පාසල් දරුවෝ 14ටත් ඉටුනොවෙන සිහිනයක් පෙන්නලා – කොකේන් ගහලා ඒකට මත්වෙලා සිහින ලෝකෙක ඉන්න වෙලාවක හදපු මේ අය වැය කොකේන් අයවැයක්
Posted on March 8th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද දින (08* මාධ්‍යහමුවට සහභාගි වූ නියෝජිතයින්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි. වි. චානක මහතා
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා

 පාසල් දරුවෝ 14ටත් ඉටුනොවෙන සිහිනයක් පෙන්නලා
 කෘෂිකර්මය විනාශ කරපු මොඞ් ගොවියා කියනවා පරාක‍්‍රමබාහු රජුට පස්සේ තමන්ලූ රට ස්වයංපෝෂිත කලේ.
 ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින් ගමේ සූදුව නිතිගත කරලා ගමේ සුදුවෙනුත් බදු ගහන්න රැුජිනෝ කියලා එකක් ගේන්න සූදානම් වෙන්නේ.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කලොත් වෙන දේ දන්න නිසා අගමැතිවරයා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න දෛන්නේ නැහැ

 පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා
මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කිව්වා මේ අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත්ත අයවැයක් නොවන බව. ආණ්ඩුව මේ කපේට මැතිවරණයක් තියන සුදානමක් නැති නිසා අපිටත් ඒකට එකග වෙන්න සිද්ධ වෙනවා. ඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ. මේ අයවැය තරුණ පරපුර සිහින ලොවකට ගෙන යන අයවැයක්. රටේ ණය බර වැඩි වෙනවා වගේම ජනතාවගේ ජිවිතත් ණය බරින් පුරවන අයවැයක්. හෝම් ස්විට් හෝම්, සිහින මාලිගා, වගේ සුන්දර වචනවලින් පිරුණු අයවැයක්. දරුවෝ 14ට ලෝකයේ ඉදිරියෙන්ම තියෙන විශ්ව විද්‍යාලවලට යවන්න මිලියන 500ක් වෙන්කරලා. මෙහෙ උසස්පෙල ඒ විශ්ව විද්‍යාලවල පිළීගන්නේ නැහැ. එහේ තියෙන විභාගවලට පෙනි සිටින්න අවශ්‍යයි. දරුවා විභාගයට පෙනී හිදලා අමත් වුනොත් ඒ විශ්ව විද්‍යාලවලින් අවස්ථාව ලැබෙන්නේ ඊළග දරුවාටයි. අපේ විශ්ව විද්‍යාල තියෙන්නේ ශේණිගතවල පහළ මට්ටමක. මේ මුදල් අපේ විශ්ව විද්‍යාල දියුණු කරන්න යෙදවූවා නම් මීට වඩා හොදයි. මේකත් දරුවෝ 14කට ලබා දෙන පොරොන්දුවකට සීමා වුනු සිහිනයක්.
කෘෂිකර්මය විනාශ කරපු මොඞ් ගොවියා කියනවා පරාක‍්‍රමබාහු රජුට පස්සේ තමන්ලූ රට ස්වයංපෝෂිත කලේ. රටේ කෘෂිකර්මය මුලූමනින්ම විනාශ කලා. ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින් ගමේ සූදුව නිතිගත කරලා ගමේ සුදුවෙනුත් බදු ගහන්න රැුජිනෝ කියලා එකක් ගේන්න සූදානම් වෙන්නේ. 2019 අයවැයෙන් බදු බර සියයට 21කින් වැඩිවෙලා. ජනතාවගෙන් ආදායමක් උපයාගන්නවා මිස ජනතාවට කිසිම සහනයක් නැති අයවැයක්.
එජාප පසුපෙල කණ්ඩායම කියනවා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපිට මේකට සහාය දීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන බව. අගමැතිවරයා දන්නවා මේකට විරුද්ධවුනොත් වෙන දේ. අපි මේ චන්ඩි මන්ත‍්‍රීවරුන්ට අබියෝග කරනවා පුලූවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා. දෙමල සන්දානය අයවැයේ තීරණාත්මක සාධකයක්. ආන්ඩුවට බහුතරයක් නැහැ. අයවැයෙන් උතුරේ ජනතාවටත් බදු ගහලා. උතුරේ ජනතාව ගැන හිතලා ඡුන්දය දෙන්න කියලා අපි දෙමල ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ටොරිංටන් නෝනා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 6ක් එක්ක අයවැයට සහාය දෙන්න සූදානම්වෙන බව අපිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඊ.ටී.අයි ගිවිසුමේ ඩොලර් කුට්ටිය ගිලීමේ ප‍්‍රතිවිපාක තමයි මේ ගිලින්නේ. අපි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සහගහන අයවැයට සහාය දෙන්න ගිහින් තමන්ගේ දේශපාලන ජිවිතය විනාශ කරගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අද වරප‍්‍රසාදවලට මුදලට පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ එහාට මෙහාට වෙනවා. ඊ. ටි. අයි ඩොලර් ටික නිසා මන්ත‍්‍රීවරු වෙන දිහාකට ගෙනියනවා. සම්බන්ධන් මහත්තයාට නිවාස වාහන දීලා ඡුන්ද ගන්න බලනවා. දැන් මෙහෙම නම් විධායක ජනාධිපතිධූරය අහෝසි කලාම පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය මොකක්ද. අගමැතිවරයාට වෙන්නේ රට ඉදිරියට ගෙනියන්න නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිනවිමට කටයුතු කර කර ඉන්නයි වෙන්නේ. මේ අයවැය හදලා තියෙන්නේ කොකේන් ගහලා ඒකට මත්වෙලා සිහින ලෝකෙක ඉන්න වෙලාවක. ඒ නිසා මම මේක නම් කරන්නේ කොකේන් අයවැයක් විදියටයි.
ඩි. වි. චානක මන්ත‍්‍රීවරයා තංගල්ල පොලිස් අධිකාරී ලක්ෂිත ගීතාල් කියන මහත්මයා ගැන පැමිණිල්ලක් කළා. මන්ත‍්‍රීවරයාගේ වාහනයට පොඩි දෙයක් දාන්න කියලා ඔහු තරුණයෙක්ගෙන් ඉල්ලිමක් කරලා තිබුණා. මේ පොලිස් නිලධාරියාම තිලිණ කසුන් කියන තරුණයා අනිසි ලෙස රදවා ගෙන ගහලා ජි. වී. චානක හා ඔහුගේ පියා ඝාතනයකට සම්බන්ධයි කියලා රජයේ සාක්ෂිකාරයෙක් විදියට සම්බන්ධ වෙන්න කියනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කළා. මෙවැනි කටයුතු වලට පොලිස් බලතල භාවිතා කිරීම සම්බන්දයෙන් පරික්ෂණය කරන තුරු හෝ මේ පොලිස් අධිකාරිවරයා ඒ ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

x අයවැයෙන් කරලා තියෙන්නේ තරුණයා රැුවටීමයි
x ගුවන්තොටුපලේ වී ගබඩා ගරපු අයට සංවර්ධනය පිළීබදව දැක්මක් නැහැ.
x හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැති කතාව සෘජුවම සජිත් ප්‍රෙමදාස මහතාට කරපු චෝදනාවක්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි. වි. චානක මහතා
රණවිරුවන් 30000 ජිවිත දීලා 60000ක් ආබාධිත වෙලා, දේපල හානිවෙලා ලබපු යුද්ධයකින් අපේ රට ජය ගත්තේ. එදා රණවිරුවා දෙවියකේ ලෙස සැලකුවා. අද ඒ රණවිරුවාව මිනි මරුවෙක්කියලා හංවඩු ගහලා මානව හිමිකම් කඩපු කණ්ඩායමක් ලෙස නම් කරන්න මේ ආන්ඩුව උත්සාහ කරනවා. ආන්ඩුව දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න රණවිරුවන්ගෙන් පලි ගන්න හදනවා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට තමන්ගේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිෂමට ඇමරිකාවත් එක්ක එකතු වෙලා යෝජනාවක් ගෙනාව. දැන් ඇමරිකාව යෝජනාවෙන් ඉවත් වෙලා. ලොව අංක එකට බලවත් රාජ්‍යයක් අස්වෙනවා නම් ඇයි අපි අස්වෙන්නේ නැත්තේ. ඒ වෙනුවට ඇමරිකාව නැත්නම් එංගලන්තය එක්ක එකතු වෙලා යෝජනාව ගේන්න හදන්නේ ජනාධිපතිවරයා විරුද්ධ වෙලා තියෙන අවස්ථාවකයි.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා මාස තුනකට කලින් රටේ අධීකරණය ස්වාධීනයි කිව්වා. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවිමට ගත්ත තිරණයට විරුද්ධව කටයුතු කරන කොට අධීකරණය ස්වාධීනයි. ඇයි අපේ රට තුල පරීක්ෂණ නොකර පිටරට සහාය ගන්නේ. මේවා තමයි කුමන්ත‍්‍රණ. ආන්ඩුවට අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයේ සහාය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සදහා කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා බිල්ලට දෙන්න හැදුවත් අධිකරණයේ මැදිහත් වීම නිසා ඒකත් කරන්න බැරි වුනා. දැන් එංගලන්තය එක්ක හරි රටට විරුද්ධව යෝජනාවක් ගෙනත් සම්මත කරගන්න හදන්නේ දෙමල සන්දනාය පිනවන්න. ජනාධිපතිතුමාගෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙයට විරුද්ධ වෙන්න කියලා. අයවැය පාස්කරගන්න රට පාවාදිමක් විදියටයි අපි මෙය දකින්නේ.
අයවැය එනකල් ජනතාව බලන් ඉන්නවා.මෙවර අයවැය කතාවවත් ජනතාව ඇහුවේ නැහැ. ගියවර අයවැයේ වැඩපිළීවෙලේ ක‍්‍රියාත්මකවීම සියයට 50යි. එහෙම නම් මාස හයට ගේන අයවැයෙන් සියයට 25ක්වත් ඉෂ්ට කරගන්න බැහැ. එදා දුන්න ෆී වයි ෆයි පුංචි කාර් සිහින අද නිවාස සිහින ගෙනත්. කරන්නේ තරුණයාව රැුවටිමයි. රැුකියා විරහිත උපාධීධාරින්ට රැුකියා ලැබෙන වැඩපිීලවෙලක් මේ අයවැයේ නැහැ. එහෙම නම් සාමාන්‍ය පෙල උසස් පෙල සමත් වෙන අයට මොකද වෙන්නේ. අද 2500කින් පඩු වැඩි කරද්දි බදු වලින් රු.6000ක් විතර ආපහු ගන්නවා. පඩියෙන් ලබා ගන්න පුලූවන් භාණ්ඩ හා සේවා බැලූවම එතන 20000ක් විතර බදු. ඒ නිසා මුර්ත වැටුප අඩු වෙනවා. මේකට හේතුව ට‍්‍රිලියන 2කින් බදු වැඩිවිමයි.
සභානායකවරයාගේ අයවැය පිළීබද කතාවෙන් උත්සාහ කලේ මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධනය කලේ නිවසට යන්න හයි වේ එකක් හදාගන්න. හයිහම්බන්තොටට වරායක් හදාගන්න. එතුමාගේ දිස්ත‍්‍රික්කයට ගුවන් තොටුපලක් හදාගන්න. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළීවෙල කියලා කියන්න උත්සාහ කළා. නමුත් කිරිඇල්ල මහත්තයා දන්නේ නැති වුනාට 2004 දි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හම්බන්තොට වරාය පිළීබද සක්‍යතා වාර්තාව ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නැවතත් 2007 දි සත්‍යතා වාර්තාවක් ගන්නවා. ඒ අනුව සුදුසුයි කියපු නිසයි හම්බන්තොට වරාය හදන්නේ.
දිර්ඝකාලින වැඩපිළීවලෙක් තිබුණ නිසයි හයිවේ එක ගියේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයාට යන්න නෙවේ. මේකේ පළවෙනි අධියර විදියටයි බෙලි අත්තට හයිවේ එක ගියේ. ගුවන් තොටුපල කර්මාන්ත පුරය වරාය යා කරලා තමයි මේ හයිවේ එක හදන්න ගියේ. කිරිඇල්ල මහත්තයාලාට මේවා තේරෙන්නේ නැහැ. ගුවන්තොටුපලේ වී ගබඩා ගරපු අයට සංවර්ධනය පිළීබදව දැක්මක් නැහැ. අද යාපනයට හයිවේ එක හදනවාලූ. අද වෙද්දි කඩවත ඉදන් හයිවේ එක දිගු කරගන්න බැරිවෙලා ඉන්නේ.
මංගල සමරවීර කිව්වා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැතිලූ. හබ්න්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් සියයට 50ට වැසිකිලි නැති බවයි මේ කියන්නේ. සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ දිස්ත‍්‍රික්කයේ මේ ප‍්‍රශ්නය වසර හතරක් තිස්සේ විසදුවේ නැත්තේ ඇයි. එදා සජිත් ප්‍රෙමදාස මැතිතුමා ප‍්‍රචාරණ කටයුතු වලට වියදම් කරපු මිලියන 600 පාවිච්චි කළා නම් වැසිකිලි 25000ක් නොමිලේ හදලා දෙන්න තිබුණා. මේ ආන්ඩුවට ජනතාවට වැඩ කරන්න වුවමනාවක් නැහැ. මේක මහින්ද රාජපක්ෂ මහතාට කරපු චෝදනාවක් නෙවෙයි. සෘජුවම සජිත් පෙුමදාස මහතාට කරපු චෝදනාවක්.
උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.

x විදෙස් විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව දෛන කතාව ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ශිෂ්‍යත්ව හරහා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයක්ද කියලා අපිට සැකයක් තියෙනවා.
x දේශපාලනීකරණය වුනු පොලිසිය ස්වාධීන කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා
ආන්ඩුවේ අවසාන අයවැය යෝජනාවෙන් තරුණ ඡුන්ද දිනාගැනීම හා තරුණයින් ඉලක්ක කරගනිමින් යෝජනා ගෙනත් තියෙනවා. මේ යෝජනා ක‍්‍රියත්මක කරන්න මුදල් හැකියාවක් ආන්ඩුවට නැහැ. වසර 5ක් තිස්සේ තරුණ පරපුරට දුන්න පොරොන්දුම තමයි මෙවරත් ඉදිරිපත්කරලා තියෙන්නේ. රැුකියා දසලක්ෂයක් බිහි කරනවා කිව්වට ඉදිරිපත් කරපු අයවැය ලේඛණ පහ ඇතුලේ ඒ සදහා මුදල් වෙන් වෙන්නේ කොහොමද රැුකියා උත්සාදනය වෙන්නේ කොහොමද කියලා සදහන් වෙලා නැහැ. අපේ ආන්ඩුව 2013 වන විට හිටපු සියලූ උපාධිධාර්න පාට පක්ෂ බේදයකින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණයට ඇතුළත් කර ගත්තා. මේ ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ තවත් උපාධීධාරීන් 70000ක් පමණ බිහිවෙලා. පළාත්පාලන මැතිවරණයට පෙර සම්මුඛ සාකච්ඡුෘවලට ගෙනත්, අගමැතිවරයා හා ජනාධීපතිවරයා පසුගිය වසර අවසානයට පෙර උපාධීධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න බවට පොරොන්දු වුනා. නමුත් රාජ්‍ය සේවයට ඇතුලත් කර ගත්තේ පක්ෂ පාට අනුව බලලා 5000ක් පමණ පිරිසක්. මේ අයවැයේ උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.
විශිෂ්ට ප‍්‍රතිඵල ලබන 14කට වදේශ විශ්වවිද්‍යාල දෙනවලූ. අපේ උසස්පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නවා වගේ විදේශ විශව විද්‍යාලවලටත් අනන්‍ය වු ළමුන් ඇතුළත් කර ගැනීමේ ක‍්‍රමවේදයක් තියෙනවා. මේ කරන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ශිෂ්‍යත්ව හරහා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයක්ද කියලා අපිට සැකයක් තියෙනවා. රවි කරුණානයක ඇමැතිතුමත් මිට පෙර මේ විදියට මේ යෝජනාවම ඉදිරිපත් කළා. එක ශිෂ්‍යයෙක්ටවත් ඒ ශිෂ්‍යත්වය දුන්නාද කියලා අපි අහන්න කැමැතියි. විශෟව විද්‍යාලයට ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට ගිය අවුරුද්දේ ලක්ෂ 8ක ණයක් දෙන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවම මේ පාරත් ගෙනත්. එක දරැුවෙක්ට ඒ ණය දිලා තියෙනවාද. හෝම් ස්විට් හෝම් ණයයෝජනා ක‍්‍රමය මගින් කරන්නේ තරුණ තරුණියන් මුලා කිරීමයි. අයවැය කතාවේ පිටු අංක 72 යටතේ හෝම් ස්විට් හෝම් ණය යෝජනා ක‍්‍රමයගැන කියැවෙන තැන තියෙනවා උපරිම ණය සීමාව ලක්ෂ 100යි. වාර්ෂික පොලී අනුපාතකය පළමු වසර පහ සදහා සියයට 12යි. සහනාධාර පොලි අනුපාතිකය පළමු වසර පහ සදහා සියයට 40යි. ණය ලාභින් සදහා ගෙවිය යුතු පොලිය සියයට 5යි. වරහන් ඇතුලේ තියෙනවා සහනාදාරය ගෙවන්නේ පළමු වසර 5 සදහා විතරයි කියාල. ඉතිරි වසර 20 රටේ තියෙන පොලී අනුපාතය අනුවයි ගෙවන්න වෙන්නේ. ණය පහුකම අරන් වසර 5කින් වෙන් වෙන්නත් මේකෙන් ප‍්‍රතිපාදන තියෙනවාග ණය ගෙවා ගන්න බැරිව. අපේ ආන්ඩුව දෙන වෙලාවේ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල , නොරොච්චෝලේ බලාගාරය වගේ දේවලූත් රටට දායාද කරලා තිබුනේ ණය තිබුනේ රු. බිලියන 7391යි. අද වෙද්දි ණය බිලියන 12000ට ආසන්නයි. ඒත් කරපු දෙයක් නැහැ. මුදල් ඇමැතිතුමා පහුගිය අයවැයේදි විශේෂ ප‍්‍රකාශයක් කරමින් කිව්වා අපු සහන දෙනවා නෙවෙයි බිලීපිත්තක් දෙනවා මාලූ අල්ල ගන්න කියලා. මේ අයවැයෙන් කරලා තියෙන්නේ බෙල්ලට තෙන්ඩුවක් දා ගන්න කඹයක් දිපු එකයි.
ඞී. වි . චානක මන්ත‍්‍රීවරයාට සජිත් ප්‍රෙමදාස පාර්ශවයෙන් චෝදනා එල්ල වෙන්න ගත්තා. තොරතුරු පනත යටතේ නිවාස අමාත්‍යංශයේ තොරතුරු සෑහෙන ප‍්‍රමාණයක් ඩි. වි චානක මන්ත‍්‍රීවරයා එළි කළා.
එජාපයේ පසුපෙල මන්ත‍්‍රීවරු හිතාගෙන හිටියේ සජිත් ප්‍රෙමදාස කියන්නේ ඊලග පක්ෂ නායකයා කියලයි. සත්‍ය හෙළිදරව් වෙද්දි චානක මන්ත‍්‍රීවරයාට එරෙහිව පොලීසිය යොදාගනිමින් කුමන්ත‍්‍රණයක් දියත් වුනා කියලා අපිට සැකයි. ජවිපේ දේශපාලන මණඩල සභික ලාල් කාන්ත ඇප ලබලා එළියට ඇවිත් මේ රටේ පොලීසියට අවහ්‍ය නම් ගොරකා දඩ මස් කරන්නත් දඩ මස් ගොරකා කරන්නත් පුලූවන් කිව්වා. ඒ ජවිපේ දේශපාලන මණඩල සභිකයෙක් කරපු ප‍්‍රකාහ්‍යක්. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන එළියට එන වෙලාවෙදි ආන්ඩුවේ පාර්ශවයෙන් කිව්වේ මඩ ගහන්න කියන දේවල් කිව්වා. නමුත් නිතිපතිවරයා කියනවා ත‍්‍රස්තවිමර්ශන ඒකකය භාරව හිටපු පොලිස්පතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා හා ජනාධීපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වුන බවට තොරතුරු තියෙන බව .ඒ නිසා පොලීසිය ගැන අපිට සැකයි. මේ වගේ තත්ත්වයක් යටතේ අපිට සැකයි චානක මන්ත‍්‍රීවරයා විතරක් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරැුන්ට එරෙහිව පොලිසය ඇතුලෙන් මේ කුමන්ත‍්‍රණය දියත් වෙයිද කියලා. අපේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. දේශපාලනීකරණය වුනු පොලිසිය ස්වාධීන කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමාගේ හිතේ තියෙන සත්‍ය මතයත් මේ වෙද්දි නිකුත් වෙලා තියෙද්දි අය වැය දිනාගන්න සහාය දෙන්න අල්ලසක්ද දුන්නේ කියලා. ඒ වගේම ඇමරිකානු තානාපතිවරයි උතුරු නැගෙනහිර සංචාරයකින් පස්සේ කිව්වා යෝජනාවේ තියෙන කාරණ ඉෂ්ට කරන්න බැදිලා ඉන්න බව. ඇමරිකාවට එරෙහිව පරික්ෂණ කරද්දි ඔවුන්ට එරෙහිව ස්වාධින පරීක්ෂණ වෙන්නේ නැහැ කියලා ඉවත්වුනු ඇමරිකාව යි මෙහෙම කියන්නේ. ඇමරිකාවට ඉවත් වෙන්න පුලූවන් නම් ජනාධීපතිතුමාගේ නියෝජිතයින් හරහා ලිඛිත ඉල්ලීමක් කරන්න ලංකාව යෝජනාවෙන් ඉවත් වෙන බවට. හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතාට නිල නිවාස වාහන දෙකක් දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් වෙලා. අපි 54ක් විපක්ෂයේ කතා කිරීමේ අයිතිය ඉල්ලූවත් අපේ අයිතීන් පිළීබද කතානායක හෝ එදා විපක්ෂ නායක අවධානය යොමු කලේ නැහැ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් විදියට පහසුකම්දීම ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් මේ පහසුකම් නිසා ජනාතවගේ අයිතීන් පාවා දෙන්න එපා. ආන්ඩුවෙන් පත් කරපු විපක්ෂනායකවරයෙක් කියන හැගීමයි පුහුගිය කාලයෙ එතුමා සම්බන්ධයෙන් තිබුනේ.
මාධ්‍ය -උපාධීයක් අරන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන ශිෂ්‍යයින්ට රජයේ රැුකියා දිය යුතුද
කාංචන විජේසේකර – නැහැ . එහෙම දෙයක් නැහැ. නමුත් අපි කතාකරන්නේ ආන්ඩුවෙන් දුන්න පොරොන්දුවක් සම්බන්ධයෙන්. ජනතාවට ඒ පොරොන්දුව දුන්නේ ආන්ඩුව. 2017 රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කිව්වා උපාධීදාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණයකරන බව කිව්වා. රජයේ රැුකියාවක් දෙන්න කියලා දෙයක් නැහැ. නමුත් ඒ පොරොන්දුව ගැන තරුණ තරුණයින් තුල බලාපොරොත්තුවක් ඇති වුනා.
කනක හේරත් – සියයට 70ක් කලා විෂයන්ගෙන් උපාධිය ගත්තාම පාරට බහින්න වෙන්නේ. ඒ නිසා අපි 2015ට පෙර මේ ක‍්‍රමය වෙනස් කරලා තාක්ෂණ විෂයන් පාසලට ඇතුලත් කලා.තාක්ෂණ විෂයට වැඩි අවධානයක් යොමු කලොත් මේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවලත් රැුකියා තියෙනවා. මහින්දෝදය නම නිසා පාසල් 1000 වැඩපිීලවෙල නතර කලා.විද්‍යා අංශය හා ඉංජානේරු කියලා තාක්ෂණ විෂයන්ද මහින්දෝදය විද්‍යාගාරවල තිබුණා.
මාධ්‍ය – මේ සියල්ලට මුල නිසි ප‍්‍රතිපත්තියක් නොතිබීම නේද
කනක හේරත් – අපි ආන්ඩුවක් හදන්න කලින් ප‍්‍රතිපත්ති මාලාවක් හදනවා. අධ්‍යාපන, සෙක්‍ය, ගමනාගමන හැම අංශයක්ම ගැන විශේෂඡුයෝ මේ වෙද්දි සාකච්ඡුා කරනවා. ඊට පස්සේ ඔවුන් හා දේශපානඥයෝ සමග සකච්ඡුාවක් පැවැත්වෙනවා. සැම දෙයක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් තිබුය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
කාංචන විජේසේකර – දැන් තියෙන්නේ ආන්ඩු වෙනස් වෙනකොට වෙනස් වෙන ප‍්‍රතිපත්තියක් විතරක් නෙවෙයි. ඇමැතිවරු වෙනස් වෙද්දිත් වෙනස් වෙන ප‍්‍රතිපත්තියක්. මේ ක‍්‍රමවේදයන් නැති විය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress