:-
අධිෂ්ඨානය – පිටුව 429

සමහර අවස්ථාවන්හිදී මුහුද ඉතා රළුය, තවත් විටෙක නිසලය. දවල් කාලයේ ඝන අව් රශ්මියෙන්ද, රාත්‍රි කාලයේ තද සීතලෙන්ද, මේ සියල්ලන් අතරේ වරෙක තද වැස්සෙන්ද පීඩාවිඳින කුඩා ‘ඇරෝ’ සහ ‘වේව් රයිඩර්’ බෝට්ටුවල රාජකාරියේ නියුතු නාවිකයන්ට මෙම ස්වාභාවික බලවේගයන්ගෙන් මිදීමට තිබුණේ වැහි කබා පමණය. ඊට වඩා අවදානම් වනුයේ එල්ටීටීඊයේ මුලතිව්වල ඇති මුදු කොටි කඳවුර අබියස රාජකාරි කිරීමයි. එල්ටීටීඊයට පේන මානයේ සිට ඉතා ළඟින්ම මෙසේ රාජකාරි කිරීම මානසිකව විශාල අභියෝගයකි. මන්දයත් කොයි මොහොතේ කුමන අන්දමේ අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ යැයි හිතාගැනීමට පවා බැරි තත්ත්වයක පවතින නිසා ඔවුන්ගේ මනස නිතරම නොසන්සුන්කාරීය.

මෙම පීඩාකාරී තත්ත්වයෙන් මිදී තම රාජකාරියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ‘ඇරෝ’ සහ ‘වේව් රයිඩර්’ බෝට්ටු පැය 6න් 6ට මාරු කෙරිණි. මෙම බෝට්ටුවල සේවය කරන නිලධාරීන් සහ නාවිකයන් කරන විශාල කැපකිරීම වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී. ඔවුන්ගේ විඩාව අවම කිරීමට අමතර ශක්තිජනක ආහාර, පලතුරු යුෂ, බීම වර්ග සහ සීතල වේලාවට පාවිච්චි කිරීමට අවශ්‍ය විශේෂ ඇඳුම් ආදිය ලබාදෙන ලදී.

ඉහත දැක්වෙන කරුණුවලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මහ මුහුදේදී උපක්‍රමශීලීව සතුරා පරාජය කිරීම සඳහා කළ කැපවීම මැනවින් පැහැදිලි වේ. මේ ඊට තවත් නිදසුනකි.

අධිෂ්ඨානය – එල්.ටී.ටී.ඊ. පරාජය නාවික හමුදා භූමිකාව ග්‍රන්ථය – පිටුව 382

ඉන්දියානු සාගරයේ ඉන්දුනීසියානු මුහුදු තීරයට ආසන්නයේ ඹ්.ඊ.ඊ.ඡ්. නෞකා සැරිසරමින් සිටින බව 2006 වර්ෂය පුරාවටම ආරක්‍ෂක මණ්ඩලයේදී බුද්ධි වාර්තා ඉදිරිපත් කෙරිණි. 2007 පෙබරවාරි 28 වැනිදා විනාශ කරනු ලැබූ ඹ්.ඊ.ඊ.ඡ්. නැව අසල මුහුදේ සිට ගිලෙන්නට නොදී බේරා ගත් ඹ්.ඊ.ඊ.ඡ්. සාමාජිකයාගෙන් ඉතිරි ඹ්.ඊ.ඊ.ඡ්. ආයුධ ගබඩා නෞකාවන් සැරිසරන ඉසව්ව පිළිබඳව වටිනා තොරතුරු රැසක් ඔහුව ප්‍රශ්න කිරීමෙන් කපිතාන් මොහොට්ටි සොයා ගත්තේය.

මේ තොරතුරු සියල්ල සමඟ 2007 මාර්තු මාසයේ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කෙරිණි. කණ්ඩායම් නායකයා ලෙස කණ්ඩායමේ ජේ‍යෂ්ඨතම නිලධාරියා වූ ‘සාගර’ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ට්‍රැවිස් පත් කළේය.

ලෝකයේ රටවල් ගණනාවක් විසින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයකට ඔවුන්ගේ අවි ආයුධ ගබඩා කිරීමට කිසිම රටක් ඉඩ නොදෙනු ඇත. මේ නිසා එම අවශ්‍යතාව සපුරා ගැනීමට ඹ්.ඊ.ඊ.ඡ්. ය ජාත්‍යන්තර මුහුද තෝරා ගෙන තිබිණි. ජාත්‍යන්තර මුහුද ලොව සෑම දෙනාටම අයිති පොදු ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කොට ඇත. ඹ්.ඊ.ඊ.ඡ්. යද මෙය හොඳින් තේරුම් ගෙන ඔවුන්ගේ අවි ආයුධ ගබඩා කර ඇති නෞකා ජාත්‍යන්තර මුහුදේ සැරිසැරීමට හෝ පාවෙමින් සිටීමට කටයුතු කළේය.

මෙසේ ජාත්‍යන්තර මුහුදේ සැරිසරන නෞකාවකට තවත් රටක නාවික හමුදාවක් පැමිණ රිසි සේ පහරදීමට හෝ එම නැව අත්අඩංගුවට ගැනීමට නොහැකිය. ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන හෝ සැරිසරන හෝ පාවෙන හෝ නෞකාවන්ගේ ආරක්‍ෂාවට සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගවල සුරක්‍ෂිතතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ නීති මාලාවක් ඇත. ඊට අමතරව ධ්ඛ්අඛ් ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1994 ‘සැන් රෙමෝ’ හි පවත්වන ලද රටවල් අතර අර්බුද පිළිබඳ සමුළුවේදී ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන නෞකා පිළිපැදිය යුතු කරුණු පිළිබඳව උපදෙස් මාලාවක්ද, ජාත්‍යන්තර මුහුදේ නැවක් අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා පිළිපැදිය යුතු පියවර පිළිබඳව උපදෙස්ද එම සම්මන්ත්‍රණයෙන් පසුව ප්‍රකාශයට පත් කර තිබිණි.

‘සැන් රෙමෝ’ සම්මන්ත්‍රණයේ ප්‍රකාශයට අනුව යම් රටක ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට යම් නැවකින් තර්ජනයක් වේ නම් ජාත්‍යන්තර මුහුදේදී එම නැවට ගොඩ වී එහි ගෙනයන ද්‍රව්‍ය පිළිබඳව සොයා බැලීමට යම්තාක් දුරට අවසර ඇත. එසේ කිරීමට පෙර එම නැව සැකකටයුතු නැවක් ලෙස සනාථ විය යුතුය. ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන සෑම නැවකටම නමක් තිබිය යුතුය.

එම නැව ‘ලොයිඩ්ස්’ නැව් ලැස්තුවේ සහ පිළිගත් වරායක ලියාපදිංචි කර තිබිය යුතුය. එම ලියාපදිංචි කළ වරායේ නම නෞකාවේ පිටුපස නැව් බඳෙහි නැවේ නමට යටින් සඳහන් කළ යුතුය. එම නැව අයිති රටේ කොඩිය නැවේ කුඹ ගසේ තිබිය යුතුය. ඊට අමතරව ජාත්‍යන්තර සංඥා ජාලය වන 16 චැනලය ඔස්සේ කතා කර විමසූ විට එම නැව අන්තිමට පිටත් වූයේ කිනම් වරායෙන්ද, දැනට යාත්‍රා කරන්නේ කුමන වරායකටද සහ නැවේ රැගෙන යන බඩු බාහිරාදිය පිළිබඳ නිවැරැදිව සඳහන් කිරීමට පුළුවන් විය යුතුය. මෙම කරුණු යම් නෞකාවකට සනාථ කිරීමට නොහැකි නම් එම නැව සැකකටයුතු නැවක් ලෙස නම් කළ හැකිය. එසේ නිගමනය කිරීමෙන් පසුව එම නැවෙන් තම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් හෝ එම නෞකාවේ ගෙන යන බඩු බාහිරාදිය පිළිබඳව සාධාරණ සැකයක් ඇත්නම්, ‘සැන් රෙමෝ’ සම්මුතිය අනුව එම නැවට ගොඩ වී එහි ගෙන යන බඩු පරීක්‍ෂාවට ලක් කළ හැකිය.

නෞකා කණ්ඩායම පිටත් වීමට පෙර ප්‍රධාන නෞකා 4 අණදෙන නිලධාරීන්ට සහ සහායක නෞකා දෙකේ අණභාර නිලධාරීන් දෙදෙනාට මෙම කරුණු සියල්ල පහදා දී සැකකටයුතු නෞකාවක් සමඟ ගනුදෙනු කරන අවස්ථාවේදී මෙම පියවර සියල්ල අනුගමනය කරන ලෙසත් ඒ අනුව ලැබෙන විස්තර සියල්ල ලිඛිත වාර්තාවක් ලෙස තබා ගන්නා ලෙසත් අවධාරණය කෙරිණි.

ප්‍රධාන නෞකා 4න් නැව් 2කට වෛද්‍යවරයන් සහිත වෛද්‍ය කණ්ඩායම් දෙකක්ද ඉඕඉ අංශයේ නාවිකයන් කණ්ඩායම් දෙකක්ද ඉලක්කයට වෙඩි තැබීමේ (ඉදඪනඥප) දක්‍ෂ නාවිකයන්ගේ කණ්ඩායම් 4ක්ද, කිමිඳුම්කරුවන් කණ්ඩායම් 4ක්ද නැව්මුළුවට අමතරව නෞකාවලට අනුයුක්ත කෙරිණි.

මෙහිදී නෞකා 6 කොළඹ, ගාල්ල, ත්‍රි’මලය යන වරායවලින් වෙන් වෙන් වේලාවන්හිදී පිටත් වී ශ්‍රී ලංකාවට කි.මී. 1200ක් පමණ දකුණින් ඇති නිරක්‍ෂ රේඛාව අසලදී හමුවීමට සැලසුමට අනුව කටයුතු කෙරිණි. සෑම නෞකාවකටම පිටත් වීම සඳහා සුබ වේලාවක්ද යොදා ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි කුඩා නාවික හමුදාවකට මුහුදේ එතරම් අෑත දුරකට ගොස් මෙවැනි මෙහෙයුමක් සාර්ථකව කිරීමට අවශ්‍ය සියලු සාධක සැලකිල්ලට ගත්තේය. ජීවිත සමඟ සෙල්ලම් කළ නොහැකිය. දියුණු රටවල මෙන් අංගසම්පූර්ණ නවීන යුද නෞකා අපට තිබිණි නම් මෙය එතරම් ප්‍රශ්නයක් නොවේ. තිබෙන නෞකාද ඉතා පරණය. එම නිසා වාසනාවද අපට අවශ්‍ය විය. 2007 මාර්තු මස 14 වැනි දින නෞකා පිටත් වීම ආරම්භ විය.

විශාල ලෙස සැලසුම් කරනු ලදුව සහ නාවික හමුදා ඉතිහාසයේ ඉතා විශාල දුරක් ගෙවා ඹ්.ඊ.ඊ.ඡ්. නෞකාවක් කොටු කර ගැනීමට දියත් කරන ලද ප්‍රථම මෙහෙයුම මෙය විය. එය ‘සාගර බලය’ ලෙස අප නම් කර තිබිණි. මෙම මෙහෙයුම ඉතාමත් රහසිගතව සිදු කෙරුණු අතර නාවික යාත්‍රා පිටත් වූයේ කුමන කරුණකටද සහ කොපමණ අෑතට යන ගමනක්ද යන්න දැනගෙන සිටියේ මා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු හැරුණු විට එම නෞකාවල අණදෙන නිලධාරීන්, ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපතිවරයා පමණි.

මෙම මෙහෙයුමේ විශාල අන්තරාදායක තත්ත්වයක් තිබිණි. යම්කිසි විදියකින් වැරැදි නෞකාවකට පහර දුන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන් නාවික හමුදාව වෙත පැටවෙනු ඇත. එසේ නැතහොත් හමුදාපති ලෙස මා වගකිව යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට විශාල ප්‍රශ්නයක් ඇති කරනු නියතය. ඊට අමතරව අනෙකුත් රටවල මුහුදු සීමාවන්ට ආසන්නයේ ඒ රටවලට නොදන්වා මෙවැනි මෙහෙයුමක් කිරීම පිළිබඳව එම රටවල් ශ්‍රී ලංකාව සමඟ උරණ වනු ඇත.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් මෙවැනි චණ්ඩිකමක් කළ විට අනෙක් රටවල් නොයෙක් බලපෑම් කිරීමටද ඉඩ තිබිණි. ඊටත් අමතරව මෙම කාර්යයට සහභාගි වන නෞකා තරමක් පරණය. කි.මී. දහස් ගණනක් අෑතදී එක් නැවක හෝ කාර්මික දෝෂයක් ඇති වී ඇදගෙන එන්නට සිදුවූයේ නම් එයත් විශාල ප්‍රශ්න ඇති කරන තත්ත්වයකි. ඹ්.ඊ.ඊ.ඡ්. නෞකාවෙන් අප නෞකාවන්ට මිසයිල ප්‍රහාරයක් එල්ල වූයේ නම් ඇති වන තත්ත්වයද භයානකය. මෙම නෞකාවල මරාගෙන මැරෙන බෝට්ටු සහ කණ්ඩායම් ඇති බව දැන් සනාථ වී ඇත. එයද විශාල තර්ජනයකි. තුවාල වූ නිලධාරියකුට හෝ නාවිකයකුට අවශ්‍ය ප්‍රතිකාර නොමැතිව මරුමුවට පත් වූයේ නම් එම නෞකාවේ සහ අනෙකුත් නෞකාවල සිටින නාවික පුද්ගලයන්ගේ මානසික මට්ටම පහත වැටෙනු ඇත. මේ ප්‍රශ්න සියල්ල මගේ මනසට මහත් වෙහෙසකාරී තත්ත්වයක් ඇති කළේය.

මෙවැනි බරපතළ තත්ත්වයන් ගණනාවක් මධ්‍යයේ මෙම මෙහෙයුම සිද්ධ වන නිසා නෞකාවන් පිටත් වී සෝදිසි කිරීමට නියමිත ප්‍රදේශවල මෙහෙයුම ආරම්භ වන දිනයේ සිට මා ඇතුළු මූලස්ථානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය තම කාර්යාලවල රැඳී සිටියහ. කෑම කෑවේද, නිදා ගත්තේද කාර්යාලවලමය.

17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී පමණ කපිතාන් ට්‍රැවිස්ගෙන් සැකකටයුතු නැවක් නිරීක්‍ෂණය කරමින් සිටින බව දන්වා හදිසි සංඥාවක් ලැබිණි. මෙහෙයුම් මැදිරියේ එම මුරය භාරව කටයුතු කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මගේ කාර්යාලයේ නිදා සිටි මා අවදි කළේය.

‘සර්, ‘සාගර’ ඹ්.ඊ.ඊ.ඡ්. නැව ඩිටෙක් (නිරීක්‍ෂණය) කරලා තියෙනවා සර්, දැන් ‘ඔප්ස් ඉමිඩියට් සිග්නල්’ එකක් ලැබුණා’

(‘ඔප්ස් ඉමිඩියට් සිග්නල්’ යනු ඉතාමත් හදිසි සහ අත්‍යවශ්‍ය වැදගත් අවස්ථාවක යවන සංඥාවකි.)
‘එච්චරද කියලා තිබුණේ සිග්නල් එකේ?’
‘සර්, එයා ඒක ට්‍රැක් කරනවා කියලා තියෙනවා ‘ෆස්ට් ලයිට්’ (ටඪපඵබ තඪඨඩබ) වෙනකම්’
(‘ෆස්ට් ලයිට්’ යනුවෙන් අදහස් කරන්නේ ‘උදය පාන්දර හිරු එළිය වැටෙනවාත් සමඟ’ යන්නයි. මෙය නාවික හමුදාවේ නිතර භාවිත කරන වචනයකි.)

‘හරි මම විනාඩි දෙකකින් එන්නම්. ඔබ යන්න. ච්ට්ර්ණී ටත් එන්න කියන්න’
‘සර්, ච්ට්ර්ණී ඇවිල්ලා ඉන්නේ’ ඔහු පිටත්ව ගියේය.

මම මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියට ගිය විට සියලු දෙනාගේම මුහුණුවල බලාපොරොත්තු සඵල වුණු බවක් පෙනෙන්නට තිබිණි. ච්ට්ර්ණී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් සුසිත් වීරසේකර, කපිතාන් ට්‍රැවිස් විසින් එවන ලද සංඥාව මා හට පෙන්නුවේය. එය කියැවීමෙන් පසු චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන් මා කපිතාන් ට්‍රැවිස්ව අමතමින්,
‘ට්‍රැවිස්, වට් ඉස් ද ලේටස්ට් (මොකක්ද අලුත්ම තත්ත්වය)’

‘සර්, එයා නොට්ස් 7 කරගෙන වෙස්ටර්ලි ඩයිරෙක්ෂන් (බටහිර දිශාවට) එකක යනවා. අපි එයාගේ පස්සෙන් යන්නේ නැතිව එයාට සමාන්තරව ඒ වේගයෙන්ම යනවා. ඒ ඒරියා (ප්‍රදේශයේ) එකේ වෙන කිසිම නැවක් තිබුණේ නැහැ. අපේ නැව දැක්කාම තමයි එයා ගමන් කරන්න පටන් ගත්තේ. එතකන් නැවතිලා වගේ තමයි හිටියේ. එයාටත් අපිව එයාගේ රේඩාර් එකේ පේන්න ඇති. මම ‘සුරනිමලට’ කිව්වා හැතැප්ම 25ක් විතර අෑතට යන්න කියලා. නැත්නම් මෙයාට තවත් සැක හිතෙන්න පුළුවන් නිසා සර්. ෆස්ට් ලයිට් එකේදී ළඟට කිට්ටු කරලා චැලෙන්ජ් කරන්නම් සර්. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ අපි හොයන නැව කියලා. ‘සුරනිමල’ට වේගය තියෙන නිසා පැයක් ඇතුළත කිට්ටු වෙන්න පුළුවන් සර්.’

වේලාව 18 වැනිදා පාන්දර 1.30ට පමණ විය. අපි කෝපි බොමින් එළි වෙනකම් අවදියෙන් සිටියෙමු. සියලු දෙනාම විශාල ඕනෑකමකින් සහ බලාපොරොත්තු සහගතව ඔරලෝසුව දෙස බලමින් මෙහෙයුම් මැදිරියේ කාලය ගත කළෝය. සැකකටයුතු නෞකාව තිබුණු ප්‍රදේශය ලංකාවට වඩා නැඟෙනහිරින් තිබුණු නිසා ලංකාවට එළිය වැටීමට පැයකට පමණ ප්‍රථම එම ප්‍රදේශයට හිරු එළිය පතිත වේ. ඒ අනුව තව පැය දෙකහමාරක් පමණ නොඉවසිල්ලෙන් බලා සිටීමට සිදුවිය.

ලංකාවේ වේලාවෙන් හරියටම පාන්දර 4.10ට සාගර නෞකාවෙන් සංඥා පණිවුඩයක් ලැබිණි. සැකකටයුතු නැවෙන් එම නැව පිළිබඳව දෙන ලද විස්තර එහි අඩංගු විය. කපිතාන් ට්‍රැවිස් ජාත්‍යන්තර සංඥා ජාලයේ 16 වැනි චැනලය ඔස්සේ සැකකටයුතු නෞකාවට කතාකොට විස්තර ලබාගෙන ඇත. මෙහෙයුම් කාර්යය මණ්ඩලය විනාඩි කිහිපයක් ඇතුළත එම විස්තරවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කර ගත්තේය. ලබාදී ඇති සියලු විස්තර අසත්‍ය ඒවා විය. අප සොයන ඹ්.ඊ.ඊ.ඡ්. ආයුධ ගබඩා නැව මෙය විය යුතුය යන්න 80%ක පමණ සනාථ විය. එහෙත් ඉතිරි 20%ත් ඉතා වැදගත්ය. ලබාදී ඇති විස්තර අසත්‍ය බව සංඥාවකින් සාගර නැවට එවේලෙහිම දන්වන ලදී.

ඊට විනාඩි 30කට පමණ පසු කපිතාන් ට්‍රැවිස්ගේ දුරකථන ඇමැතුමක් චන්ද්‍රිකා මාර්ගයෙන් මෙහෙයුම් මැදිරියට ලැබිණි.

‘සර්, මම ඉස්සර වෙලාම කතා කළාම ඒ නැවේ කැප්ටන් හිතුවේ ඇමෙරිකන් නේවි කියලා. දැන් හිතාගෙන ඉන්නේ ඉන්දුනීසියන් නේවි කියලා. අපේ නේවි එක මේ පැත්තට එයි කියලා කවුරුවත් හීනෙකින්වත් හිතන්නේ නැහැ.’

නිරක්‍ෂ රේඛාව අසලදී වතුර සහ ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී අපේ නෞකා හඳුනා ගැනීමට නැව් බඳේ ඇති නම සහ අංකයට උඩින් තීන්ත ගා මකා දමනු ලැබිණි. කපිතාන් ට්‍රැවිස් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඇත්තේ ඇමෙරිකානු ජාතිකයකු කතා කරන ආකාරයටය. ඔහු සාමාන්‍යයෙන් කතා කරනුයේත් ඒ ආකාරයටය.

‘සර් මේ නැව වේගය තව පොඩ්ඩක් වැඩි කරගෙන පැනලා යන්න හදනවා. අපිට ඕන කරන නැව වගේ තමයි දැන් පෙනෙන්නේ. එයා නවත්තන්න කිව්වට නවත්තන්නේ නැහැ. අපි අතරේ දුර කි.මී. 3කට වඩා නැහැ.’
‘හොඳයි එහෙනම් කිට්ටු කරලා නැවට උඩින් යන්න වෙඩි මුර කිහිපයක් තියලා බලන්න නවත්තනවාද කියලා’

‘වෙරි වෙල් සර්’ (එසේ කරන්නම්)
දැන් වේලාව පාන්දර 5ට පමණය. ආරක්‍ෂක ලේකම්ට දුරකථනයෙන් සැකකටයුතු නැව සොයා ගැනීම පිළිබඳව සහ එම අවස්ථාව වන විට ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කළෙමි. ඔහු එම අවස්ථාවේදී නාවික හමුදාවට සුබ පතමින් මේ වේලාවට ජනාධිපතිවරයා අවදිව ඇති බැවින් එතුමාවද දැනුවත් කරන ලෙස මට දැන්වීය. මම එසේ කළෙමි.

විනාඩි 15කට පමණ පසු කපිතාන් ට්‍රැවිස්ගෙන් නැවතත් දුරකථන ඇමැතුමක් ලැබිණි.

‘සර්, මෙයා නවත්තන්නේ නැහැ. අපි නැවට උඩින් වෙඩි තියෙන කොට මෝටාර් ගැහුවා. මේක ඹ්.ඊ.ඊ.ඡ්. කියලා දැන් හොඳටම කන්ෆර්ම් (සහතිකයි). මෙයාව ඉවරයක් කරලා දාන්නම්. ‘සුරනිමලත්’ දැන් ළඟ ඉන්නවා.’
‘ඔව්, ඩිස්ට්‍රෝයි (විනාශ) කරන්න. දැන් අපිට අවශ්‍ය සියලුම සාධක තියෙනවා.’

‘වෙරි වෙල් සර්’
2006 සැප්තැම්බර් සහ 2007 පෙබරවාරි මාසවල විනාශ කරන ලද ඹ්.ඊ.ඊ.ඡ්. නෞකා තිබුණේ ලංකාවේ ආර්ථික මුහුදු සීමාව (කි.මී. 400) තුළ හා ජාත්‍යන්තර මුහුදේය. නමුත් දැන් නිරීක්‍ෂණය කරන ලද යාත්‍රාව ඇත්තේ ඉන්දුනීසියාවේ ආර්ථික මුහුදු සීමාව ආසන්නයේය. ඒ නිසා මෙය පරිස්සමෙන් කළ යුතුය. මාර්තු 19 වැනි දින උදයේ 9 පමණ වන විට එම ඹ්.ඊ.ඊ.ඡ්. යාත්‍රාව මුහුදුබත් කෙරිණි. මුහුදුබත් වීමට පෙර එහි අවි ආයුධ තිබුණු බව සනාථ කරමින් නෞකාව තුළ පිපිරීම් ගණනාවක් සිදුවුණු බව ‘සාගර’ නැවෙන් සංඥාවක් ලෙසින් එවන ලද මූලික වාර්තාවේ සඳහන් විය.

නෞකා කණ්ඩායමට ආපසු ඒමට උපදෙස් දෙනවාත් සමඟම දෙවැනි නැව් කණ්ඩායමටද සැකකටයුතු නැවක් නිරීක්‍ෂණය විය. එහි විස්තර සෙවීමේදී එයත් විනාශ කළ නෞකාව වැනි සැකකටයුතු නෞකාවක් විය. එම නැවේ වේගය පළමු නැවට වඩා තරමක් වැඩි විය. මේ නිසා පළමු නැව් කණ්ඩායමටද දෙවැනි නැව් කණ්ඩායම ඇති ප්‍රදේශයට හැකි ඉක්මනින් ගොස් දෙවැනි නැවද කොටු කර ගැනීමට සහාය දෙන ලෙස උපදෙස් දුන්නෙමි. දෙවැනි සැකකටයුතු නෞකාවට ළඟා වූ දෙවැනි නැව් කණ්ඩායමට, සැකකටයුතු නැවට නමක් හෝ කොඩියක් හෝ ලියාපදිංචි කළ වරායක නමක් හෝ නොතිබෙන බව නිරීක්‍ෂණය විය. ජාත්‍යන්තර මුහුදු සන්නිවේදන ජාලය වන චැනල් 16න් එම නැවට ආමන්ත්‍රණය කළ විට එය නොනවත්වාම පලා යෑමට උත්සාහ කළේය. මේ අවස්ථාවේදී එම නැවට උඩින් යන සේ ප්‍රධාන අවියකින් වෙඩි තබන ලෙස දෙවැනි නැව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කපිතාන් දිමුතු ගුණවර්ධනට උපදෙස් දුන්නෙමි. එසේ වෙඩි මුර දෙකක් තැබූ විට සැකකටයුතු නෞකාව නැවතිණි. ඒ වන විට කපිතාන් ට්‍රැවිස්ගේ නැව් කණ්ඩායමත් එම ස්ථානයට ළඟා විය. මෙම විස්තර ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරි වරින් වර චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන් අපිව දැනුවත් කළේය. මෙවර කපිතාන් ට්‍රැවිස්ගෙන් දුරකථන ඇමැතුමක් ලැබිණි.

‘සර්, මේ නැව ‘හියුමන් ස්මග්ලින්’ (අනවසරයෙන් පුද්ගලයන් ප්‍රවාහනය) කරන නැවක් ගැහැනු, පොඩි ළමයි සහ පිරිමි විශාල පිරිසක් නැවේ උඩ තට්ටුවට ඇවිල්ලා අත් උස්සගෙන ඉන්නවා.’

ඹ්.ඊ.ඊ.ඡ්. ය මුදල් සෙවීම සඳහා මත්ද්‍රව්‍ය විකිණීම, මුදල් අය කර ඕස්ට්‍රේලියාව වැනි රටවලට හොරෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම වැනි තහනම් කටයුතුවල නිරතව සිටියේය. සැකකටයුතු නැවකි. බොහෝ දුරට ඹ්.ඊ.ඊ.ඡ්. නැවකි. නමුත් මෙය විනාශ කළ නොහැකිය. එසේ කළහොත් අහිංසක ජීවිත ගණනාවක් විනාශ වනු ඇත. කි.මී. දහස් ගණනක් අෑත සිට මෙම නැව ලංකාවට ගෙන ඒමට උත්සාහ කළහොත් අප දියත් කළ රහස්‍ය මෙහෙයුම ඒ අවට රටවල් දැනගැනීමට ඉඩ තිබිණි. සමහර විට අනවසරයෙන් ප්‍රවාහනය කරන මිනිසුන්ට අමතරව එම නැවේ අවි ආයුධ තිබෙන්නට ඇත. නමුත් එය විනාශ කළ නොහැකිය.
‘ට්‍රැවිස්, ඒ නැවට යන්න දෙන්න. ඔයගොල්ල ඔතැනින් ඉවත් වෙන්න. අනෙක් කණ්ඩායමත් සමඟ ආපසු එන්න පිටත් වෙන්න’

ටික වේලාවකට පසුව සැකකටයුතු නැව ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කරන බව කපිතාන් ට්‍රැවිස් මට දැන්විය. මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණයෙන් ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපතිවරයාව දැනුවත් කළෙමි.
කිලෝමීටර් දහස් ගණනක් අෑත ඉන්දුනීසියානු මුහුදු තීරයට ගොස් ඹ්.ඊ.ඊ.ඡ්. නැව් විනාශ කිරීම පිළිබඳව සියලුම පුවත්පත්, රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි නාළිකා විසින් නාවික හමුදාවට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියක් ලැබිණි.

2009 මැයි 19 වැනිදා ලැබූ යුද ජයග්‍රහණයෙන් පසුව සාමාන්‍ය ජන ජිවිතය ආරක්ෂා කිරීමට හා දමිළ පුරවැසියන් හමුදා භාරයට ගෙන ඔවුන්ගේ මානුෂික අවශ්‍යතා සපුරා දුන් අන්තිම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ලියූ අධිෂ්ඨානය ග්‍රන්ථයේ තවදුරටත් මෙසේ සඳහන් වී ඇත.

පිටුව 422 – ප්‍රභාකරන් මුහුදෙන් පැනයෑම
2009 මාර්තු මාසය වන විට ඹ්.ඊ.ඊ.ඡ්. ත්‍රස්තවාදයට විරුද්ධව දියත් කරන ලද මානුෂික මෙහෙයුමේ අවසානය පෙනෙන තෙක් මානයේ තිබිණි. 2009 ජනවාරි මස ඹ්.ඊ.ඊ.ඡ්. මූලස්ථානය වූ කිලිනොච්චියද යුද හමුදාව අත්පත් කරගත් අතර මුලතිව් ප්‍රදේශයට ඹ්.ඊ.ඊ.ඡ්. ය ශීඝ්‍රයෙන් පසුබසිමින් සිටියේය. යුද හමුදාව තුන් පැත්තකින් වටකර එළවා එළවා පහර දුන්නේය.

ගුවන් හමුදාවද යුද පිටියේ ඹ්.ඊ.ඊ.ඡ්. ප්‍රබල ස්ථානවලට ගුවනින් පහර දෙමින් ඉදිරියට යන යුද හමුදා සේනාංකවලට ඉතා හොඳ සහායක් දෙමින් තිබිණි.

යුද සහ ගුවන් හමුදා පහරකමින් ශීඝ්‍රයෙන් මුලතිව් ප්‍රදේශයට කොටුවන ඹ්.ඊ.ඊ.ඡ්. සාමාජිකයන් මුහුදින් පලා යෑම වැළැක්වීමට ඒ වන විට මුලතිව් අවට මුහුදු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව යොදා තිබිණි. මෙම මෙහෙයුම නාවික හමුදා යාත්‍රාවලින් සියයට 85ක් පමණ යොදා අර්ධ වළලු 4ක් සේ නාවික යාත්‍රා මුලතිව් අවට මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් ස්ථානගත කර තිබිණි.

2009 මාර්තු මැද වන විට ඹ්.ඊ.ඊ.ඡ්. ග්‍රහණයෙන් මිදී ධීවර බෝට්ටු මඟින් මුහුදෙන් පැන යෑමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් රැගත් බෝට්ටු 900කට වැඩි ප්‍රමාණයක් සහ දමිළ සිවිල් වැසියන් 24,000කට වැඩි සංඛ්‍යාවක් නාවික හමුදාව විසින් බේරා ගනු ලැබ ආරක්‍ෂා සහිතව පුල්මුඩේ ප්‍රදේශයට හෝ පේදුරුතුඩුව ප්‍රදේශවලට ගෙනැවුත් බලධාරීන්ට භාරදීමට කටයුතු කරන ලදී.

මෙය ත්‍රිවිධ හමුදාවල සියලුම පුද්ගලයන් ඉතා උදේ‍යාගයෙන් මහත් අධිෂ්ඨානයෙන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව සතුරාට එරෙහිව තම උපරිම ශක්තිය යොදමින් සිටි කාල පරිච්ඡේදයක් විය.

අන්තිම වර්ග කි.මී. 8ට කොටු වී සිටින ඹ්.ඊ.ඊ.ඡ්. නායකයන් සහ සෙසු සාමාජිකයන් 300,000ක් පමණ සාමාන්‍ය සිවිල් වැසියන් ඹ්.ඊ.ඊ.ඡ්. යේ ආරක්‍ෂාවට ප්‍රාණ ඇපකරුවන් ලෙස බලෙන් රඳවාගෙන තිබිණි. මේ නිසා යුද හමුදාවට සිවිල් වැසියන්ට අනතුරක් නොවන පරිදි ඹ්.ඊ.ඊ.ඡ්. සාමාජිකයන් පමණක් කොටු කර ගැනීම හෝ විනාශ කිරීම ඉතා සූක්ෂ්මව කළ යුතුව තිබූ කාරණයකි. මෙයට යම්කිසි කාලයක් ගත වනු ඇත. යුද හමුදාවට මෙම කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකිය. එවැනි වාතාවරණයක කොපමණ කාලයක් නාවික හමුදාවට මුහුදේ විශාල යාත්‍රා ප්‍රමාණයක් යොදමින් ආරක්‍ෂක වළලු 4ක් නඩත්තු කිරීම විශාල අභියෝගයක් විය. එහෙත් එය කෙසේ හෝ කළ යුතුව තිබූ කාර්යයකි.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ කවදාවත් මෙවැනි අභියෝගයකට මුහුණ දී නැත. ඉදිරියට එසේ සිදුවන එකකුත් නැත. ලෝක ඉතිහාසයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මෙවැනි විශේෂ තත්ත්වයේ ආරක්‍ෂක වළලු මුහුදේ යොදා තිබුණේ එක්වරක් පමණි. ඒ 1963 වර්ෂයේ එකල සෝවියට් රුසියාව විසින් කියුබාවට මිසයිල සැපයීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව විසින් කියුබානු මුහුදු සීමාව අසල එළන ලද ආරක්‍ෂක වළල්ලයි. ඇමෙරිකාව එවකට සිටි මහ බලවතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකි. ඇමෙරිකානු නාවික හමුදාව ලෝකයේ විශාලතම නාවික හමුදාවයි. එවැනි කාර්යයක් දීර්ඝකාලීනව අඛණ්ඩව කරගෙන යෑමට ඔවුනට අවශ්‍ය සම්පත් තිබිණි. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාවට එවැනි සම්පත් තිබුණේ නැත.

මේ ආකාරයට මානුෂික මුහුණුවරකින් යුතුව සිවු වැනි ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් අනුපමේය දායකත්වයක් ලබාදුන් අද්මිරාල් කරන්නාගොඩට එරෙහිවත් දැන් චෝදනා එල්ල කරමින් සිටී. ඒ ජිනීවා කොමිසම හමුවට රැගෙන ගොස් දඬුවම් කිරීමට දැයි දැන් සැකයක් මතු වී තිබේ.

ඔවුන් ඒ වෙනුවෙන් අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලයන් 11 දෙනකු පැහැර ගත් සිද්ධියකි. එය 2008 වසරෙදී වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ පැහැර ගැනීමකි.

එහෙත් එවකට මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වුණෙත් අත්අඩංගුවට ගත්තෙත් එවකට නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු සිවු දෙනෙකි. මේ සිදුවීම සම්බන්ධ යැයි සැක කෙරෙන ‘නේවි සම්පත්’ නොහොත් සම්පත් මුණසිංහ පිළිබඳව පොලිසියට පැමිණිලි කළෙත් අද්මිරාල් කරන්නාගොඩය. එදා ඔහු මේ සිදුවීම පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාවද දැනුවත් කර තිබිණි.

කෙසේ හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පුළුල් ලෙස සොයා බැලීමටද කටයුතු කළේ අද්මිරාල් කරන්නාගොඩගේ ඉල්ලීමට අනුවයි. මේ නිසා 2011 වසරේදී අධිකරණය හමුවේ ඕ වාර්තාවක් මඟින් කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය කටයුතු කර තිබිණි. එහෙත් 2015 යහපාලන රජය බලයට ආපසු රහස් පොලිසිය හමුවට පැමිණෙන නේවි සම්පත් පවසන්නේ වෙනම කතාවකි.

ඒ අනුව ඔහු අද්මිරාල් කරන්නාගොඩ තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම සිදුවීමට තමන් පැටලූ බව හා ඊට සෘජුවම වගකිව යුතු වන්නේ අද්මිරාල් කරන්නාගොඩ සමඟ සමීපව සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දිසානායක, ත්‍රිකුණාමල බුද්ධි ප්‍රධානියාව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ, කොළඹ වරාය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට කැපවී සිටි කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් බවය. එමෙන්ම අද්මිරාල් කරන්නාගොඩගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දුගෙන් ලබා ගන්නා ප්‍රකාශයක්ද සී.අයි.ඩී.ය ප්‍රයෝජනයට ගත්තේය. එමෙන්ම නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙක් වූ වෙලගෙදර නේවි සම්පත්ගේ අඩි පාරේ යමින් අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව තොරතුරු දෙන්නේය.

එහෙත් රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා 2010 වසරේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව නොවේ. ඔහු මෙම ප්‍රකාශය ලබාදෙන කාලය වන විට පැහැරගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් නේවි සම්පත්ට එරෙහිව සාක්‍ෂි වශයෙන් සොයාගෙන තිබිණි. ඒ 2009 වසරේදීය.

මෙවැනි පසුබිමක් තුළ යහපාලන රජය බලයට පත් වීමෙන් පසු අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව තොරතුරු එක්රැස් කරමින් මේ සූදානම් වන්නේ ඔහු චූදිතයෙක් බවට පත් කිරීමට බව දැන් පැහැදිලිය.

ප්‍රශ්නය මෙතැනින් අහවර වන්නේ නැත. එළැඹෙන කාලය තුළ අද්මිරාල් කරන්නාගොඩ සිරගත කොට ජිනීවා ලොක්කන්ගේ හා දමිළ ඩයස්පෝරාවේ එල්.ටී.ටී.ඊ. හිතවතුන් සතුටු කිරීමට බැරි නැත.

රටක පැවැත්මට ඒ රටේ ජාතියක් සිටිය යුතුය. ඔවුන් ශ්‍රී ලාංකික වුවත් ඒ ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට තර්ජනයක් වන ත්‍රස්තවාදය පරාජය කළ යුතුය. සාමය ස්ථාපිත කළ යුතුය.

එමෙන්ම සාමය ගොඩනැඟීමට නම් ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් කැප වූ සොල්දාදුවන්ට පැවරෙන වගකීම සුළුපටු නැත. ජීවිත පරිත්‍යාගයෙන් ඒ වගකීම ඉටු කිරීමට ඔවුහු බැඳී සිටිති.

අද්මිරාල් කරන්නාගොඩ ඇතුළු අපේ රණවිරුවන් ඒ වගකීම ඉටු කළ බව නොරහසකි. එසේ නම් රණවිරුවන්ට එරෙහිව පිටරැටියන් සතුටු කිරීමට රණවිරු දඩයම ක්‍රියාවට නැංවීමට රට පාලනය කරන උදවිය අවනත නොවිය යුතුය.

ඉන්දීය රජය පාකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය මූලික කොටගෙනය. ඉදින් ත්‍රස්තවාදය ඉදිරියේ ශ්‍රී ලංකාවටත් ඒ අයිතිය තිබිය යුතුය. අපේ රටේ බලධාරීන් මේ වග සිහි තබා ගෙන ජිනීවා ලොක්කන්ට නිසි පිළිතුරු ලබා දිය යුතුමය.

One Response to “කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?”

  1. Dilrook Says:

    A complete distortion of facts. He was not arrested for fighting the war. He was arrested for carrying out dirty work of politicians by misusing the navy.

    His contribution for winning the war is very well appreciated and respected. We stand by Wasantha in all his actions in fighting the war but we don’t stand by him for illegal action that had nothing to do with fighting the war. The same applies to Fonseka.

    Misuing our well disciplined military to do the work of political clans is immoral and treacherous. Patriots must cleverly see the reality without being misled by politicians and media.

    Karannagoda drags Gota into mass murder case
    March 2, 2019, 8:46 pm

    ECONOMYNEXT – Former navy chief, Wasantha Karannagoda, who is wanted in connection with the abduction and killing of 11 young men has for the first time involved former defence secretary Gotabhaya Rajapaksa in the case, court records showed.

    Filing a petition in the Supreme Court seeking the prevention of his imminent arrest by the Criminal Investigations Department, Karannagoda has said that Rajapaksa was also aware of the case.

    One of the key allegations against the war-time navy chief is that he did nothing to prevent the killing of the 11 men when their illegal incarcerations by the navy was brought to his attention in 2009.

    The most chilling evidence against Karannagoda is that he knew about the abductions and the killings, but took no action to prevent them or secure justice for the victims. Involving Gotabhaya Rajapaksa adds a new dimension to the case.

    Setting out the sequence of events according to him, Karannagoda for the first time brought Rajapaksa into the case in an apparent bid to shift responsibility to the then defence ministry chief who was also in charge of the police.

    Karannagoda, in his 12-page petition said he had been informed of the allegations against his own security officer Sampath Munasinghe who was accused of abducting several men who were illegally held at a navy facility in Trincomalee in 2009.

    “In those circumstances, on May 23, 2009, the petitioner (Karannagoda) informed the then secretary, ministry of defence, Mr. Gotabhaya Rajapaksa of the allegations and recommended that the police investigate the matter,” according to the petition filed by Karannagoda’s lawyers.

    However, Karannagoda’s then naval secretary Shamal Fernando had in his testimony to the police made it clear that Karannagoda took no action when then minister Felix Perera brought the matter to his attention. Had Karannagoda taken action promptly, the lives of at least five of the victims could have been saved, Fernando had said.

    Karannagoda’s fundamental rights application seeking an order preventing the CID arresting him — after he was named the 14th in a list of 14 suspects accused of conspiracy to murder — was put off for March 7 for support by his lawyers.

    The state prosecutors refused to give an undertaking that he will not be arrested until the Supreme Court case was disposed of. This was despite Justice Priyantha Jayawardena, one of the judges from the three-judge bench headed by Chief Justice Nalin Perera, repeatedly asking Senior Deputy Solicitor General Viraj Dayaratne for that assurance. Justice Jayawardena recused himself from the case.

    Late last month, Colombo Fort Magistrate Ranga Dissanayake impounded Karannagoda’s passport and informed immigration authorities to prevent him from leaving the island. He is now not available and police have not been able to track him down.

    The CID informed the magistrate that Karannagoda had aided and abetted the illegal confinement of the 11 young men by navy personnel directly under him. He was also accused of concealing information as well as trying to mislead investigators.

    CID detectives have uncovered shocking details of how men directly linked to Karannagoda carried on a lucrative “white van operation” abducting children of wealthy business families and killing them after extorting money from them. Karannagoda’s security officer was known to be a lavish spender despite his modest income as a navy officer.

    One of the naval officers implicated in murder had used a car from a victim and given it as a birthday gift to his wife. While investigating the abduction of the young men, the CID stumbled on another double murder of businessmen carried out by a naval unit which operated from the Welisara camp.

    A van stolen from those two victims had been cannibalised, but police were able to trace some of the parts. There were reports of some navy personnel meeting with mothers of the victims and forcing them to part with their gold jewellery in exchange for the return of their children, a promise never kept.

    An internal naval investigation had revealed sordid details of the organised criminal activities of navy officers and men under Karannagoda who had kept silent when he was told about the plight of five out of the 11 men.

    The crimes of the navy men under Karannagoda were not made public till the change of government in 2015.

    “Had Admiral Karannagoda taken steps at the time he was told about the five children (out of the 11 young men) who had been illegally incarcerated by the navy, they could have been saved,” an investigator told the Colombo Fort magistrate last month.

    One of the victims, Rajiv Naaganathan, while in navy custody had been able to communicate with his parents using mobile phones of his captors till May 21, 2009. The CID found evidence that the young men had been detained in locations controlled by the then navy spokesman D. K. P. Dassanayake and Commander Sumith Ranasinghe.

    Police have found evidence in respect of the abduction and murder of 11 children belonging to Sinhala, Tamil and Muslim communities, but the authorities believe many more would have been killed in similar fashion at a time when “white van” abductions were common.

    Eight suspects – all navy personnel – are currently on bail and four are in remand custody. Karannagoda is most likely to join the four in remand custody, but police have failed to track him down. Although his lawyers filed a petition in the Supreme Court, he himself did not show up.

    “http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=200287”

    Please publish this comment this position of which may save the navy in any future war crimes matter. This act which is a war crime was not done in fighting the war and hence the navy is not responsible. The criminal responsibility falls on individuals only. The navy and the nation remain clean.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress