සියලුම කාරණා නිහඩව අහගෙන ඉදලා බැදුම්කර සිද්ධිය හැන්සාඩ් කරන අවස්ථාවේදී පමණක් ඒ් විදියට විරෝධයක් පළකලේ ඇයි.
Posted on March 15th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අද දින පැවැති මාධ්‍ය හමුව

අද දින (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ කථිකයින් 

  • පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා 

රටේ ආර්ථිකය, ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් වූ අගමැතිවරයාගේ වැය ශීර්ෂයේ විවාදය පැවත්වුනා. ඒ සාකච්ඡාවේදී අගමැතිවරයාගේ කතාව තුලත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පැරණි පාර්ලිමේන්තු කතාවලත් තිබුනේ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව විවේචනය කිරිමයි. ඒතුමා කියන ආකාරයට වර්තමාන අවුරුදු හතරක කාලය අපේ රට සීඝ්‍රව ඉදිරියට ගිහින්. නමුත් සංඛයා ලේඛණ වල ආර්ථිකය කඩා වැටීම පෙන්වනවා. ඒ් වගේම ඒතුමාගේ කතාව හා හැසිරීමෙන් පේන්නේ බැදුම්කර සිද්ධිය අපේ රටට විශාල හානියක් වූ බවයි. වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදි අගමැතිවරයාට සෘජුව ප්‍රශෟන 20ක් විතර යොමුකළා. අගමැතිවරයා ඒ් ප්‍රශ්න සාවදානව අසාගෙන සිටියා. හිටපු මහ බැංකු අධීපති අජිත් නිවාඩි කබ්රාල් මහතා බැදුම්කරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමට ඉදිරිපත් කළ ලේඛණයක් හැන්සාඩ් කරද්දි සාවදානව හිටපු අගමැතිවරයා නැගිට්ටා. නැගිටලා ඒ් වාර්තාව හැන්සාඩ් කිරිමට ඒරෙහිව දැඩි විරෝධයක් දැක්වූවා. සියලුම කාරණා නිහඩව අහගෙන ඉදලා බැදුම්කර සිද්ධිය හැන්සාඩ් කරන අවස්ථාවේදී පමණක් ඒ් විදියට විරෝධයක් පළකලේ ඇයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඒරෙහි චෝදනාවක් තියෙනවා කියමින් අගමැතිවරයා විරෝධතාවය දැක්වූවත් අපි නම් චෝදනාවක් ගැන දන්නේ නැහැ. නමුත් මේක වංචාවක් ගැන දුන්න වාර්තාවක්. ඒ් වාර්තාව හැන්සාඩ්ගත කිරිමට විරුද්ධ වෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනාවක් තිබෙන නිසානම් බැදුම්කර චෝදනාව ඒල්ල වන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුවේ වාඩිවෙලා ඒ් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද.මේ විදියට තමයි රට දිගින් දිගටම ගෙනියන්නේ. බැදුම්කර වංචාවට චෝදනා ලැබූ මහමොලකරු සැලසුම්කළ ආකාරය, බිලියනයක් බැදුම්කර නිකුත් කරන්න ගිහින් ඒ්ක බිලියන 10ක් දක්වා ඉහළ නංවපු අය, මහ බැංකුවේ රැස්විම් තියපු අය චෝදනා ලබපු අයගේ වාර්තාව හැන්සාඩ්ගත කිරීම වැරදියි කියනවා.අගමැතිතුමා කෙතෙක් දුරට බැදුම්කර සිද්ධියෙන් අපහසුතාවයට පත්වෙලාද කියලා මේකෙන්ම පේනවා. 

අගමැතිතුමා නිතරම ණය උගුලක් ගැන කියනවා. අගමැතිතුමාගේ ආණ්ඩුව දිගින් දිගටම අසාමාන්‍ය විදියට දෛනිකව ණය ගැනීම නිසා අපේ රට අද ණය උගුලක හිරවෙලා සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා 2005 බලයට ඒද්දි රුපියල් මිලියන 2222ක ණය බර, රටේ දල දේශිය  නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 90.6යි. මහින්ද රාජපක්ෂ මහතා තුල වැඩපිළීවෙලක් තිබුණා. රට ගමන් කළ යුතු ක්‍රමය ගැන, ලෝකය ඉදිරියේ රට ස්ථානගත කරන්නේ ‌කොතනද කියන දේ ගැන අවබෝධයක් තිබුණා. ඒ් අනුව 2010 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් ණය ප්‍රමාණය සියයට 71.6ට අඩු වුනා.2014 වන විට දළ දේශිය නිෂ්පාදනයෙන් ණය ප්‍රමාණය 71.6ට අඩු වුනා. 2014 වෙද්දි සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391ක් වුනා.ඒ් කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 71.3යි.  2018 වෙද්දි ට්‍රිලියන 12000ක් දක්වා ණය අරගෙන ගිහින්. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 91ක්. ඒ් අගමැතිතුමා කියනවා මේ රට ණය උගුලක හිර කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියනවා. මේ විදියට අත්තනෝමතික විදියට, අසාධාරණ ලෙස තමන්ට හිතවත් අය හා තමන්ගේ පක්ෂය පෝෂණය කරන්න රටේ ආර්තිකය පිළීබද දැක්මක් නැති කණ්ඩායමක් ණය අරගෙන තමයි අපේ රට ණය උගුලක හිරවුනේ. 1993 අවුරුද්ද වෙනකල් මේ රට පාලනය කලේ එක්සත් ජාතික පක්ෂය. ඒ් කාලයේ ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 91ක් වුනා. ඒය සියයට සියය ඉක්මවු අවස්ථා තිබුණා. 103 ක් වුනු අවස්ථා තිබුණා. රටේ ප්‍රශ්න විසදමින් ජනතාවට බරක් නොදෙමින් රට ලෝකය ඉදිරියේ ශක්තිමත් රටක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිීලවෙලක් අපේ ආණ්ඩුව දියත් කළා. 

ඒ් නිසා මේ බොරුව දිගින් දිගටම සමාජ ගත කිරිම නතර කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා රජයක් විසින් මහ බැංකුව හොරකම් කළා කියන අපකිර්තිය වහ ගන්න මහින්ද රාජපක්ෂ මහතාට අපවාද කිරීම නතර කරන්න. සියයට 7ක ආර්ථ වර්ධන වේගයක් තිබුණු රටක් සියයට 3ක ආර්ථික වර්ධනයක් දක්වා පහළ වැටිලා තියෙන්නේ ඇයි.  ආසියාවේ වේගයෙන්ම ඉදිරියට ආර්ථිකය අද අවසාන තැනට වැටිලා. ඒ්කට වගකියන්නේ කවුද. මේ වගේ මහ බැංකුව නිකුත් කරන සංඛ්‍යාලේඛණ අප සතුව තිබියදි ජනතාවට බොරු කියන්න ඒපා. බොරු කියලා කියලා බොරුව අගමැතිවරයාගේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා. අද පාර්ලිමේන්තුව හැල්ලු වෙලා. අගමැති ඇතුළු කිසිදු ඇමැතිවරයෙක් වගකීමෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සත්‍ය තොරතුරු ප්‍රකාශ කරන්නේ නැහැ. මේ නිසා තමයි පාර්ලිමේන්තුව හෑල්ලු වෙලා තියෙන්නේ. 

රටට විරුද්ධව මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනාවක් ඒල්ල වෙද්දි ශ්‍රී ලංකාවේ රජය ඒ් උල්ලංඝනය සනාථ කරන්න ඇමරිකාව ඒක්ක සම අනුග්‍රහයෙන් යෝජනා ගේනවා. ඇමරිකාව ඉවත් වුනත් ලංකාව කලේ ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍යත් ඒක්ක සම අනුග්‍රාහකත්වය සම්බන්ධ යෝජනාවේ කාලය දිගු කළා. රජය මේ විදියට කටයුතු කිරීම අපි හෙළා දකිනවා. 

කිරිඇල්ල ඇමැතුමා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය අපරටේ බලය බෙදීම පදනම් කරගෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමට පියවර ගත්තොත් මානව හිමිකම් කමුටුව අපිට විරුද්ධව ලිහිල් ප්‍රතිපත්තියකට යන්න සූදානම් බව කිව්ව. ඔහුගෙන් ඒ් බව නැවත ප්‍රශ්න කළාම ඒය සනාථ කළා. ඒක්සත් ජාතීන්ගේ සංවිධානය මේවිදියට හැදි දෙකකින් බෙදන්න බැහැ. රජය වගකිම් විරහිතව කටයුතු කිරීම ගැනත් අපි කණගාටු වෙනවා. මේ

 අය වැය ඉදිරිපත් කළාට පස්සේ රජයේ හැසිරීමෙන් ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගන්න. දෙවන වර ඡන්ද විමසිම දක්වා ආන්ඩුව නිහඩව හිටියා. දෙවන වර ඡන්ද විමසීම සුමන්දිරන්ගේ සහයෝගයෙන් සම්මත වුනාට පස්සේ  05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම තෙල් මිල වැඩිකළා. තෙල් මිල වැඩිකරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අවසන් වෙනකල් හිටියේ. මේක තමයි රජයේ මානසිකත්වය. ඊට අමතරව මේ අයවැය ජනතාවගේ ජිවන වියදම පහත හෙළන්න දුන්න සහන මොනවාද. ගොවියාගේ රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්න විසදුවද. ණය මත යැපුම් ආර්ථීකයක මානසිකත්වයෙන් රටක් කටයුතු කරද්දි ඊට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. රනිල් වික්‍රමසිහ මහතාට කොන්දේසි විරහිතව සහාය දීමෙන් දෙමල ජනතාවට මොනවාද ලැබුනේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ලැබුනු රැකවරණය ,ඔවුන්ගේ ජිවන තත්ත්වය ගොඩනගන්න ලැබුණු සහායවත් දැන් ලැබෙන්නේ නැහැ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පුද්ගලික න්‍යාය පත්‍රයක් මුල් කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩා වැටෙන අසාර්ථක ආන්ඩුවක් ආරක්ෂා කිරිමයි. මෙය රටේ සමස්ත ජනතාවට සාධාරණයක් ඉටු කිරිමක්ද. අවම  වශයෙන් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමද. මේ අතුරේ වගේම දකුනේ ජනතාව මුලා කරන්නේ බලය රැක ගැනිම පිණීසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා 

අපි පාර්ලිමේන්තුවේ අභාග්‍ය සම්පන්නම කාලයයි මේ ගත කරන්නේ. ජනතාව හැමදේටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චෝදනාවට ලක්කරනවා. ආණෟඩුව මොනවාද ජනතාවට දෙන සහනය කියලා අහන ගමන් 225 දෙනාටම චෝදනා රකනවා ඇයි මේ අණ පනත් වලට විරුද්ධව කටයුතු කරන්නේ නැත්තේ කියලා අහනවා. පසුපෙල මන්ත්‍රීවරු කිව්වේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බවයි. ලොරි ටෝක් දුන්නාට ඒදා දවසේ මේ අයගේ කොදු කැඩුනු හැටි මම සජීවීව දැක්කා. ඒ් උදවියගේ පැත්තෙයි මාව අසුන් ගන්වලා තිබුනේ. අපි අයවැයට විරුද්ධවයි ඡන්දය දුන්නේ.අපි දන්නවා ඒජාපයේ ගේන්නේ සාපකාරී අයවැය බව. දැන් ඉන්න ජනාධීපතිතුමා අපිව ගෙන්වලා අපිව වාඩි කරලා ඡන්දෙ දෙනවාද ඇහුවමත් අපි කිව්වේ ඡන්දය දෙන්නේ නැති බවයි. මෙනාවද මේ වෙනකල් ගෙනාපු අයවැය වලින් වුනේ. දැන් 3.3ට ආර්ථික සංවර්ධනය වැටිලා. රටට ජනතාවට සෙතක් වෙලාද. ඒජාප පසුපෙල මන්ත්‍රීවරු ගෙනාපු රජගනය මොකක්ද. අගමැති කතාකරලා ඡන්දේ දෙන්න ලැහැස්ති වෙන්න කිව්වාම හරි සර් කියලා පැත්තකට වුනා. 

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඡන්දයක් ඉල්ලුවා. ඒ් වුනාට ප්‍රජාතන්තුවාදයේ පියා වුනු කතානායකතුමාට චමින්ද විජේසිරි ඡන්දය ඉල්ලනවා ඇහුනේ නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලන්න මන්ත්‍රිවරයෙක්ට අයිතයක් තියෙනවා. කතානායකවරයා අත්තරයක් දෙන්නේ නැහැ. අගමැතිවරයායි සභානායකවරයායි සම්මතයි කියනවා. ඇයි මේ විදියට කොලොප්පම් කරන්නේ . ජනතා මුදල්නේද මේ නාස්ති කරන්නේ. මේ උදවිය ලක්ෂ දෙකේ දීමනාව අවුරුදු තුනක් කැත නැතිව ගත්තානේ. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා නම් වැඩකට නැති ප්‍රකාශ කරලා ඊට  පස්සේ ඡන්දේ දෙනවා. ඡන්දෙට කලින් ජනාධිපතිවරයාට කොදු කැඩෙන්න ගැස්සුවා. වැය ශීර්ෂයට කොළඹ පුත්තලම් පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පහර දුන්නා. ඒ්ක කලෙත් පක්ෂ නායකයෝ. සමහරු ඇවිත් කතිකයා කතා කරලා ඉවර වුනාම අහනවා අර ටිකත් කිව්වා නෝද කියලා. මම මේ හැමදෙයක්ම අහගෙන හිටියේ. ඒ් නිසා ජනාධිපතිවරයා ඒක තැනක, අගමැතිවරයා ඒක තැනක, ආන්ඩුව තව තැනක තියාගෙන ආන්ඩුවක් ගෙනියන්න බැහැ. අපි ආන්ඩුව පටන් ගත්ත දවසේ ඉදන්ම මේ ගැන කිව්වා. මේ සම්මුතිවාදී ආන්ඩු ගහගත්තේ ජනතාව කොල්ලකාලා. රාජ්‍ය දේපල මංකොල්ල කාලා. ඒකටයි 19 වැනි සංශෝධනයෙන් ආන්ඩුව වසර හතරහාමාරක් යනකල් විසුරුවන්න බැහැ කියලා යෝජනාවක් සම්මත කර ගත්තේ . මාධ්‍යවේදීන්ව රැවැට්ටුවා.ජනතාව රැවටුවා. අයවැය ගෙනත් තියෙන්නේ හොදම කුපාඩියෙක්ගේ දරුවෙක්. මේක රට ජාතිය ඔසවනවා වෙනුවට ජාත්‍යන්තරය සනසන්න ගෙනාපු අයවැයක්. ගහනාවට හදපු බදු ප්‍රතිපත්තිය අපිට ගෙනාවේ. රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩාවැටිලා. අපේ කාලයේ මේවා දියුණු වුනා. එදා මිලියන 20000ට කඩා වැටුනා කියලා චෝදනා කරපු ගුවන් සේවය අද 49000ට ගිහින් .පරිප්පු ටිකෙන්,ගම්මිරිස් ඇටෙන්, රටට ආයෝජනයක් මොනවා හරි එනවා නම් ඒ හැමදේකින්ම මංකොල්ල කන්න බලන් ඉන්නේ. තව මාස කිහිපයක් තියෙන ආන්ඩුවෙන් අවුරුදු ගානකට මංකොල්ල කන්න තමයි බලන්නේ. අපි ටොප් 10 කියලා කරපු චෝදනා කිසිවක් සම්බන්ධයෙන් පියවර අරන් නැහැ. අපි තවත් චෝදනා ටිකක් අල්ලස් කොමිෂමට ඉදිරිපත් කරන්න සූදානම්. සියල්ලේ සාක්ෂි එක්ක අපි ලබා දුන්න හොරකම් 10න් එකක් හෙළීකරගන්න කොමිෂමට බැරි වුනා. මේ වෙද්දි කිසිදු පුද්ගලෙයක්ගෙන් කට අත්තර අරන් නැහැ. අපිට කොමිෂන් සබා ගැන විශෟවාසයක් නැහැ. රටේ නිතිය ගැන අපි විශ්වාසය තියාගෙන ඉන්නවා. වැඩපිළීවෙලවල් හොදයි. සුරක්ෂා රක්ෂණය හොදයි. නමුත් දෙන්නේ නැහැ. ආන්ඩුවේ ප්‍රතිපත්තිමය යෝජනා හොදයි. ගෙයක් හදාගන්න ණයක් දෙන යෝජනාව හොදයි. තරුණයෙක්ට 30000ක් හොයි ගන්න රැකියාවක් දෙන්නේ නැතිව ණයක් දෙන්න ගියාට ණය ලැබෙයිද. බැංකු දොරවහගෙන ඉන්නේ. ශාඛා සමිති සභාපති, ආසන සංවිධායක ණය දෙන්න කියලා ලියුම් එවනවා. මේ තරම් කාලයක් රටේ ඉඩම් විකිණීමේ අයිතියක් තිබුනේ නැහැ. දැන් ඔප්පු දෙන්නේ ඉඩම් ටික විකුණන්න හදනවා. අයවැය සුන්දර නම් සාර්ථකයි ම් කඩිනමින් පළාත් සභා මැතිවරණයට යන්න. අපි බලමු කවුද ජයගන්නේ කියලා. මේ වෙද්දි අලෙවි කරමින් ඉන්නේ උතුරු නැගෙනහිර තරුණයින්ගේ ජිවිත. අපි බෙල්ලේ සයනයිඩ් කරල ඉවත් කළාම දැන් වහ කුප්පි එල්ලමින් ඉන්නවා. කුලියාපිටියෙන්, කුරුණෑගලින් පාසල් කම්කරුවෝ උතුරට යවද්දි දෙමළ සන්ධානයේ මන්ථ්‍රීවරු මෙහෙට වෙලා වරප්‍රසාද භුක්ති විදිනවා. මේ අයවැයට දෙමළ ජාතික සන්ධනාය ඡන්දේ දුන්නේ ඇයි කියලා අපිට පුදුමයි. උතුරේ නව නායයකත්වයක් ගොඩ නැගුනාම දෙමළ ජාතික සන්ධානයට මේවාට වන්දි ගෙවන්න වෙනවා. 

මාධ්‍ය – සන්ධනායක් හදන්න සාකච්ඡා පවතිනවා. නමුත් අයවැයට ඡන්දේ දෙන කොට එකතුවක් නැහැනේ. එහෙම එකට ඉන්න බැරුව මේකරන්නේ බොරැවක්නේ. 

සෙහාන් සේමසිංහ – එකතු වීමේ අවශ්‍යතාවය ජනතාවටතියෙනවා. ජනතාව සූදානම් එජාපය පරාජය කරන්න. පුලුල් එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹුවත් සමාජයේ ඒ ගැන සැකයක් තියෙනවා. ඡන්ද විමසීම වෙලාවේ ශ්‍රීලනිපය ඡන්දය නොදීම හරහා බරපතල වරදක් කළා. රටට හානිකර ප්‍රතිපත්ති ගෙනියන එජාප රජය පරාජය කරන්න අපි එක න්‍යාය පත්‍රයක ගමන් කරන්න අවශ්‍යයි. මේ සන්ධානය ගොඩනැගීමේදී ජනතාවට විශ්වාසවන්ත විදියට කටයුතු කිරිමයි අවශ්‍ය වෙන්නේ කියලා අපි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කියන්න සූදානම්. 

One Response to “සියලුම කාරණා නිහඩව අහගෙන ඉදලා බැදුම්කර සිද්ධිය හැන්සාඩ් කරන අවස්ථාවේදී පමණක් ඒ් විදියට විරෝධයක් පළකලේ ඇයි.”

  1. ranjit Says:

    We watch parliament proceedings from the day they started this service to the public. Actually it’s like watching a comedy movie. Parliament chambers almost empty most of the times. The way the parliamentarians behave is disgusting. No discipline at all. The words these parliamentarians use cannot be described. We are sending these MP’s to represent us and to talk about our problems but what they do is blaming each other all day long. Questions time no ministers to answer. There isn’t a topic without naming Rajapaksas. Mr Bean and his clowns has made the whole parliament a joke. We will never learn any lesson by listening to these vulger debates. Instead of going forward we are going another 71 years backwards with this stupid government and the habitual government members of parliament. We will never get answers for our problems nor can we get out from this mess this Yamapalanaya brought us. Somebody must do something before we lose our homeland to foreigners. Hell is the place for Ranil/Sirisena Yamapalanaya for killing us alive without basics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress