ඉදිරියේදී සෑම පුරවැසියකුටම ගෞරවනීය ජීවිතයක් උදාකර දෙනවා-ගෝඨාභය රාජපක්ෂ
Posted on March 4th, 2019

ගම්පොළ – මාධව බණ්ඩාර, මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

ඉදිරියේදී සෑම පුරවැසියකුටම ගෞරවනීය ලෙස ජීවත්වීමේ වාතාවරණයක් සකස් කර දෙන බවත් නිසි ආර්ථික ප්‍රතිපත්ති මඟින් රට ඉදිරියට රැගෙන ගොස් මේ රටේ සෑම ජන කොටසකගේම දුප්පත්කම ඉවත් කොට නීතිය, සාමය හා විනය ඇති සමාජයකෙ ජීවත්වීමේ පසුබිම සකස් කර දෙන බවත් ‘එළිය’ සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

උඩුනුවර ඇතුළු අවට ප්‍රදේශ තුළ ජීවත් වන මුස්ලිම් ජනයා ආමන්ත්‍රණය කිරීමේ අරමුණු ඇතිව මුස්ලිම්වරු විසින් එළමල්දෙණිය ප්‍රදේශයේදී මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.

රටක විනයක් නොමැති නම් ඒ රටේ ජාතීන් අතර, භාෂා අතර, ආගම් අතර පමණක් නොවේ දේශපාලනය, ආර්ථික හා සංස්කෘතිය ඇතුළු සියලු අංශ කඩා වැටී සමාජය පිරිහීම කරා ඇදී යනවා. අද ඇති වී තිබෙන්නේත් එවැනි තත්ත්වයක්.

එද අපි මේ රටට විනයක් ගේනකොට ත්‍රස්තවාදය නැති කරලා සාමය ගේනකොට මේ රටේ පාතාලය නැති කරලා සාමකාමී බව ඇති කරනකොට විවිධ අය අපට අභූත චෝදනා එල්ල කරමින් දෝෂාරෝපණය කළා.
ඇත්ත වශයෙන්ම මා සතුව එකම සුදු වෑන් එකක්වත් නෑ. නමුත් සුදු වෑන්වලින් මිනිස්සු උස්සන සංකල්පය මේ රටට හඳුන්වා දීපු 87,88,89 කාලය අද කාටත් අමතක වෙලා තියෙනවා.

අපේ කාලය තුළ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නට බුද්ධි අංශ මඟින් යම් යම් ක්‍රමවේද යොදා ගන්නට ඇති. ඒවා ලෝකයම අනුගමනය කරන ක්‍රමවේද. ඒ අය කිසිම ආකාරයකින් දේශපාලන පළිගැනීම් කළේ නෑ. අහිංසක මිනිසුන්ට හිරිහැර කළෙත් නෑ. නිර්දෝෂී පුද්ගලයන්ගෙන් පළිගත්තෙත් නෑ. මේ රටේ ජනතාවට සාමයෙන් ඉන්න දෙන්නයි ඔවුන් කටයුතු කළේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් මැඬලන්නට, බස්වල දුම්රියවල නිරායුධ මිනිසුන් මැරෙන එක වළක්වන්නට, ආර්ථික මර්මස්ථාන බේරා ගන්න, පූජනීය ස්ථාන විනාශ කරන එක නවත්වන්නට බුද්ධි අංශ විශාල සේවයක් කළා.

ඒ බුද්ධි නිලධාරීන් කළ සේවය නිසා තමයි ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකි වුණේ. මේ ආකාරයට යුද්ධය අවසන් කොට රට බේරා ගැනීමට කැප වීම් කළ නිලධාරීන්ට විරුද්ධවයි අද මේ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ.
ඒ නිලධාරීන් මේ කැපවීම කළේ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාවකට නොවේ. ඒ කැපවීම කළේ රට වෙනුවෙන්. ඒ වගේම මම යම් කිසි නායකත්වයක් දුන්නා නම් යම් කිසි වැඩ සටහනක් ගෙන ගියා නම් ඒ කිසිවක් මගේ පෞද්ගලික අවශ්‍යතාවකට නොවේ. ආරක්ෂක ලේකම් කෙනෙක් ලෙසත් මේ රටේ රට වැසියෙක් ලෙසත් මට කරන්න තිබුණ වගකීම තමයි මම ඉෂ්ට කළේ.

ඒ වගකීම නිසි ලෙස ඉෂ්ට කළ නිසා මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ යන සෑම ජනකොටසකටම යහපතක් වුණා.

එදා අපේ රටේ විරුද්ධ පක්ෂ පමණක් නොවේ විදේශ බලවේගවලින් පවා විශාල බොරු ප්‍රචාර ගෙන ගියා. එදා ඒ අය බැලුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් කරන්නේ කොහොමද කියන කරුණ.
මේ හේතුව මත ඔවුන් මේ රටේ මුස්ලිම් ජනයා හා දමිළ ජනයා සාර්ථකව මුළා කළා. නමුත් අද මේ අය දන්නවා මොකක්ද ඇත්ත කතාව කියලා.

එදා අලුත්ගම සිද්ධ වුණ කාරණයේදී කොහොමද අපි ඉක්මනට ක්‍රියා කළේ කියන කාරණයත් අද දිගන සිදු වීමේදී මේ රජය කොහොමද ක්‍රියා කළ ආකාරයෙන් අද මේ අය හොඳින් දන්නවා.

එම නිසා මම ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට නොරැවටී මේ රට වැටී ඇති තැනින් ඉදිරියට ගෙන අපි සියල්ලම එකා වගේ වැඩ කරමු කියලා.

ඉදිරියේදී අපේ ප්‍රතිපත්තිය වන්නේ මේ රටේ සියලුම ජන කොටස්වලට මේ රටේ එක හා සමානව ජීවත් වීමේ වාතාවරණයක් සකස් කර දීමයි.

අපි ජාතිවාදීන් ලෙසත් අපි මුස්ලිම් ජනයාට විරුද්ධ අය ලෙසත් විරුද්ධවාදීන් පෙන්වල දුන්නා. නමුත් අපේ ආණ්ඩුව ඒ කාලය තුළදී ක්‍රියා කළේ මේ රටේ සිටින සියලුම ජන කොටස්වලට යහපත් වන ආකාරයට.
අපට නිදහස ලැබිලා අවුරුදු 71ක් ගත වෙලත් අපි කතා කරනවා දෙමළ ජනයාගේ ප්‍රශ්නය. මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය. නමුත් අදටත් මේ ගැටලු තියෙන්නේ දේශපාලනඥයන් ඡන්දය පදනම් කරගෙන පමණක් මේ ගැටලු කතා කරන නිසයි.

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ මේ ගැටලුවලට විසඳුම් ලෙස දකුණ, නැඟෙනහිර, උතුර ඇතුළු රටම සංවර්ධනය කිරීමයි.

අපි මේ රටේ සියලුම ජන කොටස්වලට ජීවත් වීමේ නිදහස ලබා දිය යුතුයි. අද මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ජන වර්ග අතර ඇති දුප්පත්කම නිසයි. මුදල් තියෙනවා නම් සිංහලද මුස්ලිම්ද දෙමළද කියන එක ගැටලුවක් වෙන්නේ නෑ. ඔවුන්ට පුළුවන් හොඳ ජීවිතයක් ගෙනියන්න. හොඳ ව්‍යාපාරයක් කරන්න. තමන්ගේ දරුවට හොඳට උගන්වන්න. ඒ දරුවන් පිටරටකට යවන්න. එහෙම නැත්නම් ගැටලු ගොඩයි.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

වසර දෙදහස් ගණනකට පෙර මේ රටේ ව්‍යාපාරවල යෙදුණු මුස්ලිම් ජනතාවට අද ඒ කටයුත්ත කරගන්න විදියක් නෑ. ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා. සමස්තයක් ලෙස රටේම ව්‍යාපාර කඩා වැටිලා. පොලිය වැඩියි. ආදායම අඩුයි. මේවා තමයි රට පුරාම ඇහෙන්නේ.

එදා ඩොලර් දාහක ආයෝජනයක් කළොත් පොලිය ගෙවන්න වුණේ ලක්ෂයයි. නමුත් අද එක් ලක්ෂ අසූදාහක් ගෙවන්න ඕනෑ.

ඒ වගේම අද රුපියල් විසි දහසක ආදායමක් ලැබුණොත් පොලී ගෙවන්න ඕනේ අට දහසක්. එදා ගෙවන්න වුණේ 2500යි. ඉතින් ව්‍යාපාර කඩා වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි.

නායකත්වය කියන්නේ ජනතාව ඉදිරියට ඇවිත් තමන්ගේ දුක කියන එක හෝ තමන්ගේ ප්‍රශ්න කියන එකම නෙවෙයි. නායකත්වය කියන්නේ ප්‍රශ්නවලට විසඳුම් හොයලා ඒවා නිරාකරණය කරලා රට ඉදිරියට ගෙන යන එකටයි. නමුත් අද අපට එහෙම දෙයක් පේන්නෙ නැහැ.

අද මුළු ලෝකෙම අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සියලුම අංශවලින් කඩා වැටෙන රටක් ලෙසයි.

 

2 Responses to “ඉදිරියේදී සෑම පුරවැසියකුටම ගෞරවනීය ජීවිතයක් උදාකර දෙනවා-ගෝඨාභය රාජපක්ෂ”

  1. Dilrook Says:

    I agree the country needs discipline. Very badly.

    However, there was no discipline from 2009 to 2015 either. Some examples include Bharata Lakshman, Duminda Silva, Vidanapathirana, Lanza, Weliweriya, Katunayake, etc. Certinaly no fiscal discipline either.

    The point is we must aceept these facts and correct them. If we refuse to accept these facts, we will never correct them and discipline will not be there.

    We also have to be very careful not to destroy the economy with discipline. Our largest export destinations are the US, UK and the EU. An essential condition to export to them is our workers’ rights, media freedom and basic human rights. If we bash workers and kill protestors, we lose our exports. These acts also lead to travel warnings by most profitable tourist sources.

    If either of these industries shrink, Sri Lanka collapses, economically first.

    What we need is political, fiscal and social discipline, certainly not military discipline. Any attempt to impose military discipline will destroy the nation and create Tamil Eelam.

    Gotabaya must spell out how he plans to bring about this discipline. Is it through religious institutions, 17A, 19A, the courts system, or is it through the military and the police. The latter will be a disaster while the former will take 5+ years to bear fruit.

  2. Randeniyage Says:

    @Dilrook.
    We should also keep in mind beneficiary of our biggest import origin, India. We should stop as much as imports from India. main item is the 3 wheeler. Gotabhya should address this issue. We have to cut down as much imports from India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress