ගුරුවරුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය
Posted on March 11th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආන්ඩුවට බල කරමින් එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පල කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසීය.

ඒ අනුව එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකරන ලෙස සිය සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සදහන් කළාය.

1997.01.01 දින සිට බී. සී පෙරේරා වැටුප් කොමිෂම මගින් මෙම වැටුප් විෂමතාව ඇති කරනු ලැබූ අතර මේ හේතුවෙන් ගුරු සේවය අර්බුද රැසකට මුහුණ දී ඇතැයිද හෙතෙම පැවසීය.

වසර 23ක් පුරා පවතින විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පවතින හා පැවැති සේවා ව්‍යවස්ථා නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා අත්‍යාවශ්‍ය පොදු අපදෙස් සංග්‍රහයන් නිකුත් නොකිරීම, නව සේවා ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍ය සංශෝදන එක් නොකිරීම, වැටුප් විෂමතා පිලිබද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට රජය විසින් පත්කළ නව වැටුප් සමාලෝචන කොමිෂම විසින් ලබාදුන් නිර්දේශ පිළීබදව මෙතෙක් ඉදිරි පියවර නොගැනීම, ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධන 16ක් ගෙන එන බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ පිළීබදව ගුරු සංගම් දැනුම්වත් නොකිරීම දළ දේශිය වියදමෙන් සියයට 6ක් අධ්‍යාපනය සදහා වෙන් කරන බවට පොදුරොන්දු වි ඇතත් මෙතෙක් එවැන්නක් සදහා කිසිදු පියවරක් නොගැනීම ඇතුළූ කාරණ 10ක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

මේ සදහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුලු විදුහල්පති හා ගුරු සංගම් 12 එකමුතුව, ශ්‍රී ලංකා රජයේ ගුරු සංගම මෙන්ම තවත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුරු හා විදුහල්පති සංගම් ගණනාවක සහායපළ වි ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress