ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?
Posted on March 16th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග

දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා.  සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට  යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු.  දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.  

කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න.  දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ ” පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න. ඒක තමයි එකම හීනය.   ඔහු දිවා රෑ නොබලා කටපාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා. 

දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. “උන් කවුද මම දොස්තර කෙනෙක්” මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ.  සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි. 

ඒ වගේම සරණපාල හිතනවා  බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා.  සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්.  වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ.  වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු  වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ. 

 හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක

5 Responses to “ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?”

  1. NeelaMahaYoda Says:

    සහතික ඇත්ත.
    සරණපාල වෛද්‍ය විද්‍යාලයට ඇතුවෙනකොට ඉංග්‍රීසි බැහැ. නමුත් වෛද්‍ය විද්‍යාලයේදී විෂේශ ඉංග්‍රීසි පන්ති වලට සහභාගිවෙලා ඉංග්‍රීසිවලත් කටහුරුකරගෙන් දැන් වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසියෙන්.

    වෛද්‍යවිද්‍යාලයෙන් පිටවී වෛද්‍යවරයෙකු වශයෙන් වැඩකරන ගමන් දැන් ගෙදර යන්නෙත් බොහොම කලාතුරකින්. වඩුබාස් පියාටත් දැන් හරිම ආසයි පුතා බලන්න. නමුත් පුතා බලන්න ඒම සම්පුර්නයෙම්ම තහනම් කර ඇතිනිසා වඩුබාස් තාත්තා දැන් හිතහදාගෙන පරණ රස්සාවම කරගෙන යනවා.

    වෛද්‍ය සරණපාල දැන් පස්චාත් උපාධියත් සමත්වෙලා විශේසඤ්ඤ වරයෙක් වීම සඳහා එංගලතයට යනවා.

    එංගලන්තයේදී නිසිපරිදි රෝගීන්ට ඇමතීම සහ රොගීන් හා අදහස් හුවමාරුව පිලිබඳව දැනීමකුත් ලබාගැනීමට සිදුවෙනවා.

    වෛද්‍ය සරණපාල දැන් තවත් උපාධියකුත් ලබාගෙන සක්විති පදවියක් නැතිබව නර්ස්නෝනලගෙනුත් පෝටර්ලාගෙනුත් ඉගෙනගන්නවා.
    ඉන්පසු විශේෂඥ සරණපාල ආපසු ලංකාවබලා පිටත්වෙන්කොට වෛද්‍ය දැනුම පමනක් ඉතිරිකරගෙන රෝගීන්ට ඇමතීම සහ රොගීන් හා අදහස් හුවමාරුව පිලිබඳව දැනීම ගුවන්තොටුපළේම තබා නැවත සක්විතිකම බලාපොරොත්ටුවෙන් ලංකාව බලා පිටත් වෙන්වා.

    වඩුබාස් තාත්තාගේ අවාසනාවකට වගේ විශේෂඥ සරණපාලට දැන් සිංහල අමතකවී ඉංග්‍රිසියෙන් පමනක් කතාකිරීමට පටන් ගන්නවා.

    වඩුබාස් තත්තා තවමත් වඩුමඩුවේ වැඩකරකර ජීවත් වෙනවා

  2. Randeniyage Says:

    I had a distinction in English, but couldn’t speak even after graduating.
    Problem is not the language or English or the class.
    Problem is “Doctor” employment is considered God like in Sir Lanka.
    More than සරණපාල , Sri Lankan females acquire Swollen Head syndrome after becoming a doctor. They don’t smile in public to general public.

  3. NeelaMahaYoda Says:

    Randeniya

    I don’t see your point even though I am married to a lady doctor for 49 years Perhaps, like Russians they think that a smile is not a sign of politeness among female doctors.

    A smile is not considered a sign of politeness in Russian communications.

    Constant smiling can be taken as a sign of ”duty or behaviour” which can refer to dishonesty, secrecy and hiding your real emotions.

    It is also good to understand that Russian culture is very hierarchical and there is a culture to punish subordinates for their mistakes. Constant smiling can make people think that you have done something wrong and are trying to avoid punishment.

  4. Randeniyage Says:

    @NMY
    Thanks for responding. It is very difficult for you to understand me when you think I am LTTEr, JVPeer, UNPeer or someone else with political alliances. ( I am not referring to this comment).

    What I said was years of experience. Normally females appears to be more sympathetic, compassionate that males. But after the training in Sri Lanka most ladies, specially those who did not attend leading schools seems to aquire that decease. It dosn’t mean constant smiling. It is the whole behavior. They behave extra courteous to white customers abroad and pose this proud face to Sinhalese. Tamil ladies are better.
    Anyway, it is my opinion and I have told this to my own friends ( lady doctors) to their face and they are very well aware of that.

  5. Christie Says:

    What about the ones with Doctorates but not medics.

    They got swollen asses.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress