ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ අයගේ අධීක්ෂණය යටතේ වෙනස් කරන්න, පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන පනත් අහෝසි කරලා ඒ වෙනුවට වෙනත් පනත් ආදේශ කරන්න තව වසර දෙකකට අපේ රට පිළීබද අධීක්ෂණ බලය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදිලා තියෙනවා.
Posted on March 18th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අද දින පැවැති මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ කතිකයින් 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

ජිනිවා නගරයේ මානව හිමිකම් කොමිෂමේ සැසියට රජය මුහුණ දෙන්නේ අනුවන විදියටයි.අනාගත රජයකට අභියෝග රැසක් මෙයින් දැයැද කරන්න හදනවා. අපි ඔ්වාට සුදානම්. අසාධාරණ වාර්තාවක් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔවුන් විදේශගතව සිටින්නේ නම් ඒ රටවල අධිකරණවලදී අපරාධ නඩු විභාග අරඹන්නයි මානව හිමිකම් පිළීබද මහ කොමසාරිස්වරිය ඒ වාර්තාවෙන් කියනවා. ඒ අනුව රටවල 14ට විතර  නිත්‍යාණුකුලය අයිතියක් තියෙන බවයි ඔවුන් කියන්නේ. විදේශ ගත නොවී මෙරට සිටින රණවිරුවන් වෙනුවෙන් දෙමුහුණ් අධිකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවත් එහි සදහන් වෙනවා. මේක සිද්ධ වුනේ රජය සියලු වගකීම් හා බලතල ඒ ආයතනයට පවරා තිබීම නිසයි. 

සරත් අමුණුගම මහතා කියනවා මේ වාර්තාවේ සමහර දේවල් සියයට සියයක් බොරු, සමහරක් දේවල් සියයට පනහක් බොරු බව සදහන් කර තිබෙනවා. අමුණුගම මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරන ධූත පිරිසේ සාමාජිකයෙක්. ශ්‍රි ලංකා රජය ඒ වාර්තාව සම්පූර්ණයෙන් අනුමත කර තිබෙන බව එතුමාට අමතක වෙලා. අපේ ජනතාව නොමග යැවීමට මේවා බොරු කියලා සරත් අමුණුගම මහතා කරන ප්‍රකාශය වැනිම ප්‍රකාශයක් තිලක් මාරපන ඇමැතිවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කරන අතරේ මේ යෝජනාව ජිනීවා වල අත්සන් කෙරුණා. ඒ යෝජනාවේ පළමුවැනි සදහන් වෙන්නේ වාක්‍ය මහ කොමසාර්ස්වරියගේ වාර්තාව අනුමත කරමින් හා අගය කරමින් අන් සියලු දේවල් පිළීබද කටයුතු කරන බව. ඒකටයි ශ්‍රී ලංකා රජය අත්සන් කලේ. අත්සන් කරලා පාර්ලිමේන්තුවට කියනවා අපි මේකට එකග නැහැ කියලා. 

ශ්‍රී ලංකා රජය පිළිඅරන් තියෙන්නේ ප්‍රබල බැදීම්ව. තව වසර දෙකකට අපේ රට පිළීබද අධීක්ෂණ බලය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදිලා තියෙනවා. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ අයගේ අධීක්ෂණය යටතේ වෙනස් කරන්න, පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන පනත් අහෝසි කරලා ඒ වෙනුවට වෙනත් පනත් ආදේශ කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. අපේ ත්‍රිවිද හමුදාව හා පොලිසියි ප්‍රතිව්‍යුහගත කිරීමට පොරොන්දු වුනා. එහෙම නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිම වගකීමක් ඉතුරු වෙලා නැහැ. අභිමානයක් තියෙන කිසිම රටක් මෙවැනි දෙයක් පිළිගන්නේ නැහැ. මහකොමසාරිස්වරියගේ වාර්තාවේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීන් ලෙස පත්කිරීමත් දැඩිව හෙළා දකිමින් විවේඡනය කරනවා. අපේ රටේ ස්වාධීනත්වය හා අභිමානය මොකක්ද. ඒ වගේම දේශපාලන චරිතවලට විරුද්ධව විමර්ශනය කරන නිලධාරින්ගේ හොද නරක සම්බන්ධයෙනුත් ඒ වාර්තාවේ සදහන් වෙනවා. පොලිසියේ ස්ථාන මාරුකිරිම් පවා හරි වැරදි එහි සදහන් වෙනවා. මෙහෙ මොනවා කිව්වත් ජිනීවා නගරයේදී රජය මේ සියල්ලට එකග වෙලා තියෙනවා. 

අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙ දෙවැනි වරට කියවීමේදී අවශ්‍ය ප්‍රමාණයට ඡන්ද ආණෟඩුවට තියෙනවද නැද්ද කියලා සැකයක් ඇති වුනා. ඒ සැකයට පදනමක් තිබුණා. එජාපයේ මන්තීවරු 30ට ආසන්න ප්‍රමාණයක් ඊට  විරුද්ධව ඡන්දය දෙන බව කියා තිබුණා. ඒ අතරේ ශ්‍රීලනීපය ඒකාබද්ධ විපක්ෂය එක්ක අයවැයට විරුද්ධව ඡන්දය දෙන බවට පැහැදිලි තීරණයකට එළැඹුණා. ඒ නිසා පැහැදිලි අවධානමක් තිබුණා රජය පරාජයට පත්වීමේ. නමුත් අවසානයේ එවැන්නක් වුනේ නැහැ. ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව දැඩි ප්‍රකාශ නිකුත් කරළත් ඡන්දය ගන්න අවස්ථාවේදි එජාප රජය ආරක්ෂා කළා. ඒ විදියට ශ්‍රිලනීපය තමන්ගේ තීරණය වෙනස් කිරීම නිසා අයවැය පරාජය කිරීමට නොහැකි වුනා. මේ තුලින් නව සන්ධානයක් බිහිකිරීමේ සාකච්ඡාවටත් ප්‍රශ්න ඇති වෙනවා. මේ සාකච්ඡාවල ප්‍රධාන අරමුණ පුතිපත්ති පිළීබචද එකගත්වයකට එළැඹීමයි. විශෞෂයෙන් ආර්ථක ප්‍රතිපත්ති. දැන් අපේ පාක්ෂිකයින් ප්‍රශ්න කරනවා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මොන එකගතාවයකට පැමිණියත් තීරණාත්මක අවස්ථාවක එජාපය රකිනවා නම්, එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් විශ්වාසනීයභාවය පිළීබද ගැටලුවක් තියෙනවා නේද කියලා. කෙසේ නමුත් මේ අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සහාය ගන්නත් රජයට සිද්ධ වුනා. දෙමළ සන්ධානයේ ඡන්ද අයවැයට ගන්න කියන දෙයක් කරන්න රජය ලැහැස්ති වුනා. ඒ අනුවයි මේ මහා පාවාදීම ජිනීවා නගරයේ දි සිදුවුනේ. 

සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සුරේන් රාගවන් ආන්ඩුකාරවරයා හරහා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරනවා කිව්වා ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා ජාත්‍යන්තර අධිකරණයක් හරහා විභාග කරන්නයි කියලා. ඒ වගේම උතුරු පළාතේ හිටපු මහ ඇමැති සි. වි. විග්නේස්වරන් ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කරන්න තොරතුරු එකතු කිරීමේ කාර්යාලයක් කිලිනොච්චියේ පිහිටවනවා. මේක කොයි තරම් සාධාරණ ක්‍රියාමාර්ගයක්ද. මන්නාරම සමූහ මිනිී වලේ ඇට ඇකිලි ගැන ඇමරිකාවේ චී කෙරුණු පරික්ෂණ මගින් පෘතුග්‍රීසි යුගයේ සිදුවීමකට සම්බන්ධ බව ඇටසැකිලි කියලා තහවුරු වුනත් දෙමළ ජාතික සන්ධානය මේක ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ සම්බන්ධයෙන් නැවත පරික්ෂණ කෙරෙන්න අවශ්‍ය බවයි.  අතුරුදන් වුවන් සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන්න අවශ්‍යයිලු. අතුරුදන්වුනා කියන බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව යුරෝපීය රටවල ජිවත් වෙන බවට තොරතුරු තියෙනවා. අනිවාර්යයෙන්ම අලුත් රජයක් බිහිවෙනවා මේ වසර අවසානයට පෙර. එදාට අපි මේ සම්පූර්ණ ක්‍රියාදාමයම ආපස්සට හරවනවා.  වර්තමාන රජය මේ යෝජනාවට දීලා තියෙන අනුග්‍රහය අපි සම්පූර්ණයෙන්ම නිශේදනය කරනවා. අපේ රටේ ස්වාධීනත්වය අභිමානය , රණවිරුවන් රැක ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අපි  ජනතාවට ප්‍රකාශ කරනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 

පහුගිය දිනවල එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ ප්‍රකාශ කළා. මහින්ද කල්ලියට ගණන් කර ගන්නවත් බැරි ව්‍යාපෘති අරඹපු බව කිව්වා. ඒ තරමට අධීවේගීවයි සංවර්ධනය ආරම්භ වෙලා තියෙන්නේ. මේ අධිවේගී සංවර්ධනය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මතක් වෙන්නේ අවුරුදු හතරකුත් මාස තුනකට පස්සේ. එතුමා සංවර්ධනයක් කළාද නැද්ද කියලා රටේ ජනතාව බොහොම හොදට දන්නවා. තමුන්නාන්සේ සංවර්ධනය කළාද නැද්ද කියලා දන්නවා. මාවනැල්ලේ මාර්ග තුනක් විවෘත කළා හදවත් යා කරන රන් මාවත කියලා. මේවා කවුද හැදුවේ. මහින්ද රාජපක්ෂ සමයේයි. දෙවුන්දර තුඩුව සිට පේදුරුතුඩුව දක්වා යා කරන මාර්ග පද්ධතිය හිතාගන්න බැරිවිදියට හදලා දුන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. 2005 යුද්ධයක් තියෙන වෙන් වුනු රටක් භාරගන්න අවස්ථාවේ කාපට් පාරවල් තිබුනේ තුනයි. ගාලු පාර , නුවර පාර, හයිලෙවල් පාර විතරයි ඒ කාලේ තිබුනේ. අධීවේගී මාර්ග හින. අධිවේගී මාර්ග දැකලා තිබුනේ රූපවාහිනියෙන් විතරයි. ගිහින්ලාත් නැහැ. සජිවීව දැකලත් නැහැ. එදා තිබුණ මාර්ග තුන වෙනුවට අද තියෙන මාර්ග හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාතධිපතිවරයායි. එතුමා කැබිනට් ඇමැතිවරයා. මම එතුමාගේ ව්‍යාපෘති ඇමැතිවරයා. ඒ නිසා රනිල් වික්‍රමසිහ මහතාට කියන්න වෙනවා කරුණාකරලා මේඅවුරුදු හතරයි මාස තුන ඇතුළත එක තැනකින් පටන් අරන් තවත් තැනකින් ඉවර කරපු මාර්ගයක් පුලුවන් නම් පෙන්වන්න. අනිත් කාරණය අපිට ගණන් කරගන්න බැරිදේවල් කරලා පෙන්නනවා වෙනුවට පොරොන්දු වුන දේවල් කරලා පෙන්වන්න. ඔබතුමා පොරොන්දු වුනා මේ රටේ ජනතාවට වසරකට රැකියා දශ ලක්ෂයක් දෙන්න. ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ දෙකයි. අවුරුදු හතරට ලක්ෂ අටයි. මාස තුනට පනස්දාහයි. අටලක්ෂ පනස්දාහක් මේ කාලය තුල දීලා තියෙන්න අවශ්‍යයි. අපිට පුලුවන් නම් පෙන්වන්න දුන්න එක රැකියාවක්. තිබුණු රැකියා නම් නැති වුනා. එතුමා කරන සංවර්ධනය අපිට ගණන් කර ගන්න බැහැ කියන කතාව ඇත්ත. කුලියාපිටියට ගියාම එතුමාගේ වොක්ස්වැගන් කොම්පැනියේ කාර් පැටව් ගහනවා. එක පැත්තකින් යකඩ දාද්දි අනෙක් පැත්තෙන් කාර් පැටව් ගහනවා. තිරු බදු ගෙවන්න වෙන්නෙත් නැහැ. වොක්ස් වැගන් මවු ආයතනය දන්නෙත් නැහැලු මෙහෙ වොක්ස් වැගන් පැටව් ගහනවා කියලා. සිංහල අලුත් අවුරුදු අත්සව කාලයට හොදම බොරුව කීමේ තරගයට අපේ අගමැති වික්‍රමසිංහ ගෙන්වන්න. ඒ තරම් බොරු කියන අගමැතිවරයෙක් ඉතිහාසයේ නැහැ. දැන් රාජ්‍ය සේවය කඩිනම් කරන්න ඩිජිටල් කරනවාලු. අද පත්තරේ තියෙනවා යාපනේ වැලි හොරුන්ගේ සිද්ධියක්. ගහන්නේ විශේෂ කාර්ය බලකායට. මේක පොඩි සිද්ධියක් විදියට නොසලකා ඉන්න බැහැ. මේකත් එක්ක සිදුවීම් මාලාවක් තියෙනවා. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් , නිති විරෝධී වැඩ නීතියට හසු කරන විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට අපේ ප්‍රණාමය පුද කරනවා. ලංකාවේ හතර වටේම කුඩු අල්ලනවා. යාපනේ වැලි හොරුන් අල්ලද්දි ගහනවා. ඒකට ලොකු හයියක් තියෙන්න අවශ්‍යයි. වෙනම රාජ්‍යයක් ගැන හිතන උතුරේ කොටසක් හිතනවා මේ ආන්ඩුව තියෙන්නේ අපේ මන්ත්‍රීවරු නිසයි. ඒ නිසා අපිට නිතිය අතට ගන්න පුලුවන්. මේ වෙද්දි රජයේ අදාල අංශ වලට බලපැම් වෙනවා. තුන්වෙනි වර කියැවෙීමේ ඡන්දයේදී තීන්දුව ගන්නේ මේවායේ හැසිරිම් විලාසය අනුවයි.ආණ්ඩුව  යන්තම් පණටික අදින්නේ දෙමළ ජාතික සන්ධානයේ හයියෙන්. ඩි. අයි. ඩි. ලතීප් මහත්තයාලත් එක්ක අපි ඉන්නවා. නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න. මේ හොරුත් එක්ක මේක කරන අය හොයන්න. බය නැතිව විශේෂ කාර්ය බලකායට ගැහුවේ කාගේ හයියෙන්ද බලන්න. 

මේ දවස්වල දෙමළ ජාතික සන්ධානයට හරි හරියට දොල පිදේනි දෙනවා. පාර්ලිමේන්තුවේ වසර 120ට වැඩි පාර්ලිමේන්තුවේ හිටපු අපිට ලැබෙන වරපුසාද තියෙනවා. අපිට දැනගන්න අවශ්‍යයි විශේෂ වරප්‍රසාද ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවාද. හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් කාර්ය මණ්ඩලයක් දෙනවා. නමුත් හිටපු අගමැතිවරයෙකුට විපක්ෂ නායකවරයෙකුට යමක් දෙන්නේ කුමන පදනමින්ද. නමුත් ආර් සම්බන්ධන් හිටපු විපක්ෂ කායකට නිල නිවසක් වාහන දෙනවා. දැන් සම්බන්ධන් හා රෝහිත අබේගුණවර්ධන කියන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මෙහෙම ගියෝත් අනාගතයේ පාර්ලිමේන්තුවේ හිටපු අයට දොල පිදේනි දෙන්න වෙනම අමාත්‍යංශයක් හදන්න වෙයි. අපි මේ රජයෙන් අහනවා මෙවැනි දේ සදහා පාර්ලිමේන්තුව භාවිතා‌ කරන්නේ කොහොමද. 

සිරිකොත ගමට ආවා. ආවේ කලුතරට. මගේ ගමට. සිරිකොත කලුතරට පෝස්ටරේ යටින් හිරිකිතයි කියලා ගහලා තියෙනවා. අද කුලියාපිටියේ ප්‍රදර්ශනයක් තියෙනවා. පක්සයේ මහ ලේකම්ට විශේෂ ඇල්මක් තියෙනවාද දන්නේ නැහැ. කුලියිපිටියෙමයි. එහෙ සිල්ප සේනා පෙන්වනවා. දැනුයි වික්‍රමසිංහ මහත්තයා සිල්ප සේනා පෙන්වන්නේ. හදවත් යා කරන රන් මාවත ගමට සිරිකොත මේවා මතක් වෙන්නේ ඡන්දයක් ලග නිසයි. සමහරුන්ට මැරෙන මංචකයේදී කරපු පව් පේනවානේ. ඒ වගේ ඡන්දයක් ළග නිසා මේවා පෙන්න අරන්. 

ශ්‍රී ලංකා පොදුජන පලාත් සභා මන්ත්‍රී සංසදයේ ප්‍රධාන ලේකම් කාංචන විජේරත්න මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාලක ලේකම් රේණුක පෙරේරා මහත්වරුද මේ අවස්ථාවට එක්වුනා. 

මාධ්‍ය – ඉස්සර කාලේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා බලකායේ අභිමානයට පහර දෙන්න කුවුරුත් ආවේ නැහැ. කවුද ඒක කලේ. 

රෝහිත අබේගුණවර්ධන – මේ තත්ත්වටය ඇති කලේ රජය. රණවිරුවාව පහත් කලේ රජයයි. කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා මිනිස් ඝාතන කරපු බවට සාක්ෂී තියෙන බව  සරත් පොන්සේකා කියනවා. ඉස්සරවලො ඔහුව ගේන්න වෙනවා ප්‍රශ්න කරන්න. අපේක්ෂිත ඇප ලබා ගැනීම විලාසිතාවක් වෙලා කියනවා. මේ කරන්නේ ශ්‍රේෂිඨාධිකරණයට අපහාස කිරීමක්. ඒ තැනට එජාප මන්ත්‍රීවරු ඇවිත්

මාධ්‍ය – වෙල්ගම මහතා කියනවා ප්‍රජාතන්තුවාදි නායකයෙක් එන්න අවශ්‍ය බවයි. 

රෝහිත අබේගුණවර්ධන – ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙක්. ඔහු ආයුද අතට ගත්ත පිරිසක් විනාශ කලා. එතුමාගේ පුකාශ අපිට නිතරම අහන්න ලැබෙනවා. රජයක් වෙනස් වුනාට ප්‍රතීපත්ති වෙනස් නොවිය යුතු බව ඔහු කියනවා. ඒක තමයි දේශීය ආයෝජකයාටත් විදේශීය ආයෝජකයාටත් අවශ්‍ය වෙන්නේ. එවැනි සුබවාදි දැක්මක් තියෙන නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. 

මාධය – හමුදා නිලධාරීන් විදේශ රටවල දි අත් අඩංගුවට ගන්න පුලුවන් කිව්වාට ආරක්ෂක අමාත්‍යංශයනේ එවැනි නිල වාර්තාවක් ලැබිලා නැති බවයි කියන්නේ. 

රෝහිත අබේගුණවර්ධන – නිල වාර්තාව ලැබිලා නැති වෙන්න පුලුවන්. අත් අඩංගුවට ගත්තාම හිරේ ලගින්නයි වෙන්නේ. 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress