මහ බැංකුව ගැන ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටිලා
Posted on March 4th, 2019

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය උපුටාගැණීම  මව්බිම

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව මේ වනවිට ඇති වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇතැයිද ඡ්.ඊ.ධ්. ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබ¼දව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි යැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඉහත සඳහන් කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව විශේෂ අධීක්ෂණයක් යටතේ සොයාබැලීමට සූදානම් යැයිද ජාතික ආර්ථික සභාවේදී තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

ඡ්.ඊ.ධ්. ආයතනයේ මුදල් තැන්පතුකරුවන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් එම තැන්පතුකරුවන් සහ රවි කරුණානායක අමාත්‍යවරයා අතර විදුලිබල අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේ ඡ්.ඊ.ධ්. තැන්පතුකරුවන් ලක් වී ඇති අසාධාරණයට ආණ්ඩුවක් ලෙස මැදිහත් වන බව හා ඔවුන්ගේ තැන්පතු භයානක තත්ත්වයක නොමැති බවයි.
රවි කරුණානායක මහතා මෙසේද පැවැසීය.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පසුගියදා ජාතික ආර්ථික සභාවේදී පවා සාකච්ඡා වුණා. ජනාධිපතිවරයාගේ අවධානයත් මේ පිළිබඳව යොමු වුණා.

මහ බැංකුවේ සහ ඊ.ටී.අයි. (E.T.I.)සමාගම අතර සිදුවුණු දේ පිළිබඳව කිව්වොත්E.T.I.  සමාගම විකිණීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ටෙන්ඩරයට තුන් දෙනකු පමණ ඉදිරිපත් වුණා. එහිදී එක්කෙනකු තේරුණා. එයා විදේශිකයෙක්. ඔහු ඉදිරිපත් කළ ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක්. මහ බැංකු අධිපති කිව්වේ මේ මුදල ඩොලර් මිලියන 70ක් දක්වා අඩු වූවා කියලයි. කොහොමද එහෙම අඩු කරන්නේ. නිරීක්ෂණ කමිටුවකට එහෙම කරන්ට බැහැ. නිරීක්ෂණ කමිටුවෙන් (Monitoring Committee)  තමයි මෙය අඩු කර තිබෙන්නේ. මේ ප්‍රශ්නය ඉදිරිපත් වුණේ ජනාධිපතිවරයා ඉදිරිපිටදීමයි.

මේ වෙනුවෙන් ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයවත් තවම ලැබී නැහැ. හැම දේටම සද්ද කරන මහ බැංකුව මේවා සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ.

මෙහිදී E.T.I. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති එච්.එම්. අනූෂා ජයන්ති මහත්මිය ඇතුළු එම සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙක්ද අදහස් දැක්වූහ.

E.T.I.  ආයතනයේ අපි තැන්පත් කළ මුදල්වලින් අපිට තවමත් ලැබී ඇත්තේ කොටසක් පමණයි. අපි මේ ආයතනයේ පසුගිය වසර 8ක ගිණුම් වාර්තා පරීක්ෂා කළා. එම වාර්තාවලට අනුව මෙම ආයතනය කඩා වැටීමට ආසන්න බව පෙන්නුම් කරනවා. මේ වාර්තා මහ බැංකුව අධීක්ෂණය කළා නම් ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලි වෙනවා. මේ ආයතනයට අවසන් කාලයේ ප්‍රාග්ධනයක් තිබිලා නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම යැපිලා තිබෙන්නේ තැන්පත්කරුවන් මතයි.

එහෙත් මහ බැංකුව දිගටම මේ සමාගමට තැන්පතු ලබාගන්න ඉඩ දීලා තිබෙනවා.

ඇයි මහ බැංකුව මේ සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා නොකළේ. E.T.I. ආයතනය දිගින් දිගටම වංචනික ලෙසින් පවත්වාගෙන ගිහින් තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ උදවු ඇතිවයි. මහ බැංකුව කරලා තිබෙන්නේ වංචාවකුයි.

මේ ගනුදෙනුවලින් කොමිස් මුදල් බෙදාගෙන තිබෙනවා රාජකීය විද්‍යාලයේ ඇමැතිවරු තුන්දෙනෙක්ම. ඒ නිසයි අපිට සාධාරණයක් ඉටු වන්නේ නැත්තේ. මේ අයගෙන් සමහරු අද මුදල් අමාත්‍යාංශයේත් සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress